වෙරළු මල් සුවඳ නොදැනෙන අතු අතර...
අපේ පෙම් සුවඳ විහිදී තිබු නිතර....
නොදැනුනත් එදා දැනගෙන හය හතර...
පුංචි පෙම්වතුන් වූයෙමු අපි වැතිර....
ඇතාගලම කම්පා කරමින් හඬපු...
ඔයා දිහා බලමින් මම පෙම් කරපු....
ඔයා එපා යැයි කියමින් මම දුවපු....
මතක මගේ චිතකයෙ අද ගිණි තියපු...
පේන බල බලා අපි අද පෙ ම් මුල්ලේ...
රෑන ඉගිලිලා ගිය පසු අපි ලොල්ලේ...
දෑස බොඳ වෙලා බැලු පසු කල් යල්ලේ...
ප්‍රේම අපි කළා හෝඩියේ සිට අල්ලේ....
මාව සඟවලා නුබේ ඔය හිත අස්සේ...
දෑස එලි කළා ආයෙත් නුබ ඔස්සේ...
ප්‍රේම කවි ගොතා නුබටම මම වැස්සේ....
හීන කවි කළා මතකද අද විස්සේ....
ඉඳුල් නොකර නොයිදුල් කිරි කවඩි සිනා...
මගේ කරලා නුබ ඈතට වී සිටිනා...
යුගය එදා නිමවී අද මගේ ලඟිනා.....
කුමක් කෙසේ පවසම් දැයි සිත නොදෙනා....
දෑස පිහ පිහා නුබ එනකං හිටියා...
වසර තුනකටත් පෙර මතකයේ ඇතියා...
මගේ නොව කියා මා නුබ අත ඇරියා...
මතකයන් දවා මා පෙර නැති ලෙස යා...
ඇත්කඳ වෙහෙර තුල ඇති අප මතක පුර....
අළුතින් ලියන්නට නුබ ඉඟි කළා දුර....
හිස උඩ වැටුන ඉර මඩලට වඩා සැර....
නැත අන් දෙයක් මටනම් දැන් නුබව හැර....
සිප්වින් එකට අපි යන එන ඒ පාරේ....
සිනමාහලයට යන්නට මට මග බේරේ....
නුවරට යන්න බස් වල නුබ හා හෑරේ...
බ්ලොග් එක ලියමි ගතියකි එය මගේ ආරේ.....
මතකයි එදා නුබටම මා දුක දුන්නා..
ඒ දුක වවාගෙන කන්නට මම උන්නා...
පපුවක් නොමැති මිනිහෙක් පෙර මම වෙන්නා...
දෑසට කඳුළු සිහි වෙනවිට අද එන්නා....
උඩු මහලක නුබ පෙර සිට වැඩ ඉන්නේ....
පොල් අතු පැල නුබහට නෑ කැප වෙන්නේ....
කීවත් මගෙ මුව සැමවිට නාසන්නේ....
කවියෙන් මම මේ මොනවද කියවන්නේ.....
දුහුවිල්ලට ඔය පය දිය නොපෙලේවා...
දන්කුඩ මගේ නව රස හෙට වෑහේවා...
පෙම් කරමින් නුබ ළඟ මා මියදේවා...
සරසවි බිම අපහට හෙට කැප වේවා....
සල්ලි කොලේ මගේ කකුලට පෑගීලා...
ඔයා නමින් තව මගේ හිත හේදිලා...
මිනිස් වෙසින් දෙවියෙක් වී වැඩ හිඳලා....
මටත් පැතුම් අවැසිය ලොව සෙත පතලා....
පන්හිඳ කවිය වෑහෙන පත් ඉරු අස්සේ...
සැකයක් නුබට ඇත කියවන මේ ඔස්සේ....
හිනැහුණ මෙමා දුක දුන් යුගයක් ඉස්සේ...
කඳුලට නිමා ඇය හට සතුටක් ගැස්සෙ.....
දැනගනු වස් :- ප්‍රේමය වනාහි අබිං කෑමක්
මෙනි. ඒ අබිං කෑමට මෙදා මා ලොල් උනෙමි. නිධාන කතාව මෙසේ ය.
වෙරළු මල් සුවඳ නොදන්නා කල් සිට ප්‍රේමයක් ඉහ
මත්තේ තිබිණි. අධික පණ්ඩිතකම හෝ කුමක් හෝ පුස් සිතුවිලි අරඹයා මා වෙස්සන්තරයෙකු සේ
ප්‍රේමය දන් දුනිමි. දුක් වුයේ තනි මා පමණි. තෙවසරක් තිස්සේ නොදිටි ඈ පෙරදා
ජාලයෙන් මා සොයා පැමිණියේය. මා හට පෙම් කර ඈ අනේක විධි දුක් පීඩා විඳි
තැනැත්තියකි. දුක් පීඩා කෙසේදයත් කඳුළු නම් වගුරුවන්නට ඇත.
කොතරම් කෙල්ලන් ලං වුවද කෙල්ලන් කිසිසේත් මා
දෑතේ දුරට ලං කර නොගත්තෙමි. මෙතෙක් කල් ලං කරගත්තේ මව පමණි. බූට් කෑම එනම් පෙම්
ලොව රසවත්ම අහර තොල ගෑමට මා වරම් නොලදිමි. එම බූට් දානය මෙතෙක් මා පෙම් කල
කෙල්ලන්ට දුන්නා මිස රස බැලුවේ නැත. නමුත් දුන් දුක නිසා දැනුන දුක ඉමහත්ය. ඇය මගේ
ප්‍රථම ප්‍රේමය වේ.
දවා අළු කල මතකයක, චිතකයේ ගිණි ඇවිලෙද්දී
නිවා දමා යලිදු මා තුරුලට ගත්තේ අද දිනය. සැබෑවටම ඈ හා තුරුළු උනෙමි. ලියන්නට ඉතිං
සිතුනෙමි. දැන් මා හා ඇය සැබෑවටම ප්‍රේම
කරන්නෙමු.
( ඉස්කෝලේ යනවා, ආයේ එනවා, අමතර අජ්ජාපනේ
හොයාන යනවා, ආයේ එනවා, නිදා ගන්නවා, ජාලෙට යනවා. ඉතිං බ්ලොග් ජීවිතේ මදකට නැවතිලා.
ඉඳහිට බ්ලොග් කියවලා කොමෙන්ට් එකක් ඔබනවා. ඔච්චර තමා.. නැවත හමුවෙමු සුහඳ සිතින් )
දැන් වත් ඉතින් වෙරළු මල් සුවද බලපන්
ReplyDeleteකෝ අපිට කේක් පාටි?? සුභපැතුම්!!
ReplyDeleteවෙරළු මල් සුවද බලනවනම් කැඩෙන බිදෙන සුළු තැන් වල වද්දනව එහෙම නොවෙයි.
ReplyDeleteකවි ටික ඇර අනිත් ලියලා තියෙන ටික අයින් කරපන්. එහෙනම් කවි ලියන්න ඕන නෑනේ. කතාව ලිව්වම ඉවරයි. කොහොම නමුත් පට්ට රහයි.. උඹ හොඳ ලේඛකයෙක් වෙයි අනාගතේ...
ReplyDeleteඋඹ නං හොද කවි කාරයෙක්... බෙනා..
ReplyDeleteවෙරළු මල් සුවදට සින්දුවක් ලියපං. ඕවා අමතක කරල...
ඔන්න ටියුබ් ලයිට් පොරවල් වලට කවියයි කතාවයි දෙකම තියෙනවා..... එල එල
ReplyDelete//ප්‍රේමය වනාහි අබිං කෑමක් මෙනි. ඒ අබිං කෑමට මෙදා මා ලොල් උනෙමි.// මිදි යුෂ යැ යි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා...මතක් වුණා.
ReplyDeleteබෙනා බොලා නරක්වෙලා දැන්.. ඒ වුණාට මේ කවිකම ඉස්තරම්. මේ වෙරළුමල් ඉතින් කෙන්ජිගෙන් තමා ඉතිරිය දැනගන්න වෙන්නෙ. ඊයේ රෑ මරු නේද?
ReplyDeleteයකෝ දැන් තහනං කොරනවා මේ වෙරළු මල්. සුපිරි කවි සෙට් එක බෙනෝ. උඹ කවියටම ලොල් වුනේ බූට් එක නිසාද ..?
ReplyDelete@රෙප් මහත්තයා
ReplyDeleteඅපොයි දෙයියනේ වැඩිහිටියෙක් දෙන ආදර්ශයක් ද ඈ.. :/
@Yashodha Sammani Premaratne
ReplyDeleteකේක් කෑමක් ද ඈ.. 16 වන ලුවී රජ්ජුරුන්ගේ බිරිඳ කේක් හෑල්ලුවට ලක් කරපු හැටි මතකෙයි.. ?
@Kenji @ Japan
ReplyDeleteඅනේ අම්මපා.. උඹේ කටනම්.. :D කෝලං.. එච්චර දුර හිතලා නෑ..
@Maathalan - Priyantha Hewage
ReplyDeleteබොහෝම ස්තුතියි. තේරෙන්නේ නැති උදවිය වෙනුවෙන් ලීවේ අයියණ්ඩි.. :) ලේඛකයෙක් වෙන්න නෙමෙයි මාධ්‍යවේදියෙක් වෙන්නයි ඕනේ. නිදහස් මාධ්‍යවේදියෙක්.
@දේශක යා
ReplyDeleteහෑ... ලැජ්ජයි ඕයි... :D දාසක ලියාවී මෙහෙම යද්දී මං කියලා මොකෑ.. :D
@S. L. මැලේ රාළ
ReplyDeleteඅයියණ්ඩි ට තේරුණා.. බොහොම ස්තුතියි.
@දිලිනි
ReplyDeleteමිදී යුෂ යැයි රැවටී බිව් විෂ තාම විසක් බව මා ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ වී නොමැත. හලා හල විෂ මෙතෙක් කල් මා පෙව්වේ උත්ක කී ගැහැණිය කෙරෙහිය. ඈ එයින් විඳි පීඩා අපමණය. ඒ දුටු මා සිත ප්‍රේමය උදෙසා දැහැන් ගත විය.
@Naleen Dilruksha
ReplyDeleteඊයේ ගැන නම් කියලා වැඩක් නැහැ. පට්ට. මට ඇහැරිලා ඉන්න බැරි උණා පාන්දර ඇහෙරෙන්න ඕනේ නිසා. ඔයාට තමයි ස්තුති කරන්න ඕනේ ඒකට. :D නෑ සත්තරණේ මම නරක නැහැ. වෙනදට වඩා මනුශීයයි..
@ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )
ReplyDeleteනෑ අයියණ්ඩි බූට් එකක් නිසාවෙන් නෙමෙයි. කවිය මා ජීවිතයට ලැබුනේ අහම්බෙන්. මුල්ම කවිය ලිය උනේ මෙයා වෙනුවෙන්. කවි ජීවිතයට ගෙනත් දුන්නේ මේ කෙල්ල.
නිධාන කතාව නොදන්නා නමුත්..මගෙනුත් සුබපැතුම්..
ReplyDeleteඅදයි පලවෙනි පාරට කියවන්න අවේ ලියන විදිය එල අයියේ ගුඩ් ලක් (බෙලා ) www.suwiiinwonderland.blogspot.com මේ පැත්තෙත් එන්න =D
ReplyDelete