හිනැහෙන දෑස ( voice print )



හිනැහෙනවා නුබ දෑස මදහස සලා.....
මා ඉන්නේ නුබ මාගේ වේ දැයි සිතා....
නුබ මාගේ තුරුලටම ඒ දෝ කියා...
මා නුබව අද සෙව්වා සිහිනෙන් පවා...

හැමදාම මම ආවේ නුබ ගැන සිතාලා..
නුබ ගැන සිතා හද සෙනෙහස පිරිලා..
ඒ සිහින නෙතු ලඟම, වියැකෙ සිතාල..
මා හදම ගොළු වෙනවා නුබ අද මැවී ලා..

නුබ ඒ දෝ.... මා.... තනිවී.....
මේ දිවියේ හද වියැලී....//

හිනැහෙනවා නුබ දෑස මදහස සලා................

සිහිනෙන් පවා දුටුව නුබගේ සිනා....
මගේ දෑස ඉස්මත්තේ මැවිලා ගියා..
නුබ යනෙන ගුරු පාර මතකේ මවා..
නුබ තුරුලේ මා මැව්වා සිහිනෙන් පවා...

මා හද දැන් නුබ සොයමී...
නුබගේ නුවන් මා පතමී....//


හිනැහෙනවා නුබ දෑස මදහස සලා................





බෙඩ් රූම් ස්ටුඩියෝවේ, බුක් ටේබල් ඩ්‍රම් සෙට් එක යොදා ගනිමින් චයිනිස් පෝන් කට්ටෙන් රෙකෝඩ් කලෙමි. වැරදි බොහෝ ඇත. මෙය සතුට උදෙසා කොළුකමට කල නිර්මාණයකි. හදා ගන්නට බොහෝ දේවල් ඇත.
කෙටියෙන් කීවොත් මා හට තාලයට හූවක් කීමට පවා නොහැකිය. එවන් තත්වයක් මත මෙම නිර්මාණය කලේ වත්මන් කල්හි ආලය සොයා පසුපස යන දැරිවිය උදෙසා උපන් ආලය පිටකර ගැනීමටය. :D

තනුව, පද රචනය, සංගීතය = සඳරු
Share on Google Plus

About Unknown

24 අදහස්:

  1. එල එල සුපිරි///... ඔන්න මන් ඇහුවා... ආපු වෙලාවක සෙට් වෙමු... කියන්නම ඕන හොදේ

    ReplyDelete
    Replies
    1. මෙහෙ එනවා නේ එතකොට කියන්නම් කෝ :D කං දෙකට ඇබ දෙකක් අරගෙන ආවට කමක් නෑ..

      Delete
  2. නියම උත්සහයක් මල්ලි අගය කරන්නෝන

    ReplyDelete
  3. අවුලක් නෑ බෙනා...ඔය එලටම තියෙන්නේ...FL STUDIO වගේ සොෆ්ට් කෑල්ලක පිහිටෙන් music කලානම් මල් පහයි..පොහොට්ටු දෙකයි...

    ReplyDelete
    Replies
    1. අලේ මං ගාව ඔව්වට පහසුකම් නෑ බං.. ;-(

      Delete
  4. තව ටිකක් පුහුණු උනා නම් ඔබට මිට වඩා හොදින් ගායනා කරන්න හැකියාව තිබුනා. ඊළඟ වටයට යවන්න යෝජනා කරනවා :-)

    ReplyDelete
    Replies
    1. අනේ සෑර් සහතිකේ ලැමිනේටින් කොරාට කමක් නැතෙයි $-)

      Delete
  5. එළ කොල්ලෝ.....ගිටාර් එකකින් මියුසික් කරා නම් මරුවට එයි...
    මම ලියපු සින්දු මමත් මුලදි ඔහොම වොයිස් ප්‍රින්ට් කරා ඩ්‍රම් බීට් එකට විතරක්. ඒත් එහෙම කරලා ඒවා ආයෙත් අහනකොට මට තේරුණ එක අඩුපාඩුවක් තමයි මම එකම කලර් එකෙන් තමයි සේරම පද ගායනා කරන්නේ කියලා. ඊට පස්සේ මම ඒ වැඩේ නතර කරා. උඹෙත් මම ඒ අඩුපාඩුව දකිනවා.

    සින්දුවකට හොඳ අලුත් කටහඬක්....
    සුභ පතනවා ඉදිරි වටයට..... (h)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියා..
      මං ආතල් ඒකට කරපු විකාරයක් නේ. මං මේක draft එකට දාල ලජ්ජාවට ආයෙමත් publish කළා :D
      ගිටාර් කොහෙද බං මට... :-#

      Delete
  6. සිරාවටම පට්ට මචං.. සුපිරි ඈ :)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු සමී.. :>)

      Delete
  7. Replies
    1. තැන්ක්ස් මචං... කැරලිකාරයෙක්ගේ වොයිස් එකක් නැත්ද බං..

      Delete
  8. අඩේ සිරාවට කියන්නේ නියමෙටම තියෙනවා.. ඉදිරි ගමන ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒක දිහටම කරන් යන්න කියන එකයි මම නම් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙයා මගුලක් කියනවා. මගේ අම්මේ, මටනම් තාලෙට හූවක් වත් කියා ගන්න බෑ..

      Delete
  9. ඇත්තටම අගය කරන්න ඕන නිර්මාණයක්... ඇත්තටම ලස්සනයි. සුපිරි.... වෙන වචන ඕනේ නෑ... එල. ෆට්ට... !!! :)

    ReplyDelete
    Replies
    1. :-? අනේ මන්දා බං.. හොඳයි නම් තැන්කු ඈ..

      Delete
  10. Fatta Fatta... :) Good Luck Ohoma yamu

    ReplyDelete
    Replies
    1. ඇනෝ තැන්කු ඈ.. එල පිට්..

      Delete
  11. නියමයි පුතා, ඔබ ඉතා ලස්සනට ගායනා කළා. මම හිතන්නෙ ඔබ මගේ කණ්ඩායමට එක්වෙනවනං ඒක කණ්ඩායමට ආලෝකයක්. :D

    ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මං හිතාගෙන උන්නේ රෙපා මහත්තයාගේ කණ්ඩායමට යන්න :D
      ඔබතුමා ඔච්චරම කියන එකේ ඌ ඕන මගුලක් කරගත්තාවේ කියලා එන්නම් ඉතිං.

      Delete
  12. Replies
    1. ස්තුතියි.. ස්තුතියි...

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..