ඒ දවස හෙටයි.. ආරාධනා... !


ලොව දියුණු සන්නිවේදන මාධ්‍යක් ලෙස සමාජ ජාල වේගයෙන් ඉදිරියට පැමිණෙමින් පවතී. ඒවා මගින් සමාජයට සිදුවන කෙනහිලිකම් හා පුද්ගලයන් අතර අන්‍යොන්‍ය වශයෙන් ඇතිවන ගැටුම්කාරී තත්වයන් ජනමාධ්‍ය ඔස්සේ පුරවැසියා ඉදිරියේ තබන සුලබ මාතෘකාවක් වී හමාරය. 

facebook, twitter, skype යනු ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රසිද්ධ සමාජ ජාලයන් කිහිපයකි. බොහෝ දෙනා සිතන්නේ, ශ්‍රී ලාංකික තරුණ කැල ජාලගත වීම මගින් සිය ශ්‍රමය, කාලය සමග වියැකෙන්නට දෙන බවය. තරුණයන් අතින් සමාජයට හා රටට ඉටුවිය යුතු බොහෝ දේ තිබෙන බව සත්‍යකි. සියල්ල එසේ සිදුවද්දී, 
facebook ජාලය කේන්ද්‍ර කරගෙන ඔ2 සංවිධානයේ සංවිධාන ශක්තිය මත, මුළුගැන්වී සිටින ජාලගත තාරුණ්‍ය එක් ස්ථානයකට රැස් කරමින් තවත් එක් සමාජ සත්කාරයකට සිය අත හිත දීමට යුහුසුළුව සුදානම් වේ. 

“ දානං , ශීලංච නෙක්ඛම්මං
පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චඅදිට්ඨානං
මෙත්තුපෙක්ඛා ඉමෙ දස”

බෞද්ධ දර්ශනය තුළ දානය හෙවත් පරිත්‍යාගයට අද්විතීය ස්ථානයක් ලැබී ඇත. සම්බුද්ධ පාරමිතා අතර ද පරිත්‍යාගය අන් සැමට වඩා ඉදිරියෙන් සිටී. සමාජකාමි තාරුණ්‍ය දානයට ඇති ලැදියාව පසක් කරවන,  උතුම් "ලේ දන් දීමේ"  පිංකමක් මෙම මාසයේ 12 වෙනි ඉරු දින ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය මූලික කර ගනිමින් උදෑසන  09:00 සිට සවස  3:00 දක්වා පැවැත්වීමට FaceBook ජාල O2 සංවිධානය සිය ජාලගත  සහෝදර ගිණුම් හිමියන් හා එක්ව තීරණය කර ඇත. 


එම සත්කාරයට ඔබේ අත හිත නොමදව ලැබේ යැයි පතන ඔවුන්, රුධිරය හිඟකමින් ජීවිතයත් මරණයත් අතර සටන් කරනා අසරණ සිත් සනසන්නට ඔබට ද ආරාධනය කර සිටියි. 
තාරුණ්‍ය සොයා යන්නේ නව අත්දැකීම් ය. කිසිදා කිසිවෙකුට ඔවුන් මෙල්ල කිරීමට නොහැකිය. විප්ලවවාදී අදහස් මත ජීවත් වන ඔවුහු සිය ආවේගයන් හා සමාජීය චින්තනයන් ලෝකය ඉදිරියේ දිග හැර දක්වයි. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ නවමු වෙනසකි. 

සමාජය තරුණයා දකින දැක්ම වෙනස් ය. අමාවක අඳුරු රැයක දිදුලන කණාමැදිරි එළියක් සේ පුංචි ආලෝකයකින් පටන් ගෙන කළාසොලොසින් පූර්ණ වූ පුන් හඳක් සේ බබලන්නට කළුවර අහස් කුසට බට ඔවුනට ඔබේ සහයෝගය දක්වන්න. 

ඔබ ජීවතය තවත් ජීවිතයක ජීවත් කරවන්න.. තවත් ජීවිතයක පණ නළ වෙනුවෙන් ඔබේ ලේ බිඳු කැප කරන්න.. 
හෙට දිනය ඒ වෙනුවෙන් වෙන් කරන්න.. 
Share on Google Plus

About Unknown

5 අදහස්:

  1. මෙම කටයුත්ත සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායැයැ පතමි. මට නැවත ලේ දීමට මාස දෙකහමාරක් පමණ බලා සිටීමට සිදුවේ..

    ReplyDelete
  2. කරන සද්කාර්යයට සුබ පැතුම් !

    ReplyDelete
  3. මේ වැඩේට සුබ පැතුම් මලයා

    ReplyDelete
  4. වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...!

    ReplyDelete
  5. සාර්ථක වේවා!!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..