ආදරය - ලිංගිකත්වය හා ගණිකාව - බඩ හේදීම. ( 18 + )



මාගේ උප්පත්තියද සිදු වුයේ ලිංගිකත්වයේ ප්‍රේතිපලයක් ලෙස මා දනිමි. 


නමුත් මාගේ මූලය සම්ප්‍රදායේ තබා එතනින් ඔබ්බට දකින්නට වෙහෙසෙමි. ඒ දුටු දර්ශනයන් පිළිකුලක් ඇති කල බව මා කිව යුතුමය. අප දියුණුය යැයි අප බොහෝ දෙනා ආඩම්බරයෙන් කියන්නෙමු. නමුත් මා නොදනිමි මේ දියුණුව යන්න කුමක් ද කියා හෝ. නමුත් මා අනිත් අය සේම ඔවුන් කියූ දේ කියමි. අපි දියුණු ය. මානවයන් උසස් වන්නේ ඔවුන් බුද්ධිය තුලින් සිතන බැවිණි.මම එසේනම් මෙසේ කියමි, වර්තමානයේ අප බුද්ධිමත් යැයි පසුබිමක, එනම් අප පසු කල දඩයම් යුගය, ගොවි යුගය ආදී කාල සීමාවන් ඇතුලත වඩා අප වර්තමානය එනම් අද තුල විශාල වර්ෂයෙන් වර්ධනාත්මක දියුණුවක් ලබා ඇත. එම නිසා ,  වර්තමාන ලෝකයේ අපි දියුණු යැයි කියන පසුබිමක සිටින්නෙමු. 

දියුණු යැයි කියන්නේ භෞතිකව ගත් කල  සංවර්ධනය තුලින් යැයි මා සිතමි. මක් නිසාදයත් සෑම රටක්ම සංවර්ධයට එනම් භෞතික වශයෙන් සංවර්ධනයට වෙහෙසෙන නිසාවෙනි. සංවර්ධයන එයම නම්, හිරිකිතයකින් තොරව පොලවේ පය ගසා සිටිය හැකිය.

 හිරිකිතියනම් මෙයම වේ, සංවර්ධනය යැයි කියන , දියුණු යැයි කියන මිනිසා මානුෂීය වශයෙන් එනම්,  සමාජ සංවර්ධනයේ තාමත් ගල් යුගයේ ජීවත් වීමයි. 

18+ ලිපියක් වුවද බලන්නේ 16 , 15 වේ කොල්ලෝ කෙල්ලන් බව මා දනිමි. එහි වරදක් නැත. වරද ඇත්තේ මූල කේෂය තුලය. මෙය කියවා ඒ මූලයේ අවැදගත් කිසි සේත්ම වැදගත් නොවන්නා වූ පිළලයක් බඳු උණ්ඩුක පුච්චිය කපා දැම්මොත් වැදගත් යෙහෙකි. හෘද සාක්‍ෂියට අවනතව එය කල හැකිනම් මා එය ඔබෙන් ලද දායාදයක්ම වන්නේමය. 

මානුෂිය ගුණාංග බොහෝය. ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය යන බොහෝ සෙයින් වැදගත් කොට සලකන ඒවා ද , වෛරය තෘෂ්ණාව, මෝහය ලෙස අවැදගත් නමුත් මිනිස් සිතේ වැඩිපුරම ඇති ඒවාද මානුෂීය ගුණාංග වේ. 

අපි කිසිදු දින යහපත ගැන කතා කරනවා විනා, අයහපත ගැන හුදු අල්ප මාත්‍රයක් වත් කතා නොකරන්නෙමු. මක් නිසාදයත් අප අයහපත දකින්නේ අප ජීවිතය විනාශ කරන්නට පැමිණි අවිගත් සක්වල ජීවියෙක් සේ ය. එම නිසා අයහපත යන වචනය පවා අප ජීවිතයට ලං කර නොගන්නෙමු. වරදනම් එයම වේ. අයහපත යහපත් යන සියලු දේ තුල ගැබ් වී ඇති බව බුද්ධිමත් මොළ ගෙඩි වලට නොදනිම වේ. හුදු අල්ප මාත්‍රයක් වත් මා අයහපත ගැන කතා නොකර නොකෙලෙසි මා යහපත් යැයි කියන මාතෘකා තුල ගිලෙන්නෙමි.

ආදරය, කතා කල යුතුම මාතෘකාවකි. යාන්තමින් 18 සම්පූර්ණ කල පමණින් 18+ ලිපි ලියන මට වඩා ඒ ගැන 14 -16 වයසේ කොල්ලෝ කෙල්ලන් දනී. දුකනම් එය නොවේ 18 පසු කල මට තවම කෙල්ලක් නැති එකය. ( :v දැන් පුළුවන්නම් මඩ ගහපල්ලා )

Ø  - ආරක්ෂාව
Ø  - දයාව
Ø  රා - රාගය
Ø  - යහපත්බව 

මමනම් මෙහි තේරුම නොදනී. ඉහත කී තේරුම පවා දන්නේ ඕ ලෙවල් කාලයේ සමරු පොතක තිබු වාක්‍ය කණ්ඩයක් ඉස්සිමෙනි. මෙහි තේරුම මනාව ගැලපි ඇත. 

කතා කරන්නේ කිසිම හරයක් නැති ආදරයක් ගැන නොවේ. හරයෙන් පෝසත් සෙනෙහස ගැන පමණි. ආදරය ගැන කතා කලේ මා දකින මාතෘකාවට යාමට හැක්කේ එනම් ලිංගිකත්වයට පළමු දොර විවෘත වන්නේ ආදරය තුලින් නිසාය. 

එනම් මවගෙන් ගලන ආත්මීය සෙනෙහස හා පිය උතුමන් තුලින් ගලන ආත්මීය සෙනෙහස ය. ඒ සෙනෙහස නම් නිර්-මාණයකි. කිසි ලෙසකවත් මැනිය නොහැකිය.

“ අහසේ තරු තරම් මං ඔයාට ආදරෙයි” “පොලවේ පස් තරම් මම ඔයාට ආදරෙයි සුදු” “මගේ ජීවිතේ තරම් මම ආදරෙයි රත්තරන්”

වර්තමාන ආදරයට වටිනාකම් බොහෝය. උඩ කියූ වැකි  වර්තමාන ආදරය තුල ගැබ් වෙන නියත වාක්‍ය කාණ්ඩයන් ය. විහිළුවකි සැබවින්ම අන්දරේ කරන කවටයන්ට වඩා සිනහ පහල වන්නේ ආදරයට තිත තැබෙන මොහොත තුලය. එදාට හැම වචනයක්ම සුළඟට මිමිණු වැකියක් සේ ය. ග්‍රහ තරු ගැන්න යුගය , පොලවේ ඉරි ඇඳි යුගය හුදු සිහිනයක්ම පමණකි. මැරුණා ඉපදුනා සේ ය.

අනන්තාපරිපන්න මවගේ සෙනෙහස දමා, පියවරයෙක් ගේ සෙනෙහස දමා රුවට පෙම් කල ඔහු හෝ ඇය සමාජ පිළලයක් වෙන ආකාරය ගැනයි මේ වදන් සටහන.

වයස 14න් ආදරේ කරන්නේ ආදරේ ගැන කිසිදු හැගීමක් නොදැන ය. හුදෙක් ලිංගික විපර්යාසයන් හේතුවෙනි. එය ජීව විද්‍යාත්මක සංසිද්ධියකි.  නමුත් ඒ විද්‍යාත්මක සංසිද්ධිය දුර යන්නේ බඩක් වීමෙන් හෝ බඩක් හෙදිමෙනි. 

යහනට යන තුරුම , යහනේ හුරතල් වෙන විටවත්, ඒ යහනෙහි වැතිර රාග ගින්නෙන් වේලෙන තුරුවත්, ඒ ගින්නෙහි දැවී ලෙයින් සුදු රෙදි කඩ තෙත් වෙන තුරුවත් තම වරද නොදකී. වරද දකින්නේ නැට්ට කිරි උරපු විට ය. එවිට සියල්ල සිදු වී හමාරය. නැට්ට හුඹස් කට වසා හමාරය. 
 
abortion
අපි ජීවත් වන්නේ ආසියාව තුල ය. ආසියාව තුල ඇති රටවල්,  සම්ප්‍රදාය හා සංස්කෘතිකමය වශයෙන් මිනිස් විනය පවත්වා ගනිමින් සමාජ සහජීවනය අතින් උසස් මට්ටමක (තුන් වෙනි ලෝකයේ :v ) පවත්නා රටවල් ය. 

එය එසේ වූ කලී, ලංකාව නම් දහම් දීපයම වේ. එනම් දහමෙහි වෙලී ජීවිත තුල මනා විනයක් පවත්නා යැයි සිතිය හැකිය. නමුත් සිතුවිලි නම් ගිනි දැල් මෙනි. හැගීම් ඒ හා යා වන්නේ පුළුන් රොදවල් සේ ය.

ගණිකාවට සමාජ ආමන්ත්‍රණය නම් බඩුව ය. සමලිංගිකයාට සමනළයා වේ. 

ගණිකා වෘත්තියේ ඉහලම ඉල්ලීම වන්නේ 15 – 16 යේ වයසේ සිටින බඩු වලටමය.  එයට හේතුව මා එයට ප්‍රිය කරන එකෙක් ගෙන් විමසු කල්හි ඔහු කිවේ small tits රසබර බවය. පුංචි  මල් සුවඳ වැඩි බව ය ..

රසය කෙසේ වෙතත් හරයක් නැති හරඹයක් උදෙසා කුමකට ජීවිතය විනාශ කරගන්නේ දැයි නොදනිමි. නිල ලත් බඩු නිල නොලත් බඩු සමාජයේ බොහෝ ය. 

කෙල්ලක් බඩුවක් වන්නේ පිරිමි අපගේම වරදක් නොවන බව මා කියමි. පිරිමි අතර තිරිසනුන් ඇති බව මා දනිමි. නමුත් කිසිවෙක්ට නිරුවතක් දැක ඒ නිරුවත දෙස බලා පිළිකුල් භාවනාව කල නොහැකිය. මන්ද අප රහත් වී නැති නිසාය. 

කොටට ඇඳ ඇවිදින විට තම කකුල් වසා ගැනීමට වෙහෙසෙන කෙල්ලන් මා බොහෝ දැක ඇත.
ජංගි කොටේ පෙන්න කලිසම අඳින ඕනෑ තරම් කෙල්ලන් මගේ නෙතේ දැක ඇත. පල්ලෙන් දැන් දැන් වැටෙන යැයි සිතිය හැකි කලිසන් ඇඳි කොල්ලන් මම බොහෝ විට දකිමි. එය මට සුලභ දසුනකි. යට ඇඳුම උඩ ඇඳුමෙන් වැසෙනවා විනා, මෙදා කොල්ලෝ කෙල්ලන් යට ඇඳුම උඩ ඇඳුමට වඩා පෙන්වීමට උත්සහ කරයි. 


ලිංගිකත්වය මානව පැවැත්මට ඇවැසිය. එය අප කෙරේ නැත්නම් ජීවයක් පරිණාමනය නොවේ. එය ජීව විද්‍යාත්මකව අවැසි දෙයකි. නමුත් ලිංගික අධ්‍යාපනයක් ඇතුව විනයාත්මක විය යුතුය. 

කුරුණෑගල වැව සෙනසුරාද ඉරිදා දිනවල රජ පුරයක් ය. ගස් අස්සේ මාන ගොලු අස්සේ පෙම්වතුන් ය. සමහරු කටවල් කයි. සමහරු කරන දේවල් සභ්‍යත්වයේ හේතු මත මට කිව නොහැකිය. එය මාගේ ප්‍රේතිපක්ති වලට පටහැනි ය. ( 18 + උනත් මම කවුද කියලා මට අමතක කරන්න බෑ. කුණුහබ්බ එව්වා. )

එයින් නතර නොවී ඊළඟට යන්නේ තානායම් සඳහා ය. තානායමේ හොඳ හොඳ සැලකිලි ඇත. ඒ සැලකිලි දුර යන්නේ එක්කෝ එකියක් බඩ වී, ඒ බඩ කරපු එකා බන්ධනාගාර හිර බතෙහි රස විඳීමට යැවීමෙනි.

මෑතකදී මට වැදගත් අත්දැකීමට මුහුණ පෑමකට හැකි  විය. 


මම පාසල් ඇරී පාසල් ගේට්ටුවෙන් එලියට පැමිණ කුලියාපිටිය  නගරය තුලට පිවිසුණෙමි. කඩයක් ළඟ සුපුරුදු මුහුණක් දැකිය හැකි විය. 8 වසරේ යැයි සිතිය හැකි අප සමඟ එකම බස් රථයේ යන නැගණියක් කඩය අසල හිටගෙන වට පිට බලමින් සිටියාය. ඈ ළඟ ඇගේ වයසේ යැයි සිතිය හැකි පිරිමි ළමයෙක් හිටගෙන සිටියේය.. මා ඇය දෙස බලා සිනාසුනෙමි. ඈ ද පෙරලා සිනාසුණේය. මා එය එතරම් ගණනකට නොගෙන බසයට ගොඩ වී එය අද්දන තුරු කාලය කා දැම්මෙමි. 

බසය අද්දන විට ඈ බසයට ගොඩ විය. මා ඇය ගණනකට නොගෙන පාඩුවේ මා මිතුරෙක් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුනේ එම සිද්ධිය පවා සිතින් යටපත් කරගෙන ය. නමුත් එම නැගණිය මා ලඟට පැමිණ>>

“ අනේ ප්ලීස් අයියා.... කාටවත් කියන්න එපා..”
“මොකක්ද නංගි..”
“මම අර විදියට උන්නු එක..”
“මොන විදියට ද නංගි ...”
“මම අර ළමයත් එක්ක කතා කර කර උන්නු එක...”
(මට ඉතිං තවත් සිද්ධිය හිතන්න ඕනේ නැහැ. මට හික් ගෑවුණා යකෝ මේ පොඩි එකී කියලා. වල් හිනාවක් එහෙම දාල මම )

“ හ්ම්ම්.. හ්ම්ම්.. මම කාට කියන්නද.. භය වෙන්න එපා කියන්නේ නැහැ..”
“අනේ ප්ලීස් අයියා..”
“ම්ම්ම්ම්... මම කියන්නේ නැහැ විශ්වාස කරන්න කෝ..”

මෙසේ ඇය මා බසයෙන් බසිනා තුරුම ඒ ගැන මතක් කරමින් ඇවටිලි කළේය. මා කල්පනා කලේ මෙතරම් අඩු වයසක ජීවිතය ගැන කිසිදු වැටහීමක් නැති තවමත් මව් පියන් තුලින් යැපෙන, මවගේ තුරුලෙන් මිඳී නැති දරුවෙක් පිරිමියෙක් ගේ පහස හා ආදරය ගැන කෙසේ සිතන්නේ ද යන්න ය. 


මා එම සිද්ධියෙන් ලද කලකිරීම වචනයෙන් කිව නොහැකිය. මතකයන් තුල එම සිද්ධිය ජීවත් වේ.
දිනක එම නැගණිය සේම එවැනි ක්‍රියාවන් හි සිටින සැම නැගණියක් ම, සැම සහෝදරයෙක්ම ජීවිතය විනාශ කර ගන්නා බව දනිමි. 

සිප ගැනීමෙන් ආරම්භය සිදු වී අවසානයේ බඩ හේදීම දක්වා දුර යන්නේ සැමටත් රහසේමය. ඔබ නොදන්නවා ඇත ලංකාවේ දිනකට ගබ්සා 800 ක් පමණ සිදු වන බව සඳහන් ය. 

දුෂණය කිරීම අපරාධයක් නොව  එය තෘප්තියක් බව  rape is not a crime, it is surprise sex කියමින් ලොවටම වහසි බස් දොඩා sunny-leone වැනි නිලියන් ලොව ඉදිරියේ නිරුවත හෙළිකරන  කල් ලොවෙහි සභ්‍යත්වය කෙලසීමට ලක් වෙනු ඇත.

ලිංගික අසහනයෙන් දුක් විඳින මිනිසුන් වෙනුවෙන් ලංකාවේ කිසිදු ක්‍රියාත්මක වීමක් නැත. කිසිදු උපදේශනයක් නැත. කිසිදු ලිංගික අධ්‍යාපනයක් නැත. සැඟවීමට දෙයක් නැහැ. හැමෝම දන්නා රහසක් ලිංගිකත්වයේ ඇතැම් දේවල්. සැඟවීම සිදුවන්නේ සමාජයට තවත් මෙම රහස තුල ඇති භයංකර බව ව්‍යාප්තවීම පමණි. 


ලිංගිකත්වය ප්‍රේසිද්ධියේ කතා නොකිරීම නිසා හැගීම් හිත් ඇතුලේ කැකෑරී, ලෝ දිය සේ උඩට එන්නේ අවස්ථාව ලද කල්හි ය. එවැනි අවස්ථාවේ එම අත්දැකීම විඳින්නේ පෙර නොවූ විරූ අමා රස , නව රස ගැලවූ ආහාරයක් ගිජු ලෙස විඳින්නා සේ ය.

බත ඉදෙන තුරු ඉන්නට බැරි නංගිලා, මාළුව කිරි කැටි ගැහෙන මොහොතේම බෙදාගෙන කෑමට ගොස් අවසන් කල්හි බඩේ රුජාව හදා ගනී. එයින් දුක් වන්නේ ඔවුන්ම නොව ඔවුන් ගැන ඔවුන්ගේ අනාගතය ගැන සිහින දුටු අහිංසක දෙමාපියන් මය.

“... මෙය නම් කිව යුතුමය, ආදරය කල යුතුය. පාසල් පෙම තහනම් නැත. ආදරය නොකරන්නා ගේ හිත ගලක් සේ ය. ඒ ආදරේ නැත්තා ඉගන ගත්තත් ඔවුන්ට බොහෝ දේ මග හැරී ගොස් ය... එම නිසා ආදරේ කලාට පලක් නැත. ආදරයට සීමා මායිම් තිබේ. තාම කවුද යන්න හඳුනා, ආදරය පැතුවාට කම් නැත. තමන්ට ලෝකයේ චරිතයක් ලැබී ඇත. මා ශිෂ්‍යයෙක් නම්, මට සැමියෙක් විය නොහැකිය. මා මගේ චරිතයට සාදාරණයක් ඉටු කරනවා විනා, මට එයින් ඔබ්බට යා හැක්කේ මගේ චරිතය තුල පරිනත නළුවෙක් වී ලෝකයට අවතීර්ණ වූ පසුවය....”

ගණිකාව යනු ලෝකයේ පැරණිම රැකියා වෘතිකයා විය. පැරණිම යැයි මිනිසුන් ආඩම්බරයෙන් කීවද, කොතරම් මෙයට එරෙහි වුවද පිටිපස්සා දොරෙන් එයට එරෙහි වන්නාම ඇය හා රැය පහන් කරයි.
පසුගිය කාලයේ ගණිකාව නීතිගත කිරීමට හා ගබ්සාව නීතිගත කිරීමට එක් මන්ත්‍රී වරයෙක් බොහෝ උත්සහ කලේ ය. ඔහු කිවේ එය සංචාරක ව්‍යාපාරයට බොහෝ ලාබ ලැබිය හැකි බවය.

ලාබය කෙසේ වෙතත් ලබන රසය කෙලවෙන්නේ අපේ උන්දෑලා HIV සාදාගෙන ඇඳ උඩ කොට උඩ ගිය දාටය. නීතියේ සරණ ඇතුවම පැණි කන්න වෙහෙසුන මුත් එය නිට්ටාවටම දැන් නම් සුව වී ඇත. දැන් ඒ ගැන ඇසෙන්නේත් නැත. බාලවයස් කරුවන් බොහෝ සේ රැකියාවන් හි නිරත වේ. එය නීතියේ ඇස් වලට පවා වැලි ගසා සිදුවන දෙයකි. එයට හේතු වී ඇත්තේ මුදල් නැතිකම තුලින් ඇති වන දුප්පත් කම වේ. 

ගණිකාව නීතිගත වුවා නම්, මගේ මේ රටේ නංගිලා ටිකට අබ සරණයි. මොන දෙයියන්ට කියන්නද ? එහෙනම් එදාට අපට කඩාපු නැති පෙට්ටි හොයන එක කළුනික හොයනවා ට වඩා අමාරු වෙයි. 

15 කෑලි ,  16 කෑලි  , 17 කෑලි ,  18 කෑලි , 25 කෑලි ,  30 කෑලි  ලෙස වර්තමාන ගණිකාව වර්ග වේ. වර්ගය අනුව මිළ තීරණය වේ. ගණිකාව රුපියල් 500යේ සිට 2500 දක්වා විකිණෙන අවස්ථා බොහෝ විට තිබේ. තැරැව්කරුවන් අතින් හුවමාරු වී, දිනකට 7 -8 දෙනෙක් සමඟ රමණය කරන ඔවුන් මුදලට තම ශරීරය විකුණන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය.

ගණිකාව පත්තර වාර්තා කාරයන් ළඟ, පොලිස් රාලහාමිලා ළඟ හරිම ලඳ බොළඳ ස්ත්‍රීන් ය. කිසිදු වරදක් නොකළ පිරිමින් අතින් කෙළසීම වරදක් කරගන්නා ඔවුන් එය රකියාවම කරගත්තා යැයි කියන්නේ හැඬුම් මැද ය.
දුක හිතෙන කතා බොහෝය. හොටු පෙරාගෙන අඬන්නේ තමා මෙලොව සිටින උසස්ම කාන්තාව යනුවෙන් පවසාය. ඔවුන් පවසන පරිදි දුෂණය වෙන හැම ගැහැනියම ගණිකාවක් වෙන බව ඔවුන් පවසයි.

මට නැගෙන ගැටළුව නම්......

වෛද්‍ය වරයෙක් අතින් පෙරදා දුෂණයට ලක් වුන, නිදහස් වෙළඳ කලාපයේ සොහොයුරිය නොමැරුනේ නම් වෙන්නේ ගණිකාව ක් ද ?

තම පෙම්වතා අතින් ද , ඔහුගේ යහළුවන් අතින්ද දුෂණයට ලක් වුන නක්කාවත්ත ප්‍රෙදේශයේ සොහොයුරිය සැබෑවටම ගණිකාවක් වේ ද ? 

මුදල් නැති කමට එකම විසඳුම ගණිකා වෘත්තීය ද ? කිතුලට නැග්ග මිනිහට කියන්න බොහෝ දේ තිබුනා යැයි කියති.
 Face Book වෙබ් අඩවිය හරහා සම්බන්ධ වෙන ඕනා තරම් ගණිකාවන් මා දැක ඇත. ගණිකාව කොතරම් තම ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේද යන්න ඒ තුලින් මනාව වැටහේ. ගණිකාව තමාට තමා හා සම්බන්ධ වන අනෙකාට පමණක් නොව රටටම අවැඩක් සිදු කරයි. රැකියා විරහිතයෙකු වී හිඳ රාජ්‍ය මිනුම් දඬු වලට හොරා සංක්‍රාම මුදල් ඔවුන් කරා ගලන්නේ රාජ්‍ය පීඩිත යැයි ලොවට පෙන්වා ය. 

මා ගණිකාව සලකන්නේ කිසිදු හැගීමක් දැනීමක්  නොදැනෙන සමාජ පිළලයක් සේ ය. සමාජය කෙලසමින් සභ්‍යත්වය විනාශ කරන බොරු කාරියන් ය. චීත්ත රෙද්දට රැවටෙන පිරිමින්ට ඔවුන්ගේ කතා වලට අනුකම්පාවක් දැනුනද , මා හටනම් දැනෙන්නේ පිළිකුලක් පමණි. 
 
abortion
ප්‍රාණයට අප සැම ලැදිය. ලෙඩක් සැදුනත් බෙහෙත් ගන්නේ දුක් විඳීමට ඇති අකමැත්ත නිසා නොව මරණයට ඇති භිය නිසාවෙනි. ලොවක ඇති උතුම්ම පදවිය මව් පදවිය වේ. මව් පදවියට කොතරම් ලෝකයා ගරු කරනවා ද කිවෝත් වැඳුම් පිඳුම් පවා කරන්නේ ඒ අසීමිත ගෞරවය නිසාවෙනි. 

ඒ මව් පදවියේ අහේනිය ගබ්සාව නිසා ඇති වේ. උඩ කියූ දේවල් වලට යටත් වේ නම්, අඩු වයසින් මවක් වීමට හේතුවක් නැත. සමාජ විප්ලවයක් ඇති විය යුතුමය. ලිංගික අධ්‍යාපනයක් ඇත්නම්  ගබ්සාව වැනි දේ සිදු වීමේ ප්‍රවණතාව බොහෝ සෙයින් අඩුවනු ඇත. 

සැම දෙයටම ස්වන් විනය වැදගත් වේ. එය නැත්නම් තමන්ට තමාගේ ජීවිතයට විනාශය ලං වේ. විනයක් නැති මිනිහා කතරක ඇවිදින මගියෙක් සේ ය.

Share on Google Plus

About Unknown

11 අදහස්:

  1. ලඳුනේ
    ලඳුනේ.......
    කිසිවෙකුටත් වරදක් නැති
    වරදකාර ලඳුනේ.......

    ReplyDelete
    Replies
    1. විශ්වාසයේ අල්පත්වය.

      සමාජ අසාධාරණය යැයි කියා වරදට යොමු වන්නා බිය ගුළු ඇත්තෙකි. මන්ද ඔහු සමාජ අසාදරණයට එරෙහිව නැගී සිටිය යුතු මිස වරදට යොමු වීම, ඇය ඇයගේ සාදාරනිත්වය උදෙසා ගොඩ නැගු මඩේ සිටවූ ඉන්නක් වැනි මතවාදයකි.

      Delete
  2. අගෙයි බෙනා මේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පත්තර අයියේ.. ( හැමදාම හොඳ කියන්න එපා. වැරදි පෙන්වලා දෙන්න :/ )

      Delete
  3. ඔබේ මේ ලිපිය අනර්ගයි , කතා කළ යුතු දෑ සියල්ල විවරණය කරන හොඳ ලිපියක් . ඒ වගේම සිංහල බ්ලොග් පරිශ්‍රය තුල නිසි ලෙස සිංහල බස භාවිත කරන සිමිත සටහන් අතරේ ඔබේ බ්ලොග් සටහන ඉහළයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... !

      ඒත් මට මග හැරුන අවස්ථා බොහෝම විශාලයි. ඒ ගැන සටහන් කිරීමට කාලය නොමැතිවීම ගැන කනගාටු වෙනවා. සිංහල බස හැසිරිවිම ගැන නම් මා නොදනිමි. දන්නේ ඔහේ ඉබා ගාතේ ලියන්නට පමණි. ඒ පිළිබඳව වැටහීමක් නැති වීම ගැන ලැජ්ජාවට පත් වෙමි . ( සිංහලයෙක් වශයෙන් )

      Delete
  4. ඔබ කැමති අදහසක් දැරීමේ නිදහස ඔබ සතු වේ. ඒහෙත් ළෝකයේ මුල්ම රැකියාව ළෝකය අවසාන වන තුරා පවතිනු ඇත. මට කීමට ඇත්තේ ඔබේ කලින් පෝස්ටුවේ කී දේම පමණි. මෙරට මිනිසුන් අවුරුදු 21 දී වත් වැඩිහිටියන් නොවේ. ඔබ තවම බොහොම පුංචියි දරුවා. සමාජය කියන්නේ සාගටයක් වගේ දෙයක්. ඔබ තවම දැක තියෙන්නේ ගොඩබිම පමණයි. මෙයයි මේ රටේ ගොන් අධ්‍යාපනයේ කරුමය. මට දුක මෙත වැඩිහිටියනුත් එය අනුමත කිරීමයි. ඔවුන් මගේ මිතුරන් වුවද කිව යුතු දේ කිව යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. මාතලන්...........ගීතයේ සුලු කොටසක් සඳහන් කර මම කියන්න අදහස් කරපු දේ මාතලන්ට වැටහෙන්න ඇතැයි මම සිතමි.බෙන් ටෙන් තේරුම් ගනීදැයි නොදනිමි.ගී පැදුරේ බේවිස් මනතුංගයන්ගේ ගීතයේද මෙවැනිම අරුතක් ඇත.ඒ ගීතයේ පද රචකයා කවුද කියා ඔබ දන්නවානම් රිප්ලයි එකක් දාපන් ප්ලීස්.

      Delete
    2. එවා මචෝ දයාගෙන තමයි අහන්න ඕනා..

      Delete
    3. පිලිගන්නවා අයියේ. මම පුංචි එකෙක්. හිසනමා ආචාර කරනවා. හැබැයි ...

      මම ලෝකේ දැකපු දෙයක් තියෙනවා. ලෝකේ දැකපු මානයක් තියෙනවා. ඒ දැකපු දෙයින් මගේ මනස බුද්ධිය තුලින් වටහා ගත්තු දෙයක් තියෙනවා. අන්න ඒ දේ ගැන මම කතා කරනවා.
      මිනිස්සු එහෙමයි. සර්ව සම්පූර්ණ නැහැ. මිනිස්සු අධ්‍යාපනය නිමා කරලා නැහැ. මැරෙනකම් ඉගන ගන්නවා. ඒකයි ඇත්ත.

      මම දන්නවා කියන කාරණය. මම අදහසට හිස නමා ආචාර කරනවා. මොකද මට වඩා ලෝකය දැකපු ඇස් දෙකක් බුද්ධිමත්ව ඇති කරපු සටහනාත්මක සිතුවිල්ලක් නිසා..

      මා දුටුවේ ලෝකයේ එක් පැතිකඩක් පමණි. මා ලැබුවේ පොත පතින් ලද අධ්‍යාපනය පමණි. නමුත් මා සිතුවේ අලුත් විදියටයි. මම සාම්ප්‍රදාය කියන මඩගොහොරෝවේ ( පෝෂ්‍ය කොටස් සැඟවුණු නමුත් ගඳ ද ඇති ) මාගේ මූලය තබා එතනින් ඔබ්බට ලෝකය දකින්න වෙහෙසෙමි. මැරෙන තුරු.

      ලබන අධ්‍යාපනයේ - දැනෙන සිතුවිල්ලේ - හැඟෙන ආකල්පය - එළඹෙන හෙට දවස - මේ සියල්ල තුල මා ලබනා මා තුලින් ගලනා අදහස් විවිධ විය හැකිය. මන්ද මා සර්ව සම්පූර්ණ නැති නමුත් සම්පූර්ණ වීමට උත්සහ දරන ( විශ්වාසයක් නැත. එය එලෙස වේ යැයි ) බෙන් ටෙනිසන් කෙනෙක් වෙන නිසාවෙනි.

      Delete
    4. මට මතක කපිල කුමාර කාලිංගගේ සිංදුවක් ඒක.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..