Short Science Fiction With Danushka Kalpani ( අපූරු ආගන්තුකයා )

වර්තමානයේ සමකාලින සිංහල චින්තනය තුල අඩු වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් ලෙස විද්‍යා ප්‍රබන්ධ  සැලකිය හැකිය. කෙටි කතා හෝ නවකතා රචනයෙන් තෘප්තිමත් වන ලේඛකයා මෙම විෂය පැතිකඩ ඔස්සේ සාහිත්‍යමය මවා පෑමක් නොකරන්නේ එහි ඇති අසීරුතාව හේතුවෙන් විය හැකිය යන කරුණ මා උපකල්පනය කරමි ..
කතා තේමාව හා වස්තු බීජය තුල කතාව ගලා යන්නේ නම් , එහි ඇති සාහිත්‍ය රසය ඔප් නැංවීමට ලේඛකයා සතු පරිණතබාවය හේතු සාධකයක් වේ. එය ලැබෙන්නේ රචකයාගේ දක්ෂතාව අනුව ය.


පරිණත ලේඛකයන් අතින් පවා නොලියවෙන විද්‍යා ප්‍රබන්ධ රචනය 19 වියැති සිසුවියක් අතින් පොත් ගුල් ගත වේ යැයි විශ්වාස කල නොහැක. නමුදු සත්‍ය නම් එයයි. ඇයගේ ප්‍රථම කෘතිය, " අපූරු ආගන්තුකයා " ලෙස ඈ අතින් නොබෝ දිනකින් දොරට වඩිනු ඇත.

එම කලා උළෙලේ කාර්‍යබහුලත්වය මැද ඇය හා කතා බස් කිරීමට මා හට ඉඩ ප්‍රස්තාව උදා විණි.



වත්මන් යුගයේ දී තම නිර්මාණ වාණිජකරණයට ලක් කරද්දී ඇය එයින් ඔබ්බට සිය නිර්මාණයට සාර්ථකත්වයක් ඉටු කිරීමට මාන බලයි. නිර්මානයක වටිනාකම දැනෙන්නේ එහි රචකයා හා පරිණත බුද්ධිමත් පාඨකයෙක් ට පමණි. පාඨකයා එහි රසය උකහා ගනී. රචකයා එය දැක ආත්මය තෘප්තියෙන් පුරවා ගනී. ඔහු ලබන ධනය හා සතුට එය පමණකි.

අපූරු ආගන්තුකයා යනු තුන් වැදෑරුම් විද්‍යාවේ අනාගත දැක්ම ලෙස මා නම් කරමි. අනාගත විද්‍යාවේ හා සමාජ පැවැත්මේ වෙනස්වන රටාවන් ඈ විද්‍යාත්මක සාධක ඔප්පු කරගනිමින් සිය කෘතියේ කෙටි කතා අනුසාරයෙන් පාඨකයා වෙත කරන ඉදිරිපත්කිරීම අනර්ඝය.
සිංහල සාහිත්‍යයේ අලුත් පිටුවක් පෙරලමින් ඇය වෙනස්ම ආරයකින් සිය අකුරු හැඩ ගන්වා ඇත. අන්ධ විශ්වාස තුල මුල් බැස ගත් සමාජයක ඉදිරි විද්‍යාව මෙසේ විය හැකි යැයි ස්වකීය දෘෂ්ටියෙන් බැලු ඈ ඇගේ සිතේ හැඟීම් මුසු කර පත් ඉරු මත දිග හැර ඇත්තේ පරිණත ලේඛකයෙක් සේ ය.

සර් ආතර් කොනන් ඩොයිල් වැනි ලේඛකයින් ගේ විද්‍යාත්මක නිරුපන තරමටම අත්භූත ආගන්තුකයා කෘතිය ද ගලා යයි.

Danushka kalpani නම් මෙම තරුණ ලේඛිකාව සිංහල සාහිත්‍යට කල යුතුකම ඇගයුම් කල යුතු යැයි සිතේ. ඇය වෙනසක් කල නිසාවෙන් මෙම අඩවියේ ඇය නමින් මෙසේ සටහන් වන වගයි. 


සමාජය ඇතැම් දේ දකින්නේ වපර ඇසිනි. කල හැකි දේ හා නොකළ හැකි දේ නොදනී. එක තැන පල් වුවන් අවඥාවෙන් සිනා සෙයි. එය සාමාන්‍යය පිළිවෙතයි. දනුශිකා එය වෙනස් කළාය.
ඈ පාසල් වයසේ සිට සිය හැකියාවන් ලොවට හෙළි කළාය. ඇය අභියෝගාත්මක ලෙස ප්‍රකාශ කරයි.


 ".. අපිට කල නොහැකි දෙයක් නැත, අපි සමාජය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නෙමු.."

එම ප්‍රකාශය තුල ඇත්තේ සභ්‍යත්වය කැටි කරගත් සමාජය අවශ්‍යතාවය ය. බොර දියක ඉඳුවර මත පෙරලෙන පිටු අතර නොබෝ දිනක ඇයගේ කෙටි කතාව දක්වන පොරොන්දුවෙන් මා ඔබෙන් මෙසේ සමුගනිමි. 


Share on Google Plus

About Unknown

17 අදහස්:

  1. ස්තූතියි මචන්.....

    ReplyDelete
    Replies
    1. මොකටද බං.. ! උඹ නිරූපිකාවක්.. ! විලාසිතාව නෙමෙයි සභ්‍ය සමාජයේ.. ගැටෙන්න අභියෝගයක් උඹ.. ස්තුතියි උඹට.. :)

      Delete
  2. කියවන්නම ඕන.. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කියවන්න නියම පරිකල්පන සැට් එකක් .. :)

      Delete
  3. මරු... සිංහලෙන්ම හිතල ලියවුණ විද්‍යා ප්‍රබන්ධ සීමිතයි. ඒ නිසා ධනුෂ්කාගේ වැඩේ අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්හ්... :) මේවාගේ රසය නම් ඉහලයි

      Delete
  4. අළුත් රචිකාවියට සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ඇය වෙනුවෙන් මා කෘතඥ වෙමි. :D

      Delete
  5. දිගු ගමනකට ඇයට සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ඇය වෙනුවෙන් මා කෘතඥ වෙමි. :D

      Delete
  6. දෙසැම්බරේ ලංකාවට ආවාම හොයාගන්නඕනෙ පොත..

    ReplyDelete
    Replies
    1. එයාට address එකයි ගාස්තුයි දුන්නොත් ගෙදරටම එවාවි. :)

      Delete
  7. පොත නෙමෙයි මට උඹ ගැන ආඩම්බරයි. උඹ ගැන මම කිව්වේ පටන් ගත්ත කාළෙම. අහම්බෙන් දැකපු කොමෙන්ට් එකකින්.

    ReplyDelete
    Replies
    1. මේකනං අන්කල් මට තෙරුනී නෑ. පැහැදිලි කරන්න වෙනවා ? කුකුසක් දැනෙන්නේ දැන්.. !

      Delete
  8. පැරනි ලිපි ටිකත් කියවන්න ඔිනේ

    ReplyDelete
  9. My spouse and I stumbled over here by a different page and thought I might check things out.
    I like what I see so now i am following you.
    Look forward to going over your web page for a second time.


    Also visit my web blog; fashion

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..