කවුරුද කෙලසන්නේ - attraction community and the corporation



කොන්ඩේ කපන්න ගොස් පත්තරයට කොටු වූ මා තුමා

විනය කියන්නේ මිනිහෙක්ගේ හික්මීම කියන දේ රකින ප්‍රධාන මූල සාධකය කියන එකයි මගේනම් පෞද්ගලික හැගීම. ඔය විනය කියන දේ රකින්න ප්‍රධානව බලපාන්නේ පාසල කියන ආයතනය. චාරිත්‍ර වාරිත්‍ර කියන දේවල් පවුල කියන සමාජ ඒකකය ඇතුලේ ඇති වෙද්දී ඒ ඒ දේවල් සංකීර්ණ වෙලා පවුල කියන ඒකකයෙන් ඔබ්බට නීතින් කියන පද්ධතියට යටත් වෙන්න මානව වර්ගයාට සිද්ධ වෙනවා. මක්නිසාදයත් අපගේම නිදහස අපටම මේ දේවල් වලට යටත් වෙන්න සිද්ධ වෙලා. 

ලැජ්ජාව භය කියන දේ නැත්නම් ඔය කියන එක අටමගලක්වත් හරි යන්නේ නම් නැහැ. එදාට තමයි ඔය ලොකු පඬි වඳන් දෙසා බාන්නේ “ මුන්ට කියන එව්වා හරියට බීරි අලින්ට වීණා වාදනය කරනවා වගෙයි ” කියලා. 


තව කියමනක් තියෙනවා “මුන්ට කියන කට ගලක උලා ගන්න එක හොඳයි” කියලා. හැබැයි එහෙමයි කියලා නිහඬව ඉන්න බුද්ධිමත් ඇත්තෝ නිසා තමයි ඔය හැම බීරි අලියෙක්ම මේක විනාශ කරන්නේ. අලින්ට හැමදාම මේ රට වත් මේ සමජයවත් කෙළසන්න දෙන්න බෑ. උන් කෙලසලා උන් අනිත් උන්ට නොදැනී සමාජේ ගබ්සා කරද්දී බුද්ධිමත් කියන උදවිය මුනිවත රකිනවා. ඒ දේ හැමදාම වෙන නිසා තමයි අපේ රටේ මේ තරම් තුවක්කු වීරයෝ බිහිවෙලා ඉන්නේ. මරණ භය හැමෝටම දැනෙන බවනම් ඇත්ත, හැබැයි මැරිලත් අමරණීය වෙන්න පුළුවන් ආකාර මේ ලෝකේ ඕනෑ තරම් විධි නැතුව නෙමෙයි. ජීව විද්‍යාත්මකව ඒ දේවල් ලොස් වෙලා ගියත් සමාජ විද්‍යාත්මකව නම් ඒ දේවල් සර්ව සාදාරණ කරුණු.

-        -           -           -           -           -           -           -           -           -           -           -           -

ලඟදි දවසක මට අපේ ගමේ බාබර් උන්නැහේ ලඟට යන්ට සිද්ධ උණා. මක්කටවත් නෙමෙයි, ඉස්කෝලේ පටං ගැන්ම ළඟ නිසා කොන්ඩේ කපලා පිරිසිදු වෙන්න.  අයියෝ මගේ කේෂ කල්‍යානේ කියලා හිතුනත් ඉස්කෝලේ විනයට යටත් වෙන්න එපැයි. ඒ නිසාම හැඩට වැඩට තියෙන ජෙල් ටිකක් ගාපුවම ලෙසටම ඕනේ ඕනේ විදියට හැඩ කරන්න පුළුවන් කෙස් වැටිය කපන්න සිද්ධ උණා. 

ගමේ බාබර් කියන්නේ සුවිශේෂී චරිතයක්. බාබර් ලඟට නොයෙන කෙනෙක් නැහැ. බාබර් නොදන්නා කෙනෙකුත් නැති තරම්. පොඩි රේඩියෝ කට්ටක් දාගෙන, ලංකා දීප පත්තරේ මෙසේ උඩින් තියාන නොර්මල් එකේ කිසිම ෆැෂන් එකක් නොකර අනිත් උන්ට රටේම ෆැෂන් දාන හැටිනම් හරිම අපූරුයි.
ගමේ ගොඩේ සිද්ධ වෙන හැම තොරතුරක්ම තියෙන තැන තමයි බාබර් ඉන්න තැන. මට හරි ලෙන්ගතු මිනිහා. මං ඔය කොයි මිනිහත් බොක්කෙන් ආශ්‍රය කොරනවා. මක්ක නිසාවත් නෙමෙයි ඔය පොඩි මිනිස්සු ගාව ගන්න ආදර්ශ බොහෝයි. බොරුවට පොෂ් වෙනවට වඩා පොලොව පය ගහලා ජීවත් වෙන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ. එයින් ලැබෙන ආත්මඅභිමානය දැරිය නොහැකි තරම් සතුටක්. 

ඉස්කෝලේ පටන් ගන්න ළඟ නිසා කස්ටිය පිරිලා ඉන්නවා බාබර් සාප්පුවේ. මං එන්ටර් වෙලා ප්ලාස්ටික් සැප පුටුවේ වාඩි වෙලා බලාගෙන හිටියේ මගේ කොන්ඩේ කපන මොහොත එනකම්.  පෝලිම් නැති, නමුත් ආ.. ආ පිළිවලට කොන්ඩේ කපන්න යන නිසා ප්‍රශ්න නැහැ. හැමෝම වල් පල් දොඩවන්නේ හදපිරි සතුටින්. ලිඳ ළඟ සංගමය වගේනම් නෙමෙයි. ගිණි ගෙඩි නොදී, දුන් ගිණි ගෙඩි පිළිබඳව පුංචි පහේ විමර්ශනයක් වෙන තැනට වෙලා ඉද්දි දේශපාලන රට තොට මාතෘකා එහෙම හරි හරියට ඇදෙනවා. 
 
මිතුරෙක්ගේ ඔබන ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එකෙන් බාබර්ගේ සැලූන් එකේ ලංකාදීප පැත්තෙන් කැප්චර් කොරන ලදී
දේශපාලන මාතෘකා ඇදුනා විතරයි, මගෙත් කට නොවෑ කහන්නේ මං පැනපු ගමන් අහපි..

“ අයියා, ඔයා හිතන්නේ වයඹ කවුරු මේ සැරේ මහා ඇමති වෙයි ද ? ”

“..ආයේ මලයා මගුලක් කතා කරනවා.. දයාසිරි මහත්තයා තමයි...”

“.... ඇයි ජෝනාගේ පුතා..?..”

“...කවුද බං.. ඌව මං දැකලත් නැහැ. මේ ගමකට ඇවිත් තියේද ඕකුන්.. අර කවුද කියනවා වගේ පැරිෂුට් තමයි ඔකුං..”

 එහෙම කිව්වේ ළඟ උන්නු අපේම වයසේ තවත් කොළු ගැටයෙක්. බාබර් අයියා ඒකටනම් ලාවට කට කොනකින් හිනාවක් දැම්මේ සිරා කතාව කියලා වගේ.. 

“.. දයාසිරි බලන්න බැරියා, බෝක්කුවෙත් ඉන්නවා. ලයිට් කණුවෙත් ඉන්නවා. ගෙදරත් ඉන්නවා, හැම මගුලේම ඉන්නවා නෙව..”
 මං එහෙම කියලා මහා වලත්ත හිනාවක් දැම්මේ බාබර් අයියගේ කටිං වචනයක් ගන්ට. මූ එක පාරටම කියපි.

“.. උඹ දැක්කේ නැත්ද මලයා, දැන් ලිං බැමි වලත් පෝස්ටර් චන්ද පෝලිමේ බං..”

දයාසිරි ගැන කතාව කොහොම කොහොම හරි හමාර කලේ දේශපාලනය ගැන ආයේ කතා නොකරන අදිටනින් රට කොරන කොරපු උන්ට හොඳ කුණුහබ්බ ටිකකින් දෙසා බාල.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනවා නෙව. මං ගත්තා ලංකාදීප පත්තරේ නිකමට කියවලා දාන්ට කියලා. අපේ ගෙවල් වලට පත්තර ගේන්නේ ඉරිදට විතරයි නෙව. ඒ ගේන්නෙත් මගේ වදේට. නැත්නම් බත් ඔතන්න කොළ නැති නිසා. ඔය දේවල් වලට හිලව් වෙන්න තමයි අම්මා පත්තරේ උස්සන් එන්නේ පොලේ ගියපු වෙලාවක. දැන්නම් පොලේ යන්නේ නැති තරමයි. පොලට යන්න සල්ලි එපැයි. දෙයියෝ දෙනවා ද ? මොන මොනවහරි තම්බන් කනවා මිසක්. 

ඉතින් මට ඔය පත්තර කෑලි මහා මෙරක් තරමට වටිනවා. කියවන්න ගත්තාම මෙලෝ සිහියක් නෑ. ඔලුව පත්තෙර්ට ඔබාගෙන පැය ගානක් ඉන්ට පුළුවනි.
හදිස්සියේ මෙන්න මේ වගේ සිරස්තලයක් දැක්කා මං

ඇන්ඩ්‍රොයිඩ් මෙව්වා එකෙන් බැනුම් අහමින් නැවත වරක් මෙව්වා කොරපු එකක්
-        -           -           -           -           -           -           -           -           -           -           -           -           
පොලීසිය ගැන මගේ හිතෙත් හොඳ ආදරයක් තියෙන නිසා මේ ගැන නොලියා උන්නොත් මගේ බ්ලොග් කෙරුවාවෙන් වැඩක් නොවෙන බව මම හිතට ලොකුවටම දා ගත්තේ ඒ නිසයි.
මං මේ කියන දේ ගොඩක් අයගේ සිත්වලට ගේන්නේ වේදනාවක් විතරයි. අවංකව සේවය කරන උත්තමයන්ට රිදෙයි. සමාවෙන්න...! මට දැන ගන්න ලැබුන විදියට පොලිසියේ උදවිය මේ බ්ලොග් එක කියනවා ලු..
 
සිරස්තලයට අදාළ සම්පූර්ණ ප්‍රවෘතිය
බහුතරයගේ වැරදි වෙනුවෙන් සමස්තයට ඇඟිල්ල දික් කරනවා නොව, සමස්තයේ උන්නතිය වෙනුවෙන් බහුතයකගේ නිරුවත පෙන්වනවා පමණි.
මගේ ඉහත සටහනේ ප්‍රථම පරිජේදයේ විනය යන දේ තුල මුල් රැකීම ඔබට වටහාගත හැකිය. සමාජ විනය රැකීමට එනම් නීතියේ කඩවීම ආරක්ෂා කිරීමට පොලිස්සිය නමැති ආයතනයක් බිහි වී ඇත. එකල රාජ්‍ය රැකීම සඳහා රාජ පුරුෂයින් සිටියා සේ මෙකල පොලිස් ප්‍රජාව නීතිය සුරකියි. නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය යන ස්වාධින ආයතනය වේ. නීතීය සම්පාදනය වන්නේ ව්‍යවස්ථාදායකය යන ආයතනයේ ජනතා නියෝජිතයින් විසිනි.

ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලෝකයම දනී. එය එසේම වන්නට ඇත. නමුත් නොභියව කියමි, ප්‍රජාතන්ත්‍රවාදී යන ලේබලයට පමණක් ඇලවුණු ශ්‍රී ලංකාව තුල නීතිය යන දේ රකින මිනිසුන් අමු අමුවේ නීතිය කෙලසන වගයි.
අධෝමුඛයේ හිස හොවා එහි කුණු විකන මිනිසුන් සේ සමාජය නමැති නෙළුම අපවිත්‍ර ජලයේ ගිල්වමින් සමාජයට යහපත් දේ දෙනවා විනා සමාජය අඳුරේ තබන්නට ඔවුන් පෙළඹුන වාර ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මේ පුවත්පත් ආශ්‍රයෙන්, මාධ්‍ය තුලින් අප දකින සත්‍ය ඒවාට ඕනෑ තරම් සාක්‍ෂිය. උණ යනු රෝග ලක්‍ෂණයකි. නමුත් සෙම්ප්‍රතිෂාව යනු නොසිදෙන වෛරස් රෝගයකි. එය එසේවනවා සේම, පොලිසිය යන ආයතනය ද රෝග ලක්ෂණ නොපෙන්වා මුදල, බලය යන හේතුන් මත වෛරස් රෝග කාරකයන් සේ සමාජ ශරීරයට වධකයේ ලක්‍ෂණ කියා පායි. එය කොහේ කොතන කොයි ලෙස පහල වන්නේදැයි නොදනිමි. සෙම්ප්‍රතිෂාව ද එසේය. දේශගුණ විපර්‍යාස, දුහුවිලි, අධික ජල ස්නානය වැනි කාරණා මත වෛරස් ගත වේ. 
lankadeepa.lk සතු සත්‍ය පුවතකි. මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇත.

ඔබට අනුන්ට දුක් දී යැපෙන මිනිස්සු දැකිය යුතුනම් පොලිසිය වෙත යන්න. පොෂ් මිනිසුන් සිටින්නේ එහිය. පුස් ආත්මඅභිමානයෙන් ඔද වැඩුන, පොෂ් යැයි කියන මිනිසුන් අතර ඔවුන් පුස් කජු සේ මෝරා ලොවට පේන්නට සිටියි. කාම සැප, සුරා සැප, අනුරා සැප යන නොයෙක් විධි සැප භුක්ති විඳිනවා පමණක් නොව, නව රස තොල ගා බලන්ට ඔවුන් වරම් ලද්දෝ වෙති. 

ඒ ඒ වරම් ලැබෙන්නේ අප පත්කරන ජනතා නියෝජිතයින් කියා ගත් පාලකයන් නිසා බව ඔබට නොසිතුනේ ද ? දේශපාලනයේ අතකොළුවන් වී රෙදි අපුල්ලන ඔවුන් මිනිසාට සැබෑම පිළලයකි.
මෙකල වයඹ නම් උත්සව බොහෝය. ජන්ද උණුහුම එයට හේතු වන්නට ඇත. උත්සව සඳහා පොලිස් ප්‍රජාවගෙන් ලැබෙන සහයනම් ඉහලය. දැන් දැන් පාරේ යන වාහන වලට දඩ ගසන්නේ කවුරුන්දැයි බලාය. වයඹට එනවානම්.... ඔබගේ ලයිසන් හෝ අනෙක් ලියකිවිලි අතපසු වූයේනම් භිය වීමට කාරනා නොමැත.
ඔබ “ඇමතිතුමා මුණ ගැසීමට ගිය බව” පවසන්න. එවිට ඔබට ඔවුන් යාමට ඉඩ දෙනු ඇත. ඡන්ද පෝස්ටර් ගසන්නට ඔබ නැති වෙන්න ජරාව බී, රිය පැදවුවාට කම් නැත, ඔබ ඇතුළු පිරිස හූ කියා පාර වැනසුවා ට කම් නැත, ඒ තියා ඔබගේ සතුරන් පහර දුන්නාට කම් නැත. කිසිදු කෙනෙකුගේ හිරිහැරයකට ඔබට යටත් වන්නට සිදුවන්නේ නැත. සැබවින්ම නීතිය රැකේ. 

කුරුණෑගල නගරයේ ඇති මත්ද්‍රව්‍ය වෙළඳ සැල් බොහෝමයක් එක් ප්‍රධාන ඇමති කෙනෙකුගේ බව ප්‍රසිද්ධ රහසකි. හවසට ඔවුන්ගේ නිවසේ ඡන්ද ලාභින් සප්පායම් වන බව තවත් එක් රහසකි. මේ දේවල් ජීවිත කාලයම රහස් ලෙස පවතිනු ඇත. අරක්කු වීදුරුවට, බත් පැකට්ටුවට ඡන්දය දෙන කිසිවෙකුටත් ඉදිරිය ගැන කල්පනා නොවන්නේ මන්දැයි නොදනිමි.  



lankadeepa.lk සතු මාධ්‍ය ඔස්සේ පලවූ තොරතුරකි.

අපේ උන් හිනා උනත් ඡන්ද දෙති. සමහරක් වාහනය දෙස බලා කැමැත්ත දෙති. හඬට කැමැත්ත දෙති. නමුත් ලැබුන දෙයක් නොමැත. සිදු උනානම් ඒ එකෙක් දෙන්නෙක් පරාලොව සැපත්වීම පමණි. ඒකටත් වන්දි මුදලක් දුන් සැනින් අපේ එකාල සමූහ ඡයාරුප වලට හිඳිමින් මැරුණ එකාගේ ජීවිතයත් මිලකට සින්නකර විකුණා දැම්මේය. එහෙව් රටක අපි මෙවැනි ලිපි සටහන් ලිවීමෙන් පලක් නොවන්නේ, බුද්ධිමත් කියන උන් නිඳි කිරණ නිසා නොවේ ද ? යමක් කළහැකි යැයි කියන උන් කම්මැලි කමේ ගිණි තපින නිසා නොවේ ද ?

වැට නියර දිගටම ගොයම කනු ඇත. වලිගය නැති හරක් ඇට මැස්සන්ගේ දෑතේ සුසිනිදු බවට දඟලනු නියතය. පිපාසි අප දිගටම ලියනු ඇත. මෙය චක්‍රයක් සේ ඔහේ කැරකෙනු ඇත. රූප පෙට්ටියෙන් නම් නොයෙක් වීරයන් එදිනෙදා කරලියට එයි. සමාජ අසාදාරණයට ඔවුන් සටන් කරති. නමුත් එය දසුනක් පමණි. මායාවකි. සැබෑ ලොව ඇත්තේ එවන් ෆැන්ටසි හීන නොවේ. 

දේශපාලනයේ අතකොළුවන් බොහෝය. ඔවු නොවුන් එය කරන්නේ එය ඔවුන්ට හුරු නිසාය. ලැබෙන සල්ලි මිටියත් රිවෝල්වරයත් නිසා කුමන භියක්වත් නොවුනට නොදැනෙනු ඇත. ගැහෙන පපුවට මුදලට යටත්ව කොකා ගස්සන වාස් ලා තව බොහෝ මේ සමාජයේ ඇත. එබී බැලුවොත් රචකයාට සිදුවන්නේ සැමටම කලින් පරලොවට ටිකට් වෙන් කරන්නටය. මාධ්‍ය වේදීන් බොහොමයකට එවැනි හස්තයන් අතින් මිය යන්නට සිදු වූයේ ඒ නිසාවෙනි.

කොහේ කොතන ගියත් ලොකුවන්නේ හෙංචයියන් ය. මහා එකාට වඩා පොඩි එකා උගේ උෂ්ණය ඔළුවට ගසාගෙන ඉදිමි ඇති සෙයක් පෙනේ. කවුරු ඉදිමුනත් අවසානෙට කෙළවන්නේ සාමාන්‍ය අහිංසක පුරවැසියාට වේ. සැප විඳින්නේ බලය මුදල ඇති තැනැත්තා ය. පැරැන්නන් නම්, මේක අපේ කර්මයන් යැයි කියමින් සියල්ල ඉවසා දරාගත් බවකි. නමුත් සියල්ල එසේ නොවිය යුතුය. පොර ටෝක් නොව, අසාදාරණය දැක ගොළුවත රැකීම නම් නිවටකමයි. 

නමුත් අනෙකාගේ දුක කථිකයාගේ ආභරණයක් ආයුධයක් නොවිය යුතුය. එයින් පීඩාවට පත් වන්නේ අහිංසකයා මය. ජෝතිය ඇන්දට හැමෝම ගාන්දි ලා නොවේ. එය පැරණි කියමනකි. එය අදටත් ගැලපෙන කියමනකි. නැෂනල් එක ඇඳගෙන, බුද්ධ සිවුර පොරවාගෙන ඕනෑ තරම් පව්කාරයන් අනිටු වැඩ කරයි. සමාජ දුෂණයට මුලිකව හවුල් වන්නේ සමාජයේ උතුමන් යැයි කියන බහුතර පිරිසක් අතින් සිදුවන අනිටු පල විපාක නිසාවෙනි. 

ගමයි - පන්සලයි - වැවයි - දාගැබයි යන සංකල්පය බිඳගෙන, නගරය - නයිට් ක්ලබ් - බියර් නැත්නම් කෑම එපා යන සංකල්ප බිහිවෙමින් පවතී. සමස්ථයක් සම්ප්‍රදාය හොඳ නැහැයි කිවත්, එවැනි පටු බැම්මක් ආකල්ප වලට මූලික නොවුනා නම් ශ්‍රී ලංකාව යන පුංචි රටේ සභ්‍යත්වය මීට වඩා නැතිවන්නට හේතු වන්න තිබිණි.
අප මිනිසුන් වෙමු. අප සැවොම සර්ව සම්පූර්ණ නොවෙමු. පාඨක ඔබගේත්, රචකයා වන මගෙත් බොහෝ වැරදි ඇත. එසේ නැත්නම් අප පූජණීය අරහත් පලයට පත්වනු නොවනුමානය. රැඩිකල් වන්නේ නොකළ යුතු දේ මිස කලයුතු දේ නොවේ. ඩිජිටල් වෙන සිතුවිලි වල ඇනලොග් හීන අස්සේ මා සොයන ලෝකය කවදා එලි දක්වේදැයි නොදනිමි. 
 
2013/september/04 ස්වාරිස් කාටුනය
එතකන් හීන අස්සේ මහා රෑ නොනිදා රැය පහන් කරමි. නොනිදන දෙනෙත සමාජ අසාදරණය, නිරුවත සැමදා අකුරු කරනු ඇත. 

හමුවෙමු යලිත් සුහද සිතින්... !
Share on Google Plus

About සමීර සඳරුවන්

23 අදහස්:

  1. //බොරුවට පොෂ් වෙනවට වඩා පොලොව පය ගහලා ජීවත් වෙන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ//
    මේක දන්නේ හරියට පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්ම තමයි. බොරුවට පොශ් වෙන්න ගිහින් අන්තිමට ගොඩ එන්න බැරි මුලාවක වැටෙන එකයි වෙන්නේ.

    දේශපාලනය ගැන කියනවා නම් අනේ රට යන අත කියලා කියන්න තමයි වෙන්නේ..

    ReplyDelete
  2. @සිතුවිලි සිතූ

    රට යන අත කියලා නිහඬ වෙන්න බෑ අලෙ. එක්කෝ උන් නැත්නම් අපි. කාටහරි වැටෙයි හති.

    ReplyDelete
  3. උබ බාබර් සාප්පුවට ගිහින් තියෙන්නෙම ඒ ගැන බ්ලොග් පෝස්ට් එකක් දානව කියල හිතේ තියාගෙනමයි. හා නැද්ද? :D

    ReplyDelete
  4. කරුණාකරලා මේ කුරුල්ලා අයින් කරපන්, හරියටම කියවන තැනට එන්නේ. බ්ලොග් එකත් එක්කම එපා වෙනවා..

    ReplyDelete
  5. ඇත්තමයි මේ මගුල් කුරුල්ල හින්ද බාගෙට කියවල යනව යකා වැහිල.

    ReplyDelete
  6. @සමී

    නෑ සමියෝ.. එහෙමත් නෑ.. නැත්තෙත් නෑ.. ඔයා එහෙම දෙයක් අදහස් කරේ ෂුවර් ඔය ෆොටෝ කෑලි නිසා වෙන්න ඇති. මම කොහේ හරි යනවා නම්, අඩුම ටොයිලට් එකට ගියත් ෆෝන් කෑල්ලක් හරි කැමරා කෑල්ලක් හරි අරගෙන යන්නේ.
    ෆොටෝ ගන්නේ ඒ නිසයි. ඇහැට දකින හැමදේම ටුකුස් ටුකුස් ගාල ගන්න එක දැන් පුරුද්දක් වෙලා.
    පත්තරේ අර සිරස්තලේ දකිද්දී ලියන්නම හිතුණා.
    කොහොමත් මං මේ බ්ලොග් එකට මට තරම්ම ආදරෙයි.

    ReplyDelete
  7. @Maathalan - Priyantha Hewage

    මේ දෙවෙනි සැරේ නේද ? නලීන් අයියත් කිව්වා දෙපාරක්. මම ගණන් ගත්තේ නෑ නෙව. ඌ සෝයි. අයින් කරන්න හිතෙන්නෙම නෑ..
    කමක් නෑ අයින් කරන්නම් දැන්..

    ReplyDelete
  8. @Kenji @ Japan

    ස්තූතියි මිත්‍රයා මගේ බ්ලොග් එකට ආවට. ඔයාගේ ඉල්ලීම ඉෂ්ට කරනවා. හඳුනාගැනීම සතුටක්..

    ReplyDelete
  9. උඹත් බෙනෝ මාතලංටම හොද එකෙක්.. කරන්න දෙයක් නෑ බං මොකක් හරි කරන්නම වෙන සයිස් එකක් තමා දැං තියෙන්නේ.

    ReplyDelete
  10. "ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලෝකයම දනී " එය නිවැරදි විය යුතුය
    ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලෝකයම නොදනී හෝ
    ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව ලෝකයම නොසිතයි ලෙස.

    ReplyDelete
  11. බාබර් කාරය පැය කීයක් අරූගෙ කොණ්ඩෙ කැපුවද?

    ReplyDelete
  12. දේශපාලන කතිකාවකුත් එක්ක පාසලේ විනය..! මට මතක් උනේ කවුරුද ලියලා තිබුන බාබර් පෝස්ටුවක්...මම හිතන්නේ හැලප තුමා ද කොහෙදෝ

    ReplyDelete
  13. සම්පූර්ණයෙන් ම එකඟ වෙමි.

    ReplyDelete
  14. @දේශක යා

    හෑ මාතලන් දැන ගත්තොත්.... ! අනේ නෑ අෆ්ෆා. මං කැමති නෑ මේ මාතෘකාවට. ඒ උනාට ඇහෙන දකින දේවල් දකිද්දී නිකං තියෙන අත් දෙක වෙව්ලනවා. පුරුද්ද ද මන්දා... :D

    ReplyDelete
  15. @ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )

    ස්තූතියි වැරැද්ද පෙන්වලා දුන්නට. ගෞරව කරනවා. මං ඒක දැන් හදන්නම්.. :)

    ReplyDelete
  16. @Praසන්ன

    අලේ මන්දා.. කොහොම හරි ගෙදරින් 4 ට ගිය කොල්ලා ආපහු ගෙදර එද්දී 6.30 යි... අපරාදේ කර්ටූන් ටික මිස් උන එකයි දුක.

    ReplyDelete
  17. @රෙහානි

    නැහැ අලේ, ඔය හැමදේටම බලපාන්නේ විනය නෙව. ඕක මුලින්ම උගන්වන්නේ ඉස්කෝලේ ඇතුලෙන් අධ්‍යාපනය එක්ක. ගෙදරින් වෙන්නේ තහංචි දාන එක. ඒක විනය කියලා නොකියත් බෑ කියලත් බෑ..
    විනය නෙව ජන සමාජය ශිෂ්ටසම්පන්න විදියට ඇති කොරන්නේ..
    හැමෝම විනය ගරුක අවංක මිනිස්සුනම් මෙහෙම ලියන්න ඕනේ නැහැ.
    බාබර් ගැන ලිව්වේ පොඩි මිනිස්සු උනත් ලෝකේ ගැන වැටහීමක් ඇතිව ජීවත් වෙනවා කියන එක ඔප්පු කරන්න හිතාගෙන. අනික මගේ හිතට ලියැවිල්ලේ සංෂිප්තය ආවේ එතැනින්.. :) ස්තුතියි අදහසට. ගෞරවය මගේ..

    ReplyDelete
  18. @දිලිනි

    මගේ ගෞරවය පුද කරමි. ස්තූතියි ඔයාට යෙහෙළිය. :)

    ReplyDelete
  19. විනය සහ සදාචාරය රැකීම ඉහලින්ම ඇරඹිය යුතුයි.
    අකුරු පොඩ්ඩක් විශාල කරපං,කූඹි කකුල් වගේ කියවන්න අමාරුයි.

    ReplyDelete
  20. @Helapa kade

    මේ දවස් වල මේක ඩිසයින් කොරන ගමන් ඉන්නේ අයියේ.. තවම ආකෘතිය හදනවා. හ්ම්ම්..
    කොහේ කවදා හැදෙයි ද දන්නේ නැහැ..

    ReplyDelete
  21. @බෙන් ටෙනිසන්

    මල්ලි බ්ලොග් එක නම් හොඳයි.. මම පස්සේ එන්නම් නිදහසේ කතා කරන්න කියලා..

    අකුරු පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන් නම් හොඳයි... වයසක අපේ ඇස් පේන්නේ නැහැ නෙව..

    ReplyDelete
  22. @SilentSahan

    බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට. නැවත එන්න.. හමුවීම සතුටක් සහෘදයා.. :)

    ReplyDelete
  23. ela..ela..malli blog eka nam kiyla wedk ne poddo..ela..digata karan yaman..jaya wewa..I'm viraj ..he..he..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..