සුදු පුතා

අක්කාගේ සුදු පුතා සමඟ මං මහත්තයා 


                                    

දරුවන් පතා දෙවොලෙහි මහ මිදුලමැද
මෙරුවන් වගේ පෝලිම් කර බවුන්වැද
සතුරන් හට නොපතන එක දෙයමවෙද
දරුවන් වෙනුවෙන් සිය කය පුදයිසඳ

  
හැඩරුව මා වාගෙයි සැම පවසනවා
බුදුරුව නෙත ගාවයි සිතසැනසෙනවා
පැතුරුව සෙනෙහස පුතුවෙත ලං වෙනවා
ගතිරුව කෙලසකදැයි හද විමසනවා


  
තන පුඩු විකා සුදු ලෙය ඔහු උරන විට
මන හද කොනේ ආදර ගඟගලන විට
යන එන වුවන් ඔහු දැක සිඹදුවන විට
හින හෙන නුවන් ආසයි...! සිප ගන්න මට

  
මා ලෙය නොවේ, එනමුදුහද ගැහෙනම්
මා කය නොවේ, එනමුදු රුව දිලේ නම්
මා පුතු නොවේ, එනමුදු හද පිරේනම්
මා හට නොවේ, කාටදනුබෙ සෙනේයම්

  
තෙමස් වියේ පුතු තුරුලේ හඬනවිට
යපස් වගේ හද උණුවෙයි රිදෙනමට
සහස් මල් පියන් පිපිලා නුබෙනමට
අහස් කුස තරම් සෙනෙහස දිලේහෙට

  
දෝතින් ඔයා අරගෙන මාගේතුරුලේ
දෑතින් බදා ගත්තෙමි සඟවා උකුලේ
මෑතින් නුබෙ හඬ වෙත කන් දීවදුලේ
ඈතින් කුරුළු හිනැහෙනවා වනඇතුලේ

  
ඉර මඩලක් සේ නුබ සවි මත්වේවා
සඳු එළියක් මෙන් සිහිලස ගෙනදේවා
කඳු පෙළ විලසින් නොසැලීවැජබේවා
මව් රට වෙනුවෙන් යුතුකම නුබ ගාවා

  
පුතේ නුබේ අම්මා නුබ වදන්ට
ගතේ බරට කඳුලින් දුක් විඳින්ට
නැතේ නුබට ඒවා අද දකින්ට
සිතේ කොනක මේවා හෙට දා ගන්ට

  
දරුවන් වෙනුවෙන් අපමණ දුක් විඳිනා
මතුරන් මා පුතු බව ලොවටම කියනා
මිතුරන් මෙන් සැමදා තනියට සිටිනා
කවුරුන් දැයි ලොවටම හඬ ගා හඳුනා

  




ප/ලි 


පාඨක ඔබට මෙය කියවීමට අපහසු රසයෙන් තොර පද්‍ය වන්නට ඇත. දෙවන වර කියවීමේදී දැනුණේ මා හට එසේය. ඒ ගැන සමාවන්න. මෙම පැදි පෙළ නිර්මාණය වන්නේ අද දින මාධ්‍ය රාත්‍රියේ දී ය. අඩ නින්දේ වෙසෙමි. මිනිත්තු දහයක් තුල වේගයෙන් හා කායික අපහසුතාවල සිටිද්දී නිර්මාණය කලෙමි. 

 නමුත් ඉහත පොටෝවට සම්බන්ධ මා සතු ලිපියක් ඇත. එය මීට මාස කීපයකට උඩදී ලියුවකි. 


ඈ මවක් යනුවෙන් ලියු එම ලිපිය මතකනම් එයට අදාළ දරුවා ඉහත පොටෝවෙන් දැකිය හැකිය.
Share on Google Plus

About සමීර සඳරුවන්

25 අදහස්:

  1. ශෝක් කොලු පැට්ටෙක්නේ ... ඔයා වගේ නම් නෑ .. නපුරු පාට ගෑවිලාවත් නෑ නේ :v

    ReplyDelete
  2. මොකක් කිව්වා විනාඩි 10 න්.. මට සුවර් නෑ

    ReplyDelete
    Replies
    1. ඔව්ව්.. මට තේරුනේ නෑ

      Delete
  3. //පාඨක ඔබට මෙය කියවීමට අපහසු රසයෙන් තොර පද්‍ය වන්නට ඇත‍‍‍// බොට මඤ්ඤං ද.

    ReplyDelete
    Replies
    1. හෑ..
      මටනම් අම්මාපල් ලියපු අසාර්ථකම පද්‍ය පෙළ

      Delete
  4. ‍පොඩි දරුවෙක් එක්ක ඉන්න කොට හිතේ තියන හැම ප්‍රශ්නයක්ම වගේ අමතක වෙලා යනවා...

    ReplyDelete
    Replies
    1. :D හිනා වෙන්න පුළුවන් හැමවෙලේම. සිතුවිලි හරිම අහිංසකයි වගේම සරලයි.

      Delete
  5. කොල්ලා හොදට හදපන් බන්.. ලෝකෙ ගැන කියල දියන්..චූටි මාමේ..

    ReplyDelete
    Replies
    1. මට වැරදුන තැන් ද..? කොල්ලා මගේ ළඟ ඉඳි ද දන්නේ නෑ බං ..

      Delete
  6. හලී සෝයි පැට්ටා..... කවුද කිවුවෙ පැට්ටා ඔයා වගේ කියලා, පැට්ටාගෙ මිමුත්තද? ආ උන්දැ කියන එවුවා ගනන් ගන්න එපා බන්, වයසක උන්දලාගෙ ඇස් පේනවා හොරයි නෙව.

    …බබා ටිකක් ලොකු වෙනකම් පින්තූරු බුකියේ හෙම නොදා ඉන්නවනම් හොඳයි මල්ලියේ. පුංචි එකාට ඇස්වහ වදින්න පුලුවනි. සිරාවටම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට දැන් ඉරිසියා කරන්නවත් වෙලාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ අක්කා

      Delete
  7. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ අම්මටයි අප්පච්චිටයි මාමටයි. මගේ ලෝකෙම උනේ මාමා. මේ කවි පෙල කියවද්දි, ඔයා මේ දාලා තියෙන පින්තූරේ දකිද්දි, මට මගේ ජීවිතේ සමහර සිදුවීම් ආයෙත් මතක් උනා...

    ReplyDelete
    Replies
    1. එහෙම බලද්දී මං ආදරේ කරන්න ඕනේ කාටද කියලා මටම ගැටළුවක් ;-(

      Delete
  8. උඹ නම් නියම මාමෙක්.....ඇත්තටම.

    සුදුපුතාට වාසනාවන්ත අනාගතයක්!!!!

    ReplyDelete
    Replies
    1. ඌ හැම සැපක්ම අරගෙන ඉපදුන එකෙක්.. උගේ අම්මායි තාත්තයි මේ ලෝකේ සාර්ථක වෙච්ච දෙන්නෙක්..

      Delete
  9. මාමට වැඩිය පොඩි එකා ලස්සනයිනේ..

    මහ රෑ දොලහට කායික අපහසුතා මොනාද බං?

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල කුඹුරු වැඩ බං.. මුළු ඇඟම රිදෙනවා. ඇට මිදුළු වේදනා දෙනවා. :D

      Delete
  10. අම්මො උබව හොයා ගත්ත අමාරුවක් හැක් හැක් ....උඹත් එහෙනම් මාමා කෙනෙක් වෙලා ...

    ReplyDelete
    Replies
    1. මාව හෙව්වා.. අප්පා ඒ මොකටද..??
      ම්ම්ම්.. එහෙම වෙලා ලු.. :D

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..