පුතු දැක්මට







ලෝකය වෙනස් වුණි සැම නොසිතූ ලෙසම...
දැනෙනා දුකට වෙව්ලයි මා සියෝ ලඟම...
සතුටක් ඇතැයි සිතුවත්  මේ ලෝකයම...
පුතු දැක බලන්නයි මා හදවත පැතුම...


අම්මා නැති උනත් ඔබ සැපසේ වැඩුණා...
හදවත පුරා සෙනෙහස ඔබ විත රැඳුණා...
සෙනෙහස නුරා දිවියට සතුටක් ඇඳුණා...
පුදුමයි පුතුණි, මා ලේ අද කිරි නොවුණා...

රුධිරය දුවයි ඇට, මස්, ලේ , නහර පිට...
හදවත හඬයි ඔබ දැකුමට සිතුනි මට...
මරණය රැඳෙයි වටකොට බැඳී පවුරු පිට...
 නාවේ මන්ද ඔබ මා අද බැලීමට...

කන්නට බැරිය බත් පත අද හිර වෙනවා...
ඔබ කෑවේද මගෙ සිත තව විමසනවා...
මරණය ඇවිත් හෙට දින ළඟ නවතිනවා...
තවමත් පුතුණි ඔබ මට සිහි වී යනවා...

පිදුවෙමි, පුතුණි මා සතු සැම දේපලම...
ලැබුවෙමි උසස් කොට පුතු හට සැම සෙතම...
සිතුවෙමි, සදාකල් දිවි තෙර මරණයම...
 පැතුවෙමි, පුතුණි ඔබ හට මා හැම සෙතම...




මේ කවි පද පේලි වලට දුර ඉතිහාසයක් තියෙනවා. මම කවි ලියන්න පටන් ගත්තුම කාලේ. මුලින්ම කවි ලිවේ ලංකාදීප පත්තරයට.හරිම සුන්දර කාලයක් මගේ ජීවිතේ. අමතක වෙන්නෙම නැහැ. අමතක කරන්නත් බැහැ. පාසල් කාලේ මුල්ම කඩඉමේ ජයග්‍රහණය කරන්න වෙහෙසුන කාලේ.ඕ ලෙවල් කාලේ.... 
ලෝකයාට මගේ කියලා නම ලේබල් කරලා මගේම නිර්මාණ බලන්න අවස්ථාව දුන්න ලස්සන කාලයක්. මේ කවිය ලැබුනේ ඊයේ පරණ කෞතුක පොත් රාක්කයක් හච්චින් ඇර ඇර අවුස්සද්දි... 

මේ දවස් ගානෙම ලිව්වේ කවි නොවෑ.. හෙට අනිද්දා දිහා ගවේෂණ ලිපියකින් මුණ ගැසෙමු.
Share on Google Plus

About සමීර සඳරුවන්

6 අදහස්:

  1. ලස්සණ යි ලස්සණ යි...සංවේදී පද පෙළක්. පුදුම යි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ.....

    ReplyDelete
  2. බොහොම හොඳයි බෙන්

    ReplyDelete
  3. කාලෙකට ඉස්සර ලිව්ව එකක් වුනත් හරි ලස්සන කවියක්... මටනම් බහ ඔය තරම් හොදට පද ගලපන්න ඒත් ඔය වගේ ලස්සන කවි දැක්කම ආස හිතෙනවා...

    ReplyDelete
  4. සුභ පතමි...

    කවි වලට කමෙන්ට් කරන්න තමා බං නොතේරෙන්නෙ...

    ReplyDelete
  5. සංවෙදි කවිපෙලක් :)

    ReplyDelete
  6. බොහොම ස්තුතියි යාලුවනේ. :)

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..