තටු අහිමි කුරුල්ලෙක්ගේ පාපොච්චාරණයක් - Confession

මං මාවත් පුළුල් ය. ඒවායේ යන්නෝ ගෞරව ලද්දෝ වෙති. දූහුවිලි ගා ගත්තන්ට, දහඩිය ගැත්තන්ට ඒ මග අකැපය. එය ලියවී ඇත්තේ සම්ප්‍රදාය නමැති පොතෙහි මුල් පරිච්ජේදයේ, පළමු ජේදයේ, මුල්ම වාක්‍ය ඛණ්ඩය නියෝජන කරමින් ය. ( එවැනි පුස්තකයක් නැත. හුදෙක් මවාපෑමක් පමණි.අරුත් දන්නෝ කියවෙන අරුත් දනිති )

ඉදින්, නුබ ඒ මාවතට බට ප්‍රාණයක් නම් නුබට නුබගේ වැදු ගෙය ලොව ඉදිරියේ අරුත් දැක්විය යුතුය. වැදුගෙය සැදුනේ කටු මැට්ටෙන් නම් ඔබට ඒ දිලිහෙන මාවත අසීරුය. ඔබ අම්බලමක නවාතැන් ගත යුතුමය. මක් නිසාදයත් ඔබ යා යුත්තේ දෙපයින් නිසාත් දෙපයට ගෙන එන විඩාව අධික ලෙස කායික පීඩාවක් ලෙස ඉහ මොළ හරහා ස්නායු ප්‍රකම්පනය කරන නිසාවෙනි.


ඉඳින්, නුබේ වැදු ගෙය මාලිගාවක් නම්, උක්ත කිසිවකට ඔබ යටත් වීමට සිදු නොවේ. ඔබේ පෙළපත, ඔබේ අස් රිය ඔබව එම මාවතේ කේන්ද්‍රස්ථානය වෙත ගෙන යනු නිසැකය. ඔබට ගෞරව කරන්නෝ බොහෝය. ඔබට හිස නමන්නෝ බොහෝය. මා ආත්මාර්ථකාමී යැයි නොසිතන්න, ඔබට මග දෙපස උන් රජ වීමටද පෙර රාජසම්පත් ලද්දෙකුට මෙන් සලකන්නේ ය.


නින්දාව යනු කුමක් දැයි අර්ථකතන කිරීමට මා ලද දැනුම හීනය. නින්දාව විඳි පුද්ගලයා එහි අරුත් ප්‍රයෝගිකව දනී. එහි හැගීම් විඳි. කුඩා කල දරුවෙක් තුල නොයෙක් හැගීම් ජනිත වේ. ඒ උපදින හැගීම් පාසල් වයසේ තේරුම් බහ තුලම ඔවුන් වඩාත් ඉහලට නංවා ගනිති.


ආදරය - කරුණාව - දයාව  යනු ප්‍රාණය ලද සියල්ලන්ටම එක සේ උරුම විය යුතු මානුෂීය හැඟීම් ය. ඒවා පිදිය යුතු දේ අතර ඔවුන්ගෙන් ඔබත්, ඔබගෙන් ඔවුනුත් ලැබිය යුතු දේවල් ය. එවන් දේ නොලැබෙන්නෝ සමාජයෙන් මුළුගැන් වී වෙසෙන බව ඔබ කෙදිනකවත් නොසිතන්නට ඇත.

රැකවරණය අහිමි වන්නා විවධ සමාජ ඉසව් කරා යොමුවන්නේ සිය හැගීම් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ය.  උපරිම නිදහස යනු රැකවරණය උපරිම ලෙස නොලැබී යාම ලෙස මා උපකල්පනය කරමි.
බලාපොරොත්තු ජීවිත ජීව හුස්ම තුල නිධන් ගත වී ඇත. බලාපොරොත්තු නැති කල ඔහු හිස් මිනිසෙකි. ඔබේ නිමේශයක් නිමේශයක් පාසා ගැහෙන සිතුවිලි වල කිනම් හෝ බලාපොරොත්තුවක් මල් පල ගැන්වී තිබෙනු නිසැකය. නමුදු, මග හැරුණු මිනිසුන්ට බලාපොරොත්තු තරම් වදකාරී හැඟීමක් තවත් මේ ලොව නොමැත.

කඳුකරය ලෙස නෙත් අයා සිටින්න. එහි ගලන මීදුම හිරු දුටු සැනින් වියැකි යයි. එහි වෙසෙන සත්ව ප්‍රජාවගේ අරමුණ වන්නේ ආහාර - ජීවත්වීම  හා ලිංගික අරමුණු මුදුන් පමුණුවා ගැනීම පමණි. සරල ජීවන රටාවකට උරුමකම් කියනා ඔවුන් ප්‍රධානම අධිෂ්ඨාන පුර්ව සැලැස්ම සිය ජීවිතය රැක ගැනීම පමණි. බාහිර ලෝකය ගැන ඔවුන් තකන්නේ සතුරා තමාව ගොදුරක් ලෙස ඩැහැගෙන යන්නේ දැයි සිතිමම පමණකි.
ලෝකයේ පුදුමය එතැනය.

වැදුගෙය ගැන මා තුල ඇත්තේ වේදනාත්මක මතකයකි. මට සියල්ල අහිමි කල එම හෝරා කිහිපය නැවත මා ආත්මය මේ ගුවනට මුසු වුවා නම් කොතරම් සතුටක් දැයි මා හට තනිව වෙසෙන මේ තාක් කල් දැනී ඇත.
වැදුගෙයින් නික්මුණු මා හට සිප් කිරි පෙව්වා මිස එය දෑතින් ගෙන බී වැඩීමට කිසිදා අපේක්ෂා නොකලෙමි. උක්ත බලාපොරොත්තුව යන සේයාව ජීවිතයට පහන් ආලෝකයක් වන්නේ එසමහිය. ආලෝකයේ බල මහිමයෙන් දෑත අකුරු කරද්දී, මා සිප් කිරි තන පුඩු විකමින් මව් කෑ ගසද්දී කිසිදු තැකීමක් නොකර උරා බීවෙමි.


එහි අවසන් ඵලය වත්මන් කල දැඩි මිනිසෙක් ලෙස සමාජගත වීමය. නමුදු වයසින් වැඩි ලොව බැලීමේදී වැදුගෙයින් කර මත තබා  ආ බලාපොරොත්තු සමාජය ඉදිරියේ නැවත කර මතින් බිමට බටයේ, ගිණි සිලකින් දැවෙන පුළුන් ඉරුවක් සේ ය.


එය නැවත වැදුගෙය තුලම දවා එහි අළු වලලා දැමුයෙමි. ජීවිතය ජීවත් කරනවා වෙනුවට, අනුන් තකා එය ජීවත් වීමට ඉඩ දුනිමි. මා නිවැරදි දැයි, වැරදි දැයි මාවත පටු දැයි, ඉදිරිය කෙබඳු දැයි කීමට කිසිවෙක් නොමැත. මෙතෙක් කල් මා නැමැති සන්නි යකා නැටුවේ මට අවැසි පද පමණි.
තාමත් මා හදෙහි ගැහෙන්නේ එකදු බලාපොරොත්තුවක් පමණි. එයනම් අනුන් වෙනුවෙන් ජීවිතය ජීවත් වීමට ඉඩ හරිම පමණි.


උපන් දා සිට මා උප්පත්තියට වෛර කළා මතකය. කුඩා කල එක් දිනක්, තනිව කඳුළු නැතිවන තුරුම හැඬුවෙමි. එහි අර්ථසුලු බව කිසිවක් කියා ගියේ නැත. මරණය යෙහෙකි යැයි සිතුවිමි. නමුදු මරණයට පෙම් කරන මා හට මාරයාගෙන් ආරාධනා නැතිවීම පුදුමය.
කනේරු ඇට දෙක තුනක් දෑතට ගෙන විකන්නට සිත් වුවා මතකය. කලකිරුණු මනස, මහණදම් පුරන්නට සේනාසන තුල ලැඟුම් ගත්තා මතකය. නමුදු එයින් තවත් සිත කලකිරුණා මිස තව තවත් උප්පත්තියට හා වැදු ගෙයට වෛර කළා මිස මා ලැබූ කිසිදු දෙයක් නොමැත.

ඔබ ලෙස මා සිතන්නේ නම්, මා ලෙස ඔබ සිතන්නේ නම් මේ ලෝකය සුන්දර යැයි කීමට උත්සුක නොවෙමි. නමුදු එදිනට පිටස්තරයෙක්ට ලොව ගැන ප්‍රමිතියක් දිය හැකිවනු නියතය.
සම්ප්‍රදායට මා ගරු නොකරන අතර සම්ප්‍රදාය මාවත කර නොගනිමි. අපට උරුම න්‍යායාත්මක අවේණික ධර්මතා හද ගැහෙන තුරු කිසිවෙකුගේ පෞද්ගලික ලියවිලි වලට කුමට අප තැවෙන්න ද..?
ඒකාකාරී ජීවිත වල තවත් පුරුකක් වනවාට වඩා මියැදීම යෙහෙකි.

- කැදැල්ලෙන් නික්මුණු තටු අහිමි කුරුල්ලෙක්ගේ පාපොච්චාරණයක්

( මා මලක් බව දනිමි. මා අසල බඹරු ඇති බවත් දනිමි. ඔවුන් රිදෙව්වත් මා හට නොරිදෙන බවත් කියමි.. නමුදු මා පිපිය යුතු කල නොපිපි අකාලයේ පිපි මලක් නම්.... ඔබ කුමක් කරයි ද....? )

අකාලයේ පිපෙන මල් සුවද යැයි නොකියන්න..
Share on Google Plus

About සමීර සඳරුවන්

10 අදහස්:

  1. මාතෘකාව නම් නියමටම ගැලපෙනවා. ඒත් මෙච්චරටම පාරජිත කමක්...?

    ReplyDelete
    Replies
    1. පරාජිත වුනත් මේතරම් පරාජිත සිතුවිලි වලින් හිත් පුරෝගන්න පිටු පුරවන්න හොඳයිද තරුනයෝ මෙහෙම? ගනන් ගන්න එපා කිසිම දෙයක් ඕනෑවට වැඩිය.

      Delete
  2. මල්ලි හුලාව අනුගමනය කරලා නිදිපෙති බොන්නද හදන්නේ ..?

    ReplyDelete
  3. අනේ මන්දා අෆ්ෆා....

    ReplyDelete
  4. අනේ මන්දා මල්ලියේ උඹ නම්.....

    ReplyDelete
  5. අඩේ මොනාද බන්ස් මේ

    ReplyDelete
  6. අනේ මන්ද සහෝ මටත් හිතාගන්න බැහැ..

    ReplyDelete
  7. අකලට පිපුණු මල් සුවද බව නුබ නොපිළිගන්නා බව මම දනිමි .. නමුදු නුබ අකලට පිපුණු මලක් වග නැවතත් කියමි ...

    සබද ... එක් දෙයක් කියමි .. තරහ අවසර වනු මැනවි ...

    මෙය පාපොච්චාරනයක්නම් එය කරන්නා තමා බුරුවෙකු බව නොදන්නා බුරුවෙකි ... මා හා තරහා නොවනු මැනවි

    ReplyDelete
  8. අනේ මන්ද මොනව කියන්නද කියල...

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..