හිනැහෙනවා නුබ දෑස මදහස සලා.....
මා ඉන්නේ නුබ මාගේ වේ දැයි සිතා....
නුබ මාගේ තුරුලටම ඒ දෝ කියා...
මා නුබව අද සෙව්වා සිහිනෙන් පවා...
හැමදාම මම ආවේ නුබ ගැන සිතාලා..
නුබ ගැන සිතා හද සෙනෙහස පිරිලා..
ඒ සිහින නෙතු ලඟම, වියැකෙ සිතාල..
මා හදම ගොළු වෙනවා නුබ අද මැවී ලා..
නුබ ඒ දෝ.... මා.... තනිවී.....
මේ දිවියේ හද වියැලී....//
හිනැහෙනවා නුබ දෑස මදහස සලා................
සිහිනෙන් පවා දුටුව නුබගේ සිනා....
මගේ දෑස ඉස්මත්තේ මැවිලා ගියා..
නුබ යනෙන ගුරු පාර මතකේ මවා..
නුබ තුරුලේ මා මැව්වා සිහිනෙන් පවා...
මා හද දැන් නුබ සොයමී...
නුබගේ නුවන් මා පතමී....//
හිනැහෙනවා නුබ දෑස මදහස සලා................
බෙඩ් රූම් ස්ටුඩියෝවේ, බුක් ටේබල් ඩ්රම් සෙට් එක යොදා ගනිමින් චයිනිස් පෝන් කට්ටෙන් රෙකෝඩ් කලෙමි. වැරදි බොහෝ ඇත. මෙය සතුට උදෙසා කොළුකමට කල නිර්මාණයකි. හදා ගන්නට බොහෝ දේවල් ඇත.
කෙටියෙන් කීවොත් මා හට තාලයට හූවක් කීමට පවා නොහැකිය. එවන් තත්වයක් මත මෙම නිර්මාණය කලේ වත්මන් කල්හි ආලය සොයා පසුපස යන දැරිවිය උදෙසා උපන් ආලය පිටකර ගැනීමටය. :D
තනුව, පද රචනය, සංගීතය = සඳරු
එල එල සුපිරි///... ඔන්න මන් ඇහුවා... ආපු වෙලාවක සෙට් වෙමු... කියන්නම ඕන හොදේ
ReplyDeleteමෙහෙ එනවා නේ එතකොට කියන්නම් කෝ :D කං දෙකට ඇබ දෙකක් අරගෙන ආවට කමක් නෑ..
Deleteනියම උත්සහයක් මල්ලි අගය කරන්නෝන
ReplyDelete:>)
Deleteඅවුලක් නෑ බෙනා...ඔය එලටම තියෙන්නේ...FL STUDIO වගේ සොෆ්ට් කෑල්ලක පිහිටෙන් music කලානම් මල් පහයි..පොහොට්ටු දෙකයි...
ReplyDeleteඅලේ මං ගාව ඔව්වට පහසුකම් නෑ බං.. ;-(
Deleteතව ටිකක් පුහුණු උනා නම් ඔබට මිට වඩා හොදින් ගායනා කරන්න හැකියාව තිබුනා. ඊළඟ වටයට යවන්න යෝජනා කරනවා :-)
ReplyDeleteඅනේ සෑර් සහතිකේ ලැමිනේටින් කොරාට කමක් නැතෙයි $-)
Deleteඑළ කොල්ලෝ.....ගිටාර් එකකින් මියුසික් කරා නම් මරුවට එයි...
ReplyDeleteමම ලියපු සින්දු මමත් මුලදි ඔහොම වොයිස් ප්රින්ට් කරා ඩ්රම් බීට් එකට විතරක්. ඒත් එහෙම කරලා ඒවා ආයෙත් අහනකොට මට තේරුණ එක අඩුපාඩුවක් තමයි මම එකම කලර් එකෙන් තමයි සේරම පද ගායනා කරන්නේ කියලා. ඊට පස්සේ මම ඒ වැඩේ නතර කරා. උඹෙත් මම ඒ අඩුපාඩුව දකිනවා.
සින්දුවකට හොඳ අලුත් කටහඬක්....
සුභ පතනවා ඉදිරි වටයට..... (h)
තැන්ක්ස් අයියා..
Deleteමං ආතල් ඒකට කරපු විකාරයක් නේ. මං මේක draft එකට දාල ලජ්ජාවට ආයෙමත් publish කළා :D
ගිටාර් කොහෙද බං මට... :-#
සිරාවටම පට්ට මචං.. සුපිරි ඈ :)
ReplyDeleteතැන්කු තැන්කු සමී.. :>)
Deleteසුපිරි මචෝ
ReplyDeleteතැන්ක්ස් මචං... කැරලිකාරයෙක්ගේ වොයිස් එකක් නැත්ද බං..
Deleteඅඩේ සිරාවට කියන්නේ නියමෙටම තියෙනවා.. ඉදිරි ගමන ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒක දිහටම කරන් යන්න කියන එකයි මම නම් කියන්නේ..
ReplyDeleteමෙයා මගුලක් කියනවා. මගේ අම්මේ, මටනම් තාලෙට හූවක් වත් කියා ගන්න බෑ..
Deleteඇත්තටම අගය කරන්න ඕන නිර්මාණයක්... ඇත්තටම ලස්සනයි. සුපිරි.... වෙන වචන ඕනේ නෑ... එල. ෆට්ට... !!! :)
ReplyDelete:-? අනේ මන්දා බං.. හොඳයි නම් තැන්කු ඈ..
DeleteFatta Fatta... :) Good Luck Ohoma yamu
ReplyDeleteඇනෝ තැන්කු ඈ.. එල පිට්..
Deleteනියමයි පුතා, ඔබ ඉතා ලස්සනට ගායනා කළා. මම හිතන්නෙ ඔබ මගේ කණ්ඩායමට එක්වෙනවනං ඒක කණ්ඩායමට ආලෝකයක්. :D
ReplyDeleteඇත්තටම ලස්සනයි.
මං හිතාගෙන උන්නේ රෙපා මහත්තයාගේ කණ්ඩායමට යන්න :D
Deleteඔබතුමා ඔච්චරම කියන එකේ ඌ ඕන මගුලක් කරගත්තාවේ කියලා එන්නම් ඉතිං.
අගෙයි අගෙයි..
ReplyDeleteස්තුතියි.. ස්තුතියි...
Delete