ගත එපා හිත දෙන්න !


ඔයාගේ ඔළුවේ
ඉඳන්,
කකුල් දෙක වෙනකං
සිප ගත්තු මට !
ඇයි ද බැරි,
සිප ගන්න පිං පිරුව,
- හද මඩල
ගත එක්ක නුඹ දුන්න
මම ගත්ත
සතුට..
සිත එක්ක අරගන්න
බැරි වෙච්ච
දුකට..

මම එක්ක නිදි වැදපු,
සිප ගත්තු නුඹට..
නුඹ එක්ක මම හිටපු,
හිත ගත්තු හිතට..

ගත,
එපා !
හිත,
ඇවැසි මම කරපු පෙමට.. !
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..