ප්‍රේම ගීතය - a true love story






වෙරළු මල් සුවඳ නොදැනෙන අතු                     අතර...
අපේ පෙම් සුවඳ විහිදී තිබු                       නිතර....
නොදැනුනත් එදා දැනගෙන හය              හතර...
පුංචි පෙම්වතුන් වූයෙමු අපි           වැතිර....

ඇතාගලම කම්පා කරමින්             හඬපු...
ඔයා දිහා බලමින් මම පෙම්                     කරපු....
ඔයා එපා යැයි කියමින් මම           දුවපු....
මතක මගේ චිතකයෙ අද ගිණි                 තියපු...

පේන බල බලා අපි අද පෙ   ම්                  මුල්ලේ...
රෑන ඉගිලිලා ගිය පසු අපි                         ලොල්ලේ...
දෑස බොඳ වෙලා බැලු පසු කල්                යල්ලේ...
ප්‍රේම අපි කළා හෝඩියේ සිට                   අල්ලේ....


මාව සඟවලා නුබේ ඔය හිත                    අස්සේ...
දෑස එලි කළා ආයෙත් නුබ            ඔස්සේ...
ප්‍රේම කවි ගොතා නුබටම මම                  වැස්සේ....
හීන කවි කළා මතකද අද                        විස්සේ....

ඉඳුල් නොකර නොයිදුල් කිරි කවඩි          සිනා...
මගේ කරලා නුබ ඈතට වී             සිටිනා...
යුගය එදා නිමවී අද මගේ                        ලඟිනා.....
කුමක් කෙසේ පවසම් දැයි සිත                 නොදෙනා....


දෑස පිහ පිහා නුබ එනකං                        හිටියා...
වසර තුනකටත් පෙර මතකයේ                ඇතියා...
මගේ නොව කියා මා නුබ අත                  ඇරියා...
මතකයන් දවා මා පෙර නැති                   ලෙස යා...

ඇත්කඳ වෙහෙර තුල ඇති අප මතක        පුර....
අළුතින් ලියන්නට නුබ ඉඟි කළා             දුර....
හිස උඩ වැටුන ඉර මඩලට වඩා               සැර....
නැත අන් දෙයක් මටනම් දැන් නුබව        හැර....

සිප්වින් එකට අපි යන එන ඒ                   පාරේ....
සිනමාහලයට යන්නට මට මග                 බේරේ....
නුවරට යන්න බස් වල නුබ හා                 හෑරේ...
බ්ලොග් එක ලියමි ගතියකි එය මගේ       ආරේ.....

මතකයි එදා නුබටම මා දුක                     දුන්නා..
ඒ දුක වවාගෙන කන්නට මම                  උන්නා...
පපුවක් නොමැති මිනිහෙක් පෙර මම       වෙන්නා...
දෑසට කඳුළු සිහි වෙනවිට අද                   එන්නා....

උඩු මහලක නුබ පෙර සිට වැඩ                ඉන්නේ....
පොල් අතු පැල නුබහට නෑ කැප              වෙන්නේ....
කීවත් මගෙ  මුව සැමවිට                         නාසන්නේ....
කවියෙන් මම මේ මොනවද                    කියවන්නේ.....


දුහුවිල්ලට ඔය පය දිය                            නොපෙලේවා...
දන්කුඩ මගේ නව රස හෙට                     වෑහේවා...
පෙම් කරමින් නුබ ළඟ මා                       මියදේවා...
සරසවි බිම අපහට හෙට කැප                  වේවා....

සල්ලි කොලේ මගේ කකුලට                  පෑගීලා...
ඔයා නමින් තව මගේ හිත             හේදිලා...
මිනිස් වෙසින් දෙවියෙක් වී වැඩ               හිඳලා....
මටත් පැතුම් අවැසිය ලොව සෙත             පතලා....

පන්හිඳ කවිය වෑහෙන පත් ඉරු                අස්සේ...
සැකයක් නුබට ඇත කියවන මේ              ඔස්සේ....
හිනැහුණ මෙමා දුක දුන් යුගයක්              ඉස්සේ...
කඳුලට නිමා ඇය හට සතුටක්                  ගැස්සෙ.....

දැනගනු වස් :- ප්‍රේමය වනාහි අබිං කෑමක් මෙනි. ඒ අබිං කෑමට මෙදා මා ලොල් උනෙමි. නිධාන කතාව මෙසේ ය.

වෙරළු මල් සුවඳ නොදන්නා කල් සිට ප්‍රේමයක් ඉහ මත්තේ තිබිණි. අධික පණ්ඩිතකම හෝ කුමක් හෝ පුස් සිතුවිලි අරඹයා මා වෙස්සන්තරයෙකු සේ ප්‍රේමය දන් දුනිමි. දුක් වුයේ තනි මා පමණි. තෙවසරක් තිස්සේ නොදිටි ඈ පෙරදා ජාලයෙන් මා සොයා පැමිණියේය. මා හට පෙම් කර ඈ අනේක විධි දුක් පීඩා විඳි තැනැත්තියකි. දුක් පීඩා කෙසේදයත් කඳුළු නම් වගුරුවන්නට ඇත.
කොතරම් කෙල්ලන් ලං වුවද කෙල්ලන් කිසිසේත් මා දෑතේ දුරට ලං කර නොගත්තෙමි. මෙතෙක් කල් ලං කරගත්තේ මව පමණි. බූට් කෑම එනම් පෙම් ලොව රසවත්ම අහර තොල ගෑමට මා වරම් නොලදිමි. එම බූට් දානය මෙතෙක් මා පෙම් කල කෙල්ලන්ට දුන්නා මිස රස බැලුවේ නැත. නමුත් දුන් දුක නිසා දැනුන දුක ඉමහත්ය. ඇය මගේ ප්‍රථම ප්‍රේමය වේ.
දවා අළු කල මතකයක, චිතකයේ ගිණි ඇවිලෙද්දී නිවා දමා යලිදු මා තුරුලට ගත්තේ අද දිනය. සැබෑවටම ඈ හා තුරුළු උනෙමි. ලියන්නට ඉතිං සිතුනෙමි.  දැන් මා හා ඇය සැබෑවටම ප්‍රේම කරන්නෙමු.

( ඉස්කෝලේ යනවා, ආයේ එනවා, අමතර අජ්ජාපනේ හොයාන යනවා, ආයේ එනවා, නිදා ගන්නවා, ජාලෙට යනවා. ඉතිං බ්ලොග් ජීවිතේ මදකට නැවතිලා. ඉඳහිට බ්ලොග් කියවලා කොමෙන්ට් එකක් ඔබනවා. ඔච්චර තමා.. නැවත හමුවෙමු සුහඳ සිතින් )
Share on Google Plus

About සමීර සඳරුවන්

20 අදහස්:

  1. දැන් වත් ඉතින් වෙරළු මල් සුවද බලපන්

    ReplyDelete
  2. කෝ අපිට කේක් පාටි?? සුභපැතුම්!!

    ReplyDelete
  3. වෙරළු මල් සුවද බලනවනම් කැඩෙන බිදෙන සුළු තැන් වල වද්දනව එහෙම නොවෙයි.

    ReplyDelete
  4. කවි ටික ඇර අනිත් ලියලා තියෙන ටික අයින් කරපන්. එහෙනම් කවි ලියන්න ඕන නෑනේ. කතාව ලිව්වම ඉවරයි. කොහොම නමුත් පට්ට රහයි.. උඹ හොඳ ලේඛකයෙක් වෙයි අනාගතේ...

    ReplyDelete
  5. උඹ නං හොද කවි කාරයෙක්... බෙනා..

    වෙරළු මල් සුවදට සින්දුවක් ලියපං. ඕවා අමතක කරල...

    ReplyDelete
  6. ඔන්න ටියුබ් ලයිට් පොරවල් වලට කවියයි කතාවයි දෙකම තියෙනවා..... එල එල

    ReplyDelete
  7. //ප්‍රේමය වනාහි අබිං කෑමක් මෙනි. ඒ අබිං කෑමට මෙදා මා ලොල් උනෙමි.// මිදි යුෂ යැ යි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා...මතක් වුණා.

    ReplyDelete
  8. බෙනා බොලා නරක්වෙලා දැන්.. ඒ වුණාට මේ කවිකම ඉස්තරම්. මේ වෙරළුමල් ඉතින් කෙන්ජිගෙන් තමා ඉතිරිය දැනගන්න වෙන්නෙ. ඊයේ රෑ මරු නේද?

    ReplyDelete
  9. යකෝ දැන් තහනං කොරනවා මේ වෙරළු මල්. සුපිරි කවි සෙට් එක බෙනෝ. උඹ කවියටම ලොල් වුනේ බූට් එක නිසාද ..?

    ReplyDelete
  10. @රෙප් මහත්තයා

    අපොයි දෙයියනේ වැඩිහිටියෙක් දෙන ආදර්ශයක් ද ඈ.. :/

    ReplyDelete
  11. @Yashodha Sammani Premaratne

    කේක් කෑමක් ද ඈ.. 16 වන ලුවී රජ්ජුරුන්ගේ බිරිඳ කේක් හෑල්ලුවට ලක් කරපු හැටි මතකෙයි.. ?

    ReplyDelete
  12. @Kenji @ Japan

    අනේ අම්මපා.. උඹේ කටනම්.. :D කෝලං.. එච්චර දුර හිතලා නෑ..

    ReplyDelete
  13. @Maathalan - Priyantha Hewage

    බොහෝම ස්තුතියි. තේරෙන්නේ නැති උදවිය වෙනුවෙන් ලීවේ අයියණ්ඩි.. :) ලේඛකයෙක් වෙන්න නෙමෙයි මාධ්‍යවේදියෙක් වෙන්නයි ඕනේ. නිදහස් මාධ්‍යවේදියෙක්.

    ReplyDelete
  14. @දේශක යා

    හෑ... ලැජ්ජයි ඕයි... :D දාසක ලියාවී මෙහෙම යද්දී මං කියලා මොකෑ.. :D

    ReplyDelete
  15. @S. L. මැලේ රාළ

    අයියණ්ඩි ට තේරුණා.. බොහොම ස්තුතියි.

    ReplyDelete
  16. @දිලිනි

    මිදී යුෂ යැයි රැවටී බිව් විෂ තාම විසක් බව මා ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ වී නොමැත. හලා හල විෂ මෙතෙක් කල් මා පෙව්වේ උත්ක කී ගැහැණිය කෙරෙහිය. ඈ එයින් විඳි පීඩා අපමණය. ඒ දුටු මා සිත ප්‍රේමය උදෙසා දැහැන් ගත විය.

    ReplyDelete
  17. @Naleen Dilruksha

    ඊයේ ගැන නම් කියලා වැඩක් නැහැ. පට්ට. මට ඇහැරිලා ඉන්න බැරි උණා පාන්දර ඇහෙරෙන්න ඕනේ නිසා. ඔයාට තමයි ස්තුති කරන්න ඕනේ ඒකට. :D නෑ සත්තරණේ මම නරක නැහැ. වෙනදට වඩා මනුශීයයි..

    ReplyDelete
  18. @ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )

    නෑ අයියණ්ඩි බූට් එකක් නිසාවෙන් නෙමෙයි. කවිය මා ජීවිතයට ලැබුනේ අහම්බෙන්. මුල්ම කවිය ලිය උනේ මෙයා වෙනුවෙන්. කවි ජීවිතයට ගෙනත් දුන්නේ මේ කෙල්ල.

    ReplyDelete
  19. නිධාන කතාව නොදන්නා නමුත්..මගෙනුත් සුබපැතුම්..

    ReplyDelete
  20. අදයි පලවෙනි පාරට කියවන්න අවේ ලියන විදිය එල අයියේ ගුඩ් ලක් (බෙලා ) www.suwiiinwonderland.blogspot.com මේ පැත්තෙත් එන්න =D

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..