කන්‍යාබාවය හා ලේ පැල්ලම් - hymen and Blood mark

කන්‍යාබාවය එසේත් නැතිනම් ආසියාතික සමාජකාමියා හඳුන්වන "පතිවත" යන ගෝත්‍රවාදී සංකල්පය වර්තමාන  ජන සමාජයේ සම්ප්‍රදායික රාමුවකට පමණක් කොටු වෙමින් පවතී.
එම ගෝත්‍රවාදී හණමිටි අදහස් දුරලීම අරමුණින් මෙම සටහන දිග හැරුණි.

"....සුදු පිරුවටයයි...
මංගල යහනයි...
කඳුලින් තෙමනු එපා...
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්...
මට දොස් නගනු එපා.. ..."



දහසක් පැතුම් මූදු වෙත්දී - සලිත හදවත් දෑසින් මදහසක් සලා එක්වූහ. ජීවිතය නම් රම්‍ය ප්‍රේමය යැයි කියූ ඔවුන් ගස් ගල්, පඳුරු තුල වැදී දෙතොල් පට තෙමා අනුරාග රස වින්දෝහුය. තුරුලතා මල් පිපී සුළඟට සැලෙද්දී වසන්තය උදා විය. රන් හුයෙන් පැටලී යුගල් ජීවීත එකම රිද්මයකට සැලෙන බවට නීතිමය විවරණයයි ඒ...

එක් බ්‍රහ්මයෙක් දෙවියන් හමුවට ගියේය. ඔහු සතු පිණේ මහිමය නිසාම දෙවියන් විසින් කිරි මුහුද කළඹා එයි යොද පිළිගැන්වූ බව සඳහන් ය. ඔහු අමෘතය රස විඳිද්දී එය සිතින් දුරලිය නොහැකි විය. ඔහු තව තවත් රසයට ලොල් වී අමෘතය ඉල්ලා සිටියේය. බ්‍රහ්මයා ලොල් වීම නිසා කුමක් සිදු වුවා දැයි නොදන්නාමුත්, කාමය හා උක්ත බමුණා සමානය.

සුදු පිරුවට එලා, ඒ මත මල් පියලි වෑස්සවූ යහන මත ඔවුනොවුන් කඩා වැටේ. අනුරාග පහසේ වෙලී කිමිදෙමින් රස නහර තෘප්තිමත් වේ. පිරිමියා සතු සියලු ශක්තීන් එක්කාසු වී තෘප්තිමත් දෑසින් බලන්නේ සුදු පිරුවටයයි.. හුටා....! කෝ ලේ..!

" පරට්ටි.. තෝ අවලමේ ගියා නේද බැල්ලී... " 


".. #$%^&*( මං තෝ නිසා ජීවිතේ විනාශ කර ගත්තා... නොදකින් වේසාවී.."

මෙලොව පිරිමියා සිය අණසක ඕනෑවටත් වඩා තමා මත පවරා ඇත. සමාජ සම්ප්‍රදාය ද එයටම නතු වී පිරිමියා "දෙවියෙක්" ය යන සංකල්පය බිහි වී ඇත. මට දැනෙන පරිදි කිසිදු වෙනස්කමක් විද්‍යානුකූලව නැතත්, ලිංගිකව දෙදෙනා අතර පවතින ස්භාවික වෙනස්කම් මෙම ක්‍රියාවන්ට උඩ ගෙඩි දෙන්නේදැයි නොදනිමි.

ගැහැණියක් යනු ලිංගික භාණ්ඩයක් පමණක් දැයි සිතේ. සමාජය දකින්නේ එසේ ය. සමජකාමි පිරිමියා ගැහැණියක් දුටු තැන ස්වකීය මිත්‍රයාට,

"..... මචං බලපංකො ෆිගර් එක ඈ... සැප කරේ ආ..."

යනුවෙන් ගැහැණිය ගැන හඳුන්වන්නේ ඇයගේ කය ලිංගික භාණ්ඩයක් ලෙස සමාජගත වී තිබීම නිසා යැයි සිතමි.
බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනය වීමේ සීග්‍රතාව අතිශයින් ඉහල අගයක් ගෙන ඇති යුගයක ගැහැණිය යනු ලිංගික භාණ්ඩයක් බව ත්වුරව දැනේ..

පිරිමියෙක් අතින් කෙලෙසෙන ගැහැණිය ලෝකයා ඉදිරියේ අවමන් ලබන්නේ ය. වලත්තකම, කුපාඩිකම, යනාදී සියලු නම්බු නාම කාන්තාවගේ හිසමත හෙණයක් සේ කඩා වැටෙන්නේ ඉන් පසුවය. ලිංගිකව එකතුවීම සිය කැමැත්තට පමණක් සිදු වූ බව පසක් කිරීමට ආරුඩ වූ මානසිකත්ව උත්සහ ගනී.

විවාහයේ දී සිදුවන දෙවැනි ගමන හෙවත් මධු රාත්‍රියේ සොයන ලේ පැල්ලමේ චාරිත්‍රය නිසා කී දෙනෙක්නම් අසරණ වන්නේ ද..? ගැහැණියකගේ පිරිසිදුකම සොයන මෙම ගෝත්‍ර වාදී සංකල්පය නිසා පතිභක්තිය ඇති ගැහැණුන් කී දෙනෙක් විත්ති කුඩුවේ ලගින්නට ඇත්දැයි සිතන විට දැනෙන්නේ මෙවැනි සම්ප්‍රදායික චාරිත්‍රයන් සමාජයෙන් තුරන් විය යුතු බවයි.
පාරිශුද්ධයි කියන පිරිමියා පරික්ෂා කිරීමට කිසිදු ක්‍රමයක් නොතිබීම මෙම අසාදාරණයේ තියුණුම අවස්තාව වේ. එසේ තිබුනේ නම්, සියල් පිරිමින්ගේ ගති ලෝකයා ඉදිරියට විවර වී මෙවැනි චාරිත්‍රයන් වල බහිනවා නියතය.

ලේ පැල්ලමක් නිසා, ජීවිත කිහිපයක් සුළු නිමේෂයක කඩා වැටීම අපූරුය. 



කණ හරහා වැදෙන පාරවල්, උඩින් යන පියාඹන පිරිසි, වලං මුට්ටි සී සීකඩ විසිරීම්, රළු වචන හා සමාජ බැනුම් සියල්ල ගැහැණියක් ලේ පැල්ලමක් නිසා ඉවසා සිටිය යුතුය. දරුවන් සිටිත්නම්, ඒ දරුවන් ද අවජාතකයන් සේ සමාජගතවිමට ඇති ඉඩ කඩ බොහෝ ළඟ ය.
පාරිශුද්ධ පිරිමියා, සිය යුතුකම් පැහැර හැරියද ඔහු ලේ පැල්ලමේ බල මහිමයෙන් සිය අණසක පතුරවයි. හැකිනම් ඔහුට ".. මේ දරුවන් මගේ නොවෙයි.." කීවද සමාජයෙන් ඉස නමනවා හැර එරෙහි වන්නට කෙනෙක් නැති තරම්ය. නීති ක්‍රම කෙසේ නිර්මාණය වී තිබුනද අයිතීන් කෙසේ සැකසුනද සමාජය තවමත් ගෝත්‍රවාදී අදහස් දරයි නම්, එය වෙනස් කිරීම අපහසු දෙයකි.

ස්ත්‍රියකගේ ශරීරයේ අයිතිය සින්නක්කරව උරුම කරගන්නා පිරිමියා ශරීරයේ පහසට නතු වී, එම පහස අවසන් සුරාන්තයේ දී පිරුවට මත ලේ පැල්ලමක් දෙස බලා සැනසුම් සුසුම් හෙලන්නේ ද එය පිරිමියෙක් අතින් සිදුවන නින්දිත ක්‍රියාවකි.

විමසීමක් කරමු - 


කන්‍යා පටලය යනු කුමක් ද..?

Annular,Septate,Cribriform,Imperforate යන ආකාර කිහිපයකින් කන්‍යා පටල ගැහැණියකගේ යෝනී මාර්ගය ආශ්‍රිතව හට ගනී. මෙම ආකාර හතර විවිධ ලෙස පිහිටා තිබීම විශේෂය. ඉතාමත් අඩු ගණකමකින් යුත් මෙම පටලය විවිධ පුද්ගලයන්ට අනුරූපව පටල ගණකම වෙනස් වී ඇති බව වෛද්‍යවරුන්ගේ මතයයි. 


ප්‍රධානව ලිංගිකව එක් වීමකදී මෙම පටලය බිඳී යාම සිදු වන අතර එහිදී රුධිර වහනයක් සිදු විය හැකියි. එම රුධිර වහනය චාරිත්‍ර තුලට කා වැදී ගැහැණියකගේ පාරිශුද්ධත්වය ලෙස නම් දරා ඇත. නමුත් මෙහි ඇති ස්විශේෂී සංසිද්ධිය නම්, මෙම පටලය සියුම් වූ විට බිඳී ගියද රුධිර වහනයක් සිදු නොවී තිබීමයි. තවද කණගාටු දායක කරුණ වන්නේ, උපතේදීම ගැහැණියකගේ මෙම පටලය ඇති නොවී තිබීමට ඇති ඉඩ ප්‍රස්ථාව වේ. එයින් ප්‍රත්‍යක්ෂ වන්නේ මෙම කන්‍යාබාවය යන ගෝත්‍රවාදී සංකල්පය නිසා වරදක් නොකරන ගැහැණුන් පවා පීඩා විඳින බව නොවේ ද..?

 
ක්‍රීඩා කටයුතු වල නිරතවන තරුණියන්ගේ මෙම පටලය අහිමිවීමේ හැකියාව තිබේ. උදාහරණයක් ලෙස ජිම්නාස්ටික්, පාපැදි තරඟ අයට අහිමිවීමට හැකියාව ඇතත් එය සිදු වන්නේ 1%කට පමණ සුළු පිරිසකට නිසා එය සාමාන්‍ය ගැනීම් ක්‍රම වලදී සලකා නොබලයි. කන්‍යා පටලය නැවත සකස් කිරීමට හැකියාව ඇතත්, එය බැරෑරුම් ක්‍රියාවකි ( ශ්‍රී ලංකාවේ එවැනි වෛද්‍ය ක්‍රම ඇත්දැයි  නොදනිමි )

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සුදු රෙදි මත ලේ පැල්ලම් බැලීමේ චාරිත්‍ර නිසා බොහෝ යුවතියන් මංගල රාත්‍රියේදී අසරණ වේ. එසේ වීම අවම කිරීමත්, දෙදෙනා අතර පැහැදිලි බැඳීමක් ගොඩ නැගීමේ අරමුණින් සිය පාරිශුද්ධබව ප්‍රකාශ කිරීමට වෛද්‍ය සහතිකයක් පෙර සිටම ලබා ගැනීම සුදුසු යැයි පෞද්ගලික හැංගීම වේ.. 


නාගරික ජන සමාජය මෙම ක්‍රියාවන් පිළිකුල් ලෙස බැහැර කලත්, සම්ප්‍රදායික ජීවත් වෙන්නන් මෙම චාරිත්‍ර තවමත් සමාජගත කරන බව බැලු බැල්මට පෙනේ. එයින් යුවතියකට සිදුවන හිරිහැර හා අනිසි මානසික භිය පහ කිරීමේ අරමුණින් විවාහයට පෙර යුවතිපතියන් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍ය වේ..

සමාජගත මිනිසා ප්‍රේම කරන්නේද ලිංගික අරමුණු තකාය. කවුරුන් කෙසේ කීවත් විවාහයට පෙර ලිංගිකව එකතු වීම නුසුදුසු ය. එයින් සිදුවන්නේ ලිංගික ගැටළු ඇතිවීම පමණක් නොවේ, අනිසි ගැබ් ගැනීම් වලින් පීඩා විඳ අමානුෂික ලෙස ජීවත විනාශ කිරීමට පෙළඹීමයි. කන්‍යාබාවය අහිමි කර නොගෙන ලිංගික එකතුවීමේ ක්‍රම බොහෝ තිබුනද, එවැනි ක්‍රියාවල නිරත නොවී සිටීම වඩා වැදගත් බව ප්‍රකාශ කරමි.එවැනි ක්‍රියාවල අවසාන උරුමය හඳුනා නොගත් සමාජ රෝගයක් හා බෙලහීනතාවයකි. 


සම්ප්‍රදාය නිර්මාණය කල බොහෝ දෑ, මානුෂීය ලෙස ගත් විට කිසි විටක ගැලපීමක් නැත. ඒවා නිශේධනාත්මකව බැහැර කිරීමට නිසි කාලයයි මේ.
Share on Google Plus

About Unknown

37 අදහස්:

  1. කන්‍යා පටලය නැවත සකස් කිරීමට හැකියාව ඇතත්, එය බැරෑරුම් ක්‍රියාවකි ( ශ්‍රී ලංකාවේ එවැනි වෛද්‍ය ක්‍රම ඇත්දැයි නොදනිමි [-(

    කොල්ලා මම හිතන්නේ මේක වැරදියි ලංකාවේ හදනවා ඕක සිම්පල් වැඩක් ගාන 12000 ක් වගේ මම දන්න දවස් වල දැන් ඊටත් අඩු ඇති :d

    හදනවා කියන සින් එකේදී කරන්නේ මචන් මෙහෙමයි අපි කඩදාසියකට පැන්සලකින් ඇන්නොත් මොකද වෙන්නේ ඉරිලා යනවා විතරයි ඒ විදිහට තමයි පටලෙත් නැති වෙන්නේ ඊට පස්සේ කරන්නේ ඔය කැඩිච්ච කෑලි බෑලි ටික අල්ලලා දිය වෙන මැහුම් දානවා "අලුත් වැඩියා කරන හැටි නම් මමත් දැන ගත්තේ කවුද මන්දා කෙනෙක් බ්ලොග් එකක මේ විදිහට පැන්සලයි කඩදාසියයි උපමා කරලා කොමන්ට් එකක් දාලා තිබුනා එකෙන්"

    වැරදි දෙයක් තියනවනම් එතන කොමන්ට් එක දාපු කෙනාම පොඩ්ඩක් නිවැරදි කරන්න මතක හැටියට pradeep අයියා තමා කොමන්ට් කරලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. මං දැනගෙන උන්නේ නැහැ තියෙනවා කියලා. ඒකයි වරහන් ඇතුලේ අරවගේ ලිව්වේ..

      නොදන්නා දේ කියා දුන්නාට ස්තුතියි.. !
      කොහොම උනත් ඒ දේවල් තියෙනවානම් එක අතකින් හොඳයි.. ඒත් ඉතිං ඕක අපිනං ගණන් ගන්නේ නෑ.. හණමිටි අදහස්

      Delete
    2. ඇයි බං අර තංගල්ලේ මරපු කුරාම් කියන බුවාගේ කෙල්ල ( නම වික්ටෝරියාද කොහෙද ) ආංඩුව ගානේ අළුත්වැඩියා කරලා දුන්නේ ඇපලෝ එකේදි

      Delete
    3. මං දන්නේ නැහැ අටමෝ.. තැන්කු ආ..

      Delete
    4. අහලා තියනවා විතරයි. ඇත්තද දන්නේ නෑ. කොළඹ අවට බියුටි සෙන්ටර් වලින් මෙම සේවාව ලබා ගන්න පුළුවන් ලු

      Delete
    5. හෑ පුමා, ඒ තරමට දියුණු ද ? එහෙනම් නීති විරෝධීව වෙන වැඩක් වෙන්න ඇති මගේ හිතේ..

      ( පුමා - එහෙනම් උඹත් එකක් කොර ගත්තොත් නරකද :>) )

      Delete
  2. මම හැමදාම කියන කතාවක් තමයි මිලිමීටරෙන් දසමයක් තරම් වුන සිවියකට ජීවිතයක් මනින්න පුළුවන්ද කියන එක.. මේක මම මේ වගේ දාපු හැම ලිපියකම 2010 ඉදන්ම දාලා ඇති.. අදටත් ඒකේ කිසිම වෙනසක් නෑ..

    ලිපිය නියමයි මලයා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අයියණ්ඩි .. මිනිස්සු මෙව්වා දිහා බලන්නේ හරිම පටු විදියට.. වේලාවකට හිතෙනවා මොන තරම් මෝඩ සිතුවිලි තියන පිරිසක් එක්කද අපි ජීවත් වෙන්නේ කියලා.. :-?

      Delete
  3. ඉතාමත් හොද ලිපියක්.මෙවැනි ලිපි ලියන්න තව තවත්.
    අපේ අයගේ ගෝත්‍රවාදී පිළිවෙත පේනවා ලිපිය කියෙව්වත්,යමක් කියන්න තියෙන කුලෑටි බව.
    මේ වැනි වටිනා ලිපි ලියන අයවත් සම හරක් හිතන්නෙ කුණු හරුප කතා ලියනවා කියල.
    දිගටම ලියපන් අපි කියවනවා.

    ReplyDelete
    Replies
    1. ගැහැනියෙක්ගේ කලවා දැක්කත් කුඩාරම් ගහන සෙට් වලට තමයි අයියණ්ඩි ඒ..

      බොහෝම ස්තුතියි අයියණ්ඩි.. :)

      Delete
  4. ඔය ලේ බලන එකනං තනිකරම බොරු වැඩක්. මම හිතන්නෙ අලුත් සමාජයෙන් ඔය තත්වෙ බොහෝ දුරට අඩුවෙලා යනව කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ පරම්පරාවනම් අයියණ්ඩි ඔය දේවල් බල්ලෙකුටවත් ගණන් ගන්නේ නැහැ.. හිතන මිනිස්සු අපේ අය අතරත් ඇති.. ඒකනම් මෝඩකම වෙන්න ඕනේ...

      Delete
  5. // ස්ත්‍රියකගේ ශරීරයේ අයිතිය සින්නක්කරව උරුම කරගන්නා පිරිමියා ශරීරයේ පහසට නතු වී, එම පහස අවසන් සුරාන්තයේ දී පිරුවට මත ලේ පැල්ලමක් දෙස බලා සැනසුම් සුසුම් හෙලන්නේ ද එය පිරිමියෙක් අතින් සිදුවන නින්දිත ක්‍රියාවකි. // - මසුරන් වටිනා කතාවක් මල්ලි..

    කන්‍යා භාවයයෙන් චරිතය මැනීමට සුදානම් වීම සැබැවින්ම හෙලා දැකිය යුතු කරුණකි..

    ReplyDelete
    Replies
    1. :))
      ලෝකයා කෙසේ මැන්නත්, ඔය මල ඉලව්වෙන් මගේ ගෑනිගේ නම් චරිතේ මනින්නේ නෑ.. :D

      Delete
  6. මේක කියවලවත් පුහු මතවල ඉන්න 10 දෙනෙක් හරි හැදුනොත් හොදයි..

    ජයම වේවා.. මේක ලිවාට උබට තුති..

    දෙපත්තම බැලන්ස් වෙන්න කොල්ලන්ටත් ලේ යන සීන් එකක් හරි ගැස්සුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. කොන කැපෙන්න බ්ලේඩ් එකක් හයි කොරන්න තමා වෙන්නේ.. :D

      බොහොම ස්තුතියි බං.. කොල්ලන්ට තියෙනවා නේද නූල් සූත්තර සීන් එකක්.. 8-)

      Delete
  7. කාලීනව ඉතා වැදගත් මාතෘකාවක් සහෝ...
    "පාරිශුද්ධයි කියන පිරිමියා පරික්ෂා කිරීමට කිසිදු ක්‍රමයක් නොතිබීම මෙම අසාදාරණයේ තියුණුම අවස්තාව වේ"
    සහතික ඇත්ත මේක නම්..අපේ අතේ වැරදි තියාගෙන ගැනුන්ගේ වැරදී හොයන එකට මම නම් සහමුලින්ම විරුද්දයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්හ්.. ඒත් අපි කිහිප දෙනෙක් නොසොයා උන්නට බොහෝ දෙනා හොයන එකනේ තියන අවුල් සහගත ක්‍රියාවලිය. මමනම් ඔවුන් පිරිමින් ලෙස දකින්නේ ලිංගිකව විතරයි. පෞර්ශයේ තියෙන බෙලහීනතාවක් තමයි එහෙම කරන්නේ. :-?

      Delete
    2. ඕකට මම දකින ප්‍රදාන හේතුවක් තමා සැකය...තමන්ගේ වැරදි වහගන්න ගැනිව කන්න හදනවා..අනිවරයෙන්ම හිනෝන්මාදය සහ බෙලහීනතාවය

      Delete
  8. රටේ ලෝකේට පරකාසේ කියවන ගොඩාක් දෙනෙක් ඇත්තටම තමන්ගේ කෙල්ලට ඔය වගේ දෙයක් උණොත් හැසිරෙන්නේ කොහොමද කියන එක නම් ප්‍රශ්නාර්ථයක්

    ReplyDelete
    Replies
    1. කාටද බොල හරස් ටෝක් දෙන්නේ ? :D ඔන්න අපිනං ඔව්වට නෑ..

      Delete
    2. පුමා, මම අනාගතේ දවසක ආදරය කරයි. විවාහ වෙයි. මගේ කෙල්ල අපිරිසිදු වෙයි. ඒත්, මම එදාට පාරිශුද්ධ මිනිහෙක් වගේ ජීවත් වෙයි.
      මම කවදාවත්ම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මට වටින්නේ ආදරය විතරයි. මම පාරිශුද්ධ ගැහැණියක් දකින්නේ හදවතේ තියෙන හැඟීම් එක්ක විතරයි. ගතින් මිනිස්සු මනින පටු විදියක් මගේ නැහැ.

      එයා දුර්වලයෙක් විදියට ලෝකයා දකින තාක්කල් මම එයාට ඊටත් වඩා ආදරය කරන්න ගන්නවා. මේ මගේ පෞද්ගලිකත්වය. මේ මගේ හෘද සාක්ෂිය පුමා.

      Delete
  9. මේ ගෝත්‍රවාදී චාරිත්‍ර තවම පැවතීම හරිම කනගාටුවක්.ඔබේ ලිපිය කාලීනයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අයියණ්ඩි... !

      ගෝත්‍ර වාදය බොහොම ඉක්මනට දිය වෙලා යාවී... ඔව්වට පණ දෙන්නේ හනමිට්ටෝ තමයි..

      Delete
  10. නියමයි මචං. මේ වගේ ලිපි ලියවෙන එක මාර වැදගත්. ගෝත්‍රවාදී සංකල්ප අත් හරින්නෙ නැති උන් මේවා කියවනවා නම්.................................

    ReplyDelete
  11. වැදගත් කතාවක් බං! මහා ලොකුවට දියුණුයි කියා ගත්තත් අපේ උන් තාමත් ඕක හොයනවනේ!

    ReplyDelete
  12. මචන් වැදගත් ලිපියක්. එහෙම මිනිස්සු ඉන්නව යාලුවා.

    උබ මූනුපොතේ දාල තිබුන එකට මොමෙන්ට් කලෙ නැත්තෙ උන් හිතන විදිය වෙනස් නිසා.

    ReplyDelete
  13. කන්‍යාබාවය විකිනීමට තිබේ..

    ReplyDelete
  14. ලංකාව වගේ රටවල තවමත් කන්‍යාභාවය වගේ දේවල් කරපින්නාගෙන ජීවත් වෙන මිනිස්සු වැඩියි...අනික ඕකෙන් විතරක් කෙනෙක්ගේ චරිතය මනිනවා කියන එක අමූලික බොරුවක්...

    ReplyDelete
  15. විශිෂ්ටයි....උඹ ට මොකද මේ ප්‍රශ්නේ ආවේ එක පාරටම...?

    ReplyDelete
    Replies
    1. ඉවාන් අනිවා මේක වේදනාවට ලියපු ලිපියක් වගේ

      Delete
  16. වැදගත් මාටෘකාවක් ඔස්සෙ ලියවිලා තියෙන්නේ.... ඔබට ජය පතමි :)

    ReplyDelete
  17. මම ඔබව අගය කරමි. මෙහෙම හිතන තරුණ පරපුර ගෝත්‍රික පරඬැලුන්ට ආදර්ශයක්ය.

    ReplyDelete
  18. සමීර ඔබේ ලිපිය ඉතාරමත් වටින එකක් බැව් පෙනේ. නමුත් අතීතයේ පටන් මේ දක්වා පැමිණ ඇති චාරිත්‍ර වාරිත්‍ර තාමත් අපේ සමාජයේ මුල් බැසගෙන ඇත්තේ තරුණ පරපුර ඒවන් අදහස් හණමිටි අදහස් යැයි නම් පටබදී.නමුත් ඇත්ත මෙය නොවේ එදා පැරන්නන් එවැනි චාරිත්‍ර විදි අනුගමනය කරන ලද්දේ තම සමාජය යහපත් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් විය යුතුය. ඔබ මාද ගෝත්‍රික පරඩලක් සේ නම් කලද කම් නැත.මා ඔබගේ කතාවට විරුද්ධ වෙමි.එසේ නොවුණානම් කාමයෙන් පිරිච්ච ගැහැනු ඉබාගාතේ බල්ලන් බළලුන් මෙන් හැසිරීමට ඉඩ තිබුණි.ඔබ කැමතිද ඉබාගාතේ ගිය තරුණියක් විවාහ කර ගැනීමට.එසේනම් ඔබ ගණිකාවක් විවාහ කර ගන්නේද. අසරණ කෙල්ලක විවාහ කර ගැනීමේ පව කුමක්දැයි ඔබ අසනු ඇත.එසේ ඔබ විවාහ කරගතහොත් ඔබ සමාජයට මුහුණ දෙන්නේ කෙසේද. ඔබගේ නැගනියක් එසේ හැසිරෙන්නේනම් ඔබ ගනු ලබන තීරණය කුමක් වේවිද.මිත්‍රය එවැනි චර්යාවක් මිනිසුන් අතර බිහිවුණු දෙයක් එය සමාජය සුරක්ෂිත කර ගැනීමට ඉවහල් වන දෙයක් මිස ගෝත්‍රික වාදි දෙයක් නොවන බව මගේ හැගීමයි.
    අපේ රට එවැනි සාරධර්ම වලින් පිරුණු රටක් මිස බල්ලන් බලලුන් මෙන් හැසිරෙන බටහිර රටක් ලෙස මැනීම වැරැද්දකි. බටහිර ඇති හොද දේ පමනක් ගතයුතුය. නමුත් බටහිර සිරිත් විරිත් අපට ගැලපෙන්නේ නැතිබව මගේ හැගීමයි. අපි ලාංකිකයින් සේ අපේ වටිනා සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම නොවටනේද.
    නමුත් රටේ උගත් පරපුර විසින් කල යුත්තේ තම ශරීරය හැඩගැසී ආකාරය ගැන වටිනා උපදෙස් සහිත ඒ හා සම්බන්ධ අධ්‍යාපනයක් ලබා දීම කාලෝචිත යන්න මගේ හැගීමයි. එවිට එය තේරුම් ගන්නා පුද්ගලයින් (විශේෂයෙන්ම පිරිමි පාර්ශවය) ඒ අනුව තම ජීවිතය රැක ගැනීමට උත්සාහ ගනිවි යන්න මාගේ පෙෘද්ගලික හැගීමය.

    ReplyDelete
    Replies
    1. aniwa aththa....,
      pettiya kadila na kiyannema gani hoday kiyana eka newey TIKAK hoday kiyana eka ne...,
      pettiya kadena seen ekak nattan ehema.....
      gahapu nathi kellek hoyaganna nathiwey ....,

      onna oka balana nisa thamay tikak hari iwasala inne...

      ehemath iwasala inna bari ewwo kada gannawa
      habay itin mulu charithema pettiyen maninna ba....pawne

      Delete
  19. කතාවට තව ටිකක් ඇඩ් උනානම් හොද නැද්ද හිතලම වටේ යන කෙල්ලො ගැන. පෝස්‍ට් එකේ කතාව ඇත්ත කන්‍යාබවයෙන් කෙල්ලෙක් මනින්ඩ බෑ අනිත් පැත්තත් හිතන්ඩ ඔනි කන්‍යාබාවය සලකන්නෙ නැති කොල්ලෙක්ට දාර බඩුවක් සෙට් උනොත් ඒ කොල්ල පව් නැද්ද ඌ එකිව බැදල ලමයි හදාගෙන ඉද්දි ඌ නොදැනුවත්ම වෙන උන්ගෙ ලමයින්ට උප්පෑන්න දෙන්ඩ ඔනිද. අඩේ ඒ ටිකත් පොස්ස්ට් එකට ඇඩ් කොරල ඒකත් කෙල්ලන්ට කියල දෙන්ඩ ඔනී එකෙක් එක්ක විතරක් හෑමදාම ඉන්ඩ කියල.අහින්සක කොල්ලො පව් නැත්තන්...ස්තූති

    ReplyDelete
  20. කතාවට තව ටිකක් ඇඩ් උනානම් හොද නැද්ද හිතලම වටේ යන කෙල්ලො ගැන. පෝස්‍ට් එකේ කතාව ඇත්ත කන්‍යාබවයෙන් කෙල්ලෙක් මනින්ඩ බෑ අනිත් පැත්තත් හිතන්ඩ ඔනි කන්‍යාබාවය සලකන්නෙ නැති කොල්ලෙක්ට දාර බඩුවක් සෙට් උනොත් ඒ කොල්ල පව් නැද්ද ඌ එකිව බැදල ලමයි හදාගෙන ඉද්දි ඌ නොදැනුවත්ම වෙන උන්ගෙ ලමයින්ට උප්පෑන්න දෙන්ඩ ඔනිද. අඩේ ඒ ටිකත් පොස්ස්ට් එකට ඇඩ් කොරල ඒකත් කෙල්ලන්ට කියල දෙන්ඩ ඔනී එකෙක් එක්ක විතරක් හෑමදාම ඉන්ඩ කියල.අහින්සක කොල්ලො පව් නැත්තන්...ස්තූති

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..