වර්ෂ 3567 දී - The Future



අතරින් පතර වැඩුණු කළු ගැහුන තෘණ පඳුරු පමණක් ඇත. ඒවා දුහුවිල්ලෙන් වැකී සුළං පොදක පහස හමුවේ ඔහේ සැලෙයි.
මා දිගු නින්දකින් අවදි වුවෙකු සේ දෑස් හැර බැලුවෙමි. හිරු මලානිකය. දෑත් තලා දැමුවාක් මෙන් රිදුම් දෙයි.. දුහුවිල්ලට වැසුණු මා කය පිස දා හැර මා දෙපා තුලට වාරු දුනිමි.

මා සිටින්නේ කොහේ දැයි බුද්ධියට ගෝචර නොවන සේයාවක් දැනේ. හිමායන නින්දේ දී, කැප්සුලය (capsule) ගැලවී බිඳ වැටී බව වැටහිණි. මා සිටින්නේ කුමන යුගයක ද..?

අභ්‍යාවකාශයට බට මා පෘතුවි කක්‍ෂයට ඇතුළු වුයේ කුමන අරමුණකින් ද නොදනිමි. එය සිතන්නට කාලය නොවේ.

මෙහෙයුම සාර්ථක වුවා දැයි සිතා ගන්නට නොහැක. මා හා සිටි සඟයන් කොයි බට ද..? මා දෙලොවක අතරමන් වුවා සේ ය. ලෝකයම නිහඬ මද අඳුරේ ගිලි පවතී.

මා දෙනෙත් පිසදා අවට බැලීම්. කළු ගැහුණ මද ලෙස පිලිස්සී ගිය සුදු පැහැති මා හිමායනයේ දී ඇඳි ඇඳුම දුර්වර්ණ වී ඇත. පපුව පෙදෙසට වන්නට, doctor sandaru ලෙස නම් කල තහඩු කැබැල්ලක් ගැලවී අපහසුවෙන් මෙන් එල්ලා වැටේ. මා එය ගලවා බැලීමි. එහි මා මෙහෙයුමට අනියුත්ත රහස් කේතය දැක්විණි.

හාත් පස සිසාරා බැලු මා නින්දෙන් අවදි වුවෙකු සේ දෙපා වලට වාරු දී ඉදිරියටම ගියෙමි. පිපාසය ඉහිළුම් නොදේ. දිය බිඳක් සොයා කතරක තනිවුවෙක් සේ මා සිහිය වියෝ වන්නට සැරසිණි.

ඔබ්බෙන් පිහිටි තෘණ පඳුරක් සෙලවෙයි. බෙලෙක් හඬත් - කිරි කිරි හඬත් නැගෙමින් එය මා සිටි දෙසට එන බවක් හැඟිනි. 

මා දෙනෙත බලාපොරොත්තු නොවූ, ඔහු මා මෙන් මිනිසෙකි. නමුත් ඔහුගේ මුවේ හැගීමක සේයාවක් හෝ නොමැත. ඔහු මා හට ලං විණි. මා මුහුණට ලං වී බැලු ඔහු, මා පරික්ෂාවකට ලක් කරන බවක් පෙනෙයි.

".. මේ මිස්ටර්... ! මට වතුර ටිකක්.. ! .. " මා අපහසුවෙන් පිට කල වචන ඔහු ඕනෑකමින් අසන බවක් පෙනුනි.
නමුදු ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිට නොවූ අතර, ඔහුගේ දෑත කිසියම් ආයුධයක් බවට හැරවිණි. එයින් පහර දෙන්නට මා හට සැරසුණු බවක් පෙනී ගියේය.

ඇවිද ගැනීමටත් නොහැකි මා ඔහුගෙන් කෙසේනම් මිදෙන්නද..? මා හට එල්ල කල කිරණයක් නිසා මා මුනින් තලා වැටුනෙමි. මා උඩුකයේ පැළඳි අනන්‍යතාව සපුරා ගැනීමේ තහඩු කැබැල්ල ගැලවී පසකට විසි විය.

නැවත මුහුණට එබුනු ඔහු, ඔහුගේ දෑතේ වූ ආයුධය මා දෙසට එල්ල කලේ ය.

"... ඇයි මට මෙහෙම කරන්නේ...? මං කවුද කියලා දන්නවා ද..? මං තමයි.. ජාන.. ???.."

කිසිවක් කීමට ඔහු ඉඩ නොදිනි. ඔහු ඔහුගේ හඬ අවදි කළේය. බීප් හඬ වැනි යමක් දෙවරක් නාද වූ ඔහු තුලින්, පටිගත කල යමක් විකාශය වන්නාක් මෙන් මා දෙසවනට ගෝචර විය..

".... මිනිසුන් එයාගේ වර්ගයා එයාල විසින්ම විනාශ කර ගත්තා. උඹ තමයි අවසන් මිනිස් පුරුක.. "
ඔහුගේ දෑතේ තිබු ආයුධය දැල්විණි.. මා නැවතත් හිමායනය නින්දට වැටුණාක් මෙන් ගැඹුරු හා අඳුරු නින්දකට වැටින. නැත එය නින්දක් නොවේ, කුහරයකි. මා දුටුවේ රිදී පැහැ ආලෝකයකි. මා ඒ දෙසට ඇවිද යත්ම, මා ගත පෙර නොවූ ලෙස සැහැල්ලුවෙන් පැද්දී ගියේය. මා ඒ හැඟුමට තව තවත් ලොල් විය. 

නමුත් මා මතකයේ යම් දෙයක් විය. "... උඹලගේ වර්ගයා විනාශ කර දැම්මේ උඹලා මයි..."

එසේනම් ඔහු කවුරුන්ද..?

කෘතීම බුද්ධිය නමැති ස්විශේෂී නිර්මාණය ද..?

ඔහුට එය සිතන්නට මොහොතක් නොතිබිණි ... ! 
Share on Google Plus

About සමීර සඳරුවන්

21 අදහස්:

  1. අර ගාල්ලේ පොඩි කෙල්ලගේ පොතේ තිබුණෙත් මේ වගේම අනාගතය ගැන කතා තමා. නියමයි මලයෝ පරිකල්පනයනම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ ඇගයුමට :) ම්ම්ම්.. ඔව් danu මට වැඩිය හැබැයි ලිවීමේ හැකියාවෙන් නම් ඉහලයි. එයාගේ ජොබ් එක මම කෑවා වාගේ වෙයිද දන්නේ නෑ.. :D

      Delete
    2. ලිවීමේ හැකියාවටත් වඩා සදරුගෙ පරිකල්පන හැකියාව ඉහළයි. මේ කතාව තව ටිකක් විතර දිගු උනානම් ගොඩක් හොදයි කියල හිතෙනව. කියවන්න හිතෙන ජාතියේ ප්‍රබන්ධයක්.නෑ මට තරගකාරයෙක් ඉන්නවා වගේ.

      Delete
  2. ඔව් අපිව විනාශ කරගන්නේ අපිම තමයි ,

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕනේ කම තිබුනෙත් ඒ දේ තමයි සහෝ. :)

      Delete
  3. විහින් නැහිම කියන්නේ ඕකට තමයි සනා...

    ReplyDelete
    Replies
    1. එහෙමද බං මං දන්නේ නෑ නේ :p

      Delete
  4. සැහ්. තව දිගට ඇදං යන්න තිබ්බා යස අගේට... කෝම උනත් නියම කම්පනාවක්

    ReplyDelete
    Replies
    1. මට එකම සිතුවිල්ලක මනස තියාගෙන ඉන්න බෑ වැඩි වෙලාවක්. එහෙම කලානම් මේකේ රසය අඩු වෙලා යනවා. එකයි කෙටියෙන් මට ඕනේ දේ එලියට දැම්මේ. ස්තුතියි. :)

      Delete
  5. පෘථිවියේ අඳුරු අනාගතය
    ඇත්ත බං, දැං කාලේ (අ)විද්‍යාව විසින් මේ මහ පොළොව ඇද ගෙන යන්නේ මේ කියන තැන ට තමයි බං.

    (මං කිව්වේ බං හොඳයි කියලා!! මේ බලහංකෝ දීලා තියෙන ප්‍රතිචාර)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා ඔයාගේ ඉල්ලීමට තමයි මං මේකේ පබ්ලිෂ් කලේ නැත්නම් දාන්නේ නෑ.. ජාලේ වේලි වේලි ඔහේ තියේවි.
      දුන්නු අදහසට වගේම, ඇගයුමට හා මග පෙන්වීමට ස්තුතියි.

      Delete
    2. ඔන්න ඉතිං මගුලක් කියවනවා.
      මං කලේ මගෙ යුතුකම. එව්වට ටැංකි ඕනේ නෑ.
      අනික, ටැංකි තියාගන්න මට ඉඩකුත් නෑ.
      උඹේං නිසා අරං අහක දාන්නත් බෑ.
      උඹ ඔය ටැංකිය තියාගෙන පස්සෙ වෙන කාට හරි දීපං මල්ලි. මට නං ඕක බාර ගන්න බෑ.

      Delete
  6. සූස්තියක් ගහල වගේ ඉන්නකොට කියෙව්වා නම් ඒ ලෝකෙටම අරගෙන යනවා බං.. :)

    ජය !

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. :D හම්මේ. හොඳ වෙලාවට මෙහෙම ආවේ.
      හැබැයි සූත්තියේ පවර් බැස්සාම ඒ ලෝකෙම නතර වෙන්නයි වෙන්නේ.. :p

      තැන්කු ඈ..

      Delete
  7. තව කොටස් තියෙයි වගේ පෙනෙන්නෙ. ලියමු ලියමු.. මේක තමා ඇත්ත

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ මේක කෙටි සටහනක්. මෙතනින් නිමයි. මට ඕනේ අවසන් පණිවිඩය දෙන්න විතරයි

      Delete
  8. අපුරු පරිකල්පනයක්...
    මේක කොපි පේස්ට් එකක්ද...
    මොකද ටෙක්ස්ට් බැක්ග්‍රවුන්ඩ් එකේ සුදුපාටට වැනෙ හිංද ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.. තාක්‍ෂණික දෝෂයක් මං අතින් හයි ලයිට් වෙලා.

      තැන්ක්ස් ඇගයුමට.. ! :)

      Delete
  9. ජීවනාලිය ස්වභාව ධර්මයයි ... එය නෑසුන දින අපගේද අවසානයි ...

    ලස්සනයි ... විශිෂ්ඨයි

    ReplyDelete
  10. කෙටි උනත් නියමයි.
    ලෝකෙ අනික් උං විනාස වෙන්න ඉස්සෙල්ල මට පේන්නෙ ලංකාවෙ උං විනාස වෙයි වගේ.

    ReplyDelete
  11. පෘතුවියේ අනාගතය යන්නේ ඔයවගේ මාවතක තමයි. පරිකල්පනය නියමයි දවසක දිගු කතාවකට යන්න පුලුවන් නම් ලංකාවෙනුත් ජූල්ස් වර්න් කෙනෙක් බිහි වෙයි කියල හිතෙනව.. සුබ පැතුම් මිත්‍රයා!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..