ෆේක් සෙට් එකේ විනෝද චාරිකාව.



අවුරුදු 18ක කාලයක් තුල විවිධ සමාජ ගැටීම් සමඟ ජීවත් උනෙමි. විටක සිනා සුන මා, විටක ඒ සිනහව තුලින් කඳුල දැක ලෝකෙට සඟවා නෙතු තුල කඳුළු දිය කර හැරියෙමි.
අවුරුදු 18ක කාලය තුල උඩ මා කියූ එකී දුක සතුට තුලට විවිධ වූ මිනිසුන් හේතු වූ බව කිව යුතුමය. කාලය ගෙවී ගොසිනි. හෙටද ඉතිරිවන්නේ අද දවසේ ගෙවූ මතකයන් පමණි. මේ දිග හරින්නේ අනුවර්ථ නාමයෙන් පට බැඳී ඇතැම් සොඳුරු මිනිසුන් ගැන මතක සටහනක් හා ඒ මිනිසුන් සමඟ ගත කල විනෝද චාරිකාවක ඇසි දිසි මානයෙන් ඔබ්බට ගලන සිතුවිලිම වේ............

පසු කලකදී fece book සමාජ web අඩවියට මා අතිශය ලෙස වෛර කළා මතකය. ඒ ඇතැම් අදහස් ගැටීම් මතය. යක්‍ෂයන් සේම දෙවියන් ද මේ හරහා දිටිමි. යක්‍ෂයන් තම සිහින් දතින් විද ලේ බොන ආකාරයත්, දෙවියන් හැමදෙස බලාන උපේක්ෂාවෙන් බලන අයුරුත් දෙපැත්තට මැදිව, මානුෂීය හැගීම් තුල තෙරපෙමින් ඒ අසාදරණයට තම සිතුවිලි විවර කරන්නා වූ මිනිසුන් ද මා දිටිමි.
මේ අපගේ එකමුතුකමයි. මේ අපගේ සුහදශීලිත්වයම බැව් කීමට මා හට ඕනෑකම වේ.

  ටුකුස් කුරුන්... ටොයින් ටොයින්...” (ෆෝන් එක ring වීම පාන්දර 3 )
හෙලෝ...
අඩෝ නැගිටපං. අපතයා වගේ නිදියන්න එපා ඈ..
හා හා...
(දුරකථනය විසන්ධි විය )

ඒ මගේ මිත්‍රයා විනෝද චාරිකාව යාම සඳහා පාන්දර ඇහැරවීම සඳහා දුන් පණිවිඩයකි.
මම හෝ ගා නැගිට්ටෙමි. කිසිදා මෙවැනි අත්දැකීමක් නොලැබෙන බව මා දනිමි. (දන්සල , ළමා නිවසේ දරුවන් සමඟ ගත කල මොහොත ) 


 ස්නානයකරමින්,දතකට මදිමින් වෙලාව ඇති තරම් භාවිතා කලෙමි 
( වැඩියෙන් එක්ක එදා නා ගත්තා ඈ ) ක්‍රීම් උලමින්, ශරීරයට සුපිරිසිදු පැහැයක් ගැනීමට පැය භාගයක්ම වෙන් කර සියලුම කටයුතු සිදු කලත් මා මිතුරු දෙදෙනා තවමත් පැමිණ නොතිබීම ගැටළුවක් විය. ඒ සුළු කාල පරාසය කා දැමීමට face book log උනෙමි. 

අවසානයේ ඔවුන් දෙදෙනා පැමිණ මා ද කැටුව කුරුණෑගල බලා පිටත් විය. ( අපේ ගමන උනේ බදුල්ලේ යාම ; කෝච්චියේ තමයි යන්න ඕනේ. අපි කෝච්චිය අල්ලා ගන්න පොල්ගහවෙලට යන්න ඕන කම තිබ්බ. )
කුරුණෑගල නගරයේදී චූටි බබී අක්කාද කැටුව අපි පොල්ගහවෙල බලා ගියෙමි. ඒ වන විට වෙලාව 6ට පමණ ඈත. 7 වීමටද පෙර පොල් ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණි මම , චූටි බබී, මගේ මිතුරන් දෙදෙනා ; මිස්ටර් ෆැන්ටාස්ටික් සමඟ අප දෙදෙනාගේම එකම මිතුරා චාමර සඳරුවන් යන අය සමඟ කිසිදා දුම්රිය ස්ථානයක රස්තියාදු නොගසමින් සිටි අපම ඒ කාර්‍ය මැනවින් ඉටු කල බව කිව යුතුමය.. 

( ඒ අතරතුර අපි උදේට බඩට රෝල්ස් දැම්මා. චූටි බබී ගේ පර්ස් එකෙන් තමයි ගියේ ඈ )

7.15 පමණ වන විට දුක්ගන්නා රාළ එක පිම්මේ අප සොයා පැමිණියේ වෙඩි කාපු ඌරු ගොයියෙක් සේ ය.
මාව දැකපු ගමන්

“ ආ.... උඹ ද බෙන්.. දැකපු ගමන් බෙන් කියලා කියන්න පුළුවනි”
( මේ පැවසීම මට අද ද ගැටළුවකි. යකෝ ඔරලෝසුව දාගෙන උන්නෙත් නැහැ නොවෑ.. කොහොම අඳුර ගත්තා ද ?? )


අපේ සෙට් එකම පස් දෙනෙක් විය. අපි පස් දෙනාම කෝච්චිය එනකම් සිමින්ති පොලව හාරන්න ට්‍රයි එකක් දෙමින් බලා සිටියෙමි.. 

පසුව මෙන්න මෙච්චර විතර දිග තඩි කෝච්චියක් ආව. ඒකලු බදුලු කෝච්චිය. අර යකඩ කටෙන් හු තියන්න ගත්තා. අපි ඒ හු හඬ අස්සේ අහාට මෙහාට අපේ කොච්චි පෙට්ටිය හොයාන දිව්වා. මුලිං ඉස්සරාට දිව්වා.. මෙලෝ රහක් නැහැ. අපේ සෙට් එක නෑ.. කස්ටියම දැන් රත් වෙලා. අර කෝච්චියේ කවුද මන්දා එක්කෙනා කොඩිය ඉස්සුවා පලයන් දැන් කියලා.. අපි තාම බිම. ඊට පස්සේ ආයෙත් අපි පිටි පස්සට දිව්වා.. ඔන්න කෝච්චිය අදින්න ඔන්න මෙන්න අපේ ගිණි කුකුලා කොච්චි පෙට්ටියෙන් ඔළුව දාල අපිට එන්න කිව්වා. කස්ටියම නැගලා අවසානයට මම පඩි පෙලට දනිහත් තියලා නැග්ගේ කෝච්චිය මාව දාල යයි කියන භයටමයි..

ඒ පෙට්ටිය ඇතුලේ උණුහුම් පිළිගැනීමක් තිබ්බා. සිප වැළඳ ගැනීම් වලින් ආරම්භ වුණු ( අහිංසක පොඩ්ඩා අතින් බරපතල ලෙස මා සිප ගැනීම හේතුවෙන් මාගේ පතිවත කෙලසුනාදැයි මහා ගැටළුවක් පවතී )
මම බරපතල ලෙස පහර දීමකට ලක් විය. ගැහුවේ කවුද කියලවත් හරියට නිනව්වක් නැත. හේතුව වශයෙන් ලාවට වගේ චූටි බබී un friend කිරීම කිව්වා කවුදෝ ලාවට මතකය.
·          

  •       අතිගරු හොර කුකුළා
  • ·         අහිංසක පොඩ්ඩා
  • ·         ගිණි කුකුලා
  • ·         මොණර පැටික්කි
  • ·         මී හරකා
  • ·         පොඩි මල්ලි
  • ·         හා පැටියා
  • ·         ප්‍රින්සස් ෆියෝනා
  • ·         පොඩි සොනික්
  • ·         චූටි බබී
  • ·         මිස්ටර් ෆැන්ටස්ටික්
  • ·         බෙන් ටෙනිසන් ( මම )
  • ·         ෆොටෝ ග්‍රැෆර් ( නම නොදනිමි ගිණි අයියාගේ මිතුරෙකි )
  • ·         චාමර සඳරුවන් ( මගේ සහ ෆැන්ටාගේ හොඳම මිතුරාය )
  • ·         දුක්ගන්නා රාල 


මේ සියලු මිතුරුන් සමඟින් අප සතුටින් ගමන ආරම්භ කලෙමි. සතුට අප ළඟ බොහෝ පිරි තිබිණි. සින්දු කීවෙමු. සතුටිං නැටුවෙමු. සිනා සුනෙමු. 

මෙසේ සතුටු සිතින් යුතුව සැම නුවර දුම්රිය ස්ථානයට ලඟා උනෙමු.
එහිදී
·         පින්ක් පැන්තර
අප හා එකතු විය. සතුටිං සිප වැළඳ ගැනීමෙන් පිළිගත් අප ඔහුට බොංගෝ එක බාර කරමින් සිංදු කීමෙහි නිරත උනෙමු. 

සතුට එසේ පවතිද්දී මම අවට පරිසර සුන්දරත්වය නැරඹීම සඳහා උත්සුක වූවෙමි.පාරිසරික සුන්දරත්වය අතින් අංක එක අපේ රටේ අප ගමන් ගත් ප්‍රදේශය පුරා තිබිණි. තේ වතු යායවල්, පයිනස් යායවල් කඳු හෙල් ගිරි ශිඛර සහ මීදුමෙන් පිරුන මිටියාවත් මගේ සිත ප්‍රබෝධයෙන් පුරවාලීමට සමත් විය. 


ඒ බිම පුරා විහිදුන පුංචි ගෙවල් කියා පෑවේ, මේ ඉර හඳ යට තනිවූ තවත් මිනිසුන් ය. පීඩිත පංතියේ දුක ය. ධනපතියාගේ සුරාකෑමය. එදා වේල් හම්බ කරගනිමින් බඩ රස්සාව කල ඔවුන් උදේම නැගිට මීදුම අස්සෙන් තේ දළු නෙළයි.ගෝවා වවයි. කැරට් වවයි.  පිටිං දකින සුන්දරත්වයට වඩා ඒ නිවසක් වටා ගෙතෙන පවුලේ කතාව කටුකය. ඒ කටුකත්වය අපි පිටිං පරිසරයට සමවැද සිටියදී නොපෙනුන ද ? එය නීරස බව කීම ගැටළුවට කරුණක් නොවේ... 


ලංකාවට අයත් ඒක දේශීය පුෂ්පයක් වන මහා රත් මල ශාකය ඒ ප්‍රෙදේශ තුල බෙහෙවින් තිබිණි. මහා සුන්දරත්වයක් ගෙන හැර දැක්වූ මේ ශාකය මාගේ සිත් ගත්තේ මා පෙම්වතිය මෙනි.
පෙම්වතිය මා දුටු දවසේ සිනා සුනා මතකය. ඇයගේ දෑස් අමුතුම කතාවක් මවා පෑවේය. මහා රත් මලද ? හරිත වර්ණයේ කොළ පැහැ තම දෑත් වන් පත්‍ර වලින් වටවී රතු පැහැයෙන් පිපි තිබුනේ, උස අත්තක මුදුන් අත්තේම පිපුණු මා පෙම්වතිය මෙනි. 


මෙවැනි ශාක අප රටේ සුන්දරත්වය වැඩි කරයි. එවැනි ශාක රැක ගැනීම අපගේ යුතුකම වන්නේය..


ගෝන, මී මින්නන්,මුව පැටවුන්  ආදී සතුන් ද ? පුංචි පුංචි සතුන් ද  එම පරිසරය තුල සිටියහ.
ඇතැම් අවස්ථාවක මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් ගමන අතරවාරයේ දුටිමි. කැලය ගිණි තබා තිබිණි. මට මෙය මහා ගැටළුවක් විය. මම අසල සිටි වැඩිහිටියෙක් ගෙන් ඇසුවෙමි.

“ ඇයි මෙහෙම කැලය ගිනි තියන්නේ ..”
“ මල්ලි, මෙහෙම උඩින් ගිනි තියලා මිනිස්සු යට ඉඳන් බලාගෙන ඉන්නේ ගින්නට අහු උන සත්තු පහලට දුවගෙන ආපුවම මරන්න.. එයාලව මස් කරන්න.”

“.... මහා අපරාධයක් නේ අයියා... පුදුම මිනිස්සු නේ අෆ්ෆා....”
“... ඔයා ඔහොම හිතුවට අනිත් අය එහෙම නැහැ මල්ලි... (හිනාවෙමින් ) ඔය දේවල් ඔහොම තමයි....
හිතන්න පුංචි පුංචි සත්තු ගොඩක් නැති වෙනවා. පව් තමයි, කුඹි උනත් කොච්චර මැරෙනවා ඇති ද ? ඔයාට පේනවා නේ අක්කර ගානක් ගිණි තියලා.. මේ රටට ආවේනික දේවල් ගොඩක් මේ දේ නිසා නැත්තට නැති වෙනවා ඇති....”

“ අනේ මන්දා අයියා.. පොලිසිය මේ වෙනකං බලාගෙන ඉන්නවා ද ?....”
“එව්වා දන්නේ සේවය කරන මිනිස්සුම තමයි...”

මෙම සංවාධය මගේ මහා කලකිරීමකට හේතු විය. මුලින් මිනිසුන් ගැන දැනුනු අනුකම්පාව පසුව මා ඒ මිනිසුන් දුටුවේ හිත් පිත් නැති මානසික පිස්සන් සේ බව කිව යුතුමය. රටට බරක් වෙන එවැනි මිනිසුන් සුළු රසවින්දනයක් උදෙසා සමස්ත පරිසරයම බිලි කර ගැනීම දුකට කාරණයක් පමණක් නොව, වගකිව යුතු ආයතන වලද දෑස් විවර විය යුතු කරුණක් බව මෙයින් දන්වා සිටිමි..

පසුව දැනගත් ලෙස , මා හා සංවාදයේ යෙදී ඇත්තේ පශු සම්පත් අධිකාරියේ නිලධාරියෙක් වෙන සහෝදරයෙක් ය. ඔහු මෙම ලිපිය දකින්නේ ද ? ඔහුට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි.

එකී මෙකි නොකී දේවල් වලින් මනස පුරවාගත් මා, සතුටිං ඉපිලෙන මිතුරු මිතුරියන් දුටිමි. උදේ ආහාරය ගැනීමේ කාලය එළඹී තිබිණි. (උදේද දවල් ද කියලා මතක නැතෝ. දෙකටම නැති වෙලාවක කන්න ගත්තේ )
උදේ ආහාරය සඳහා කලින් යෝජනා කරගත් පරිදි සිනි සම්බෝල සමඟ පාන් කෑවෙමු. සිනි සම්බෝල චූටි බබී අක්කා සාදාගෙන විත් තිබිණි. කුස පුරා පාන් කමින් අප සිනි සම්බෝල අධික පෙරේතකමින් යුතුව ගිල දැම්මෙමු. 

( මේ සඳහා චූටි බබී අක්කාට ස්තූති විය යුතුමය )

පාන් කා, නැවතත් සිංදු කියමින් මතකයන් පුරවා ගත්තෙමු. හැමෝම එකිනෙකාට එකිනකා නොදැක්කත් මහා බැඳීමකින් කටයුතු කළෙමු. එක මවකගේ දරු පිරිසක් මෙන් එකට එකමුතුව ගමනේ අවසානය තෙක් සිටිය බව කිව යුතුමය. 

මීලඟට මගේ මතකයේ ඇත්තේ, මා සුද්දියෙක් පස්සේ ගිය හැටිය. ඒ මතකය සුන්දරය. සැවොම කොච්චි පෙට්ටියට වී සින්දු කියන අතර තුර මා එහා කොච්චි පෙට්ටියේ සිටින අපේම වයසේ හෝ බාල යැයි කිව හැකි සුද්දියක් වෙත ඉඟි බිඟි පෑවෙමි. ඈ සිනාසෙයි.. මා ද සිනාසෙයි.. 

ඇයගේ සහෝදරිය යැයි සිතිය හැකි කුඩා නැගණියක් මා හට දිව දික් කරයි. මම ශබ්ධ නගා
hi... girls කීවෙමි. ඇයගේ මව යයි කිව හැකි සුද්දියක් මා දෙස බලා සිටිමුත් කිසිවක් නොකීවේය. මෙසේ බදුල්ලට යන තුරුම අපගේ ප්‍රේම වෘතාන්තය පැවතිණි. එයනම් සිරාම ගිය ලවකි. ඇය මට දැනුදු පවා සිහි වේ.. 

රෝස පැහැ දෙතොල්, සුදු පැහැ සම, පොකුටු කැරලි ගැසුන දුඹුරු පැහැ කොණ්ඩය, නෙත් දෙකේ දුර්වලකම කියාපාන කණ්ණාඩි කුට්ටම... කෙසේනම් ආදරේ නොකර සිටින්න ද ?
නමුදු එය සිහිනයක් පමණි. කිසිදා සැබෑ නොවන හීනයකි. ඒ ගැන පැතීම පවා විහිළුවකි. 

පසුව ගමනාන්තයේ එක් ස්ටේෂමක දී ( මතකයේ නම නැත ) අපිට නවාතැන් පහසුකම් සැලසීමට සහයෝගය දක්වන ලද


  • ·         මහාචාර්ය මොරයාටි

මිත්‍රයා හමු විය. ඒ හමුවීමත් සමඟ අමතක නොවන උපන්දින සැමරීමක් තිබිණ. එනම් අපගේ ගිනි කුකුලාගේ උපන්දින පාටිය වේ. මතකයේ තරමට ගිණි කුකුළාට නම්, ජීවිතේ කිසිම දිනක අමතක නොවන උපන්දින පාර්ටියක් වනු ඇතැයි මා සිතමි. ඒ තරමට එය සුන්දර අත්දැකීමක් විය. 

ගමන අවසානයටම සතුටිං පැමිණියෙමු. බදුල්ල ස්ටේෂමෙන් බැස, එලියට පැමිණෙන විට අපගේ පොලෝසියේ රාලහාමි මහත්මා එනම්, 


  • ·         සුලඟ නොනිමි සත්සරය 


අපිව පිලි ගැනීමට පැමිණ සිටියෙමි. සැවොම පිළිගන්නා තුරු ඒ වැලඳ ගැනීම් දෙස බලාසිටි මා නිනව්වක් නැතුව ආ ගමන ගැන ආවර්ජනය කලෙමි. 

සියල්ල සිප වැලඳ ගැනීමෙන් පසුව අප ඉදිරියට යාමට මොහොතක් තියෙද්දී, කෝ මේ බෙන්.... යැයි අසා මා දෙස බැලුවේය. 

මතකයන් සුන්දර යැයි කිව නොහැකිය. ඉන්බොක්ස් තුල කොටුවී ජීවිතේ ඇතැම් දේවල් හුවමාරු කරගත් අප හමුව තුලින් අප අප කවුදැයි හඳුනා ගත්තද ඇසින් නොදැක සිටියද අපට අපගේ හැගීම් දැනුන බව බොරුවක් නොවේ. 

මේයාද මේ ලොකු කතා කියන පුංචි එකා. කියමින් මා වැලඳ ගත් ඔහු, දෑස් දෙස බලමින් යමං කෝ නවතින තැනට උඹ එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා යැයි කිවේය.. 

මට හැක්කේ ඔළුව වැනිම පමණි. මා මිතුරන් පසු පස වැටි ගමන් ගතිමි. ගැහැණු පාර්ශවය රාත්‍රී ආහාරය සැකසීමට අවශ්‍ය දේවල් මිලට ගත්තාය. අප ඒ දෙස බලාගෙන උන්නෙමු.

සියල්ල අවසානයේ බදුල්ල නගරයට ආ අප, මී ගහ කිවුල බසයක නැගී අප ගමනාන්තයට පැමිණියෙමු.
බසයේ සීට් මදි නිසා අප අප සහෝදරයන්ගේ ඔක්කවල් වල ඉඳ ගනිමින්, විහිලු තහළු මැද, ගමන ඇරඹියෙමි. (මමනම් අහිංසක පොඩ්ඩාගේ ඔක්කේ ඉඳගෙන ෆැන්ටගේ ඔක්කේ බෑග් එකක් තියලා හොඳට දොයියා ගත්තා. )

සතුට අප ළඟ බොහෝ තිබිණි මන්ද අප සැවොම එකමුතුකමින් හා සහයෝගයෙන් එක්සිත්ව සිටි කලණ මිතුරන් ම වූ නිසාවෙනි.

බසය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අයත් බසයක් උවත්, එය ගමනාන්තය දක්වාම අපගේ අණසකට යටත්ව තිබු බවක් පෙනෙන්නට තිබිණි. අප අපට ඕන උපරිම නිදහස බුක්ති වින්දෙමු. හොර කුකුලා හා පින්ක් පැන්තර් ඇතුළු මිතුරන් සිංදු කියමින් බසය ප්‍රීති ප්‍රමෝදයෙන් පුරවාලීමට සමත් විය. 

අප සියලු දෙනා සන්ධ්‍යා 7 ට ආසන්න වන්නට කාලය ගලත්ම මීගහකියුල ප්‍රදේශයේ මොරයාටිගේ නිවසට පැමිණියෙමු. සියළුම පහසුකම් වලින් සුපොඛභෝගී ලෙස එම නිවස සකසා අපගේ ගමන් මහන්සිය නිවා සතුටින් පුරවාලීමට මොරයාටි සියලු උත්සහ දරා තිබිණි. 

ඇතැම් මිතුරන් නා ගත්තේය. ඇතැම් මිතුරන් මුහුණකට සේදුවේය. ඇතැම් මිතුරන් ඇඟ පමණක් සෝදා ගත්තේය.. ඇතැම් පුද්ගලයන් නානවා බව පවසා වතුර සීතල බව කියමින් මුහුණ දොවා සැවොම රැවට්ටු බවනම් කිව යුතුය. 

සියල්ල එසේ වෙද්දී,  චූටි බබී, මොනර පැටික්කි, හා පැටියා, ෆියෝන අක්කා මිතුරියන් කණ්ඩායම රාත්‍රී ආහාරය සැකසීමට වහ වහා උත්සුක විය. 

ඔය අතරේ මමද කුස්සියට හොම්බ දමමින්, සුලඟ හා මොරයාටි විසින් පොල් ගා තිබුණු දැක ඒවා හොරෙන්ම වැළඳීමේ කාර්ය තුල නිරත වුයෙමි. ( හික්ස් )

ලුණු සුද්ද කරමින් දෑසේ පිරුණු කඳුළු බිම දෙකපුල් තෙත් කරමින් බිම තෙත් කළේය. ( බූට් කෑවා වගේමයි )
දුක්ගන්නා රාලගේ ළූණු සුද්ද කිරීමේ පාඩමකට සවන් දෙමින් මා ළූණු සුද්ද කිරීමට ඉගන ගත්තෙමි.
ඒ අතරම සුදු ළූණු සුද්ද කරමින්ද ගැහැණු පාර්ශ්වයට උදව් කර නිදහසේ කටයුතු කිරීමට පැමිණියෙමි.

ඔය අතරවාරයේ ෂර්ලොක් හෝම්ස් අයියාගේ ආගමනය සිදු විය. ඔහු පසුව දැනගත් පරිදි එම ප්‍රදේශයේම ජීවත් වූ හිතර්ශි මිතුරෙකි. ඔහුගේ හඳුනා ගැනීමෙන් පසු, කාමරෙන් කාමරයට පිය මනිමින් එකිනෙකා හා වේලෙමින් කරදරකරමින් ඔහේ සිටියෙමි. 

පසුව සුලඟ විසින් ගෙනත් තිබු අමෘතය පානය කරන මිතුරන්ට වේටර් සේවය කලෙමි. ( මම වැඩිය බිව්වේ එහෙම නෑ ලු ඈ )
තවද පැත්තකට වී අමධ්‍යප අපේ මිතුරන් ගේ කාර්ඩ් ක්‍රීඩාව නරඹමින් ඔවුන්ට මුරුක්කු ලබා දෙමින් වේටර් වැඩෙහි නිරත වුයෙමි. 

මීලඟට ඇරඹුණේ රාත්‍රී ආහාර සප්පායම් වීමයි. සියල්ලට කලින් මා දිව ගොස් කෑම මේසයට ගොඩ උනෙමි. (කන්න නැතිනුනොත් මොන දෙයියන්ට කියන්න ද )

කෑම සඳහා ඉඳි ආප්ප සමඟ අල හොද්දක් ( අල කෑලි මෙන්න සයිස් ඈ ) හා සම්බෝලයක් සදා තිබිණි. තඩි ඉන්දියප්පං පිඟානක් බෙදා ගනිමින්, ආහාර වේල ගැනිමිට මැද සාලයට ගිය මා හට මහා අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. එනම් අමෘතය පානය කරමින්, සිටි මිතුරන්ට මාගේ ඉඳි ආප්ප කැවීමට සිදු වීමයි ( උන් මට කියලා ඔක්කොම කවා ගත්තා අෆ්ෆා.. )

කෑම කා අවසන් වීමත් ඒ හා සිදුවිය. මීලඟට මහා පරික්ෂමයක් දරා අමෘත සෙට් එක කෑම මේසයට ගොඩ කලෙමි. ( වාත සෙට් එකක්. ඒ උනාට පට්ට ෆන් ඈ.. පොඩි උන් වගේ.. හෙන ආදරේ හිතෙනවා )
සියල්ලටම කවා නිදි කරවීමට තැත් කළෙමු. 

සමහරු ගත් ආහාර ජනේලයෙන් ආපහු දැම්මා ලු.
සමහරු සැටියේම දැම්මා ලු.
( රාත්‍රියේ වෙන කිසිම දවසක සිනා නොවුන තරම් මා නම් සිනා සෙමින් සතුටු වුයෙමි. )

අවසානයේ මම කුස්සිය බලා පිටත් වුනෙමි. අපේ අක්කලා තනියම වැඩ කරනවා බලන් ඉන්න බැරි කමටම මම එයාලට උදව් කලෙමි. 

(අපේ අම්මා දැනගත්තනම් අනිවරෙන් මට ගෙදර උයන්නත් වෙනවා. වලං හෝදන්නත් වෙනවා. පිඟන් හෝදන්නත් වෙනවා. මම එච්චර පැහිලා කියලා දන්නවා නම් අපේ අප්පච්චි මට බත් වත් කවන්නේ නැති වෙයි.. )

සියල්ලගේම වැඩ නිමාවට පත් කර අප නින්දට ගියෙමු. උදෑසන සුළඟ ගේ කීද්දීමෙන් ඇහැරුණ මා ඔහු සමඟ අපවිත්‍ර තැන් සුද්ද කරන්නට උත්සුක උනෙමි. ( හෙක්.. සෑහෙන තොගයක් හෝදන්න උණා ආ )

උදෑසන කිරි එක බිමට සියලු දෙනාට ආරාධනා ලැබුණත් දුකෙන් වුවත් මා නොගියෙමි. මේ සිදුවීම අතිශය හෙලා දැකිය යුතු කාරණයකි. සාදාරණ ලෙස මා දැකීමට ඔවුන්ට තිබිණි. මම කිරි නොබමි. අඩුගානේ මැගී සුප් කැට කඩේ ඕනා තරම් ගන්නට තිබිණි. අසාදාරන ලෙස මා කපා හැර තිබිණි. ගොඩක් දුකයි ලු ඈ.. තරහට එක්ක ගෙදර ඈවිත් මම බිව්වා සුප් කැට තුනක්ම..

පසුව මූණ සෝදා නොයෙකුත් වැඩ වල නිරතවෙමින් සිටියෙමි. ඒ අතර සැමගේම ෆොටෝ ගනිමින් මා ෆේස් බුක් අප්ලෝර්ඩ් කිරීමේ කාර්ය යේ නිරත වුයෙමි. කස්ටිය නැගිට සිටින අතරතුර ඇතැම් අය ගෙදර පුරුද්දට පස්සා පැත්තට ඉර එලිය වැටුනත් ගණනක් නොගෙන සිටියේ පෙරදා රාත්‍රියේ සිදුවූ ඇතැම් අකරතැබ්බයන් නිසා විය යුතුය. ( කබරයා හා තලගොයා එලියට ඒම වැනි )

මේ අතරතුර උදෑසන ආහාරය සුදානම් කර තිබිණි. ඒ සඳහා පරිප්පු හොද්දක් සමඟ, පාන් තිබිණි. ( හොද්දක් කිව්වට ඒක හොද්දක් නෙමෙයි ලු ඈ. උකුවට හදපු රසවත් පරිප්පු ව්‍යංජනයක්. පට්ට මාර රසයි. අපේ කෙල්ලන්ගේ ඉවීමට ඇති හැකියවනම් මාර උසස් )


පාන් කැබලි දෙකක්ම කුසට ඔබා ගත් මා, පින්ක් පැන්තර් ගේ පාන් කැබැල්ලට ද කුරුමානං අල්ලා බඩට ඔබා ගත්තෙමි. 

පසුව සියල්ලු දෙනාම කාමර සියල්ල අස් කරමින් හා ඇඳුම් අඳිමින් මීලඟ සංචාරය සඳහා එනම් දුන්හිඳ නැරඹීම සඳහා යාමට සුදනම් වුයේය.. 


ඒ අතර තවත් කොටසක් දවල් ආහාරය සඳහා අවශ්‍ය සකසා තිබු, බත් හා ව්‍යංජන පැකට් කරමින් සිටියේය.
සියල්ල අවසානයේ, මී හරකා මහතාගේ අළුතින් ජොබ් එකක් සඳහා යාමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔහුට තෑග්ගක් ලෙස
කාන්තා යට ඇඳුමක් හා නාස් ලණුවක්  තෑගී ලැබිණි.
තෑග්ග
එයට ෆේක් අප සැමගේ අත්සන් ලැබී තිබිණ. ( මූ කියවන්නෙම බුකියේ යට ඇඳුම් ගැන නොවෑ.. ඒ හින්දා වෙන්න ඇති එහෙම එකක් දෙන්න අපේ සෙට් එක හිතන්න ඇත්තේ මයේ හිතේ.හිනා කාල මැරෙන තරම් සිද්ධිය ඈ  )

පසුව, සියලු දෙනා බසයක නැගී දුන්හිඳ නැරඹීම සඳහා පිටත් උනෙමු. බසයේ සින්දු කියා සහජ දක්ෂතා ඇති පිරිසක් අප අතර සිටියේය. බසය නැවතත් අපගේ අණසකට යටත් කරගනිමින් සින්දු කියමින් ප්‍රීති රසවිමනක් කරලීමට අප පිරිස සමත් විය. 

දුන්හිඳට 1km පමණ ආසන්නයෙන් බසයේ හුළං බැසීම හේතුවෙන් අප බසයෙන් බැස පයින්ම ගමන යාමට පිටත් උනෙමු. ( අපේ අය බස් වලට නැග්ගම හුළං විතරක්ම බැහැලා බස් එක ඉතුරු උන එක පුදුමයක් නොවෑ. )

කඳු නැගීම හේතුවෙන් හාවී හා චූටි බබී අක්කා තෙහෙට්ටුවට පත් උනත් සියලු දෙනාගේ රැකවරණය මත දුන්හිඳ නැරඹීමට රැඟෙන ගියෙමු. මේ දුහින්ද ගමන ආරම්භයේ දීම අපට මාගේ ෆේස් බුක් එකවුන්ට් එකේම රියල් එකවුන්ට් මිතුරෙක් මුණ ගැසුන බව කිව යුතුමය. ෂෙනාල් හංසක නම් ඔහු මා හට ෆේස් බුක් හි සිටි හොඳම මිතුරෙක් ය..

දුන්හිඳ ගමන බෙහෙවින් සුන්දරය. ඇතැම් තැන්හී භිය එලවන සුළු ය. කඳු පල්ලම් බසිමින් අපි දුන්හිඳ සොයා පියමන්නෙමු. බෙහෙවින් සුන්දර පරිසරයක් මැදින් ගමන් කල නිසාම මගේ සිතටනම් කිසිදු විඩාවක් දැනුණේ නැත. 


කිව යුතු දේ බොහෝය. මා හට ඇසි දිසි මානයෙන් ඔබ්බට මනසින් බොහෝ දේ සිතීමේ පුරුද්දක් ඇත. අනිත් අයට සාමාන්‍ය ලෙස පෙනන දේ මට මහා විශේෂ දෙයක් ගෙනහැර පායි.. එවැනි බොහෝ  සිදුවීම් දුන්හිඳ වටා ගෙතුන මගේ දෑස් මත කියාපෑවේය..
මේ එයින් එක් කතාවකි. 

අවුරුදු 15 පමණ යැයි කිව හැකි දැරියක් හා අවුරුදු 25ක පමණ පෙනුමක් ඇති තරුණයෙක් එක් ස්ථානයක පෙමින් බැඳී සිටියේය.තරුණයාගේ එක කණක කරාඹුවකි. තනිකරම කියා පෑවේ මා දුටු කුඩු කාරයෙක්ගේ රුවෙහි දැකිය හැකි පෙනුමකි.  මෙවැනි පාළු ස්ථානයන්හි නිවැරදි ආරක්ෂාවක් නැතිව මෙසේ සිටීම පවා යථාර්තයෙන් එහා සම්ප්‍රදාය බිඳෙන සිදුවීමක් ය. මම කල්පනා කලේ එම දැරිය ගැනයි. සමහරවිට ගෙදරින් ක්ලාස් යන බව පවසා එන්නට ඇත. දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන විමසිලිමත් විය යුතු කාලයයි. අවුරුදු 25ක් පමණ වයසැති තරුණයාගේ රාගය මිශ්‍ර පාප ආදරයට යටත්ව ඒ දැරිය ජීවිතය කෙලස ගන්නවා නොවනුමානය. ඒ මල් කැකුල නොබෝ දිනකින් පරවී යනු නොවනුමානය.
ඒ අතින් මා අසරණ ය. මා හට හැක්කේ මේ දෙය තවත් කෙනෙක්ට කියා දැමීම පමණි. මෙවැනි දේවල් වැලක්වීමට මට හැකියාවක් නැත. බලයක් නැත. බලය ඇත්තවුන් අඩ නින්දේ විසීම ගැන දුකට හා කණගාටුවට පමණක් නොව පිළිකුලට පත් වෙමි.


මෙවැනි දේ ගැන සිතමින් පල්ලම් බසිමින් මා සිතුවාටත් වඩා ඉක්මනට සියල්ලට කලියෙන් දුන්හිඳ ඇල්ල පහලට පැමිණියෙමි.
මනාලියකගේ සිනිදු සුදු සේලයක් කඩා හැලෙන්නාක් මෙන් දුන්හිඳ කුමරිය නොනවත්වා පොලෝ තලය සිප ගත්තේය. අතිශය සුන්දර දර්ශනයකි. නෙතට ගතට සිතට මහා සිසිලක් දුන්හිඳ කුමරිය ලඟා කර දුන්නේය...
පාරිසරික වශයෙන් වටිනා මනරම් සුන්දරත්වයක් ගෙන හැර පෑවේය.

නමුත්.....................

වරදක් දුටුවෙමි. අප කොපමණ හොඳ කලද අප කොපමණ ලොව සුන්දරව දුටුවද ? මිනිසුන් තිරිසනුන් මෙනි. ආත්මාර්ථකාමී බවින් මිනිසුන් අගතැන්පත් ය. මිනිසා මේ ලොවට පහල උනේ කුමක් නිසාදැයි දෙවියන් වහන්සේ පවා දුක්වනු නොවනු මානය. 

දුන්හිඳ කුමරිය කෙලසීමට තරම් මේ මිනිසුන් කුරුරි වී සිටියේය. දුන්හිඳ වටා පොලිතින්, ටින් බෙලෙක්ක, ප්ලාස්ටික් බෝතල් දමමින් කුණු දමන ස්ථානයක් බවට පත් කර තිබෙනු ඔබටද ගියහොත් දැකිය හැකිය.

කිසිම දිනක එවැනි මිනිසෙක් නොවන්න. තමන්ගේ පහසුව උදෙසා මේ පරිසරයට පිළලයක් නොවන්න.

 තව දෙයක් දුන්හිඳේ නාන එකනම් ගොඩක් භයානකයි. පරිස්සමින් ඒ දේ කරන්න.. වැඩිහිටියෙක්ගේ උපදෙස් පිළිපැදීම යහපත්...

දුන්හිඳ අසිරිය විඳ ගනිමින් අප සැවොම දවල් ආහාරය ගත්තෙමු. එය තරම් ප්‍රනීත ආහාර රටාවක් තවත් නැති තරම්මය.. ඒ තරම් ඒ මතකයන් සුන්දරය.

නැවතත්, දුන්හිඳ ඇල්ල ළඟ සින්දු කියමින්, නටමින්, ගයමින් අප ප්‍රීති උනෙමු. සතුටන්ම් දොරේ ගලයි නමුදු අප සැමටම නිවෙස් ඇත. නිවෙස් හි අප ජීවිත ඇත. ඒ ජීවිත හා එක්විය යුතුය. එම නිසා නැවතත් අප පිටත් උනෙමු. 


දුන්හිඳ ගමනේ මුලාම්භක ස්ථානයට පැමිණ අප අපට අවශ්‍ය ( ගෙදර අරං යන්න ලට්ට ලොට්ට ) ද්‍රව්‍ය මිලදී ගත්තෙමු. 

මේ අතර වාරයේ......
චූටි බබී අක්කා මා අසලට පැමිණ වටාපතක් පෙන්වා.....

මල්ලි.... මල්ලි.... මේ... මේක අරගෙන දෙනවා කෝ... ? J
මම මුහුණ හපුටු කර ගනිමින්. ඕකෙන් මොකද බං වෙන්නේ.. වැඩක් ඇති දෙයක් ගන්නවා කෝ... :/
අනේ මල්ලි ... ! මේකෙන් පවන් ගහන්න පුළුවනි.
මේ අක්කේ... ! පවන් ගහන්න ඕනෙනම් පොතක් ගන්නවා. වටාපත ගත්තා කියලා ලැබෙන දෙයක් නැහැ. පොතක් ගත්තොත් ලියන්න පවන් ගහන්න දෙකම පුළුවන්.

මේ අසා සිටි දුන්හිඳ නැරඹීමට යන රිලා රැලක් මහා හයියෙන් සිනා සිම ගැන අතිශය කණගාටුවට පත් වෙමි.
තරහින් උවද , පිළිකුලෙන් යුතුව එම කෙල්ලන් හා කොල්ලන්ගෙන් මිතුරන් හා එක්ව ගේම ඉල්ලුවත් අකුළං ගියේ රිලවුන් ලෙස පිළිගන්නා විය යුතුය. 

ඔවුන් මෙය දකිනම්, ඔබ සිනාසුනේ අපට නොව, ඔබටමය. ඔබට අනුන්ට සිනාසෙන්න ඇති පෞර්ශවය අප කතා කල පසු ලඟට එන්නට නොමැති වීම ගැන කණගාටු වෙමි.
නැවතත් එතනින් සමුගත් අප බදුල්ල නගරය බලා පිටත් උනෙමු.
බදුල්ල නගරයට පැමිණි සියලු දෙනා, දුම්රිය ස්ථානය වෙත ගියෙමු.
දුම්රිය ස්ථානයට ගිය පසු ලාංකීය ආශ්චර්ය ගැන කණගාටුවට පත් වුනෙමි. කොච්චි සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙනවා ලු. අපිට යන්න බැහැ ලු. බස් වල යන්න වෙනවා ලු.

..... දුම්රිය සේවකයනි, මේ දේ දැනගන්න ඔබගේ ඉල්ලීම් උදෙසා වැඩ වර්ජන කිරීම තුලින් ඔබට ඔබගේ පඩිය හෝ නිල තල තර වනු ඇත. නමුත් ඒ ක්‍රියාව නිසා දුකට පත් වන්නේ ඔබ වැනිම පීඩිත පංතියේ ජනතාවම වේ. ඔබ සිතන්නේ ඔබගේ බඩ ගැන පමණකි. දේශපාලකයන් සිතන්නේ ඔවුන්ගේ බඩ ගැනයි. අවසානයට කෙල වන්නේ දුප්පත් මිනිසාගේ සමස්ථ ජීවිතයටම බැව් ඔබ මොහොතක් සිතුවානම් මෙසේ නොවනු ඇත........

අවසානයට බදුල්ල නගරයට වී, කොළඹ බසයක් හිස් වන තෙක් සරණාගතයන් සේ බලා සිටියෙමු. පාර මැද ඉඳගෙන සමස්තයගේ දෑස් වලට ලක් වෙමින් අප අපගේ ලෝකවල නිනව්වක් නැතුව සැරි සරුවෙමු.

කොළඹ බසයක් පැමිණීම හේතුවෙන් සැම ගොඩ වී, අසුන් ගැනීමත් බසය පිටත් වීමත් සමඟ මම සුපුරුදු ලෙස ( මැසේජ් කෙටිම  ) ආරම්භ කලත්, එයද සිතට හා ගතට වදයක් වූ නිසාම මිතුරාගේ උරහිසට ඔලුව තබමින් නිදා ගත්තෙමි.
කොළඹට පැමිණි විට 2 පසුවී ඇතැයි අනුමාන කරමි. සියලු දෙනා ගෝල් ෆේස් යාමට යෝජනාව ස්ථිර වීම හේතුවෙන් ගෝල් ෆේස් ගියෙමි. ( බෙනා කොළඹ ගියා වගේ )
කොළඹ තඩි වැවක් තිබෙන බව දන්නේ මා එදා ය ( හික්ස් ) හුළං පොකුණ ලෙස එයට මිස්ටර් ෆැන්ටස්ටික් නම තැබුවේය. 

පාන්දර 4 වෙනතුරු එහිම සිරි නැරඹු අප, කුරුණෑගල පිටත් වීම සඳහා මම චූටි බබී,හොර කුකුලා ,ෆැන්ටා, හා මා මිත්‍ර චාමර ද කැටුව පිටත් වුයෙමි. අප සමඟම අහිංසක පොඩ්ඩා පින්ක් පැන්තර් ද ආවේය.
සියල්ල වැළඳ ගනිමින් නැවතත් මෙවැනිම  සංචාරයක් සංවිධානය කරන පොරොන්දුව මත හා මෙවැනිම සහයෝගශීලි වැඩ සටහනක් සංවිධානය කරන පොරොන්දුව ද රැගෙන අප සතුටිං ආපසු සිය නගරයන් කරා පිටත් වුනෙමු. 

කුරුණෑගල නගරයට එන තෙක්  නින්දේම ආ මම ඇතුළු මා මිතුරු ෆැන්ටා චාමර හා කුකුලා ද චූටි බබිගෙන් සමුගෙන ටවුන් එක දෙසට පියමැන්නෙමි.
පසුව අප තිදෙනා හොර කුකුළා අදාළ බසයට නංවා අප හලාවත බසයක ගොඩවී නිවසට පැමිණියෙමු.


Share on Google Plus

About සමීර සඳරුවන්

18 අදහස්:

  1. නුගේ ඇසි දිසි මානයෙන් ඔබ්බට මම කියවුවෙමි .. අකුරක් නැරඑහි සුදරත්වය විශිෂ්ටය.. ජීවිතය දොරේ ගලා යන නුබ වැනි පුංචි කොලු ගැටවුන් අප සිරි ලක් මවට ආඩම්බරයකි .. පුංචි පුතේ .. නුගේ මතු අනාගතය සාර්ථක වෙනවා නිසැකය .. එදිනට මේ සුළග නොනිමි සත්සරය නුබට මතක තිබුන හොත මම ඉතා සතුටට පත් වෙමි ... මම නුබට උදේම වදයක් වූ සුළග නොනිමි සත්සරය නම් වෙමි ....

    ReplyDelete
  2. ado uba ben kiyala kiyanna watch ekama thiyenna one na. uba cartoonben wagemai .
    trip eke dakka hitha hoda elamakola uba .(thawa hitiye naththankiyalath hithenawa welawakta )
    mage phone eka watuna eka gana liuwe nathi eka gana mage balawath shokaya.

    ReplyDelete
    Replies
    1. අනේ අමතක උණා සත්තළං. උඹ තමයි වැඩියෙන්ම පාඩු වින්දේ ට්‍රිප් එක නිසා.. මොනා උනත් උඹේ ස්මාර්ට් ගඩොල් භාගෙට එයාර්ටෙල් දැම්මා නම් එහෙම වෙන්නේ නැහැ.. :D

      Delete
  3. එක මාරයි බන් ... කොයි ඉතින අපිට ඉන්වයිට් එකක් නැහැනේ විහිළුවටවත්... පොටෝ තව දැම්මනං එල ඈ..

    ReplyDelete
    Replies
    1. අනේ මම නෙමෙයි ඔර්ගනස් කලේ සුද්දෝ. ඊළඟ පාර අනිවා යමු ඈ.. උඹට මම කලින්ම කියන්නම් කෝ. සොරි මචං. අමතක උනේ නැහැ. මමත් යන්නේ නැහැ කියලා ඉඳලා, යාළුවො තරහා වෙන නිසා ගියේ එයාලගේ ඉල්ලීමට.

      ෆොටෝ අප්ලෝර්ඩ් කරද්දී එපා වෙනවා බං. එව්වා හිමිට කරගන්නවා. අවසානට ටික ලිව්වෙත් ඕනෑවට එපාවට. කොටලම ඇඟිලි රිදිලා උන්නේ..

      Delete
  4. මඩ මදියෝ. උඹලා දුන්හිද ගිහිං මඩ හේදුවද? ;)

    ReplyDelete
    Replies
    1. හෙක් මඩ. මඩ සීක්‍රට් මතකයන් වලම තිබ්බාවේ. මඩ ගැහුවොත් පෞද්ගලිකත්වයට හානියක් වෙයි ලු.. :D

      Delete
  5. balagena hitiye oya ෆේක් සෙට් එකේ විනෝද චාරිකාව.lipiya danakma as walata kadulu genawa e ath dakim mathak wenakota..
    dukata neme sathutata...
    marama sahodara badimak...
    gmanta hadawathinma sama wadinna puluwa oyage lipiyen malliya...

    ReplyDelete
    Replies
    1. මම දැන් තමයි මගේ ලිපිය කියෙව්වේ.. :D බලන් යද්දී මම ලියලා ඇති දෙයක් නැහැ. සතුටු උන දේවල් ලියලාම නෑ නොවෑ.. අපි මීට වඩා කොච්චර ෆන් ගත්තා ද ? මොනා උනත් පට්ටම මතකයන් ටික තමයි.. ජීවිත කාලෙටම තියේවි හිතේ

      Delete
  6. අම්මපා මට බැරි උණානේ මේ පාර එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ ලබන පාර මොනවා හරි කරගමු කෝ :)

      Delete
  7. ealaga para matath kyapan bena!

    ReplyDelete
    Replies
    1. අනිවා එකෙන්ම. උඹට නොකියන දෙයක් නම් නැහැ. හැබැයි මේ සීන් එකනම් අර සුදු මහත්තයාට දාපු කමෙන්ට් එකම තමයි කොටන්න වෙන්නේ. තරහා නැහැ නේ :)

      Delete
  8. බෙනා මලයා නියම ට්‍රිපක්නේ. අපටත් කියහං ආයි යනකොට අපිත් එනෝ.

    ReplyDelete
  9. මටත් ඉන්වයිට් කලත් එන්න බැරි උනා අෆ්ෆා. දුකේ බෑ බෙනෝ :(

    ReplyDelete
  10. අඩෝ අපිත් එනව... යනකොට අපිටත් කියපන්කො....

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..