වැලිවේරියේ ත්‍රස්තයන් හා ජල බිඳුවක මහිම.






ජීවයේ ඇරඹුම ජල අණු හේතුවෙන් සිදු වූ බව විද්‍යාවේ ඉගැන්වීමයි. පරික්ෂනාතමක හෝ න්‍යායාත්මකව මා ඒ පිළිබඳව නොදනින මුත් විද්‍යා මාධ්‍යය තුලින් ඉගන ගැනීමට ලත් පෙර පවකට (පිණකට) ඒ පිළිබඳව මොළයට වැටී තිබිණි. මෙමඅදහස නියුරෝන ආවේග තුලින් මොළයට දුවන්න ගත්තේ ජල බිඳුවට මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස මරා දමමින් කැරලි මර්ධනයක් පිළිබඳව පෙරදා ඇසීමට දැකීමට මා හටද අවසානාවන්ත ලෙස දෑස් පව් කර තිබු හෙයිණි.


ජලය ජීවය කෙරෙහි ඍජුවම බලපාන බව ඕනෑම කෙනෙක්ට පසක් කිරීමට උවමනා නැත. මන්ද අප සැමගේ එදිනදා අවශ්‍යතා කෙරෙහි ජල බිඳුවක වටිනාකම අත්දැකීම් තුලින්ම දැනෙනා නිසාවෙනි. ජන ශුන්‍ය කතරක් බිහි වන්නේද ජලය නොමැතිකම හේතුවෙනි. 

ජලයෙහි වැදගත්කම පණ ගැහෙන තිරිසන් සතෙක්ට පවා දැනේ. ඔවුන් ගොළුවත රැක්ක ද එය ඔවුන්ගේ හදවත් තුල ගැහෙනු  ඇත. ජලය ඇති නැති උදවිය බොහෝ ය. අප රට තුලද ජලය ලැබෙන විවිධාකාර ක්‍රම ඇත. 

රත්නපුර,බදුල්ල  වැනි ප්‍රෙදේශ වල කඳු සීරාව තුලින් පැමිණෙන ජලය බොහෝ විට ලබා ගනී. රට මැදට වන්නට ලිං ජලය ජනයාගේ පිපාසය සංසිඳවයි. ලිං ජලයේ වටිනාකම නම් මා බොහෝ විට අත්දැකීමෙන් දනිමි. නිල් පාටින් බබලන ජල බිඳුවක පහස විඳීමට තරම් මා නම් බොහෝ පිං කර ඇති බව පවසන්නේ මහත් ආඩම්බරයෙනි. රට මැදට කෙලවරට වන්නට ජීවත් වන මා ජලය පිලිබඳ ගැටලුව විඳින්නේ පායන ගිණි කාෂ්ටකයට පමණි. නමුත් ගමේ ඇති බොහෝ ලිං ජලයට වඩා ඕනෑම පායන කාලයක ජලය නොවඩුව ලබා දීමට තරම් අප නිවසෙහි පිහිටි ලිඳ කාරුණික වන්නේ නිතැතින්මය. 

ජලය ගැන කතා කිරීමේදී ඊළඟ ජල ලැබීමේ ක්‍රමය වන්නේ ජල පොම්ප කර පිරිසිදු කිරීමෙන් මහ ජනයාගේ අවශ්‍යතා වලට බෙදා දීමෙනි. තම ප්‍රදේශයේ ඇති ජලාශයකින් නැතහොත් ගංගාවකින් ප්‍රදේශයට අවශ්‍ය ජලය ලබා දේ. නගරබද නිවෙස් හි වෙසෙන්නන් ට ජලය ඉතා වැදගත් ය. මන්ද ජලයට ජන මුල්‍යම වියදමත් ලංකාවේ ආශ්චර්ය හේතුවෙන් විවිධ අවස්ථාවල නොකඩවා කැපෙන ජලය ලබාදීමේ අපහසුතාව හේතුවෙනි.
මෙහි ඇති ප්‍රධානම කාරණය නම්, ලබාදෙන ජලයෙහි ඇති පිරිසිදුකම පිළිබඳව ගැටළුවයි. ක්ලෝරීන් වල පිහිටෙන් අප රටෙහි ආඩම්බර කාර ජල පරිපාලන නිලධාරින් තම කටයුතු පහසුවෙන් කර ගනී. නමුත් බොන ජල බිඳුවක ඇති පරම පිවිතුරු බව එහි නැත. එය දන්නේ උගුරෙන් පහලට බොන දිව පමණි. (බොහෝ විට නගරාසන්න ප්‍රදේශ වල මා ජලය බොන්නේ නැත. මන්දයත් එය මාගේ අප්පිරියාවට මෙන්ම වමනය යාමට හේතුවක් බැවිනි )


ජලයෙහි ඇති පිරිසිදුකම ගැන කතා කිරීමේදී ජල පවිත්‍රතාව හේතුවෙන් වෙන් වූ  බොහෝ  සංවිධාන දැකිය හැකිය. නාමයට පමණක් සීමා වූ බෝර්ඩ් ලැල්ලක් කොටා, බැනර් කෑල්ලක් එල්ලා, පෝස්ටර් කෑල්ලක් අලවා තම වගකීම් තුලින් ඔවුන් නිදහස් වන්නේ ඒ පිළිබඳව කිසිවක් නොදත් සේ ය..

ජල දුෂණයට බලපෑ ප්‍රධානම හේතුව නම්, කාර්මීකරණය වේ. අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම හා වායු දුෂණය වීම නිසා ජල අණු තුලට වායුන් දිය වීම හේතුවෙන් ජලය අපවිත්‍ර වේ. මීට අමතරව භෞතික පරිසරයේ බොහෝ ක්‍රම ඇතත් ජල දුෂණය කෙරෙහි ඉහත සාධක බොහෝ විට බලපායි.

අප භාවිතා කරන ජල ප්‍රභව මිනිසාගේ විවිධ පරිසර දුෂණය කරවන ක්‍රියාකාරකම්  නිසා තදින් අපිරිසිඳුවී පවතී මේ නිසාම පානීය ජලය නිසා වැළ‍ඳෙන  ලෙඩ රෝගද රාශියකි. ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව  2006 වසරේදී පමණක් මෙලෙස අපිරිසිඳු ජලය පානය  කිරීම නිසා පුද්ගලයන් මිලියන 1.8 පමන මරණයට පත්වූ  අතර, පිරිසිඳු ජලය නොමැතිකමින් පානීය ජලය අවශ්‍යතා සඳහා ජලය සපයා ගත නොහැකිව තවත් බිලියන 1.1 පමණ පිරිසක් ලොව පුරා පීඩා විඳිති. (අන්තර්ජාලය ඇසුරෙනි )


 සාමාන්‍යයෙන් දිනකට වැඩුනු පිරිමියෙකුට ( වයස අවුරුදු 18 ටවැඩි) වතුර ලීටර් 3.7 පමණද එවැනි ස්ත්‍රියකට ජලය ලීටර් 2.7ක්  පමනද ලබාදිය යුතුය. නමුත් ජලය එතරම් ප්‍රමාණයක් භාවිතා කිරීමට තරම් පිරිසිදු තත්වයක පවතින්නේ නැත. ජලයේ අපිරිසිදු බව නිසා විවධ ලෙඩ රෝග ඇති වේ. 

o   (E coli- Coliform Bacteria) මගින් සෑදෙන කොළරාව
o   Cryptosporidium මගින් හා Giardia Lamblia ,  Legionella මගින් ඇති කරන වයිරස් රෝග හා චර්ම රෝග
o   පාචනය 

වැනි රෝග ජල දුෂණය හේතුවෙන් ඇතිවන  ප්‍රධාන රෝගයන් වේ. මෙයට ඖෂධ තිබුනත් දුක් පීඩා විඳිනවාට වඩා ජල පවිත්‍රතාව පිළිබඳව සැලකිලිමත්වීම කල යුතුය. 

මා සුදානම් වුයේ ජලයේ ඇති වැදගත්කම වත් එයින් ඇතිවන රෝගයන් පිළිබඳවත් ගැඹුරින් විග්‍රහ කිරීමට නොව පිරිසිදු ජල බිඳක් බලාපොරොත්තුවෙන් නිදහස් සටනක් කල මිනිසුන් ත්‍රස්තයන් ලෙස වෙඩි තබා මරා දැමීමට තරම් ලාංකීය හමුදාව ඇතුළු දේශපාලන හස්ත්‍රයන් පෙළඹුණු කාරණය ගැන පසු විපරමක් කිරීමටය.
දේශපාලුවන් ගැන මා තුල කුඩා කල සිටම තිබුනේ පිළිකුල් සහගත හැගීමකි. චන්ද පෙළපාලි යන දුටු මා ගෙට රිංගා ගත්තේ යක්‍ෂයන් හු හඬ නගනු බලා සිටිනු නොහැකි නිසාවෙනි. චන්ද පෝස්ටරේ දත් තිස් දෙකේ කෙහෙල් ඇවරිය එලියට දමා සිනාසුනද හිත ඇතුලේ කැකෑරෙන පාපීය අදහස් හේතුවෙන් මා ඔවුන්ට වෛර කලෙමි. 

පසුකලක දේශපාලුවන් ගැන බුකියේ ඇති වූ විවෘත සංවාදයක ප්‍රේතිපලයක් ලෙස මා දේශපාලනය යනු කුමක්දැයි වටහා ගත්තෙමි. පෙරදා සිද්ධියෙන් ගරු කල යුතුයැයි සිතන පිරිසකගේ පිළිකුල් ගතිය මා දුටු බව කිව යුතුමය. මාගේ දර්ශනය නොව ලෝකයාගේ යහපත වෙනුවෙන් මේ වදන් පෙළ මෙසේ තබන්නෙමි.

ගම්පහ රතුපස්වල වැලිවේරිය ප‍්‍රදේශයේ පිහිටි විනිග්‍රෝස් නමැති පෞද්ගලික කර්මාන්ත ශාලාවක් පිට කරන රසායනික අපද්‍රවය හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ ප්‍රෙදේශවාසින් පෙරදා වීදි බැස්සේය. බෝර්ඩ් ලෑලි උස්සාගෙන , රටටම ඇහෙන්න කියා සිටියේ එම කර්මාන්ත ශාලාව වසා තම පානිය ජලයේ පිරිසිදුතාව සුරකින ලෙසය. ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා ද මෙම උපවාසය සඳහා වැඩම කළහ. එහි ප්‍රථිපලයක් ලෙස මෙම කාරණය නොසිතු ලෙස වර්ධනය විය. 


ගල්ලොලූව විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ආරම්භ කළ උපවාසය දීර්ඝ ලෙස කිරීම නිසා උන් වහන්සේ අතිශය ගිලන් තත්ත්වයේ සිටි මුත් අධිශ්ටානය වුයේ තම දායක පිරිසගේ ඉල්ලීම් උදෙසා තම සහය පල කිරීම තුලින් කෙසේ හෝ ඉල්ලීම් දිනා ගැනීමයි. එහි ප්‍රේතිපලයක් විදියට 2013-07-31 දින ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දේශාන් ද මෙල් මහතා මෙයට සම්බන්ධ පාර්ශව වලින් එනම් රාජ්‍ය ආයතන පහකින් පමණ වාර්තා උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. 

මේ සිදුවීමෙන් පසුව මෙදිනම නීතියේ සරණ ලැබෙතැයි විශ්වාස කල ස්වාමින් වහන්සේ තම උපවාසය අත් හැර ඇත. උන්වහන්සේ පවසන ආකාරයට ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මෙයට හේතු වී ඇත. කොහොම උනත් මේ කාරණය උදෙසා තම සහය දිගටම ජනතාව උදෙසා ලබාදෙනවා කියලා උන්වහන්සේ ජනමාධ්‍යට එදිනම පවසා සිටියහ. 

කාරණය එසේ තිබියදී මහ ජනතාව දිගටම තම විරුද්ධත්වය පළකර ඇත. ඔවුන් උපවාසයෙහි දිගටම යෙදී ඇත්තේ මෙම කර්මාන්ත ශාලාව වසා දමන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කිරීම හේතුවෙනි. පසුව මෙම උපවාසය සඳහා අවට ගම් කිහිපයක් හා ස්වාමින් වහන්සේලා කිහිප නමකගේම සහය ලැබී ඇත. තරුණ නියෝජන වැඩි ප්‍රමාණයක් දැකිය මෙම උපවාසය සඳහා දැකිය හැකි විය. 


31 වෙනිදා එසේ එයට උසාවි තීන්දු කාරණා සිදුවෙද්දී පොලිස්සියේ හා හමුදාවේ බැල්ම මෙම වැසියන්ට වැටී ඇත්තේ අගෝස්තු 1 දිනය. එනම් කැරළි මර්ධන ඒකකය තත්වය පාලනයට පැමිණීම  හේතුවෙන්   කඳුළු ගෑස්, වෙඩි ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කොට ජනතාව විසුරුවා හැරියහ. මෙයින් සිදු වුයේ ජනතාව හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමයි. 

මෙම සිද්ධියේ කරුණු කාරණා එසේ තිබියදී මෙම ගැටුම නිසා 41ක් පමණ රෝහල් ගතකර ඇත.
17 හැවිරිදි සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති පාසල් වයසේ සොහොයුරෙක් වෙඩි තබා ඝාතනයට ලක් වී ඇත්තේ මිලේජ්ච ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකලා මෙනි. 

රටක තම අයිතිවාසිකම් ඉල්ලීමට හෝ නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට පූර්ණ නිදහසක් ඇත. මන්ද මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයි කියන්නේ ඒ හේතුව නිසාවෙනි. 

Killing a man for asking good water for Drink? Is this the democracy in this country? People should be blamed.

 
බීමට දිය පොදක් ඉල්ලු පමණින් අප හිඟන්නෙක් ට පවා රවන්නේ නැත්තේ එය මානුෂීය ගතියක් නොවන නිසාවෙනි. වසර 30ක යුද්ධයක් අවසන් කල මුර දේවතාවන් යැයි මිනිසුන්ගේ හදවත්තුළ ලැගුම් ගත් වයසක රැලි වැටුන අතින් බෝධි පූජා තබමින් ආශිර්වාද පැතු ඒ මිනිසුන් අතින්ම රටේ සාමාන්‍ය වැසියන් තලා පෙළීමට පවා පෙළඹෙන්නේ කුමන ගතියක් නිසාද... ? සමාජ අසහනයද නැතිනම් මිලේජ්ච ගතියේ නිරුවත ලොවටම හෙළි කරනවා ද ?
 
මෙම ක්‍රියාවට කිසිසේත්ම සම්බන්ධ යැයි සිතිය නොහැකි 17 හැවිරිදි පාසල් ශිෂයෙක්ගේ පපුවට කොකා ගැස්සීමට තරම් තුවක්කුව හිමි දෑත කාරුණික නොවීම පිළිකුල් කොට තකමි. 

දේශපාලකයන් රෝහල් ගානේ බඩගාන්නේ වෛද්‍යවරුන් මෙනි. විරුද්ධ පාක්‍ෂිකයන් මෙන්ම පක්‍ෂයේ උදවියත් රෝහල් භූමියේ හඬා වැළපෙයි. අපට හැඟෙන්නේ මොවුන් රඟන විකට රංගනයේ අවසන් බිල්ල මෙය නොවන බැව් අපගේ ගොන් මොලයට තව තවත් වැටහෙන නිසාවෙනි.

 දැන් කොහොමද ? අපේ ආණ්ඩුව තිබ්බා නම් මෙහෙම වෙන්නේ නැහැ. අපි සදාරණයට ඉෂ්ට කරනවා.. මේවා  දේශපාලන කුමන්ත්‍රණ...

කැලණිය ප්‍රදේශය භාර ඉෂ්ට දේවතාවෙක් ප්‍රකාශ කර සිටියේ මෙවැනි සිද්ධි පාලනය කිරීමේදී මෙවැනි මරණයන් සාමාන්‍ය බවය. ඔහුගේ පුත් ගැසූ පාරවල් මේජර් වරුන්ට වැදුණු පාරවල් උනමුත් මේවා බලා සිටින අපනම් මෝඩයන් නොවෙමු. 

දිය බිඳක් වෙනුවෙන් හඬන මිනිසුන් අද කඳුළු වගුරන්නේ මල මිනි ගොඩක් වෙනුවෙනි. දිය පොදක් වෙනුවෙන් පාරට වැටුන මිනිසුන් අද ජීවිතයේ සමීපතයන් වෙනුවෙන් මලගම් සමරන්නේ හදපිරි ප්‍රීතියෙන් නොවේ. 

ලංකාවේ ආශ්චර්ය මෙය ද ?

ආඩම්බර කාර තාත්තේ.....
ඔබට පෙරදා ද ගරු කලෙමි . ඔබට ඊයේ ද ගරු කලෙමි. ඒ තිස් වසරක යුද්ධයක අවසන් දුටු නිසාය. මාගේ ජාත්‍යාලය ඔබ වෙනුවෙන්ද වැදුණේ ය. ඔබ ආඩම්බර තාත්තෙක් යැයි ඊයේ වෙනකම් සිතුවෙමි. නමුත් සහෝදරයන් අමු අමුවේ මැරෙද්දි කිසිදු වරදක් නොකර වෙඩි උණ්ඩයක රස විඳිද්දී ඔබ අද නිහඬය..  ඔබ අද මා වෛර කරන්නෙමි.

ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරියක් නම් රාජ්‍ය ආයතනයක් තිබේ. එහි සේවකයන් බලධාරීන් ගුලි කා අඩ නින්දේ අයිස් ගසනවාදැයි සිතේ. ඔබ සේවය කල යුත්තේ මහජනයා වෙනුවෙන් බව මතක් කර සිටිමි. ඔබ කන්නේ මහජනතාවගේ මුදලින් බවත් එම මුදල ලැබෙන්නේ අප ගෙවන බදු මුදලින් බවත් නැවත නැවත මතක් කරමි. මෙවැනි පරිසර තත්ත්වයන්ට ගැලපීම නොගැලපීම කර්මාන්තශාලා සැදිය යුතු ප්‍රෙදේශ තීරණය කරන්නේ ඔබ විසිණි. ඔබගේ දෑස මේ පිළිබඳව මුලදී වැසි තිබීම පුදුමයට පත් නොවෙමි. මන්ද රටක්ම නිදියන යුගයක් තුල ඇහැරී සිටින්නට මටද වෙහෙස දැනෙන නිසාවෙනි.

වුන දේ උණා. මරුන එකා මැරුණා. ඒ උගේ කර්මය යැයි සිතිය නොහැක. කර්මය මෙයනම් කර්මය වෙනස් කරන්නට වෙහෙසෙමි.

-           ශක්තියේ සටහන බුද්ධියේ විමසුමට ( තවමත් චන්දය හිමි චන්දලාභියෙක් නොවෙමි. දේශපාලන අතකොළුවෙක් නොවෙමි )
Share on Google Plus

About Unknown

7 අදහස්:

  1. හ්ම්ම්ම්ම්ම් .... (වෙන මොනා කියන්නද)

    ReplyDelete
  2. ආඩම්බරයක් මෙහෙම දෙයක් ලියපු එක...

    ReplyDelete
  3. //ආඩම්බර කාර තාත්තේ.....
    ඔබට පෙරදා ද ගරු කලෙමි . ඔබට ඊයේ ද ගරු කලෙමි. ඒ තිස් වසරක යුද්ධයක අවසන් දුටු නිසාය. මාගේ ජාත්‍යාලය ඔබ වෙනුවෙන්ද වැදුණේ ය. ඔබ ආඩම්බර තාත්තෙක් යැයි ඊයේ වෙනකම් සිතුවෙමි. නමුත් සහෝදරයන් අමු අමුවේ මැරෙද්දි කිසිදු වරදක් නොකර වෙඩි උණ්ඩයක රස විඳිද්දී ඔබ අද නිහඬය.. ඔබ අද මා වෛර කරන්නෙමි.//

    උඹ වෛර කළා කියලා වැඩක් නැහැ බං. මේ යන දේශපාලන ක්‍රමේ ඇතුලේ මරා ගේ නෙවෙයි නෙවෙයි මොකාගේ ආණ්ඩුව ආවත් ඔය සිද්දියේදී වෙන්නේ ඔය දේම තමයි. මේ වේලාවට හැම එකාම බොරුවට කැමරා ඉස්සරහට ඇවිත් හලන්නේ කිඹුල් කඳුළු.

    ReplyDelete
  4. හ්ම්... වෙන්න ඇති අයියේ.. හැබැයි ඉතිරි කලේ සදාකාලිකවම පිළිකුලක් විතරයි...

    ReplyDelete
  5. ආඩම්බරකාර !@#ය මේවගෙ අහිංසක ජිවිත කීයක් නම් බිලි ගත්තද යුද්දෙන් පස්සෙ.
    ඔය අවසන් මරණ කීපයත් නොවේ.
    එයා යුද්දෙ දිනල ලැබුනු ලකුනු කපාගෙන ගොඩක් කල්.

    ReplyDelete
  6. මේ මිනිස්සු ආණ්ඩුව පෙරලන්න ආවෙ නෑ ..ඉල්ලුවෙ බොන්න වතුර ටිකක් .. ඒ මිනිස්සුන්ට හම්බුන උත්තරේ උණ්ඩ නම් තවත් මොනා කියනන්ද ... පුදුම පිලිකුළක් මගෙ හිතේ නම් තියෙන්නෙ ... කියන්න වචන නෑ ...

    ReplyDelete
  7. වතුර ඉල්ලන්න තහනම්.. මොන පිස්සුවක් ද ?

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..