ප්‍රේමය වෙනුවෙන් අපිව නිදහස් කරපියව් !


සාලිය අශෝකමාලා ලව් කරපු කාලේත්,
රෝමියෝ ජුලියට්ලා වහ බීපු කාලේත්,
රාධා ක්‍රිෂ්ණා රති කරපු කාලෙත්,
තේමිය පබළු ලා පෙම් කෙලපු කාලයත්,
දම්මි සුගත් සෙට් වෙච්ච කාලෙත්,
දෙවොන්දාරලා නොරිකෝ ලා ප්‍රේමයෙන් කල් ගෙවපු කාලයත්,
ගැන අද කාලේ එවුන් නොදැනීම මහා පුදුමයක් අයිසේ.. !
ගම්පෙරළියෙන් ආ පියල් නන්දලාගේ හීතල ප්‍රේමයත් අපේ එවුන් නොහඳුනවා ඇති.. බාගදාට, අපේ පරම්පරාවේ එවුන් ආදරය කියන එක නිදහසේ කෙළින්න ලැබුණාම අර්ථසම්පන්න වෙනවා කියලා හිතනවත් ඇති..
එදාත් ආදරය තිබුණු බව, එදත් මිනිස්සු වෙන් එක්වීම වෙන්වීම මත දුක වේදනාව සතුට දෝලනය කරගත්තු බව අද එවුන් දන්නේ නැතුව ඇති..
එදා පවුල, හිත මිතුරු, බාහිර සමාජය යන තැන් ප්‍රේමයට අකුල් හෙලපු බව මතක් කරන්නවත් එකෙක් නැතුව ඇති..
ලාම්පු එළිය යට රෑ තුන් පැය ගෙවාගෙන ලියාපු කවියක්, සුදු මැණිකේ - සුදු අයියේ කියාගෙන ප්‍රේමනීය වදනින් අමතාපු ලියුම් කඩදහියක් දවස් ගානක් ගෙවාගෙන ".. ටිලින් ටිලින් අතේ තැපැල්.." කියාගෙන පෙම්වතුන්ගේ අතට ආපුවම දැනෙන සතුට විඳපු එකෙක් නැතුවත් ඇති..
බාගදාට,
නුඹලා පොත් අස්සේ, පිටකවර අස්සේ පෙම් හසුන් යවලා නැතුව ඇති.. නුඹලා පෙම් කවි ගොතලා නැතුව ඇති.. ඇගේ දසුන වෙනුවෙන්, ඔහුගේ ප්‍රිය සිනහව වෙනුවෙන් නුඹලා දවස් පැය වෙහෙසිලා ඇස් රිදෙනකන් බලාගෙන ඉඳලා නැතුව ඇති..
".. දෑස රිදෙනවා.. පාර බලා ඉඳලා..
ඔබ ආ වෙලේ.. ආ ගිය වාරේ..
මල් ලොව මල් පිපුණා.."
අපේ පරම්පරාවේ එවුන්ට ආදරය ගැන ලියවෙච්ච සින්දුවක් තනිකරම මල් සින්දුවක් වුණා.. උන් ඒ දිහා බැලුවේ හොටු පෙරන මිනිහෙක් - හොටු පෙරන මිනිහෙක් දිහා බලනවා වගේ අපුලින්..
ඒත්, එදා කලාකරුවා උනත් ආදරය හරි අපූරු විදියට විස්තර කළා.. ඒ කලාවේ අස්සේ උනත් තිබ්බේ රසවත් ප්‍රේමයක්.. රසවත්ම හැඟීමක්.. !
කෙල්ලෝ ගෙදර කුස්සියේ ඉඳගෙන එළවලු කපන ගමන් සින්දුවක් ඇහුවා.. ඒ සින්දුව ඇතුළේ තමන්ගේ පෙම්වතා ගැන ලියවෙච්ච පුංචි පද පේලියක් තිබ්බා.. ලිඳ ගාව නාන වෙලාවට, පුටුවකට වෙලා මැස්මක් ගොතන වෙලාවට ඒ පද පේලිය ආදරයෙන් මුමුණන්න ගත්තා. ඒ වෙලාවට නොදැනීම ආවේ තමන්ගේ මුහුණට පුංචි හිනාවක්.. ඒ හිනාව ඇතුළේ තිබ්බේ ආදරය..
ඒ ආදරයෙන් ගෙදර තිබ්බ මල් ගස් පණ ලැබුවා.. ගෙදර සුරතලයට ඇති කරන සතෙක්ගේ ඔලුව ආදරයෙන් අත ගෑවුණා..
හවසට ගෙදර මල් පැලේ පහනක් දැල්වෙන්න ගත්තා..
අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්...
කණක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස දකින තුරා
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැදෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා
ආදරය ගැන ලියවෙච්ච ගීතය මල් සින්දුවක් වුණා. ආදරය ගැන හැදිච්ච කතාව මල් කතාවක් වුණා. ආදරය කරන තරුණයා මල් පොන්නයෙක් විදියට හඳුන්වන්න ගත්තා.. ඒත්, මිනිස්සුන්ට අමතක වුණා ආදරය නිසයි අපි මේ ලෝකයට ඉපදෙන්නෙත් කියන එක..
අපි බාහිර පරිසරයේ ලස්සන දකින්නේ ආදරයෙන්.. මලක සුවඳ, ගහක සිරිය විඳින්නේ ආදරය නිසා.. විලක, දොලක සුවය අපි විඳින්නේ ආදරණීයත්වයෙන්.. අපි ආදරයෙන් ඉගෙන ගන්නේ දෙන්නට දෙන්නා තුරුල් වෙලා තොල් හාදුවක් දෙන එකම නෙමෙයි.. මේ ලෝකේ සැබෑ සුන්දරත්වය, ජීවිතය, යතාර්ථය මේ හැමදේම ආදරයෙන් අපිට උගන්වනවා. ඒ දේ ඉගෙන ගන්න, අපි සැබෑ ලෙසම ආදරය හඳුනන්නෝ වෙන්න ඕනේ..
මේ හැම ගීතයකින්ම කියන්නේ ඒ මහා ආදරණීය හැඟීම නිසා අපි විඳින සුන්දර දේවල් ගැන.. ඒ දේවල් දැනගන්න ආදරය කරන දෙන්නෙක්ම ඕනේ නැහැ. ඒ දේවල් විඳින්න ආදරය දැනෙන මිනිහෙක් වුනහම ඇති.. !
එච්චර ලස්සනට ආදරය කරන අපිට,
නිදහසක් නැත්ද..?
එච්චර සුන්දර විදියට ආදරය දකින අපිට,
නිදහසක් ලැබුනේ නැත්ද..?
අපිට ලැබිච්ච සුළු නිදහසින් අපි වාරණ ඇතුලේ කොච්චර සුන්දර දේවල් වින්දා ද.. අපි පොත් අස්සේ මාරු කරගත්තු ලියුම් කඩදහි වල කොච්චර නිහතමානි ආදරයක් හංගලා තිබ්බා ද..
අපේ ඉවසීම, අපේ ආවේග අපි හරි අපූරුවට අකුරු අස්සේ හැංගුවා.. ඒ හින්දාම අපි අතින් අපිටවත්, ලෝකයාටවත් වැරැද්දක් සිද්ධ වුනේ නැහැ..
නුඹලා ඉල්ලන්නේ ආදරය වෙනුවෙන් කුමන නිදහස ද..?
කෙල්ලගේ තනේ මිරිකන නිදහස ද..? නැතිනම් කෙල්ලගේ තනේ උරන්න නිදහසක් ද..? විසි එකට අඩු කෙල්ලව කාමරයක නිරුවත් කරගන්න නිදහසක් ද..?
එහෙමත් නැතිනම්,
ශිෂ්ණය උරන්නට දෙන, ඇටේ අල්ලන්නට දෙන නිදහස ද..? තමන්ගේ අහවල් එක තෙරපාගන්න ලැබෙන්න ඕනේ නිදහස ද..?
ඔබ ඉල්ලන වල්බූරු නිදහසේ අර්ථයක් කුමක් ද..?
මේ රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තියෙද්දී, මේ රටේ මෙතරම් අසාදාරනකම් සිද්ධ වෙද්දී, නුඹලා විසින් ප්‍රේමය වෙනුවෙන් ඉල්ලන්නේ නොලැබී ගිය නිදහසක් ද..?
නුඹලා නිදහස ඉල්ලා සිටින්නේ ප්‍රේමයට නොවෙයි. නුඹලාගේ ලිංගයටයි. නුඹලාගේ ශිෂ්නයේ ද යෝනියේ ද තෘප්තිය වෙනුවෙන් හදවතේ හැඟීමක් පාවා දෙන්නේ කුමන අරමුණකින් ද..?
නිදහස් චතුරස්‍රයේ අත් පටලාගෙන යා හැකි නිදහසක් ඇත. එය කිසිවෙකු විසින් මුලිනුපුටා දමා නැත. නුඹලා යදින්නේ නිදහස් චතුරශ්‍රය යහනක් කොට සැතපෙන්නට ඇවැසි නිදහස බව මා හට හැඟෙයි.
මෙය ඕනෑකර තිබෙන්නේ පෙම්වතුන්ටම පමණක් නොවෙයි.
මෙය ඕනෑකර ඇත්තේ, එක්තරා කණ්ඩායමකට පමණයි. ඔවුන් එදාද ප්‍රේමය වෙන්දේසි තබමින් කඳවුරු පවත්වනු ලැබූ වගත්, ඒ තුළින් ඔවුන්ගේ වක්‍ර බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට යෙදුනු බවත් කවුරුත් දන්නා කරුණක්..
ඔවුන්ට ඇවැසි මේ රටේ තාරුණ්‍යයේ නියම රස දොළ කපා දමමින්, ඔවුන්ගේ රසයෙන් ඔවුන් මෙය යැයි කියනා පුහු නිදහසේ ආටෝපය ගැන්වීම පමණකැයි මා සිතමි.
ඔබ ඔබ තුළින් සිතන්න.
ඔබට කැමැති ප්‍රේමණීය නිදහස කුමක් ද..?
ඔබ විඳින ප්‍රේමයෙන් ඔබට මදි පාඩුවක් සැලසී තිබේ ද..?
ඔබත් මාත් අප සියල්ලෝම විඳින ප්‍රේමයට කාගෙන් හෝ අර්ථකථන නිර්වචන අවශ්‍යය ද..?
නැතිනම්, අප උසස්කොට සළකන එකී ප්‍රේමය වෙනුවෙන් අපට කිසිදු අයෙකු සමඟ අරගලයක් තිබුණා ද..?
බාධක බැමි තිබු ප්‍රේමයෙන් අප ඉවසීම ප්‍රගුණ කළෙමු. අවබෝධය ලැබුවෙමු. ජීවිතයට හිමි අහිමි දෑ තේරුම් ගතිමු.
අපට පෙම් කෙළින්ට නිදහස් චතුරශ්‍රය අවශ්‍යය නැත.
අපට මහ මඟ ගමන් යන අතර පෙම් කරන්නට ද පුළුවන. විශ්වවිද්‍යාලයේ කැන්ටිමේ එක මේසය මත හිඳ අප ගැන කතා කරන්නට පුළුවන.
කෝපි කෝප්පයක රස බලමින් බණ්ඩාගේ කඩයේ වගතුග කතා කරන්න ද බැරිකමක් නැත.
බෝඩින් කාමරයට යන අතරතුර මඟ වැටෙන වැස්සේ තෙමෙන්නට බැරිකමක් ද නැත. නුවර වැවට බැස තිලාපින්ට පොරි දමමින් හිඳ, නෙලුම් මල් වට්ටියක් ගෙන මාලිගාව වඳින්නට බැරිකමක් ද නැත.
අපට අප වෙනුවෙන් පාර්ථනා කරන්නට හැකිය. අපට අපව ලබාගැනීම උදෙසා වෙහෙස මහන්සි වන්නට ද හැකිය.
එසේනම් අප නිදහසේ පෙම් නොකළ එවුන් ද..?
අප ඕනෑවටත් වඩා නිදහසේ පෙම් කෙළින එවුන් වන්නෙමු. අපට නුඹලාගේ වල් බූරු පෙම් කෙළින නිදහස අවශ්‍යය නැත.
එදා,
පියල් නන්දා වෙනුවෙන් බලා නොසිටියානම්, නන්දා පියල්ගේ ආදරය නොතේරුම් ගත්තා සේ සිටියානම් මාටින් වික්‍රමසිංහ ප්‍රේමය නොදකින්නට ද තිබුණ. වලව්ව එදා ප්‍රේමයට හරස් නොවුණානම් බාගවිට, නන්දා පියල් හමුනොවන්නට ද තිබිණ.
ප්‍රේමයට බාධක නොතිබුණානම් බාගවිට රාධ ක්‍රිෂ්ණන් දේවත්වයෙන් පිලි නොගන්නට ද තිබිණ.
රෝමියෝ ජුලියට් වස බී නොමිය ඇදුනානම් සමහරවිටක, ඔවුන් ප්‍රේමනීයන් ලෙස අප නොදකින්නට තිබිණ.
හොඳම ආතල් එක වන්නේ ප්‍රේමයේ නිදහස පැතීම නොව, නිදහසේ සිතට එකඟව ප්‍රේම කිරීමයි.
Share on Google Plus

About Unknown

1 අදහස්:

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..