මේ ජපුර බෂා එකයි. එනම් බණ්ඩාරනායක ප්‍රධාන ශාලාවයි. ඒ ඉදිරියේ එකම යුද්ධයකි. නැවක් පැමිණ ඇත. නැවේ සිටින සෑම ජුන්නෙක්ම වැදගත් ය.
මන්ද අපගේ තුට්ටු දෙකේ අමානුෂික මානසිකත්වයට තෘප්තියක් ලැබෙන්නේ ඔවුන්ගෙනි.
මන්ද අපගේ තුට්ටු දෙකේ අමානුෂික මානසිකත්වයට තෘප්තියක් ලැබෙන්නේ ඔවුන්ගෙනි.
මොහොතක් නවතින්න. මා හට පාසල් කාලය සිහි වේ.
එවකට මා නවය වසරේ සිසුවෙක්මි. අප ගණිතය විෂය උගනිමින් සිටියෙමු. මා ගණිතයට කවදත් දක්ෂය. මා විසින් සාදන ලද කිසිදු ගණනක් කිසිදු දිනක වරදින්නේ නැත. එයින් මා නිහතමානි නොවුනෙමි. මා අනතිමානි ගති ඇත්තෙක් වූයෙමි. ගණිතය ගුරුවරයා අත රැඳී මා වේ වැල සෑම මොහොතකම ගණිත ගැටළුවක් දරුවෙකුට වරදින කළ " චටාස් ! " ගා වදියි. පහර කන දරුවා ඇඹරෙයි. ඔහුගේ ඇස් වල උනන කඳුළු ය. මා කිසිවෙකුට ගණන් කියා දීමට නොගියෙමි. මා ඇතුළු බොහොමයක් දක්ෂ සිසුන් බලා සිටින්නේ කවුරුන් හෝ වරද්දා ගන්නා තුරු ය. ඔවුන්ට පහර වදියි ද අපගේ දෑස් දීප්තියෙන් බබලයි. මුව මත සිනහවක් ඇතිරෙයි.
එය තුච්ඡ වූත්, අධම වූත්, තිරශ්චීන හැඟීමක් බව වැටහෙන්නේ දැන් දැන් ය. වයසින් මෝරා මනුක්ෂත්වය මෝරන කළ ය. ( මොකක්, මගේ අතින් වැරදි දෙයක් කියවුණා.. මම දැන් මනුක්ෂත්වය කියන නාමයක් නැති තිරිසනෙක්.. මොකද මම කැම්පස් නේ.. )

නැවතත් පෙර කතාවට..
අපගේ එකෙකු ළඟ හැක්ස් ටොපියකි. එම ටොපිය ජුන්නන් වෙත ය. ඔවුන් අතර කසුකුසුවකි. ටොපිය එකෙකුගේ මුව තුළ ය. ඔහු වරක් සූප්පයි. මා දකින්නේ දෑස් වල උනන කඳුළු ය. හැඟීමක් නැත.
ඊළඟ මොහොතේ තවත් එකෙකුගේ කටට ඔබන ලෙස අපේ එකෙකුගෙන් ලැබෙන අණකි. ඔහු ටොපිය ඔබාගන්නේ අප්‍රියාසන්නවය. පසුව තවත් එකෙකුටය. ටොපිය වටයක් ගසයි.
ඊළඟ මොහොතේ තවත් එකෙකුගේ කටට ඔබන ලෙස අපේ එකෙකුගෙන් ලැබෙන අණකි. ඔහු ටොපිය ඔබාගන්නේ අප්‍රියාසන්නවය. පසුව තවත් එකෙකුටය. ටොපිය වටයක් ගසයි.
ඊළඟට බිත්තරයකි. බිත්තරය සෝදා නැත. ඒ මත දුර්වර්ණ පැල්ලම් ඇත. ඒවා වසුරු ය. බිත්තරය ජුන්නේකුගේ කටේ ඔබන්නට අපේ එකෙකු වෙහෙසෙයි. ඔබන්නේ නැති එකෙකුට දඬුවමක් හිමිය.
එනම් ළඟ ඇති ගසක් සොලවමින් එහි වසා සිටින කුරුල්ලෙකු ඇල්ලීම ය. නැතිනම් නට නටා සින්දු කීමට ය.
එනම් ළඟ ඇති ගසක් සොලවමින් එහි වසා සිටින කුරුල්ලෙකු ඇල්ලීම ය. නැතිනම් නට නටා සින්දු කීමට ය.
බිත්තරය ද වටයක් ගසයි.
එක්තරා යුවතියකට මේ සියල්ල සිදු කළ නොහැකිය. ඈ විසින් සිදු කරන්නේ කඳුළු පෙන්වීමත් ඉකි ගැසීමත් පමණි. මා ඇය කඳුලි ලෙස නම් කරමි.
".. තොට වෙන වෙන ඒවා ඔබාගෙන සූප්පන්න පුළුවන් බිත්තරේ තමයි බැරි.."
ඒ අප අතර සිටි එකෙකුගේ මොරගෑමකි. ඇය ගැස්සෙයි. එකෙකු සිනාසෙයි. කසුකුසුවක් ඇසේ.
".. උඹට සූප්පන්න ලොලි පොප් එකක් තියෙනවා දෙන්නද..?.."
තවත් එකෙකු කලිසමේ බෙල්ට් පටිය අල්ලා ගනිමින් කෑ ගසයි. මුවැත්තියකගේ දෑස් බඳු ඇගේ දෑස් පල්ලේ රූරා වැටෙන කඳුලක නිම් නැත.
වැසිකිලි යන එකාව අපහසුතාවයට පත් කර ලබන වින්දනයේ සිට එකී මෙකී කිව නොහැකි තරම් වූ වදයන්ට ලක් කර අප සතුට ලබන්නෙමු. අප එයට කියන්නේ නවක වධය ලෙසය. කිසිවෙකු අපට එරෙහි වන්නේ නැත. කිසිවෙකු එරෙහි වූවා කියා අප සැලෙන්නේ ද නැත. මන්ද තිරිසනුන් වන අපගේ තිරිසන් ගතිය සරසවියට ගොඩ වන්නට දැනුම ලැබුණා කියා අප තුළින් ඉවතට නොයයි.
කිසිවෙකු අප ප්‍රශ්න කළ විට, සුපිරි නායකත්ව ලක්ෂණ සහිත සාමූහිකත්වයෙන් යුතු පිරිස් බිහි කිරීම නවක වධයෙන් සිදු කරන්නෙමු යනුවෙන් අප ලෝකයාට පවසන්නට පුරුදුව සිටින්නෙමු.
නොබෝ දිනකින් "බකට් දවස" පැමිණෙයි. ජුන්නන් අඳින්නේ පිරිසිදුවට ය. අප මෙන් රැවුල් වවාගෙන පැමිණෙන එවුන් නැත. අප ළඟ මෙන් දහඩිය ගඳ ද හඩු ගඳ ද ඔවුන් ළඟ නැත. කෙල්ලෙකුගේ හිසද අප කෙල්ලන්ගෙන් මෙන් නොව පිළිවෙලකට පීරා ය. නැතිනම් සුන්දර කොණ්ඩා මෝස්තරයකි.
ඒවා මෙහි බැරිය. සිටිය යුත්තේ සැවොම එක ලෙසය. බකට් දවසට කාණුවෙන් වතුර ද කැන්ටින් කුණු බඳුනෙන් පිළුණු ආහාර ද නොයෙකුත් අප්‍රියාසන්න කුණු ද දමා දිය කර ගනිමු. ඇතැම් විට පණුවන් ද ඒ තුළ සිටිය හැකිය.
ජුන්නෝ පෝලිම් කරන්නෙමු. කලවන් කළ කුණු දියරයෙන් අප සියල්ලෝම නාවන්නෙමු.
එසේ නාවන අතරතුර එක්තරා ජුන්නෙක් අපේ එකෙකුගේ කමිස කොරලයෙන් අල්ලා ඇත. මා එතැනට දිව ගියෙමි.
එසේ නාවන අතරතුර එක්තරා ජුන්නෙක් අපේ එකෙකුගේ කමිස කොරලයෙන් අල්ලා ඇත. මා එතැනට දිව ගියෙමි.
".. තෝ ජ්‍යෙෂ්ඨයන්ට අත උස්සන්න එනවද..?.."
සරසවි භූමිය පරුෂ වචනයෙන් නැහැවී යයි. දහසක් අහිංසක දරුවන් ඇස් පාදන භූමියක සිදුවන මෙම අකටයුත්ත කාට අශෝබන වූත්, අපට නැත. එය සුපිරි නායකත්ව ලක්ෂණ ඇති, සාමුහිකත්වයෙන් පිරිපුන් මිනිසුන් බිහි කිරීමේ මුල් පියවරයි. එය අශෝබන විය හැක. නින්දිත විය හැක. එහෙත් එයින් අපට පලක් නැත. මන්ද අප මේ රටේ සිටින බුද්ධිමත්ම මිනිසුන් ය. අනෙක් සියල්ලෝම අමු මෝඩයින් ය. අප සිතාගෙන සිටින්නේ එසේ ය.
".. අම්මා අලුත් ඇඳුමක් ගන්න ඕනේ.."
".. ලබන සතියේ ගත්තාම මදිද දරුවෝ.."
".. ලබන සතියේ ගත්තාම මදිද දරුවෝ.."
".. බෑ අම්මා.. තියෙන එක දවස් දෙකක් ඇන්දා.."
".. සල්ලි තමයි නැත්තේ පුතේ.."
".. සල්ලි තමයි නැත්තේ පුතේ.."
මා සරසවි පැමිණි මුල් දිනවල අම්මාට අලුත් ඇඳුමක් ගෙනැවිත් දෙන ලෙස බොහෝ විට ඇවටිලි කරන්නට වූයෙමි. මන්ද මා හට ඇත්තේ දියවී ගිය කමිසයකි. නූල් ඉලිප්පුණු කලිසමකි. ඒවායෙන් යැපෙන්නට අපහසුය.
අම්මා පහුවදාම මා අත මුදල් තැබුවා ය. ඒවා කොහෙන් සොයා ගත්තා ද යන්න මා දැනගත්තේ සති අග නිමාඩුවකට නිවසට ගොඩ වූ පසුවය.
අම්මා පහුවදාම මා අත මුදල් තැබුවා ය. ඒවා කොහෙන් සොයා ගත්තා ද යන්න මා දැනගත්තේ සති අග නිමාඩුවකට නිවසට ගොඩ වූ පසුවය.
".. කෝ අම්මා කරාඹු දෙක.."
අම්මා සිනාවකින් මුව සරසාගෙන ය. මා දුර තියා ඇසු ප්‍රශ්නය අම්මා ළඟටම ගොස් නැවත ඇසුවෙමි.
".. අම්මා කරාඹු දෙක.."
".. ඔයාට වැඩක් නැහැ නේ.."
".. ඔයාට වැඩක් නැහැ නේ.."
".. ඒ උනාට අම්ම, ඔහොම කරාඹු දාන්නේ නැත්තේ මිනිහා මැරිච්ච ගෑණුනේ. මොකද වුනේ ඒකට.."
".. උගස් තිබ්බා.."
".. උගස් තිබ්බා.."
".. මට සල්ලි දෙන්නද අම්මා එහෙම කළේ.."
".. දැන් ඒකෙන් වැඩක් නැහැ.. ඒක බේරාගන්න බැරි යෑ.."
".. දැන් ඒකෙන් වැඩක් නැහැ.. ඒක බේරාගන්න බැරි යෑ.."
ඈ එසේ කීවද අද වනතුරු ඈ විසින් එය බේරාගෙන නැත. තාත්තා විසින් ඇයගේ මඟුල් දින තිළිණයක් ලෙස දුන් කරාඹු ජෝඩුව ඈ විසින් මගේ සුවය වෙනුවෙන් උගස් තිබ්බා පමණක් නොව, සින්නවන්නට හැරියා ය.
බකට් දවසේ මා ජුන්නන් දෙස බලමි. එකෙකු නෑර හඳුනා ගන්නට වෑයම් කරමි.
එක් දිනක අම්මාගේ කණකර උගස් තබා මා ඇඳගෙන ආ ඇඳුමක් බකට් දවසේ කුණු වතුරෙන් නාවන විට මා තනිව හඬන්නට වූවා පමණක් නොව, පෙර නොවූ වීර්යයෙන් සහෝදර ජ්‍යේෂ්ඨ සිසුන් හා උරණ වූයෙමි. බාගවිට ඔහු ද අප එකෙකුගේ කමිස කොරලයෙන් අල්ලා ගන්නට ඇත්තේ ඒ නිසාය. මා හට අතීතය සිහි වේ. අතීතයත් වර්තමානයත් අතර කිසිදු වෙනස්කමක් නැතයි විටක සිතේ.

--------------------------------------------
සුපිරි නායකත්ව ලක්ෂණ ඇති සාමූහිකත්වයෙන් වැඩ කරන මිනිසුන් බිහි කරනවා යැයි දොඩන කැම්පස් කබ්බනි,
රාජ්‍යය ආයතන වල අයිස් ගසන්නේ ද, වෙන එකෙකු ලාවා අත්සන ගසා කාඩ් එකද ලකුණු කොට කාර්යාලයේ සේවය නොකොට තම පෞද්ගලික වැඩ කටයුතු වල සිටින්නේ ද නුඹලා ය.
එමෙන්ම කාර්යාලීය සේවකයන් පවා බැහැර දමා ඔවුන්ගේ පෞද්ගලික වැඩ වෙනුවෙන් හිතවත්කම් මත පිටත් කරන්නේ ද, එම දිනය රජයෙන් පිං පඩි ලබන දිනයක් කරන්නේද සුපිරි නායකත්ව ලක්ෂණ නිසා විය හැකිය. සාමුහිකත්වයේ ලක්ෂණ නිසා විය හැකිය.
ඒ නුඹලා නවකවධයෙන් ඇති කරගත් ප්‍රතිලාභ විය හැකිය.

එමෙන්ම,
ආරක්ෂක අංශයේ සිටින කැම්පස් කබ්බන් විසින්, සිවිල් ජනතාවගෙන් පගා ගසන්නේ ද, තම බලය පාවිච්චි කරමින් සිවිල් වැසියන් තම සේවය සඳහා යොදා ගන්නේ ද නායකත්වයේ ලක්ෂණ නිසා ය.
නිදසුන් ;- අප ප්‍රදේශයේ ඒ.එස්.පී ලා බොහෝ විට පස් අදින ලොරි මහ මඟ අල්ලා ගනිමින්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අවසරපත් නැතිකමින් නඩු නොදමන වගට පොරොන්දු වී එයට හිලව්වක් වශයෙන් තම නිවසට යන පාරට පස් ලෝඩ් කිහිපයක් ඇද ගනියි. ඔහු පිළිබඳව සොයා බලන කල, ඔහුටද මෙම රටේ ප්‍රධාන වූ සරසවියක උපාධියක් ඇත. ( මෙය එක් සිද්ධියක් නොව, මීට වඩා කිව නොහැකි සිද්ධීන් කිහිපයක් ඇත )
නිදහස් අධ්‍යාපනය ඇත්තේ ඉගනගැනීමට මිස ඉගැන්වීමට නොවේ. සරසවිය තුළදී දරුවන්ගේ මොළ හදන්නේ මහාචාර්ය වරුන් මිස බාල අධමයින් නොවේ. ඔබ ඔබට අයිති දේ පමණක් සිදු කරන්නේ නම්, ඔබ නිතැතින්ම විශිෂ්ටයෙකු ය. ඔබ තුළ ලෝකයාට ශික්‍ෂණය වැවිය නොහැකිය. එහෙත් ඔබට ශික්ෂණය වවාගත හැකිය.
නවකවධය පිළිකුල් කරමි. හෙලා දකිමි. එයින් සිසුන් පීඩනයට හා අපහසුතාවයට පත්වනවා මිස වෙන යම් දෙයක් සිදු නොවේ. ඇතැම් සරසවි තුළ, වචනයකින් විස්තර කළ නොහැකි තරමේ තිරිසන් පීඩන එල්ලවන බව මා මිතුරන් පවා පවසයි.
සරසවි වරම් ලැබූ, උගත් මෝඩයින් මෙය නොදනියි. එනම් සියලු දෙනාටම නායකයින් විය නොහැකි බවය. නායකත්වය ප්‍රධානය කළ යුතු බව ද එය දිනාගත යුතු දෙයක් බවද එය පිටස්තරයෙකුට වවා දිය හැකි දෙයක් නොවන බවද ඔවුන් තේරුම් ගත යුතුය.
සරසවිය තුළ සිටින සියල්ලෝම අමනුක්ෂයින් නොවේ. මනුක්ෂය ගති ඇත්තෝ ද වෙති. ඔවුන් සියල්ල දිනාගන්නෝ ය. ඔවුන් සිදු කරන්නේ ඔවුන්ට අයිති දේ පමණි. සරසවියට පැමිණියේ කුමක් නිසාද යන වගත්, එහි කුමක් කළ යුතු ද යන වගත් ඔවුන් දනී.
මීට,
තොපේම එකෙක් !
තොපේම එකෙක් !
0 අදහස්:
Post a Comment
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..