දෙව්මි මැරුණු එකට මමත් වග කියන්න ඕනේ !

මා  ඔබට  පළමුව  මෙය  මතක් කරමි. ඔබ  කිසිම දින  ආදරය  වෙනුවෙන්  සිත්  පීඩා  ඇති  කර  නොගත්  අයෙක් නම් මෙය  කියවීමෙන්  වළකින්න. එමෙන්ම  මෙයට  අදහස්  ඵල  කිරීමෙන්  ද  වැලකි  සිටින්න. මා  ලිවීමේ  බස්  වහර  වෙනස්  කරමි. මන්ද මෙය හුදෙක්  අකුරු  අමුණන  ලද සටහනක්  නොව, ප්‍රකාශාත්මක සටහනකි..

හිතවත්  පාඨකය,

ඔයා කවදාහරි ඔයාගේ  පෞද්ගලික ගැටළුවක්  සමාජ ප්‍රශ්නයක්  විදියට කන්වර්ට්  කර ගත්තොත් ඔයාට  වෙන්නේ  ප්‍රශ්නයට  පිළිතුරක් උපයා ගන්නවට  වඩා ඔයාගේ ප්‍රශ්නයට අනුකම්පාවක් උපයා ගන්න  ලැබෙන එක. ඔයා පෞද්ගලික ප්‍රශ්න සමාජ ගත කරන  ( ෆේස්බුක් ට්විටර් හෝ වෙන යම් සමාජ අඩවියක් හරහා ) කෙනෙක්නම් මම කියන  තනි පුද්ගලයා ( මෙම සටහන ලියන  මම ) ඔයාව දකින්නේ විශ්වාසවන්තයෙක්  නැති  පුද්ගලයෙක්  විදියට, නැත්නම් ඔයාගේ  විශ්වාසවන්තයා  ඔයාට ගැළපෙන  විධියට පිළිතුරු ලබා නොදෙන  කෙනෙක්  විදියට.
ඒක වෙනම කතාවක්, මම කතාවට  එන්නම්..

මම කතා කරන්න හදන්නේ දෙව්මි කියන තරුණිය ගැන.  ජනප්‍රිය පුවත් හඹා යන එක මගේ විදිය නොවුනත් මේ කතාවට පූර්විකාවක් මගේ පැත්තෙන්  ඇති  වුණා.

“.. ඔයා දන්නවද  අයියේ, ගෑණු ළමයෙක් මැරිලා..”

මගේ දුරකතනයේ මෙහෙම කෙටි පණිවිඩයක් තිබුණා. මම පහලට Scroll කරද්දී ඊට අදාළ පණිවිඩ කිහිපයක් මම දකිනවා.

“.. එයා මැරිලා තියෙන්නේ ලව් එක හින්දා..”
“.. ආ අයියේ, එයා මැරිලා තියෙන්නේ කොල්ලා වෙන  කෙල්ලෙක්  එක්ක යාලු වෙච්ච නිසාලු. දැන් කොල්ලට ෆේස් බුක් එකේ හැමෝම බනිනවා ඔන්න.. ඔයත් බලන්නකෝ..”

මම හුස්මක් ගත්තා. අපි පිටස්තර මිනිස්සු  විදියට මේ ප්‍රශ්නය දිහා අපි බලන්නේ අපිට පේන දේ විතරයි නේ කියලා මට  හිතුණා.

“.. ඇයි ? ෆේස් බුක්  එකේ  එවුන් හැමදේම  දන්නා  එවුන්ද..? එවුන්ට මොකක්ද තියෙන පුකේ අමාරුව අනුන්ගේ ප්‍රශ්න ගැන.. මම ෆේස් බුක් යන එක  අත ඇරලා නේ  තියෙන්නේ ළමයෝ.. ඕවා  බලන්න වෙලාවක්  නැහැ.. වෙන මොනවද විස්තර..”

අපි ප්‍රශ්න දකිනවා. ඔයා මම, අපි හැමෝම මේ රටේ දාහක් ප්‍රශ්න දිහා බලනවා. අපි හැමදේම දකින්නේ අපිට විතරක් මායිම් වෙච්ච තැනක ඉඳන්, අපි ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ අන්න ඒ තැනෙ ඉඳලා. අපිට සාපේක්ෂව අපි දෙන උත්තරය අපි හිතනවා හරියි කියලා. ඒත්..?

මම ඔයාට කියනවා ඇස් දෙක පියා ගන්න. ඔයාගේ සිතුවිළි ඔක්කෝම අයින් කරන්න. ඔයාගේ ලිංගය මොකක් උනත්, ඔයා දැන් හිතන්න ගැහැණියක් කියලා. ඔයා තරුණියක්.. ඔයා හිතන්න ඔයා ආදරය කරනවා. ඔයා ආදරය කරන්නේ කාටද.. ඔයා  ආදරය කරන්නේ පිරිමියෙක්ට.. ඔයා පිරිමියාගේ හුස්මට පවා ආදරය කරනවා. ඔයාගේ ආදරවන්තයාගේ  රෝම කූපයකට පවා ආදරය කරනවා. ඔයා හිතනවා ඔයාට එයා තරම් වටිනා තවත් කෙනෙක් මේ ලෝකේ නැහැයි කියලා. දැන් ඉඳන් ගෙවෙන හැම තප්පරයක්ම ඔයා හිතන්නේ ඒ පිරිමියා ගැන. එයා කරන්නේ මොනවද, කන්නේ මොනවද, ගියේ කොහෙද.. ..
ඔයා එයත් එක්ක  ඇවිදපු තැන් ගැන ඔයාට මතක් වෙනවා. ඔයා ඒ දේවල් එකින් එක මෙනෙහි කරනවා. ඔයා විඳින මිහිර ඔයාට දැනෙනවා ද.. ඔයාගේ ආදරවන්තයාගේ  අත් අල්ලාගෙන ඔයා කියවගෙන කියපු ඒ වෙලාව ඔයා ආයේ ආයෙම සිහි කරනවා. එක පාරක්, දෙපාරක්, තුන් පාරක්, මදි සිය වාරයක් ඔයාට මතක් වෙයි..

ඔයාට මතකයි, ඔයා එයා එක්ක ගත කරපු වෙලාවේ හුළඟ ආපු දිශාව, ගස් කොළන් හෙලවෙච්ච  හැටි.. ඔයාට එයාව හිතේ මවපු සජීවී රූපයක් තරමට ළෙන්ගතු වෙලා..

ඔයා ගත කරපු මොහොතින් අයින් වෙන්න. දැන් ඔයා හිතන්න අනාගතය ගැන.. ඔයා එයත් එක්ක ජීවත් වෙන හැටි, දරුවෝ හදන හැටි, දරුවන්ට උගන්වන හැටි, එයාලාව ඉස්කෝලේ එක්කන් යන හැටි.. එයා වැඩ ඇරිලා එනකොට එයාට කෑම එක බෙදලා ගිහින් දෙන හැටි.. ඔයාට හිතුමතේ හැමදේම ගැන හිතන්න..

ඔයාට මේ හැමදේම මනසින් දකින්න පුළුවන්නම් ඔයා දෙව්මිගේ හිතේ වැඩ කරපු සිස්ටම් එකෙන් ඔයාගේ හිතත් රන් කළා  වෙනවා. ඔයාට දැන් සිස්ටම් එක තේරුම් ගන්න පුළුවන්. එච්චරටම සිතුවිළි මවපු කෙනෙක්ගේ හිතට සැකය ඇතුළු උනොත් ..?

අපි මේ ලෝකේ කරන ලොකුම මෝඩ වැඩේ මොකක්ද දන්නවද.. අපි අනුන් ගැන උපරිමයට බලාපොරොත්තු තියා ගන්න එක. ඒ බලාපොරොත්තු වලින් ජීවිතය පවත්වාගෙන යන එක. වෙන කෙනෙක් ගැන තියාගන්න  බලාපොරොත්තු හීන කියන අත්තිවාරම උඩ ජීවිතය කියන ගෙදර  හදා ගත්තොත්  ?
ඔය පුද්ගලයා හීන බලාපොරොත්තු වලට වස විස දාපු දවසට, අත්තිවාරම බොල් වෙනවා. එදාට හදාගත්තු ගෙදර ඩවුන් ද පල්ලන්.. !

ආදරය, ඒක මාරම ටොපික් එකක්.. කවදාහරීම දවසක මේ පෘථිවියේ හුස්ම ගන්න ඔක්සිජන් නැහැයි කියලා හිතන්න. පිරිමියෙකුයි ගැහැනියෙකුයි ඉතුරු වෙනවා. ඒ දෙන්නා ආදරයෙන් බැඳිලා ඉන්නේ.. එයාලට හුස්ම ගන්න තියෙන්නේ එකම එක හුස්මක් විතරයි. එයාලගේ ආදරය, ඔවුන්ට කොතරම් අවශ්‍යය දැයි කීවොත් ඒ දෙන්නා අවසන් හුස්මත් බෙදාගෙන ඒ නිමේෂය එකට ජීවත් වෙයි. එයාලා කොච්චර පරිත්‍යාගශීලි ද එකිනෙකාට කීවොත් එක්කෙනෙක් අනිත් කෙනාගේ ජීවිතය පවත්වන්න හුස්ම නොගෙන මැරිලා යයි.

ඔයා දන්නවද, ආදරයට විරහව ගෑවුනාම දැනෙන වේදනාවේ තරම... එදාට ඔයාට ඕනේ වෙන්නේ නිදා ගන්න. හැබැයි, ඔයාව හැම වෙලාවේම ඇහැරෝනවා.. ඔයාට ඉකි ගහලා කෑ ගහලා කියා ගන්න බැරි වේදනාවක් ඔයාගේ හිතේ නිධන් ගත වෙලා තියෙනවා. ඔයාට ඕනේ ඒ වේදනාව අයින් කරලා දාන්න. ඒත්, ඔයාට බෑ ඒක කරන්න. ඒක හරියට පිළිකාවක් වගේ.. පිළිකාවේ සෛල වගේ පැතිරෙනවා. හිතේ හැම තැනම, පැතිරෙනවා. පුංචි ඉඳි කටු තුඩකින් ඔයාගේ හදවත තුවාල කර කර මස් වැදලි අදිනවා වගේ ඔයාට වේදනාව දෙනවා.. ඔයා හිතින් කෑ මොර දෙනවා. වේදනා විඳිනවා.
ඒ මොනවත්ම නෙමෙයි. ඔයාගේ බලාපොරොත්තු බිඳවැටීම්, ඔයා මවපු සුන්දර සිහින වල බිඳවැටීම් වල වේදනාවයි ඔයා විඳින්නේ. එතරම් වේදනාවක් දැනෙන්න ඔයා කොච්චර හිතට ඒ ආදරය කාවද්දාගෙන තියෙන්න ඕනෙද..?

මෙහෙමයි !
අපි ඕනෙම ප්‍රශ්නයක් දිහා බලලා අපිවත් නොකරන ක්‍රියාපටිපාටියක් ඇතුළේ ඉඳගෙන අනෙකාගේ සුඛ විවරණය මෙතැනයි මෙහෙම කලොත් විතරයි ඔයා ඕකෙන් නිදහස් වෙන්නේ කිව්වට ඒ මනුස්සයා නිදහස් වෙන්නේ  නැහැ. මොකද අපි අපේ උගත් පිළිතුර දෙන්නේ ඒ මනුස්සයාගේ ආස්ථානයේ ඉඳගෙන නෙමෙයි. ඒ මනුස්සයාගේ වේදනාවෙන් දශමයක්වත් අපි වින්දනය කරන්නේ නැහැ. එහෙමනම් අපේ පපුවට දැනෙන්න ඕනේ ඒ ගැස්ම.. ප්‍රශ්නය තියෙන මනුස්සයාගේ ඇහේ තියෙන කඳුළු වලින් බින්දුවක් වත් අපේ ඇස් වලට එන්නේ නැත්තේ අපි ඒ මොහොත, ඒ වේදනාව තේරුම් අරගෙන නැති නිසා. අපි මිනිස්සුන්ට ඔලුවෙන් හිටගෙන කිව්වත් මෙහෙම කරන්න. මෙහෙම ඉන්න.. මේකයි විසඳුම කියලා.. ඇත්තටම ඒ මිනිස්සුන්ට ඒක ඇහෙන්නේ නැහැ. ඊට වඩා අපි ඒ මනුස්සයාව වැළඳගෙන අඬන්න උරහිස දෙන එක වටිනවා.. මොකද කඳුළු වලින් වේදනාව පහ කරලා දාන එක පුංචිම හරි පහසුවක් නිසා..

දෙව්මි තමන්ගේ පෙම්වතා හොයාගත්තේ ෆේස් බුක් එකෙන් තමයි. හැබැයි, ඒකෙ වැරද්දක්  නැහැ. ෆේස්බුක් වල ඉන්නෙත් මිනිස්සු නිසා.. දෙව්මි දෙව්මිගේ චරිතයේ, දෙව්මි ජීවත් වෙච්ච ලෝකයේ දෙව්මිගේ දෘෂ්ටියෙන් බලපුවාම සාදාරණයි. මරණයට එහා එයාට තිබ්බේ නැහැ පිළියමක්..
ඒ වගේම දෙව්මිගේ පෙම්වතා වෙන කෙනෙක් ගාවට ගිය එකත් සාදාරණයි.. එතැන යම් නොගැලපීමක්  විතරයි මම පෞද්ගලිකව දකින්නේ. තමන් ආදරය කරන කෙනා හොඳ නැහැයි කියලා හිතුනොත්, තමන්ගේ සිතුවිලි වලට හරි තමන්ට හරි ගැළපෙන්නේ  නැහැ කියලා හිතුනොත් එතැනින් අයින් වෙන එක දෙන්නාගේම අනාගතයට හොඳයි..

මෙතැන වැරැද්ද තියෙන්නේ අපෙයි. අපි මවපු සමාජ ක්‍රමයයි.

අපි ආදරය ලෝකයාට පෙන්නුවේ, නිකමටවත් තොලක් දැම්මේ නැත්නම් නිකමටවත් බ්‍රා එක ගලවලා කෙල්ලගේ දෙතැන පොඩි කලේ නැත්නම් කෙල්ල ඈතට යාවි කියලා.. අපි කෙල්ලෙක් මුණ ගැහෙන්න ගිහින් යාළුවො මුණ ගැහුනාම යාළුවො අපෙන් ප්‍රශ්න කෝටියක් අතරට මේ වගේ ප්‍රශ්නයක් දානවා..

“.. මචං, මුකුත් කරගන්න බැරි වුණා ද..?..”
“.. අපෝ එහෙම මුකුත් කලේ නැහැ බං.. අතින්වත් ඇල්ලුවේ නැහැ.. අපි යාළුවො වගේ කතා කලේ..”

“.. පිස්සෙක් උඹ.. ඔන්න බලපන් ඔය කෙල්ල හෙට අනිද්දාම වෙන එකෙක් හොයා ගන්නේ නැත්ද කියලා.. යකෝ කොල්ලෙක් උනහම පොඩ්ඩක් සීන් එකේ ඉඳපන්.. කෙල්ලෝ ඕවා හෝප්ස් වෙනවා..”

සමාජයට මොකෙක් හරි ආදරය ගැන නොදන්නා අධමයෙක් දාපු ප්‍රකාශයක් අපි ගොඩක් දුරට අරගෙන ඇවිදින් තියෙනවා. පරම්පරා ගණනක් තිස්සේ අපි ඒක ක්‍රියාවට යොදවනවා..

“.. එහෙම කරන එක අවුල් බං.. පව් කෙල්ල.. අහිංසකයි... අනික මටත් ලැජ්ජයි..”
“.. මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ බං.. අහිංසකයි වගේ ඉන්න එවුන් ගැන උඹ දන්නේ නැහැ හැටි..”

මේ වගේ ප්‍රකාශ කරන්නේ ආදරය ගැන  අවබෝධයක් කියලා නාමයක් නැති මිනිස්සු.. සමහරවිට උන්ට හරියට කෙල්ලෙක්වත් නැතුවත් ඇති.. හැබැයි, උන්ට අත්දැකීම් තියෙනවා වගේ උන් කතා කරනවා. අනිත් එවුන්ගේ මොළයට විෂ බීජය දානවා. ආදරය කරන එකාගේ සිස්ටම් එකට රාගය කියන වයිරස් එක දාපු හැටියේ, එදා රෑම පොර එස් එම් එස් එක දාන්නේ කෙල්ලගෙන් කිස් එකක් ඉල්ලාගෙන.. කිස්  එකෙන් පටන් අරගෙන කුක්කු ටිකෙන් අවසන් කරන කොල්ලෙක් වෙනවා. එතැනින් පස්සේ ඒ කොල්ලා ටික දවසකින් පහළට රූටනවා..

“.. අනේ බං.. අරූ මගෙන් කුක්කු ඉල්ලුව.. මට බනින්නත් හිතුණා බං..”
“.. පිස්සු උඹට.. කොල්ලෝ ඔහොම තමයි බං..”

“.. ඒ උනාට මට ලැජ්ජයි බං.. අනික මම ආස නැහැ ඕවාට..”
“.. එහෙනං උඹට වෙන්නේ කොල්ලා නැති කර ගන්න..”

“.. උඹත් උඹේ කොල්ලට ඕවා දෙනවද බං..”
“.. නැත්තං.. ! මට මගේ කොල්ලා විශ්වාසයි බං.. අනික  ඕවා දැන් සාමාන්‍යය දේවල් වෙලා මේ රටේ..”

පෙම්වතියක් උපදෙස් ගන්නේ තමන්ගේ මිතුරියගෙන්, හැබැයි, ඒ මිතුරියත් බොහෝ වෙලාවට පෙම්වතියක් වෙනවනම් විතරයි එයාලා එහෙම කරන්නේ.. ඒ මිතුරිය තමන්ගේ අත්දැකීම් ඇසුරේ ඉඳන්, තමන්ට සාපේක්ෂව දෙන උත්තරය තමන්ගේ මිතුරිය ගන්නවා.. තමන්ගේ ආදරය වෙනුවෙන්, කළ නොහැක්කක් නැත ය කියන සංකල්පය ඇතුලේ ඉඳන් ඔවුන් සියල්ල දන් දෙනවා..

පිරිමියා තෘප්තිමත් වීම, ගැහැණියගේ කෙටිකාලින තෘප්තිය හා හැර දා යාවි කියන බය ඇති වෙන්න ගන්නේ ඊට පස්සෙයි. කාලයත් එක්ක පිරිමියාට ප්‍රිය දේ අප්‍රිය වෙනවා. කාලය තමයි ගැළපීම් නොගැළපීම් පෙන්වන්නේ.. බාගවිට කාලය නොගැළපීමක් පෙන්නුවොත් ගැහැණිය පිරිමියාගේ අප්‍රියකාරකයක්.. හැබැයි පිරිමියාට බෑ තමන් අතින් වෙච්ච වැරැද්ද වහ ගන්න. ඔහු අතින් තමන්ගේ පෙම්වතියට නැති වෙච්ච කන්‍යාබාවය ඔහුගේ හිතත් දවාලනකොට, ඒ අතරේ නොගැළපීම අප්‍රිය වෙනකොට ඔහු තවත් ගැහැණියකට ළෙන්ගතු වෙනවා. එක එල්ලයේ “එපා” යැයි කියන්නට නොහැකිවීමයි ඔවුන් ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ.. පෙම්වතිය මේ ගැන දැනගත්තාම මොන වගේ නිගමනයකට එළඹෙයි ද..?

ඊළඟට එන්නේ මේ අධම විෂකුරු සමාජය බිහි කරගත්තු නින්ධිත සංකල්පයක් ගැන පෙම්වතිය දුක් වෙන කාරණය... සංස්කෘතිය සම්ප්‍රදාය පක්ශාත් භාගයේ ඉඳලා ගහ ගත්තු තුන් වෙනි ලෝකයේ ආසියාතික රටක් වෙච්ච අපි සමාජයේ මවපු මවාපෑමක් තමයි කන්‍යාබාවය නොමැති ගැහැණිය අපිරිසිදු බව.. ඔවුන්ගේ එම අහිමිවීම ඔවුන්ව  වෛශ්‍යාවකට කන්වර්ට් කරන්නට හැකි බව.. ජපන් කොඩිය නැත්නම්, සුදු කොඩි තමයි කියන මතයෙන් අපේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ නිසා සිදු වෙච්ච පවුල් ආරවුල්, නින්දා අපහාස මේ සමාජයේ සාක්ෂි විදියට ඕනෑ තරම් අපි දකිනවා.
මේ දේවල් දකින කන්‍යාබාවයත් තමා විශ්වාස කල පෙම්වතාත් අහිමි වෙන පෙම්වතිය මොන වගේ පියවරක් ගනීවිද..?

දෙව්මි පෙරේරාලාගේ බිහිවීම තියෙන්නේ එතැනයි.. තව දුරටත් අපි දෙව්මිගේ මළකඳ හිසේ තබාගෙන හරි වැරැද්ද සෙවීමෙන් පලක් නැහැ. පිරිමියා ද ගැහැණිය ද වැරදි යන්න සෙවීම ද පලක් නැහැ. අප විසින් වපුරපු ඒ සමාජය කුණු අයින් කරන එකයි අපේ යුතුකම..


හිතවත් පාඨකය,

අප සංවාදය ඇරඹිය යුත්තේ මළ ගිය අයගේ මළකඳට සාදාරනය ඉෂ්ට කිරීමට නොව, ජීවත්ව සිටින දෙව්මි ලා මෙසේ සිය දිවි හානි නොකරන තත්ත්වයට පත් කරන්නට ය. පුවත් මවමින්, පුවත් ගෙන හැර දක්වමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය විවේචනය කරමින් ඔවුන්ට හානි කිරීම අශෝබනය. ඔවුන්ගේ ෆේස් බුක් පිටුවල මොනවා තිබුනද ඵලක් නැත. ඒවා ඔවුන්ගේ මිතුරු ලැයිස්තුව දකින්නට ඇත. එදා ඔවුන් ඒවා දකින කළ දුන් පිළිතුරු වලින් දෙව්මි වැනි අයගේ  සිත සුවපත් වූවානම් අද මෙලස සිදුවන්නේ ද නැත. වෙනුෂා ගැන ද අප මෙලෙස කතා බස් කළෙමු. එපමණක් නොව, අප මියුසියස් කොලීජියේ ටයිපටියෙන් ගෙල වැළලා ගත් අය ගැන ද කතා කළෙමු. දෙව්මිගේ සිද්ධිය මෙන් ඒවා ද  සමාන කතා ප්‍රවෘත්තීන් ය. වසරක් තුළ අප මෙවැනි පුවත් ගැන කිහිප වරක්ම සාකච්ඡාවට ලක් කරමින් වැරදි කරුවන් තීරණය කරමින් ඔවුන්ට දෝෂාරෝපණය කර ඇත. එහෙත් ඔවුන්ගේ සිතුවිළිවලට මරණය යහපතක් ය, ජීවත්වීම අයහපතක් යන්න හැඟෙන්නේ කුමක් නිසා දැයි සොයා බැලිය යුතුය.

සමාජය පිලී ගඳ හමන මාළුන් පිරි පොකුණක් ය. සම්ප්‍රදාය සාදාචාරය කියමින් උගත් මෝඩයින් විසින් දැළක් එලා ඇත. එකී දැල විකාගෙන එළියට පනින්නේ හදින් මෝරා ගිය විශාල එවුන් ය. උන්නත් දාහයි මළත් දාහයි පොරවල් ය. එහෙත් එයට පැටලී රිසි සේ පිහිනීමට නොහැකි එවුන් මරණයට පත් වෙයි. එය නම් වේදනාවකි.

දෙව්මි පෙරේරා සොහොයුරිය !
ඔබ මෙහි උපමාවක් මිස, ඔබ මෙහි චරිතයක් නොවේ.
මෙවන් අකල් මරණයක් නැවත සිදුනොවේවා.. !

මේ සමාජයේ ජීවත්වන  මා  ද ඔබගේ අකල් මරණයට වගකිව යුත්තෙක් වන්නට බැරිය. සමාවෙන්න.. ! 


| සඳරු 
Share on Google Plus

About sameer sandaru

12 අදහස්:

  1. අඩෝ ... සිරා... බන්

    ReplyDelete
  2. මේ වගේ මරන වලට මුලු සමාජයම වගකියන්න ඕන කියන් කතාවනම් සහතික ඇත්ත​. ජීවිතේ කඩා වටිච්ච වෙලාවක ආපහු නැගිටින්නෙ කොහොමද කියලා ගොඩක් අය දන්නෙ නෑ. ඒ වගේ වෙලාවක වෙච්චදේ ගැන හිත හිත දුක්වෙන්න විතරයි දන්නේ.. වටේ පිටේ ඉන්න අයත් ගොඩක් වෙලාවට කරන්නේ "අනේ ඔයාට මොකද උනේ.." කිය කිය අර අසරනයගේ දුක තවත් වැඩි කරනවා. අනිත් එක තමයි හැම වෙලාවෙම සියදිවි හානිකරගන්න කෙනාට සමාජයේ අනුකම්පාව හම්බවෙනවා. හැමෝම කියන්නේ අනේ එයා පවු කියලා. ඉතින් දෙවියනේ තමන් ගේ ජීවිතේ කඩාවැටිලා දුකින් ඉන්නවට වැඩිය සියදිවි හානිකරගන්න එක කොච්චර හොඳද කියලා නොහිතෙනවනම් තමයි පුදුම වෙන්නෙ ඕන​.
    මේ වගේ වෙලාවක සියදිවි හානිකරගත්ත කෙනාගැන අනේ පවු කියනවට වැඩිය මේ මොන මෝඩ වැඩක්ද කියලා ඒ ගැන කතාකරනවනම් මම හිතන්නෙ අනිත් අයවත් මේ වගේ දෙයක් කරගන්න කලින් දෙසරයක් හිතයි.
    අනිත් එක තමයි ආදරය බිද වැටුන වෙලාවක ගැහැණු ළමයෙක් දුක්වෙන්නෙ ලිංගික සම්බන්දතා නිසා විතරක් නෙවෙයි. ආදරයත් එක්ක තමන් අනාගතය ගැන දැකපු හීන නැතිවෙන එක ඊට වඩා හිතට දැනෙනවා. කන්‍යාබාවය වගේ දේවල් ගොඩක් ලාබ බව ගොඩක් කෙල්ලෙ දන්නවා.

    ReplyDelete
  3. Prashna wenne minissunta eka visadaganna oneth minissu maranaya ekata ekama visaduma newei, apiwa fail karaddi api eka baragaththoth vishwaya e kisiwekta gamanak nirmanaya karanna na.
    Mage adahasa me nangita e adare uwamananam labaganna vidiyakuth thibuna, epanam eyata ?k unanam ekata oitawada uththarayak dennath thibuna, e wagema kollek wenswennath hethuwak athiwa, eka sadaranada asadaranada ekata reaction ekak lebenawa.
    Api ipadune biliyana ganak shukranu ekka fight karala ehema gemak deela me loketa bihiwela lebuna manussa athmayen ratata loketa thamunta hoda deyak karahan.

    ReplyDelete
  4. ඇත්තක් තියෙනවා බං මේකේ...අපි හැමෝම එක සමාන නෑ..නොදැකපු කෝණ බොහෝයි අපි ඔක්කොම..ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා උබේ ලිවීම්.. ජය

    ReplyDelete
  5. meeka kiyawanna wela giyath ,,mama hama wachanayakma kiyewwe godak unannduwen,, ,, kollek pili noganna sampurna aththa oya liyala thiyenne,, aththa katha karana aya hithata ekagawa ada lokke neha kiyala mama hithuwe,, monama waraddakwath mata nam meeke pennana neha,..all the best,, oyawa 5k unna nam kellange geewtha walata meeta wada geewayak denna puluwan wei kiyala mata hithenne

    ReplyDelete
  6. meeka kiyawanna wela giyath ,,mama hama wachanayakma kiyewwe godak unannduwen,, ,, kollek pili noganna sampurna aththa oya liyala thiyenne,, aththa katha karana aya hithata ekagawa ada lokke neha kiyala mama hithuwe,, monama waraddakwath mata nam meeke pennana neha,..all the best,, oyawa 5k unna nam kellange geewtha walata meeta wada geewayak denna puluwan wei kiyala mata hithenne.. brown girl kiyala aweth magema comment eka.. ee gana sama wenna

    ReplyDelete
  7. සිරා කතාවක් මචෝ...

    ReplyDelete
  8. ලැබෙන්නට හිටිය දරුවා සහ එයාට වැලදිලා තිබුනු පිලිකා රෝගය ගැන කතා නොකිරීම අඩුවක්..දරුවෙක් බැදීමක් ඇති වූ තැන ගැහැනිය ඇතැර ගිය පිරිමියා සදාරණීකරනය වෙලා..

    ReplyDelete
  9. නියමඉ මචන්..
    දෙයක් දැක්ක ගමන්ම ඒ පුද්ගලයව නොමරා මරන හො, මැරුනු කෙනෙක් නම් මිනියම දුශනය කරන හැබඉ අපි උතුම් ජාතියක් කියාගන්න ම්ලෙච්ච සමාජයක ඉන්න ම්ලෙච්චයන්ගෙ ඇස් පාදන්න උබල වගෙ ලියන මිනිස්සු ඉන්න ඔනෙ.. මනුශ්යත්වය ගිලිහිච්ච සමාජයක, උබල වගෙ වැඩි වැඩියෙන් උපදින්න කියල මුලු හිතින්ම පතනව මම..
    Hats off Bro... (Y)

    ReplyDelete
  10. කෙල්ල මැරිලා නැහැ.තනිකරම රගපෑමක් වෙලා තියෙන්නේ

    ReplyDelete
  11. උබ මහ ගොනෙක් බං :D :D දෙයක් හරියට හොයලා බලලා කියපන් ඒකි මැරිලා නෑ.අනේ උබල වගේ පිම්පියො.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..