කතා තේමාව හා වස්තු බීජය තුල කතාව ගලා යන්නේ නම් , එහි ඇති සාහිත්‍ය රසය ඔප් නැංවීමට ලේඛකයා සතු පරිණතබාවය හේතු සාධකයක් වේ. එය ලැබෙන්නේ රචකයාගේ දක්ෂතාව අනුව ය.

එම කලා උළෙලේ කාර්‍යබහුලත්වය මැද ඇය හා කතා බස් කිරීමට මා හට ඉඩ ප්‍රස්තාව උදා විණි.
වත්මන් යුගයේ දී තම නිර්මාණ වාණිජකරණයට ලක් කරද්දී ඇය එයින් ඔබ්බට සිය නිර්මාණයට සාර්ථකත්වයක් ඉටු කිරීමට මාන බලයි. නිර්මානයක වටිනාකම දැනෙන්නේ එහි රචකයා හා පරිණත බුද්ධිමත් පාඨකයෙක් ට පමණි. පාඨකයා එහි රසය උකහා ගනී. රචකයා එය දැක ආත්මය තෘප්තියෙන් පුරවා ගනී. ඔහු ලබන ධනය හා සතුට එය පමණකි.
අපූරු ආගන්තුකයා යනු තුන් වැදෑරුම් විද්‍යාවේ අනාගත දැක්ම ලෙස මා නම් කරමි. අනාගත විද්‍යාවේ හා සමාජ පැවැත්මේ වෙනස්වන රටාවන් ඈ විද්‍යාත්මක සාධක ඔප්පු කරගනිමින් සිය කෘතියේ කෙටි කතා අනුසාරයෙන් පාඨකයා වෙත කරන ඉදිරිපත්කිරීම අනර්ඝය.
සිංහල සාහිත්‍යයේ අලුත් පිටුවක් පෙරලමින් ඇය වෙනස්ම ආරයකින් සිය අකුරු හැඩ ගන්වා ඇත. අන්ධ විශ්වාස තුල මුල් බැස ගත් සමාජයක ඉදිරි විද්‍යාව මෙසේ විය හැකි යැයි ස්වකීය දෘෂ්ටියෙන් බැලු ඈ ඇගේ සිතේ හැඟීම් මුසු කර පත් ඉරු මත දිග හැර ඇත්තේ පරිණත ලේඛකයෙක් සේ ය.

Danushka kalpani නම් මෙම තරුණ ලේඛිකාව සිංහල සාහිත්‍යට කල යුතුකම ඇගයුම් කල යුතු යැයි සිතේ. ඇය වෙනසක් කල නිසාවෙන් මෙම අඩවියේ ඇය නමින් මෙසේ සටහන් වන වගයි.
සමාජය ඇතැම් දේ දකින්නේ වපර ඇසිනි. කල හැකි දේ හා නොකළ හැකි දේ නොදනී. එක තැන පල් වුවන් අවඥාවෙන් සිනා සෙයි. එය සාමාන්‍යය පිළිවෙතයි. දනුශිකා එය වෙනස් කළාය.
ඈ පාසල් වයසේ සිට සිය හැකියාවන් ලොවට හෙළි කළාය. ඇය අභියෝගාත්මක ලෙස ප්‍රකාශ කරයි.
".. අපිට කල නොහැකි දෙයක් නැත, අපි සමාජය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නෙමු.."
එම ප්‍රකාශය තුල ඇත්තේ සභ්‍යත්වය කැටි කරගත් සමාජය අවශ්‍යතාවය ය. බොර දියක ඉඳුවර මත පෙරලෙන පිටු අතර නොබෝ දිනක ඇයගේ කෙටි කතාව දක්වන පොරොන්දුවෙන් මා ඔබෙන් මෙසේ සමුගනිමි.
ස්තූතියි මචන්.....
ReplyDeleteමොකටද බං.. ! උඹ නිරූපිකාවක්.. ! විලාසිතාව නෙමෙයි සභ්‍ය සමාජයේ.. ගැටෙන්න අභියෝගයක් උඹ.. ස්තුතියි උඹට.. :)
Deleteකියවන්නම ඕන.. ස්තුතියි
ReplyDeleteකියවන්න නියම පරිකල්පන සැට් එකක් .. :)
Deleteමරු... සිංහලෙන්ම හිතල ලියවුණ විද්‍යා ප්‍රබන්ධ සීමිතයි. ඒ නිසා ධනුෂ්කාගේ වැඩේ අනර්ඝයි.
ReplyDeleteහ්ම්ම්ම්හ්... :) මේවාගේ රසය නම් ඉහලයි
Deleteඅළුත් රචිකාවියට සුභපැතුම්...
ReplyDeleteඇය වෙනුවෙන් මා කෘතඥ වෙමි. :D
Deleteදිගු ගමනකට ඇයට සුභ පැතුම්...!
ReplyDeleteඇය වෙනුවෙන් මා කෘතඥ වෙමි. :D
Deleteදෙසැම්බරේ ලංකාවට ආවාම හොයාගන්නඕනෙ පොත..
ReplyDeleteඑයාට address එකයි ගාස්තුයි දුන්නොත් ගෙදරටම එවාවි. :)
Deleteපොත නෙමෙයි මට උඹ ගැන ආඩම්බරයි. උඹ ගැන මම කිව්වේ පටන් ගත්ත කාළෙම. අහම්බෙන් දැකපු කොමෙන්ට් එකකින්.
ReplyDeleteමේකනං අන්කල් මට තෙරුනී නෑ. පැහැදිලි කරන්න වෙනවා ? කුකුසක් දැනෙන්නේ දැන්.. !
Deleteපැරනි ලිපි ටිකත් කියවන්න ඔිනේ
ReplyDeleteඒ මොකෑ .. :D
DeleteMy spouse and I stumbled over here by a different page and thought I might check things out.
ReplyDeleteI like what I see so now i am following you.
Look forward to going over your web page for a second time.
Also visit my web blog; fashion