The Dog Storie බල්ලෙක්ගෙ කතාවක්.





බල්ලා උඩු බුරයි බලපං පිළිකන්නේ.....
ගත්තෙ ගල් බාගේ බල්ලට කෙලපන්නේ....
බල්ලා දොඩන්නේ මොනවද අසපන්නේ....
මටත් හොරෙන් ගල් හිත මගෙ විමසන්නේ.....

ගමේ අහල පහලම  උන්නා පේවී.....
තොපි විතරයි කන්නේ බඩ වෙලේවී.....
බලු කූඩුවේ ඉන්නේ මම කුණු ගෑවී....
මම බල්ලෙක් නොව බල්ලෙක් වෙමි පේවී.....

තොපේ රැලේ උන් කරනා වැඩ ගැනනම්....
තොපිට හොඳට පුරුදුයි ජඩ ඒ  බලුකම්....
වන්දි ගෙව්වේ අපි එව්වට හම අපෙනම්....
උඩු බිරුමට තොපි කුමටද ඔය භියකම්....

අහල පහල බල්ලෙක් අපි දුටුවාම....
බලුකම නොව කහ දත් දෙක පැන්නාම....
තොපි වෙනුවෙන් අපේ රැලට බැන්නාම....
කළගුණ දත් වුවන් දැයි අසමි මම....

තොපේ උන් වගේ අපි පක්‍ෂයක් නොවේ....
අපේ උනුත්  කෑවොත් එය වහක් නොවේ....
බක පණ්ඩිත බල්ලන් අපි අතර නොවේ....
බලුකම උඹලා ළඟමයි අපිට  නොවේ....

අපි කන්නට හැදුවොත් කුණු බක්කි ඇදා....
බලු වෑන් ද සුදු පාටින් එතෙයි මෙදා....
ගමේ උනුත් දිනුවොත් බලුකමින් සදා....
අපේ මස් ටිකත් කයි දැයි භයයි සදා....

අපි බල්ලන් උඹලා ළඟ හැදුනා තමයි....
අපෙ මහ එකාලා වරිගය නැසුව තමයි....
තොපේ උන් ගාව අපි මෙහෙ කළා තමයි....
නැට්ට පෑගිලා මම හූ කිව්වා තමයි.....

මුල වැරදුන අපි ගැන මම දුක් වෙනවා....
අපෙ සමහරක් පව් අප ගෙන යනවා....
තොපේ එකාලගෙ කුණු කරපිට යනවා....
අපේ එකාලා තාමත් කුණු කනවා.....


බල්ලගේ උඩු බිරුම මා අද අසාලා....
බල්ලෙක් උනත් බලුකම් නැත සිතාලා.....
ගල් බාගය ආපසු බිම තියාලා....
නළල සිප ගතිමි මගෙ “සූදු” කියාලා....

පණ්ඩිතකමට බස් දොඩනා උන්දෑලා....
දැක මම හිනහව හුළඟට මුහු කරාලා....
දෙබසක් තුල ඇති දුක මා නොවිඳා ලා....
මුනිවත සිල් රැකුමට යමි කැරකිලා.....
Share on Google Plus

About Unknown

7 අදහස්:

  1. ඔය තියෙන්නේ. උඹත් අගේ ඇති කවි කාරයෙක් නෙව.. අපුරුයි

    ReplyDelete
  2. ඔබ ගමෙන් එලියට ඇවිත් ළෝකේ පුරා යන්න හම්බ උනොත්, මම කිව්වේ මොකක්ද කියලා තේරේවී. අන්න එදාට මම කියපු දේ තේරුම් ගනීවී. ළෝකේ කියන්නේ ලංකාව නෙවෙයි බෙන් ටෙන්..

    ReplyDelete
  3. හ්ම්ම්... තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. මට තේරුම් ගන්න උවමනාවක් නැති නිසා. තේරුම් ගන්න ගිහිං ඇති වුනේ සිත් වේදනාවන් විතරයි..

    ReplyDelete
  4. මේකද ඔබේ බෞද්ධකම. ඔබමයි කොමෙන්ට් එකක් දාන්න කියන්නේ. එහෙම දැම්මාම. කොමෙන්ට් එක දාපු එකා බල්ලෙක් කරලා දාලා. ආතල් ගන්න එකද ඔබේ හැදියාව. ඒකම තමයි මම ඔබට කිව්වේ, අරුණි ෂපිරෝ විවේච්නය කරපු පෝස්ට් එකටත් මම කොමෙන්ට් කරන්න හැමති නෑ කියලා. මට බල්ලා කිව්වට අවුලක් නෑ. නමුත් ඔබ දවසක් ඒ ගැන දුක්වේවී..

    ReplyDelete
  5. මොන රෙද්දක් ද බං.. ? මම උඹට දැම්ම රෙද්දක් නෙමෙයි මේ.. උඹ මොනවද එහෙම කියන්න මට කිවේ.. මොනවා කියනවද උඹ ? මේකේ කියවෙන්නේ වෙනම දෙයක් ගැන. දේශපාලනය ගැන. අයියෝ... සල්ලි.. ඔයාටනම් පිස්සුද කොහෙද ? කොහිල කනවකෝ. ෂිට්.. ඔයා මට කරපු දෙයක් නැහැ නේ මම එහෙම කියන්න.. ? :)

    ReplyDelete
  6. දෙදෙනාම වැරදි වැටහීමක වගේ... අල්ලලා දාපන් බං ඕවා...

    ReplyDelete
  7. බෙනාගේ අදහස් හොදයි, උගේ ඇහැත් හොදයි. ඒත් මිනිහාට තව කාලේ ඕන හැදෙන්න. තව ටික දවසක් යද්දී ඒක හරියනවා කියලා මට ශුවර්.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..