මා පෙම්වතිය.


ස්ථීර යැයි කියන ලෝකයේ ස්ථිරසාර කිසිදු දෙයක් නොමැත. ඇත්තේ ස්ථිර ලෙසම වෙනස් වීම පමණි.
ඉපදුන දා සිටීම ලැබූ සියල්ල වියැකී ගොසිනි. ඇත්තේ ඉපදුන දා සිට ලැබු අත්දැකීම් වල අපැහැදිලි සිතුවම් පටලයක් පමණි. එයත් විටක ඇතිවී තවත් විටක නැත්තටම නැති වී යන්නේ දැල්වී නොදැල්වෙන පොල් තෙල් පහනක් මෙනි. 


පහන් එළියක් නැති මගේ ජීව්තයට කලාමැදිරියෙක් තරම්වත් එළියක් දුන්නේ ඇගේ ප්‍රේමය හේතුවෙනි. එසේ පැවසුවේ මව පියා නැති බව නොවේ. ඔවුන්ගේ ආදරය මා ජීවිතේ නැති බව නොවේ. හයක් හතරක් නොදත් සේ මුදලත් සමඟ තම ජීවිතය කාලයම කැප කර මගේ දියුණුව ගැන පමණක් තකනා ඔවුන්ගේ හදවතෙහි ලැදියාව ආදරය නැත්තා සේ හැඟෙ. ජීවිතය කියා දෙනවා මිස ජීවිතය මුදලට ගන්නට බැරි බව ලෝකයාටම දිනකදී පසක් වන්නේ ජීවිතේ යම් යම් දෑ අහිමි වීමේ විපාකය හේතුවෙනි.


කිසිදා මව හැර ගැහැණියක් ගැන නොසිතු මා විටක මව පවා මා ආදරෙන් තුරුළු කර ගැනීම පිලිබඳ අතිශය ලැජ්ජාශීලි විය. පිරිමි දරුවන් මවට ඇළුම් කරයි. ගැහැණු දරුවන් පියාට ඇළුම් කරයි. යන සමාජීය සංකල්පය අප පවුල යන අත්තිවරමෙන් මුල කේශයම උදුරා දැමු මා පියා කෙරේ දැඩි සෙනෙහසින් සිටියේය. හැම රහසක්ම පියා ළඟ වැමාරු මා ඔහුගෙන් උදව් පවා ගත්තේ පිය පුතු බැඳීමෙන් එහා ගිය සහෝදරත්වයකින් ඔබ්බට ගැලු මිත්‍රත්වයක් නිසාවෙනි. 

මව මට බොහෝ සේ ආදරේ කල බව මා දැන සිටියෙමි. නමුත් ඒ ආදරේ අතිශය ගුප්ත ය. කිසිදා ඒ ආදරේ විවෘත බව මා නොදුටුවෙමි. මා කොල්ලන් සමඟ ඔට්ටු ඇල්ලවූ  වූ පසු එය දැනගත්  දිනක ඈ හැඬුවේ  “..... මට ඉන්නේ උඹ විතරයි....”  පවසමිනි. 

එදා එසේ මා වෙනුවෙන් වැටුන කඳුලක් ළඟ පියා සිටියේ නිහඬ පිලිවතකය. එය එසේ සැම දේම රහස්‍ය මා කෙරෙන් සැඟවූ නිවසක මා තනිවුන බව මා සිත දැන ගත් කල්හි ඇය කෙරේ බැඳෙන්නට ඇත.
ඇය මගේ ජීවිතයට පැමිණියේ කෙසේදැයි මා මතකයේ ඇති මුත් ඈ මා කෙරෙන් මා බොහෝ දුර ගිය ආකාරය ගැන  මටද හොරා මගේ මතකයන් හි මුලා වීමි. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය ගැහැණිය නම් වුවාය. රත්  පැහැ දෙතොල් කියා පෑවේ නා දළු වන් දෙතොල් නොව රෝස පැහැ මලක පෙති අතර ඇති මෘදු බවක් හා එයින් දායාද ලද පැහැයකි.  මුහුණ අතිශය මෘදු සුන්දර බව නිසාදෝ ඈ තරහා ගත් සැම කල්හි රත් පැහැයෙන් බබලයි. මා වඩා කැමති වුයේ එම ඇය ගේ අනුවර්ථන හැකියාවයි. 

කෙස් වැටිය ගැන ඈ නිතර වෙහෙසුන බව මට මතකය. ඈ සැම විටම ඒ ගැන සිතුවාය. විටක ඇය මටත් වඩා ඒ ගැන සිතන්නට ඇති බැව් සිතු  මා මනසේ ඊර්ෂාවක් පවා ඇති විය.උකුල දක්වා දිගින් පිහිටි කෙස් වැටිය සැම දිනකම මාගේ නොමද විහිලු වලට ලක් වූ බව කිව යුතුමය. එය ඇය ප්‍රිය කල බව මා දන්නේ පසු කලක ඈ කියූ නිසාමය.

මට වඩා අඟල් දෙක තුනකට වඩා උසින් අඩුවන ඇය, එය මා ලද වාසනාවන්ත හිමිකමක් වුයේ ඇයගේ නළලත සිප ගැනීමට නොයෙක් වර ලැබුන ආරාධනා හේතුවෙනි. :D
ඇය ප්‍රිය කලේ මගේ සිනහවට ද යන්න මට ඇති ගැටලුවකි. මන්ද මා එතරම් සුන්දර යැයි කිව හැකි පිරිමියෙක් නොවුන නිසාවෙනි. ඇය වඩා ප්‍රිය කලේ මගේ සිනහවට වෙන්නට ඇත. මන්ද ඇය සැම මොහොතකම මගේ සිනහව දකිමින් සතුටු වූවාය. 

මා ලොව ලද එකම දායාදය ඇය වුවාය. 

කුරුණෑගල ඇතා වන් ගල එය සාක්‍ෂි දරනු ඇත. එහි පාමුල ඇති ඇත්කඳ වෙහෙර අප සෙනෙහසේ මතක පිය සටහන් ය.

“..ස.... අපි යමු පන්සල් එන සතියේ.... :) ....”

“...එ..එතකොට මනුස්සයෝ ක්ලාස් යන්නේ නැත්ද..?”

“...මැට්ටෝ මතක නැත්ද දැන් ටිකකට කලින් කිව්වා ලබන සතියේ ක්ලාස් නැහැයි කියලා....”

“....හ්ම්ම්.. ඔව්මයි.. අමතක වුනා නේන්නම්....”

“...කොහෙද ඉතිං වටේම ඉන්න කෙල්ලෝ දිහා බලාන භාවනා කරනවා නේ.. අනිත් අයගේ වැරදි හොයනවා.. ඇඳන් ඉන්න ඇඳුමයි. අරකයි මේකයි. ඕනේ නැති මගුලක් නැහැ.....”

“... හා ඈ.. මම මේ කෙල්ලට වරදක් කිව්වේ නැහැ නේ...”

“.. යමුකෝ මනුස්සයෝ පන්සල්...ලබන සතියේ...”

“....මොකටද..? මට අම්මා කියලා තියෙන්නේ කෙල්ලෝ එක්ක කොහේ අනාචාරයේ හැසිරුණත් පන්සල් වල එපා කියලා..අනික අඳුරන්නේ නැති කවුද කියලවත් නොදන්නා කෙල්ලෝ එක්ක යන්න එපා කියලා...”

“......එහෙනම්... බම්බුව නටා ගන්නවා..මං යනවා..”

 ( සමස්ථ 3000ක් පමණ සිසුන් රැඳුන , ගුරුවරයෙක් හා අමතර සේවකයන් ගේ ඇස් ඉදිරිපිට මා හැර පන්තියෙන් එලියට යාම )

“... මේ..මේ... ____ මොකද උනේ ජෝක් හලෝ...”

ඈ එසේය. ලබා ගැන්මට දෙයක් නොහැකි වූ කල එතනින් පලා යයි. ඇයට අවැසි වන්නේ ලෝකයටම මා ඇයගේ පමණක් බැව් පෙන්වීමටය. දහස් ගණනක් සිටින වීදියක වුවද ඇයට මා සිප ගැනීමට අවැසි නම් ඇය මිනිසුන් ගැන සිතුවේ නැත. සැබවින්ම ඈ කටකාරය. කෙළිලොල් ය.
 කෙසේ හෝ මා ඇත්කඳ වෙහෙර ඈ සමඟ වැන්දෙමි. ඒ මතකය සුන්දරය. මා  ඇයගේ ජීවිතයට එබෙන්නට නියත විවරණ   ඇගෙන් ලැබුවේ ඒ භූමියේ දිය.


“...බෙනෝ... ඒ මේ බලනවා කෝ..”

“මොකද අනේ...”

“... පන්සල් ආවේ කල්පනා කරන්නද... ? මීළඟට ඇත්තේ මල් පූජා කිරීමයි....මේ මල් ටික අරගෙන මෙතන තියලා.. ඔය පහන පත්තු කරලා.. හඳුන්කූරු නම් නැහැ... ඒකට කමක් නැහැ.. දෙන්නම ගාථා කියමු....”

“...හ්ම්ම්... මේ මම ගාථා දන්නේ නැහැ. ඔයා කියන්න. මම අහගෙන ඉන්නම්...”

“... බ්බ්බ්බ්බ්බ්බෑ... දෙන්නම කියමු. මේ... මේ.. මෙතන ඔට්ටු අල්ලන්න ඔට්ටු නෑ.. බුදු සාදු බලාන ඉන්නේ..”

“...අනේ සාදු දන්නවා මගේ හැටි..”

“..එහෙනම් බලාන ඉන්නවා. හිතිං මොනවා හරි ඉල්ලනවා... ;) ..”

ඇය ගාථා මුමුණයි. මුහුණට ලැබුන බැරෑරුම් බවට සිනහා පහළවන්නේ නිතැතින්මය. හුරතල් මුහුණ වරින් වර වෙනස් වේ. එය බලා ඉන්නට මා වඩාත් ප්‍රිය කලෙමි. ලොව අන් කිසිවක් නොවේ ඈ කෙරේ බැඳුන ප්‍රේමයනම් රාගය නොවන බැව් මා දැන සිටියෙමි. එය සංසාර බැඳීමක් වන්නටම ඇත.


“... මොනවද හලෝ භාවනා කරනවා ද ? ...”

“... න් නෑ.. ලස්සන බැලුවේ.”

“... කට තලනවා වල් කොල්ලගේ... එන්න එන්න නරක් වෙනවා...”

“... එහෙම තමයි...”

“..මේ අම්මා පුතණ්ඩියා එව්වේ මොනා කියලා ද ...? ..”

“... මුකුත් නැහැ. මේ වගේ ගමන් කියලා එන්න බැහැ නේ.. මේ අපි යමු ද ..? මේ වගේ තැන් වල මේ විදියට අත් පටලන් ඉන්න කැමති නැහැ මම. ඔයා දන්නවා නේ...”

“...කවුරුත් එන්නේ නැහැ අනේ.. තව වැදගත් වැඩක් තියෙනවා... මම ඔයාව අද බඳිනවා. සදහටම ඔයා මගේ...”

“මො...මො...කක්... මගුලක් කතා කරනවා. යාන්තටම 18 උණා.. ඔයාට බඳින්න..”

“...ම්ම්ම්...ඇයි මට ආදරේ කරන්නේ කවදාහරි බඳින්න නෙමෙයි ද ..”

“.... අනේ බබා විහිළුවක් නෙමෙයි ජීවිතේ.. මම යැපෙන්නෙක් මිසක්. මට තව ජීවිතයක බර දරන්න බෑ..”

“... අපෝ මේකා තනිකර තන්හා කාරයෙක්.. සික්.. මම එහෙම නෙමෙයි මොට්ටයෝ කිව්වේ.. මේ එනවා බුදු සාදු ගාවට....”

මොන අටමගුලක් වෙන්න හරි මම ගියෙමි. ඇය ඇයගේ බෑගය අරිමින් කුඩා පාර්සලයක් ගත්තාය. එයින් ජුවලරි බොක්ස් යැයි කිව හැකි කුඩා පෙට්ටියක් ගෙන රිදී පැහැ මුදු දෙකක් එලියට ගත්තාය. මම කට ඇරගෙනම බලාගෙන උන්නේ මේ රඟ දැක්වෙන්නේ මගේ ජීවිතේ කුමන රඟිල්ලක් ද කියමිනි.

“... ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ නොබලා මෙන්න මේක ගන්නෝ...”

මා එයින් එක මුදුවක් අතට ගත්තෙමි. දැන් මට සියල්ල ගොන් මොලයට පැහැදිලි වේ.. සිදුවන්න යන්නේ එක්තරා ගිවිස ගැනීමකි. අහෝ දෙවියනි මා ජීවිතේ වෙන කෙල්ලක් දෙස බැලීමටවත් අවස්ථාවක් නොලැබී යනු නියතය.


“..ම්ම්.. දැන් ඕක අරගෙන මගේ ඇඟිල්ලට දාන්න.. ඔය බුදු සාදු තමයි අපි දෙන්නාට ආශිර්වාද කරන්නේ..”  

ඇය හැගීම් බරව එසේ ප්‍රකාශ කරමින් ඉවත බලා ගත්තාය...
මා ඇය දුන් මුදුව ඇයගේම අතෙහි ඇඟිල්ලක එල්ලා බලා සිටියෙමි.


“... කෝ දෙන්න ඔයාගේ එකත්...”

“...හ්ම්ම්... ගානටම තියෙනවා. මම හිතුවේ ගද්දි මදි වෙයි කියලා.. කොහොමද මගේ තෝරා ගැනීම...”
ඇයගේ නෙතෙහි කඳුළු ය. මා ඇය තදින් මා ලඟට ගෙන

“...මොකද ළමයෝ ඔයාට උනේ...”

“මුකුත් නැහැ.. සමහරවිට දවසක මම මේ දේ ලස්සනට වෙනකොට නැති උනොත් කියලා හිතුණා..”
 
“... අනේ බයිලා ගහන්නේ නැතුව ඉන්නවා...”

“ නැහැ.. අපි හිතනවට වඩා ජීවිතේ එහෙම නැහැ. දැන් ඔයා මගේ..”

“ අපි බොළඳයි.. අපි මෙහෙම වෙන්න ඕනේ නැහැ. ඔයා ඕනෑවට වඩා හිතනවා..”

“... කමක් නැහැ.. මම බොළඳ ඇති පණ්ඩිතයෝ... ඔයාගේ ඔය කතා අස්සේ, ඔයාගේ ප්‍රේතිපක්ති අස්සේ මම බොළඳ කෙල්ලක්... හැබැයි මේ ඔයාට කතා කරන කෙල්ලට ඔයා හැර ලෝකයක් නැහැ. මම මැරුණත් ඔයා එක්කම ඉන්නවා....”

වරදක් නොකරම වරදක් නොවීම ඈ එදින බොහෝ හඬන්නට ඇත. හේතුව මා නොදනිමි.
මා දන්නේ එක දෙයක් පමණි. මා ඇය හා බැඳී පවතින්නේ ආත්ම ගණනක් පුරාවටය.

“ බලන්නකෝ අර හිඟන්නා දිහා... පව්.. අර කාණු පල්ලේ සතෙක් වගේ වැටිලා ඉන්න හැටි...”

“ම්ම්ම්ම්...”

“... ඔයා කැමතිනම් මම මගේ දෙයක් එයාට දෙන්නම්....”

“...ම්ම්ම්.. මට මොකද මගේ දෙයක් නෙමෙයි නේ..”

“...ඔයානම්...!”

මා ඇයගේ ගතිගුණ ඇය ඉදිරියේ ගණන් නොගත්තේ මන්දැයි මා නොදනිමි. ඇයට අවශ්‍ය වුයේ ලෝකයාට සරණක් වීමට බැව් මා තේරුම් ගෙන සිටියෙමි. නමුත් උපතේ සිට මේවන තුරු විශ්වාසය යන දෙය මා තැබුවේ මා සමීපතයන් ඉදිරියේ පමණි.

“ .. දැන් හිඟන්නට බත් එකයි සල්ලියි හැම එකම දුන්නා නේ.... දැන් බඩගින්නේ ඉඳලා හිගන්නා ගෙන් කීයක් හරි ඉල්ලං බස් එකේම යනවා..”

“... ඉතිං මම නරක වැඩක් ද කලේ.. ඔයානම් නරක කොල්ලෙක්.. ඔය දෙකටම හිඟා කන්න කෙනෙක් මට ඉන්නවා නේ...”

“.. එයා නෑ.... එයා අද නැහැ ලු...”

“... නැහැ එයා ඉන්නවා.. එයා මගේ..”

“ හිතාගෙන ඇති මගේ කියාගෙන ඉන්න...”

“... මගේ තමයි මොට්ටයෝ.... මගේ හරක් පැටියා... මගේ බුරු පැටියා...”

“ තැන්ක්ස් ආ..”

“... මේ ඔයා අද ලස්සනයි.. හරක් පැටියෙක් නෙමෙයි.. බුරු පැටියෙක් නෙමෙයි.. ඔයා අද ඉත්තෑ පැටියෙක්...”

“... හා.. හා...”

“ආව්... අෆ්ෆා කොල්ලගේ හිනාව... ඕ..”

“... මේ එනවා යන්න.. දවල් වෙනවා ක්ලාස් එක පටන් අරගෙන ඇති...”

ඇය මගේ ජීවිතයේ ආලෝකය වුවාය.. ඇය නිසා මා හදවතින් ලෝකයට ආදරේ කලෙමි. ඈ මිනිසුන් ගැන සිතුවේ පුදුම එලවනසුළු විශ්වාසයකිනි.  විටක ඈ මා නිසා සිනාසුණාය. විටක ඈ ලෝකයා නිසා හැඬුවා ය.

“...ඔයා දන්නේ නැහැ.. ඔයා හිනා උනාම ලස්සනයි...”

“.. මම විතරද ඔයත් එහෙමයි...”

“ කවදාවත් මට ඔයා කියලා නැහැ නේ.. මට භයයි වෙන කෙල්ලෙක් ඔයාව හොරෙන් ගනී කියලා...”

“... අනේ මේ.. මගුලක් කියන්න එපා...”

“.. මගුල්...! අපි බැඳලා ගොඩක් කල්....”
  
 “... මේකිට තියෙන විසයක්... පල අහකට...”

“.... අනේ හොට්ටෝ....”

ඕනෑම හිනයක ආයු කාලය නින්ද අවදිවන තුරු බැව් මා දනිමි. නමුත් මේ හීනය තුලින් අවදි වීමට මා දැඩි ලෙස අකමැත්තෙන් උනෙමි.

“.... අද මට ගෙදර යන්න බෑ....”

“.... ඒ මොකද...? ...”

“... මගේ ඔළුව රිදෙනවා. ඇඟම රිදෙනවා...”



“.... මොකද උණේ.. ක්ලාස් එකේ ඉද්දිත් කිව්වා නේද..? බෙහෙත් ගමුයි කියද්දී බෑ කිව්වේ ලොකු කමට. දැන් විඳවනවා ඉතිං...”

“.... මට භයයි ....”

“.... මොකද හලෝ වෙලා තියෙන්නේ..”

“... අම්මා ගෙදර ඇතිනේ.... බෙහෙත් ගන්න ගෙදර ගිහිං....”

“..... යන්න කලින් මට ඔයාගෙන් දෙයක් ඕනේ...”

“.... ම්ම්....”

“.... නළලට නේ හැමදාම....”

“.... ඕනේ නෑ...”

“...බෑ... දෙනවා...”

“..... ම්ම්ම්ම්...”

“.... තව එකක්... ගොඩා.....ක් වෙලා ඕනේ....”

“.... බස් එක මිස් වෙයි යමු..”

“... බස් එක මිස් උනොත් එක දවසයි... එත් මට ඔයාව අදින් පස්සේ හැමදාම මිස් උනොත්... අනේ දෙන්නකෝ....”

“.... ම්ම්ම්ම්...”

“... තෑන්ක්ස්.... ගොඩක් පිං...”

“ ඔයා අද වෙනස්...”

“.... වෙනස් වෙන එකම දේ වෙනස්වීම පමණයි.... අහලා නැත්ද කතාවක්..”

අද ඒ කලාමැදිරි එලිය නිවී ගොසිනි. ගොක් කොළ වේලි කරකුට්ටන් වී සර සර ගා සුළඟට හමයි. එක්බිති සතියේ තැබූ රෝස මල් පරවී ගොස් ඇත. මා සියල්ල සුද්ද කළෙමි. ගොම්මන් අඳුර සිතට මහා මුසල බවක් 
කියා පායි...

මේ ගොම්මන් අඳුරට වෙනදා නම් සිතේ භියක් දැනිණි. නමුත් දැන් මා භිය වන්නේ ලෝක සදාතනික ධර්මයන්ට පමණි.  ජීවිතයක් මා ඉදිරියේ පිපි මා ඉදිරියේම පරවී ගොස් ය. එකදු ප්‍රාර්ථනාවක්වත් නැති වූ කල්හි ජීවිතය හිස් කතරක් සේ ය. මා එහි වෙලිමි. මන්ද දිය පිපාසය දැනෙන්නට තරම්, බලාපොරොත්තුවේ පිපාසයක් නැති නිසාවෙනි.

මා වටා වූ ලෝකය ඉදිරියට ගොසිනි. හෙට දිනක නැත්නම් නොබෝ දිනකින් ඈ සිටියානම් අප ජීවිතේ කඩයිම් පසු කරනවා නිසැකය.


“....මචං... යමන් බං.. ගොඩක් රෑ වෙලා...”

“...හ්ම්ම්ම්.. තව විනාඩි පහක් දියන්...”

“..උඹ විනාඩි පහක් කියලා පැය බාගයක් අඬනවා....”

කඳුළු වලින් හොදා හරින්නට සියලු දේ බැරි බැව් මා දනිමි. ජීවිතේ යම් යම් දේවල් පවතින්නේ අපගේ ක්‍රියාව සතුය. බුද්ධිය මෙහෙයවන්නේ අප මිසක, අපගේ බුද්ධිය මෙහෙයවන්නට පිටස්තර ලෝකයකට නොහැකිය.
මා තර්ක කරමි.... නිහඬව.. ඈ සමඟම.. !

සීතල සුළං රැලි හැමීම නිසාදෝ මා ගතෙහි සීතලක් දැනේ.


“.... දවසක මම මැරුණොත්....”

“...මම වෙන කෙනෙක් බඳිනවා...”

“... නරකයි...”

“...නරක නැහැ.. ඔයා මගේ දරුවෙක් වෙලා ඉපදෙන්න. තාත්තා කෙනෙක් වැඩිපුර ආදරේ දරුවන්ට මිසක් අම්මා ට නෙමෙයි....”

“.. ඇත්ත තමයි.. මම කවදාහරි එන්නම්ම්ම්ම්ම්...”

ඉලක්කම් ගණනට මා ජීවිතය හෝ ඇය දුටු සුන්දර මිනිසුන් සමාන නැත. ඇය නැති පාළුව ඇයගේ සිනා හඬේ පාළුව මට වඩා කුරුණෑගල සුළඟට දැනෙනු ඇත.
ඇයගේ පා පහස නැති වේදනාව රන්තාලිය වැවේ ජලයට හොඳින් දැනෙනු ඇත.
ඇයගෙන් ලද සෙනෙහස අසරණ මිනිසුන් ට දැනෙනු ඇත.
මට උර දී  නැගුන ඇතාගල ඈ නැති දුකට කම්පා වනු ඇත.
ඇත්කඳ වෙහෙර ඇය කල පිං අනුමෝදන් කරනු ඇත.
 මා සදාකල් තනිවනු ඇත.

ජීවිතය ඔහේ සී සීකඩ  ගොසිනි. හිතෙහි ඇත්තේ අරමුණකින් තොර හිස් ආකල්ප සිතුවිලි පමණි.
ජීවිතේ අතීතයේ පැතු පාර්ථනා උඩු හුළඟට මිනිනු වදන් මෙනි. ජීවිතේ යම් දෙයක් ලැබුවා නම් ඒ දේ පවා ජීවිතේට ඔච්චම් කර සඟවා දමා ඇත. ජීවිතේ ඇත්තේ එකම හඬක් එකම මග පෙන්වීමක් පමණි.

“...මචං දැන්වත් යමු... උඹ පොලවේ පස් කෑවත් උඹට ආයේ ලැබෙන්නේ නැහැ.. උඹ ඒ දේ තේරුම් ගනිං.. කවදාහරි මට ඔය දේ උනත් එච්චරයි බං.. ජීවිතේ කියන්නේ ඕකට තමයි...”


“..ම්ම්ම්.. වෙන්න ඇති බං..”


“..මේ බලපං... ජීවිතේ හරි පුදුමයි බං.. උඹ දන්නේ නැහැ ඒකිට ලෙඩක් තිබ්බා කියලා.. හැබැයි උඹට පුළුවන් එක දෙයක්... එයා නැති කරපු දෙයින් පලි ගනිං... මට බෑ උඹ මෙහෙම නැති වෙනවා බලන්න.. බලපං මේ කෙල්ල එදාට මිනි වලෙන් නැගිටලා උඹට ආශිර්වාද කරයි....”


“..... මන්දා බං.. මට මුකුත් හිතා ගන්න බෑ...”


“.... බලපං.. කෝ බං.. උඹ තියා ගත්තු ජීවිතේ... අහිංසකයෙක් වෙන්න එපා බං.. කවදාවත්ම එපා... වෙනස් වෙන ලෝකයට වෙනස් වෙන හැමදේටම මුහුණ දීපං.. දැන් යමං.. ගොඩක් රෑ වෙලා....”


  මා වටා සිට ඉදිරියට ගොස් ඇති ලෝකය වෙනුවෙන් මා හුස්මක් සොයා යමි. අභියෝග කරමි මා ජීවිතයට හැකිනම් මා මරන්න....

“.....වෙනස්වන එකම දේ වෙනස්වීම පමණි....”
Share on Google Plus

About Unknown

8 අදහස්:

  1. ...... මේ ඔයා අද ලස්සනයි.. හරක් පැටියෙක් නෙමෙයි.. බුරු පැටියෙක් නෙමෙයි.. ඔයා අද ඉත්තෑ පැටියෙක්...”

    ReplyDelete
  2. හික්ස්... හ්ම්.. හ්ම්....

    ReplyDelete
  3. අනේ මේක සත්‍ය කතාවක්ද? ඇස් වලට කඳුලු ආවා කියවනකොට.......

    ReplyDelete
  4. හ්ම්ම්ම්... මට එහෙනම් කාටහරි රසාස්වාදයක් දෙන්නත් පුළුවනි. සත්‍ය කතාවක් වෙන්න ඇති ලෝකේ ජීවත් වෙන අසරණයෙක් ගේ නේද... ?

    ReplyDelete
  5. nce story bro.. i like it vry much.... excellent.. thnx for wrote it n gave us pleasure..

    ReplyDelete
  6. අත්දැකිමකට හැඟුම් මුසු වෙච්චි රස වචන දැම්මාම එකේ රසවින්දනය හුඟක් වැඩියිලු කියවගෙන යද්දි ඇට මස් ලේ නහර වලටත් එහැයින් තැන හිදන්ම හිරිවට්ටන හිත එ කතාවේ රසය උරා ගන්නවාලු
    එ වුනත් මන් ඔයාගේ රයිටින් පැටර්න් එකට හුඟක් ආසයි ^_^

    ReplyDelete
  7. මොනා කිව්වද කියලා මටනම් තේරුනේ නෑ.. තැන්ක්ස් කළුවර හීනය.

    kalpani - thanks for visit my blog. :)

    ReplyDelete
  8. මේක කියවද්දි අතීතය මතක් උනා බන්, අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.. එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..