දේශපාළුවන් හා බුද්ධිමතුන්



කැම්පස් එකේනම් කවුරු කවුරුත් සමාජවාදියෝ ය. අනුන් ගැන සිතන පරාර්ථකාමී මිනිසුන් ය. අරගලය සිදුවන්නේ පිබිදීම සිදුවන්නේ සැමගේම යහපත උදෙසාය.
සහෝදරයන් ලෙස නාමිකව හඳුන්වන ඔවුන් සමස්ථයක් ගැන ඥාතීත්වයක් ආරූඩ

කරගන්නේ තම හොඳ හිත පැතුරුවිමට බැව් අප කවුරුත් දන්නා කරුණකි. කතාව එසේ තිබියදී ඔය කිසිවක් නොකර ගිය පයින්ම මල්ලක් (දැනුම ) පුරවා එලියට බහින උදවියත් සිටි. පිකටිං දාට සමහරකට රජ මගුල් ය. බහුතරයක් ගෙදර ය. බහුතරයක් නිවාඩුව රස විඳීමෙන් අපේක්‍ෂාවෙන් එහෙ මෙහේ ගාටයි.


මහාචාර්යවරයා ද හිත අස්සෙන් කැමැත්තෙන් සිටින්නේ, ලෙක්චර් එක දෙන්නට කවුරුත් නැති නිසා ය. කැම්පස් එක වසා දැමීමට ඉහලින් අණ ලැබෙන මොහොත දෙස ඔහු බලා සිටින්නේ ගිජු ලිහිණියෙක් මස් වැදැල්ලක් අපේක්‍ෂාවෙන් කල් යවන්නා සේ ය...

මිනිසුන් එසේය. අනුන්ගේ පහනින් එලිය බලා තම තෙල් ටික ඉතුරු කර ගැනීමට බොහෝ දෙනා කැමතිය. එය එසේවන්නේ මන්දැයි මා නොදනිමි. 

අපිටත් සහෝදර කැම්පස් අයියා කෙනෙක් කැළණියේ සිටි. මම බුකියේ සෙට් වෙන වාරයක් පාසා සමාජ වාදයට විහිලු කරගෙන නිදහස් අධ්‍යාපනය ඇද බාමින් අවුස්සා ගැනීමට වෙහෙසෙමි. මන්ද අවුස්සා ගත් විට ෆුල් ෆන් ය. කියන්නෙම කැම්පස් එකේ උජාරුව ගැන ය. මා ඒවා අසා සිටීමට හිත අස්සෙන් බොහෝ ප්‍රිය කරන බවක් උන්දෑ නොදනී. ලඟකදී සිට මා ඇවිස්සුවත් ඇවිස්සෙන්නේ නැත.
පෙරදා සමාජවාදය ගැන කතා කිරීමට ඔහු හා වෙහෙසුනෙමි. එක පාරටම සමාජවාදී සංකල්ප ආ නමුත් , නැවත කරුණු පහදා දෙනවිට ඔහු ගොළුවත රැක්කේ මල්ලි අම්මා අප්පච්චි බලාන ඉන්නේ මම මේක ඉවර කරලා එනකම්. අපේ කොල්ලන්ට ඕනේ මල්ලි අම්මා අප්පච්චිට නිවාඩුවක් දෙන්න මේක ඉවර කරලා....

මඩ පාර දුන්නේ කැම්පස් අයියලා අක්කලාට නම් නොවේ. මමද ඔය තත්වෙට එන්නට ප්‍රිය කරමි. හීන දකිමි. දහසකුත් සිහින දකින්නන් අතර කැම්පස් ජීවිතයට මා ප්‍රේම කරන්නේ මාගේ පෙම්වතියටත් වඩා ඉහලිණි. 

කැම්පස් ජීවිතය ගැන කතා කලේ අපේ රටේ මූසල දේශපාලනයට විවරණයක් ලබා ගැනීමේ අරමුණ යුතුවය. 

“ ඔය කවුරුත් ඉස්සර කැම්පස් වල සමාජවාදියෝ...” “....දැන් පස්සක් අල්ලං බොරු දෙසා බෑවාට මොකද ඒ දවස්වල පරාර්තසේවය උදෙසා දිවි දෙවෙනි කොට සටන් කල ආදී කාලින සංජිවලා නොවෑ..”

මෙවැනි වදන් මම බොහෝ විට මගේ කණට ඇසි ඇත. එසේවන්නේ නම්, එසේ පාරාර්ථ වූ මිනිසුන් නම් කුමක් අරඹයා මිනිසුන් මුලා කරන්නේද යන්න ගැටළුවකි.
මගේ සුපිරිසිදු බ්ලොග් අඩවියේ දේශපාලනය යන මාතෘකාව පවා කතා කිරීමට මා පෞද්ගලිකව අකමැතිය. මන්ද ජරා දේශපාලනය මා පිළිකුල් කරමි. 


රනිල් ගේ ආණ්ඩුව කලෙත් ඒ දේමයි. මහින්දගේ ආණ්ඩුව කරන්නෙත් ඒ දේමයි. ආශ්චර්ය වන්නේ මිනිසුන් මේවා දෙස බලාගෙන එදා සිට අද දක්වාම සුසුම් හෙලීම පමණක් වන නිසාවෙනි. වෙන යම් ආශ්චර්යක් මා නොදනිමි. නොදකිමි.

ලංකාවේ දේශපාලනය කරන්නට සුදුසුකම් අවැසි නැත. එකම සුදුසුකම චන්ද බලය හිමිකමත් රටේ පුරවැසියෙක් බව තහවුරු වීමත් පමණි. රටෙන් බාගයකට වැඩි ප්‍රමාණයක් සිටින්නේ මෝඩයන් ය. ඔවුන් රැවටීමට කකුල් හතරේ බල්ලෙක් නැට්ට වැනුවත් හැකිය. කුණුහරුප දෙකක් කියා තුවක්කු කොටයක් දික් කල පමණින් රටෙහි පොරක් ලෙස පිළිගැනීමට තරම් මිනිසුන්ගේ සිත් හැඩගැසී ඇති බව කීමට තරම් මා ලජ්ජා වෙමි.

චන්ද කාලයට අවුරුදු සමය මෙනි. ගමේ පාරේ වලවල් වැසෙන්නේ හිටි ගමන් ය. දෙයියෝ දුන්නා මේ නෑ සේය. 

ලොරි වල ගොඩ වී ගමේ පොලට ගිය උදවියට දැන් යන්නට පාරේ බස් රථ දෙකක්ම ඇත. ත්‍රී ප්ලේස් , ෆුල් ප්ලේස් සංගීත ප්‍රසංග වැහි ගමේ කන් පුරවයි. ෂොට් දෙකක් දාගෙන සයිමන් මාම ජොකා පේන්න නටන්නට කියාපු තැන එතනය. සංගීත ප්‍රසංගය අතරවාරයේ ගමේ සල්පිල මෙන්,  ජනතා නියෝජිතයා මයික්‍රෆෝනය අතට ගන්නේ තමන් කල කෙරුවාවත් ආණ්ඩුවේ කෙරුවාවත් තමන්ගේ ප්‍රේතිවාදියාට කෙලින මඩ පාරත් ගැන වහසි බස් දොඩමින් උදම්ඇනිමටය. 

බලා ඉන්න මිනිසුන් සතුටිං සිනාසෙයි. අත්පුඩි තලයි. රතිඤඤා හඬ නගයි. රාත්‍රිය සැණකෙළි ස්වරුපයක් ගනී. ගමේ පංසලට , මරණාධාර සමිතියට පුටු  තුන හතරක් පරිත්‍යාග කරයි. ගමේ ණයට කහින රෙදි අපුල්ලන ගෝතයෙක් නැවත ස්ටේජයට නැග ජනතා නියෝජිතයාගේ කුණු හොදයි. 

කියන්න අකමැතියි මිත්‍රවරුණි , තම පස්සත් බාගයම පුදයි. පිළිකුල් ය. ගමේ කොල්ලන්ට රස්සා දෙනවා යැයි හීන මවයි. 8 පාස් කිරා ද තමන්ගේ ගොවිතැන් බත අත්හැර , 5 පාස් සිමා ද තම පොල් ලෙලි ගැසීමේ බඩ රස්සාව අත්හැර ජනතා නියෝජිතයා පස්සේ යන්නේ කන්තෝරුවේ කැරකෙන පුටුවේ රස්සාවක් දෙනවා යැයි පැවසු නිසාවෙනි.
 
අපේ නිදහස අපි විඳින අයුරු
ගමේ කොල්ලෝ කෙල්ලන් පක්‍ෂ විපක්‍ෂ පාට අරක මේක උදෙසා වැඩිහිටි ප්‍රජාවද බෙදී දෙකඩ වී ඇත. 

අරු අර පක්ෂේ. ඔව් ඔව්... උන්ට දිනන්න දෙන්න හොඳ නෑ..  ඔව් ගිය සැරේ හොර චන්ද නොවෑ.. පේන්නේ නැත්ද යන උජාරුව.. හෙක් බලපං කෝ කන්න කුඩු නැහැ ඒ උනාට කෙල්ලගේ තියන මෙව්වා එක....

හිත ඇතුලේ කැකෑරෙන වෛරයන් එලියට එන්නේ මෙවැනි දිනවලය. එක පැත්තකින් එක නියෝජිතයෙක්ගේ ආධාර කරුවන් ය. තව පැත්තකින් තව ගමේ නියෝජිතයන්ගේ ආධාරකරුවන් ය.

උඹලට ගැහුවොත් උඹලත් ගහපල්ලා. උන්ට සෙකන්ඩ් වෙන්න එපා.. උන් මොන @!#** ද ? අපි තමයි දිනන්නේ.. මෙන්න වේපන්. පෙන්නලා භය කරපල්ලා. වෙඩි තිබ්බොත් තියාපියව්. මම ඉන්නවා.. සල්ලි තියෙනවා. තව මොන නීති ද ඕයි.. කිසි දෙයකට භය වෙන්න එපා.....

පෝස්ටර ගසන්නට ගොස් දෙපැත්තම මුහුණට මුහුණ හමුවෙයි. කියන්න සතුටුයි මිත්‍රවරුණි දෙපැත්තම ගම කා ඇත. එකෙක් ළඟ කළුතෙල් බාල්දි ය. ඌ පොලොස්සියේ කටයුතු පහසු කරයි. තවකෙක් ළඟ පාප්ප බාල්දිය ද පෝස්ටර් මිටිය ද වේ. කස්ටිය කෙල ගන්නේ තම තමන්ගේ පෝස්ටර් වලට මඩ පාර වැදී තම පක්‍ෂ නායකයාගේ සැබෑ නිරුවත තමා අතින් ඔප් නැංවී ඇති නිසාවෙනි. 

අඩෝ...... @$^&*(( තොපි #$%&* ද ? $&((ලා යවන්නේ... පොන්න හැත්ත... 

ඔව් ඩො... @%&( තමයි ඇයි ගහන්න ද ? $&*( නිකං පදිරි වෙන්න එපා..

ගහන්න තමයි.. &*( හිතන්න එපා භයේ කියලා.. 

ඩොන්... පටෝන්... 

බුදු අම්මෝ.... ! 

අඩෝ මොකක්ද උඹ කලේ.. මාරුවෙමු මාරුවෙමු...

=                 =                 =                 =                 =

අවසානයේදී දී එකෙක් දෙන්නේ මරාගෙන ය. ඒවාට වරදකරුවන් වන්නේ ගමේ පාරේ බස් රථය වේ. නැත්නම් ගෙයක් වේ. නැත්නම් ගමේ පාරේ යන වාහනයක් ය. ගිනි දෙවියන් පුදන්නට ඔවුන් වෙහෙසෙන්නේ අනුන් කල වරදකට උඩ කී කිසිත් නොදත් ප්‍රාණයෙන් ශුන්‍ය වූ පොදු දේපල ය. පෞද්ගලික දේපල ය.  .  

සියල්ල එසේ තිබියදී ශ්‍රී ලංකා පැපරල් සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා ලේඛයට වොට් වලින් නිමක් නැත. පැපරල් සංවිධානය කිසිදා ප්‍රචණ්ඩ ක්‍රියා ගනිනවා විනා ගත් කිසිදු තීන්දු තීරණයක් මේ සඳහා නොමැත. හැමදාම ප්‍රචණ්ඩ ක්‍රියා ගණනය කරමින් ඔවුන් කල් ගෙවයි. මිනිසුන්ට ඇති සමාජ අසහනය දුරුකරන්නට වගකිව යුතු සංවිධානයක් වශයෙන් වෙහෙසෙන්නේ නැත. නම තියේ හම නැත. හම ඇත්තන් ගේ ජීවිත නැත. හේතුව එය යැයි සිතමි. 
 
ජල ගැටළුවට පිළියම් සැපයු දේශපාලනය
 අවසානයේදී චන්දය විමසා චන්ද ප්‍රථිපල චන්ද ගණන් කිරීමටද මත්තෙන් ඔවුන් දනී. චන්ද හිමි අහිමි සැවොම චන්දය භාවිතා කර අවසන් ය. 

ගමේ බස් එක සියල්ලට හොරා ආදායම් මදි යැයි කියමින් ඩිපෝව නවත්වා දමයි. ගමේ පාර ද දැරිය නොහැකි බරවාහන යාම හේතුවෙන් වලවල් ගැසී නැවතත් ගිලන් තත්වයේ ඇත. 

ඉහත කී කිරාගේ ගොවිතැන් බත පාළුවී ඇත. කලට වෙලාවට නොලැබෙන පොහොර උරය හේතුවෙන් යැයි කියමින් කිරා දෙස් දෙවොල් තියයි. සයිමා ද පෙර පරිදි සියල්ල අකුලා ඔෆිසි බෑගයද ගෙන පොල්ලෙලි ගසන්නට යයි.

මා ඉපදුන දවසේ සිට දුටු දේශපාලනය න්‍යාය වුයේ මෙම රැවටීම පමණකි. චන්ද කාලයට කාණු පල්ලට බල්ලන් බත් ඇට අහුලන්නා සේ චන්ද ඇහිලිමට මුඩුක්කු ගානේ බඩගායි. හැමදාමත් දුක කියන මිනිහා දෙස අවඥාවෙන් බලන ඔවුන් “....හරි... හරි ඒ ගැන හොයන්න කමිටුවක් පත් කරනවා...”  හැමදාමත සැම මොහොතක වන්නේ කමිටු පත් කිරීමත් ඒ පිළිබඳව සොයා බැලීමත් පමණකි. 
කමිටු වල ඇත්තන් සොයපු දිනක්වත් තීරණ ගත් දිනක්වත් තවම මා නම් දැක නොමැත. 
 

අප හිස මුදුනේ තියා නමදින ගුරු උතුමන් හැමදාම උදේට හවසට කකුල් දෙක අල්ලා නමදින ගුරු උතුමන් ලා ලව්වා ලිංගික අල්ලස් ගැනීමට තරම්, තම කකුල් දෙක ඉදිරියේ දනනැමීමට යැයි අණ කිරීමට තරම් අප පත් කරන චන්ද ලාභින් කෘර ය. 


අවුරුදු 14 -16 සහෝදරියන් දුෂණය කිරීමට තරම් ඔවුන් කුපාඩි ය. බලය , මුදලට කොටු වී තම අභිමතාර්ථයන් සපුරා ගන්නවා විනා සමාජීය අඩු පාඩු සොයා බලා තම වගකීම් ඉෂ්ට කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැත.


දැයට කිරුල ප්‍රදර්ශණය පැවැත්වීමට යෝජිත්වය ඇත්තේ අප ප්‍රදේශය තුල ය. මේ වන විට අද දිනද දැයට කිරුළ සංවර්ධනය කිරීමේ යටතේ නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නා බව තරමක් සතුටින් සටහන් කරමි. 

මන්ද දැයට කිරුළ ජංගම සේවා මගින් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරින් ගමේ අඩු ආදායම්ලාභී පවුල් වලට සහනාධාර සපයයි. (මන්දා එහෙම කියනවා. ) විදුලිය නැති අයට විදුලිය ද , ජලය නැති අයට ජල ලිං ද ( :D හිනා යනෝ ඕය්.) , නිවෙස් පිළිසකර කර ගැනීම සඳහා ද ආධාර කරන බව පවසයි. 

නමුත් මෙහි ඇතුළාන්තය ගැන පැවසීමට මා අකමැතිය. මමද මොහොතක් ඒ ගැන සොයා බැලීමට උත්සුක වුයේ මාගේ මව පියාටද ඒ සඳහා සහභාගිවිටම උවමනාවක් තිබුන හෙයිනි. ඒ සඳහා පළාත්සභාවේ මන්ත්‍රී වරයෙක් මුණ ගැසීමට සිදු වූ බව මව මා සමඟ පවසා සිටියා ය.



“.....ඉතිං ඔය කියන කෙනා හම්බ උනාද අම්මා....”

“.. නෑ..”

“... එතකොට අම්මා අප්පච්චි එහේ ගියේ...”

“...එන්න කියපු නිසා....”

“... ඉතිං ඔරවන්නේ නැතුව ඇයි හම්බ නොවුනේ කියනවකො..”

“... වෙලාව පහු උණා ලු. ඇතුලට යන්න දෙන්න බැහැ ලු.. මන්ත්‍රී ලා කාර්‍යබහුලයි ලු..”

“..අනේ උන්ගේ බම්බුව.. උන්ට වඳින්න ගියානේ ඔයාලත්... ඉතිං කවුද එහෙම කිව්වේ...”

“... එතන වැඩ කරන අය . එයාල අපේ  කට්ටියම එලෙව්වා...”



මෙය සත්‍ය සංවාදයක් බව පැවසිය යුතුමය. මක්නිසාදයත් අප පත් කරන ජනතා නියෝජිතයන් හමුවීමට යාමට පුංචි කලයක් ඔවුන් තුලින් හිමිවන්නේ නැත. ඔවුන් වටා සේවය කරන මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් මැද මිනිසුන්ට ගොළුවත රැකීමට සිදුවීම කණගාටුවට කරුණකි.

මා චන්ද ලාභියෙකු නොවෙමි. මා පොලවේ පය ගැසීමට වෙහෙසෙන කුඩා එකෙකු වෙමි. අනාගතේ අපේ යැයි බොහෝ දෙනා පවසන නිසාම මේ අනාගතයට මුහුණ දෙන්නට මා වෙහෙසෙමි. මටද දිනක මේ රටෙහි චන්ද බලය හිමිවනු ඇත. මටද පක්‍ෂයක් වෙනුවෙන් තම චන්ද කැමැත්ත පළකිරීමට සිදුවනු නියතය. නමුත් බුද්ධිමත් වී මම කා වෙනුවෙන් චන්දය භාවිතා කරම් ද ? නිහඬ ගොළුවත රකිමින් නිවටයෙක් සේ සිටීමට මට සිදු වේ දැයි මා නොදනිමි.
 
සැමදෙයටම පස්ස අදින ලාංකීය දේශපාළුවන්
කිසි සේත්ම අකමැති මාතෘකාවක් වූ දේශපාලනය පිළිබඳව පැවසීමට තරම් මා පව් කර ඇති සෙයක් දැනේ. මා දනිමි දේශපාලනය යනු මෙය නොවේ. මාක්ස්වාදයේ සංශිප්තයට මා ගරු කරමි. ලෙනින් ගැන නොදන්නවා වුවත් මා ඔහුට ගරු කරමි.
 මා දේශපාලනය ගැන දන්නා බම්බුවක් නැති තරම්ය. නමුත් මා දන්නා දෙයක් ඇත. දන්නා දේ ගැන දන්නා හැටියට කතා කිරීමට මා වෙහෙසුනෙමි. නොදන්නවා යැයි ගොළුවත රැකීමට වඩා දන්නා දෙය මුවහත් කර මෙහෙයවීමට මා දැඩි සේ කැමැත්තක් දක්වමි. මා ඉපදුන දා සිට අද දක්වාම දුටු දර්ශනයන් ඇත. 

මා ලැබූ අත්දැකීම් ඇත. තනිව ජීවත් වීමට, තනිව තීරණ ගැන ගැනීමට, තනිව මා කැමති දේ කිරීමට මා දෙමාපියන්ගෙන් ලද අවසරය නිසා මා පොලවේ පය ගසා ජීවත් වීමට තරම්  හැකියාවක් ලද්දෙක් වෙමි. 

ඒ පිළිබඳව මේ අත්දැකීම් සාරය කැටි කොට වාචාල නොහොත් කටකාර කටක් බිහි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට පිං ලැබෙනු ඇත. දිනකදී ලොව වෙනස් කිරීමට වෙහෙසෙමි. මම දනිමි එය අසීරු බව. නමුත් වෙහෙසෙන්නේ නැතුව අනන්තයක් දුර යැයි පැවසිය නොහැක. එය දැනෙන්නේ තමාට අනුවය. 


කැම්පස් ගැන කතා කලේ කැම්පස් වලට මඩ ගැසීමට නොවේ. මන්ද සංජිවලා බිහි වූ කැම්පස් තුලින් ය, විජේවීර ලා බිහිවන්නේ කැම්පස් තුලින් ය. බණ්ඩාරනායක ලා, ජේ ආර් ලා බිහි වී ඇත්ත විශ්ව අධ්‍යාපනය තුලින් ය. 

ප්‍රභාකරන් ද කැම්පස් ශිෂයෙක් ය. කට්ට කාල ක්ලාස් පීස් නැතුව ණයට සල්ලි හොයා උසස් පෙළ අමතර පන්ති වලට ගොස්, කැම්පස් දිවියට පය තැබූ කොල්ලන් කෙල්ලන් බොහෝ ය. කුසට අහරක් නැතුව රෑ එළිවෙන තුරු වනපොත් කල දැනුම අවුරුදු දෙකක් කට්ට කා දෙමාපියන්ගේ දහඩිය මහන්සියේ ප්‍රථිපලයක් වූ ඔබ ඔතනට පැමිණියේ ජීවිතේ කඩඉම් පසු කිරීමේ අපේක්ෂාවෙනි.  සමාජ සහජීවනය තිබිය යුතුය. එය වැඩෙන්නේ ඔබ ඉගන ගන්නා භූමිය තුලින් හා ඔබ භූමිය තුලින් ලබන අසීමිත නිදහස හේතුවෙනි. 

නූල් දිය උන කමිසය දවස් පහක් අඳින ඩෙනිම් කලිසම ගැන මම ද දනිමි. බෝඩිමේ බොන ක්ලෝරීන් වතුර ගැන මම ද දනිමි. මදුරු කරදරයෙන් දුක් විඳින ඔබ ගැන මම ද දනිමි. පාඩම් පොත තියාගන්නා පුටු කබල , කුසට අහරක් නැතුව බොන සීතල දිය බිඳේ වේදනාව මම ද දනිමි. 

කැන්ටිමේ පරිප්පු හොද්ද මකුළු දැලටත් වඩා හුලන්ගේ ගසා යන ඉඳි ආප්පය ගැන මා හොඳ හැටි දනිමි. ඔබ කියාවි “.....මල්ලි ඇවිත් බලන්න ඔයා මේක ඇතුලට ආවොත් ඔයත් හොඳ විප්ලව කාරයෙක්....”  යනුවෙන් ඔබ පවසනු නොවනුමානය. ඔබ දිහා එලියට වී බලාගෙන සිටින සහෝදරයෙක් වශයෙන් පැවසීමට ඇත්තේ, මුවින් නොකීවත් ඔබගේ දෙමාපියන්ට දැන් නිවාඩුවක් ඇවැසිය. උපතේ සිට අද දක්වාම ඔබ වෙනුවෙන් ඔවුන් වෙහෙසී ඇත. 

ඔවුන් ලද එකම ජයග්‍රහණය ඔබම වේ. ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අරමුණ ඔබ සතුය. දේශපාලනයේ අතකොළුවන් නොවන්න. ඔබ නිදහස් අධ්‍යාපනයේ මල් පැලයක් බව මා දනිමි. අප තව පොහොට්ටුය.  ඔබ ඔතනින් නික්ම එලියට යා යුත්තේ ජීවයක් වී මිස, පිළලයක් වී නොවේ. ඔබව අවුස්සා ගෙන වහසි බස් දොඩන බොහෝ අවස්ථා මා දේශපාලකයන් හරහා දුටුවෙමි. 

ඔබට මෝඩයන් කියනවාට අප අකමැත්තෙමු. මන්ද ජාතියේ සාරය උරා බොන දේශපාලුවන් ළඟ ඔබ වැඳ වැටෙනවාට ඇති අකමැතිකම නිසා ය. 

කතා කරනවා නම් සැවොම එක්වන්න. නැත්නම් ගොළුවන්න. ඔබ සැවොම එක් වන්නේ නම් අපද ඇහැරී බලාසිටින්නෙමු. මන්ද ඔබ අපගේ මගපෙන්වන්නම් නිසාය.... 

Share on Google Plus

About සමීර සඳරුවන්

10 අදහස්:

  1. නුඹේ නිදහස් චින්තනය මල් මසුරන් ය. අප හිතනවාටත් වඩා හැම දේම ගැන විවෘතව සිතම්න් ලියන ලද මේ ලිපිය අගෙයි. කනගාටුව මේ තරම් විවෘත වන්නට මට නොහැකිවීමයි.

    ReplyDelete
  2. අනේ මේ කුරුල්ලනං හෙන වදයක්. මාත් කාලයක් එල්ලං ඉදලා ගැලෙව්වා. ලිපියක් කියවන්නවත් කමෙන්ට්ටුවක් කොටන්නවත් මේකා ඉඩ දෙන්නේ නෑ.

    ReplyDelete
  3. බොරු වර්ණනා.. :/ මුරුංග අතුවල තියනෝ... :D

    ReplyDelete
  4. කැම්පස් ගියානම් හැමෝම විප්ලවකාරයො තමයි :v (වයබට අදාලවන අතර කැලණියට අදාල නොවෙ :P)

    ReplyDelete
  5. අනේ වයඹ උන්ට පුළුවන්නම් එච්චර හරියක්. මම මොකද ඔය වයඹ කැම්පස් එක ගැන දන්නේ නැතුවයා... හරිම මාන්ජලික එකක්.
    ගම උනත් ඇත්ත කියන්න එපෑ යෑ... :3

    ReplyDelete
  6. පැහැදිලිව හිතන එක ආඩම්බරයි.

    ReplyDelete
  7. @නලීන්.......ඔබ ඔබේ සීමාවේ සිට කරන සේවය අන් හැමටම වඩා මල් මසුරන් බව මගේ හැඟීමයි!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  8. උඹලා වගේ කොල්ලො අඩු එකයි මට තියෙන දුක...

    ReplyDelete
  9. උගතුන්ගේ-බුද්ධිමතුන්ගේ අඩුවකටත් වැඩිය අද තියෙන්නෙ බහුතරය අවස්ථාවාදීන් වීම.

    ReplyDelete
  10. ඒ මොකෑ මාතලන් අයියේ... මක්ක කොරන්නද ? :D

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..