කී බෝර්ඩ් එකෙන් දුරට ගලන මනුස්සකමට ආරාධනා.....



 

 

‘‘..... යමෙක් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ නම්, ඔහු ගිලනුන්ට උපස්ථාන කරන්නේ වේ ....... ’’

බුදුන් වහන්සේ එසේ වදාළේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ ඇති අගය මිනිසුන්ට වටහා දෙමිනි.
මිනිසෙක් ලෙඩ වෙනවා යනු මහා විශාල දෙයක් නොවේ. යම් යම් රෝග කාරනා වලට අප සැම යටත් විය හැකිය. එය මේ දැන් සිදුවෙනවා ද හෙට සිදු වෙනවා ද සතියකින් ද නැත්නම් අවුරුද්දකින් ද නැත්නම් වයසට ගිය පසුවද යන්න තීරණය වන්නේ ශරීරය හැඩ ගැසී ඇති ආකාරයත් අප ජීවිතයට පවත්වාගෙන යන ආකාරයත් අනුවම ය. 


ඉපදීම ලෙඩවීම මහලුවීම යන මේ තුන් දුක්ඛයන්ට යටත්ව මිනිස් ජීවිතය ජීවත් වීම නමැති අඩිතාලම මත පණ ලබයි. මෙලොව ජීවිතයේදී කරන කුසලක් ක්‍රියා මෙලොව මෙන්ම පරලොව ජීවිතයට ද සුගතිගාමී ලෙස බලපාන බව අප ධර්මයේ සඳහන් ය. 

බුද්ධ දර්ශයන ඉදිරියේ මම කුහුඹුවාට වඩා දැනුම අතින් කුඩා සතෙකු මෙනි. මා දන්නේ මට දැනෙන හැගීම් හා අන් අයගේ හැගීම් විස්තර කිරීමත් ඒවා යතාර්තවදිව ගොඩ නැගීම පමණි. කතා කරන්නේ බුද්ධ දර්ශනය ගැන නම් නොවේ, තම හැගීම් මත ඕනෑම දෙයක් වෙනස් වීමට ඉඩ ඇත. මිනිසුන් ලෙස මෙලොව ඉපදී දෙව් ලොව දෙවියන් ලෙස මිය යාමට ඇත්නම් මේ මිනිස් ලොව අප ලැබූ වෙන කිසිදු භාග්‍යක් නොමැත.
එහි වටිනාකම රැඳෙන්නේ අප කරන ක්‍රියාව මතය. 

මිනිසුන් වසලයෙක් වන්නේත් දෙවියෙක් වන්නේත් කරන ක්‍රියාවේ පදනම මත ය.

Face Book සමාජ වෙබ් අඩවිය වෙන් වෙන්නේ මිනිසුන් අතර සබැඳියාව අන්තර්ජාලය ඔස්සේ වඩාත් මුවහත් කිරීම උදෙසාය.  එම නිසාම මෙම අඩවිය පුරා මිලියන සංඛ්‍යාත්ම පුරවැසියන් සන්නිවේදන කටයුතු කරයි. 


ශ්‍රී ලංකාවේ ද බොහොමයක් මෙම වෙබ් අඩවිය හරහා තම සමාජීය සහයෝගය පවත්වාගෙන යයි. ෆේස් බුක් වලට පමණක් වනොව බ්ලොග් අඩවි හරහා ද මෙම සමාජයට යම් දෙයක් දායාද කිරීමට බොහෝ පිරිසක් උත්සහ කරයි. එහි වටිනාකම ගැන කතා කිරීම පසුවට තබා, 

ෆේස් බුක් වල - ෆේක් ( අනුවර්ථ නාමයන් ) බුක් හෙවත් බුකියේ කා සමඟත් අන්‍යෝන්‍ය වශයෙන් බැඳීම් ඇති කරගෙන සහෝදර කණ්ඩායමක් සේ සමාජයට යම් දෙයක් දායාද කර එය තම ආත්මතෘප්තිය කර ගැනීමට උත්සහ දරන පිරිසක් විසින්  ඉහත කී ගිලනුන් උදෙසා උපස්ථාන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට වැඩ පිළිවලක් යොදාගෙන ඇත. 

බුකියට පැමිණ හුදෙක් තමාටත් - යහළුවෙක්ටවත් - රටටවත් අර්ථයක් නැති වචනයෙන් පුරසාරම්  දොඩනාවට වඩා මෙවන් සත් ක්‍රියාවකට සහභාගී වීමට ලැබීම පිළිබඳව අප සතුටු විය යුතුය. ඔබටද මේ සඳහා දායක විය හැකිය. ඔබට Real හෝ Fake හෝ කිසියම් account එකක් ඇත්තා හෝ නැතා හෝ මේ ගිලනුන්ට උපස්ථාන කිරීමේ මහා පුණ්‍ය කර්මයට සහභාගී වීමට අප අවස්තාව උදා කර ඇති බව සතුටින් දන්වා සිටිමු. 

ඔබ ඒ සඳහා ඔබගේ ශ්‍රමය හෝ ඔබගේ සහයෝගය ලබා දෙන්නේ නම්......... >
ඔබ මෙම සත්කාරය සඳහාපැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම්.....




Date - 2013/08/04
Time  -  8.30 am - 2.30 pm 
Place - Rajagiriya Victoria Homes

Organizer   O2
කොළඹ සිට පැමිණිය යුතු මාර්ගය


සුව නොවන රෝග වලින් පෙලෙන අය වික්ටෝරියා නිවාසය තුල ප්‍රතිකාර ලබයි.

  වැදගත් විස්තර




ඔබගේ ශ්‍රමය මෙහි ලා අතිශයින් වැදගත් වේ. එය ඔබගේ පැමිණීම තුලින් තහවුරු වේ. 


ඔබ ලොව සදාකාලිකව ජීවත් වන්නේ නැත. ඔබටද වේදනාව දැනෙනවා ඇත. ඔබ කුමන වේදනාවක් වින්ද ද  ඔබට සදාකාලික රෝගියෙක් යන අත්දැකීමත් සමඟ ඇතිවන හැගීම නොදෙනවා ඇත. නොදන්නවා ඇත.
එන්න අපි මදකට ඔවුන්ට සවන් දෙමු. ඔවුන් සමඟ ඔවුන්ගේ කතාව අසමු. ඔවුන්ට උපස්ථාන කරමු. එවිට ඔවුන් ලබන ඒ සතුටෙහි හැගීම විඳිමු.
ඔබ ජීවිතයට යම් දෙයක් දිනා ගත යුත්තේ කැපකිරීමක් කරමින් ය. එහිදී එයට සැබෑ වටිනාකමක් ලැබේ.

තෙරුවන් සරණයි... ! සැම සිත් නිවී පහන් වේවා... !











Share on Google Plus

About Unknown

4 අදහස්:

  1. පැහැදිලිව ලියල තියනවා ස්තුති බෙනෝ

    ReplyDelete
  2. මලා... මෙන්න මේකා මගේ නම්බර් එක මෙතැන දාලා.

    ReplyDelete
  3. ‘‘..... යමෙක් තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ නම්, ඔහු ගිලනුන්ට උපස්ථාන කරන්නේ වේ ....... ’’
    (Y)

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..