බඹසර හැඬුම්


කුමරි  බඹසර හැඬූ දා... 

හැඟුමන් විකසිත වන්නේ සුළු මොහොතෙනි. මා ජීවිතය අඳුරේ ගෙවුණු බව වත් ඔහු මුණ ගැහුන දින නොදැන සිටියෙමි. මගේ පය නිවසින් ඔබ්බට ඇවිද ගියේද ඒ ඔහු නිසාවෙනි. එදින මා කිරිල්ලියක සේ ඉගිල ගියමි. 

කිසි කලෙක නොදැල්වු පහන් තිරයක් බඳු මගේ හදවත ඔහුගේ ආදර ගින්නෙන් දවමින් ආලෝකමත් කලේ ය. එතකුදු අඳුරේ ගෙවුණු මා ජීවිතය තුල කළා මැදිරි එළියක්වත් නොතිබුන බව කිව යුතුය. 
මා සෙවූ විමුක්තියක් නැත. මා හට විමුක්තියක් කුමකට ද මා ලද සැපත ඔහුම විය. මා ඔහුගේ පහසේ ගිළුනේ ඔහුව අයිති කර ගැනීමට බැව් පෙර සිතුවිලි තුල සක්මනේ යෙදෙන කල මා හට හැඟෙ. 
තනිකම හිත තුල මූදු වෙත්දී සිත් කොන කොනිත්තන්නා සේ දැනේ. ඔහුගේ සිනහව, කතාව, බැල්ම තුල සිතුවිලි පොර බදින කල මා සතු ආත්මයම විකසිත වේ. 






".. මගේ නංගිව මං දාල යන්නේ නෑ පැටියෝ.. මං ඔයාගෙමයි. අපි දෙන්නා කවදාහරි බඳිමු.. ඉක්මනටම. මං අම්මට ඔයා ගැන කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඉක්මනට එකතු වෙන්න. මං හොඳ ජොබ් එකක් හොයා ගන්නවා. අපි පුංචි පැටියෙක් හදාගෙන ලස්සනට ජීවත් වෙමු..." 

".. ඇත්තටම ආදරෙයි ද අයියේ.. ?.. " 



".. ඔව් දෙයියනේ.. මං කොහොමද ඔයාට තේරුම් කරන්නේ. මගේ පණ ඔයානේ සුදු මැණික.. " 
ඔහු තව තවත් ලං වෙයි. ඔහුගේ සුරත තුල රැඳුණු මා දෑත සෙමෙන් පිරිමදියි. ඇඟිලි තුඩු මිරිකා හරියි. සියුම් වේදනාවක් වුව එය මිහිරිය. මා ඔහුගේ උර හිසට බර වූයෙමි. 

පිරිමියෙක් ළඟ තනි වූ පළමු මොහොත එය වුවද නිමේශයක් පාසා දැනුණේ ගෞරවාන්විත හැඟීමකි. එය තුලම ගැබ් වූ සිතට නොදෙන මෙය යැයි කිව නොහැකි මිහිරකින් වෙලා ගොස් ඇත. 


".. මාත් ආදරෙයි මගේ පණ ට.." මා ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. මද සිනාවකින් වැසි ගොස් දෑස් පිය එකිනෙක ගැටිණ. 



"... එහෙනං ලඟට එන්නකෝ තව ටිකක් භයේ ගැහෙන්න නැතුව මං වල් සතෙක් නෙමෙයි.." 
".. නෑ මගේ අයියා වල්.." මා සිනාසී බලා සිටියෙමි. 



".. මෙහේ එනවා .." යැයි කියමින් ඔහුගේ පපුවට තුරුළු කරගත් මා ඉනික්බිතිව ඔහුගේ උණුසුම් දෙතොලින් මා දෙතොල සිප ගත්තේ ය. මා දෑස පියා ගත්තෙමි. 

පිලිවෙලින් දෙතොලත්, කම්මුලත්, නළලත්, නිකටත් සිපගත් හේ ඇරයුමකින් තොරව මා පෙරලා ගත්තේය. අනවසරයෙන් ගත මතට ගොඩවීම බැහැර නොකළ හැකි තරමට මා ඔහුගේ පහස මා හදෙහි නිධන් ගත විය. මා කුමක් කරම් ද..? මා ඔහුට ආශා කලෙමි. මා ඔහුට ප්‍රේම කරමි. 
මව, පියා සිහි වුවද ඔහුගෙ ප්‍රේමය අන් සියලු බැඳීම් පුළුස්සා දමන ලදී. මා ගොළු වූ බව කෙසේ නුඹට පවසම් ද..? 


දහසක් පැතුම් ඔහු හා මා කෙරේ බැඳුණි. ඒ හා පණ ලද සිහිනයන් තුලට ඔහුගේ වචනයන් ජීව හුස්ම පිඹ පණ පොවන ලදී. ඔහුව තරම් වටිනා කිසිදු දෙයක් නැති තරම් ය. ඔහුව ඉල්ලා, ඔහුගේ පහස ඉල්ලමින් හදවත ගෝරනාඩු කළේය. සැබෑවට මා හැඟුම් ඔහු කෙරේ බැඳුණි. ප්‍රේමය මෙය දැයි මා නොදනිමි.  මා හට කිසිවෙකු පහදා දුන්නේ නැත. ඒ පිළිබද අමතර ඉගැනුමක් මට අවැසි නොවුනි.  මන්දයත් මට ඒ සියල්ල ඔහුම විය. 


ඔහු මා දෙතොල උමතුවෙන් මෙන් සිප ගත්තේය. හෙතෙම  දෙතොල් පට උරා බීවේ, කතරක අතරමන්ව  දින ගණනකින් දිය නොබීමෙන් පිපාසයෙන් හිඳින අයකු සේ ය. මා ඔහුට අනුබල නොදුන්නෙමි. නමුදු මගේ දෑත ඔහුගේ හිසකෙස් අතර දිවෙද්දී මා ඔහුට එයට අනුබල දුන්නා දැයි වත්මනෙහි සිතේ.  මමද ඔහුට තව තවත් තුරුළු උනෙමි. මන්ද එය මා සිත ඉල්ලු නිසාය.  

ඔහුගේත් මගේත් හුස්ම එකිනෙකාට හොඳින් ඇසෙන නෑසෙන ලෙස උස් මහත් විය. මගේ හදවතේ ගැස්ම වැඩිවත්ම ඔහුගේ මුහුණ පපුවේ එහා මෙහා ගියේය. මා දෑස් තව තවත් තර කර ගතිමි.



".. එපා.. ! කිචි අනේ.." 
".. පොඩ්ඩක් ඉන්නවා කෝ.." 



නොයෙක් වර අප තුල පැතුරුණේ එකම දෙබසකි. මා හට ඔහුව ප්‍රේතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොවිණ. ඔහුගේ ප්‍රේමය මා දේවත්වයෙන් යුතුව අදහන බව ඔහු දැන සිටියේය. එසේ තිබියදී ඔහු කෙරෙන් ඈත් වීම හෝ ඔහුගේ ග්‍රහණයෙන් මිදීම ප්‍රේමයට කරන නින්දාවක් සේ මා හට හැඟින. 

අනවසරයෙන් යුතුව මා නිරුවත් විණ. එතකුදු මා දෑස් පට පියවී තිබිණ. මගේ ශරීරයේ එකදු තැනක්වත් සිපගැන්මෙන් තොරව හිස්ව නොතිබිණ. ඔහු මා තරයේ අල්වා සිටියේය. දෙකකුල් ඈත් කරමින්ද නැවත මා තුරුළු කර ගනිමින් ද ඔහු සිය කාර්‍ය සිදුකරගෙන ගියේය. 
යෝනියෙන් දැනෙන වේදනාව පරයා නුහුරු මිහිරක් මා සිතට දැනෙද්දී ඒ පහසෙහිම රැඳෙන්නට මා හට සිත් විණ. 


මහා වැහි වැටී බොර දිය සියල්ල රැගෙන දුර ඇදෙන බව අප දනිමු. අප ඒ දෙස බලමින් සතුටු වමු. නමුදු අප කිසිදා නොදත් දෙයක් නම් කුරා කුහුඹුවන් ඒ දිය හා පොරබදින බවයි. ඔවුන් දිය හා පොර බැද ජීවිත රැක ගත්තද ඔවුන්ගේ හිතවතුන් ඒ දියෙහි ගිලී සිය ප්‍රාණය නිරුද්ධ කර ගනී. ඉඳින් ඔවුන්ගේ ලසෝ රාවය අපට ඇසෙන්නේ නැත. 

ඔහු තෘප්තිමත් දෑසින් මා දෙස බැලීය. ඔහු සුපුරුදු සිනාවෙන් යුතුව සයනයේ අනෙක් පස වාඩි විය. හදිසියේ වෙලී ගිය දුකින් මා නෙතඟ තෙමිණ. 



".. අඬන්න එපා නංගි.. මං ඉන්නවා නේ.." 
".. අනේ අයියා.." 

".. මං ඔයාව දාල යන්නේ නෑ .." 



මා හට කිසිවක් පැවසීමට ඉඩ නොතබාම ඔහු මා තුරුළට ගත්තේය. මා කුමට දුක් වන්නද ? මා ඔහුට අනන්තාපරිපන්න ලෙස ප්‍රේම කලෙමි. ඔහු මගේ කඳුළු වියලෙන තුරු ආදර බස් තෙපලයි. මා ගොළුව ඔහුගේ නිරුවත් පපුවේ ලැඟුම් සෙව්වෙමි. එක් වරක් නොව, දෙවරක්, තෙවරක්, සිව් වරක්ම ඔහු මගේ වූයේය. 


අප පුංචි කාමරයෙන් එලියට ආවෙමු. ඔහුගේ දෑතේ පටලාගත් මා ඖශධ හලක් ඉදිරියේ නැවතිණි. සුදු පැහැති පෙති දෙකකින් මා ජීවිතය තීරණය කල ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය. 
පෙරදා සැම විට ".. සුදු නංගි .." වූ මා පසුකලෙක සුළු වරදෙහි පවා ".. වෛශ්‍යාවක් .." ලෙස හංවඩු ගසන කල මට මෙසේ සිතේ.. 


ඔහු මගේ වූවා නොව. මා ඔහුගේ වූ බවය.  ! 



********************************************



 කුමර බඹසර හැඬූ දා... 



"..උඹ අරකට ගැහුවද බං.. " 
".. ඔව් ඈ.. සැප කරේ ඕයි.. " 



".. පලයන් යන්න බොරු නොකියා. තොට පුලුවන්ද එච්චර දෙයක් ගෝතයා.." 
".. හිටපන් පෙන්වන්න.." 



".. මොනවද..? .."
".. සාක්‍ෂි .." 



".. අම්මට හුඩු.. අමර ගැහිල්ලක් නේ.." 
".. කොහොමද වැඩ ඈ.." 



".. අඩේ මටත් ආස හිතුනා බං.." 
".. යකෝ තෝ.. ඒ මගේ කෙල්ල බං.." 



".. හරි බං. උඹ සිරා කරපු එක නෙමෙයි නේ.. ඕනේ තරම් තව ඉන්නේ.." 
".. ම්ම්ම්හ්..." 



".. නම්බර් එක දීපන්කෝ බං.. ! .." 
".. 075 ######## ඔන්න.. හැබැයි මාව මාට්ටු කරන්න එපා. උඹ වැරදුන විදියට ටෝක් කරපං.. තේරෙනවා නේ.. මටත් ඕනේ හලා ගන්න. මල ඇණයක් බං  .. " 



".. ඒ ගමන් අර වීඩියෝ එකත් දාපං. මං බ්ලු ටූත් ඔන් කළා.. ඒක නියමයි.. මරු කඳ.." 
".. හිටාන්.."
Share on Google Plus

About sameer sandaru

9 අදහස්:

  1. කාලෙකින්.... තිත්ත ඇත්තක් අරං ..

    ReplyDelete
    Replies
    1. දැන් ලියන්න හිත හදා ගන්නේ අමාරුවෙන් ඉවාන්. :D

      Delete
  2. සුළභ සිද්ධියක්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් :)

      Delete
  3. අද අපේ සමාජය තුල සිදුවන අවාසනාවන්ත සිදුවීම් වැලක් ලියැවුනු ආකාරය නිර්මාණශීලියි . මීට අදාලවම මා ලියූ ලිපියක් සබැඳිය එක් කරන්නෙ මෙයටම තවත් කරුණු කිහිපයක් එක් කරන්නට (http://www.nursinglk.com/2014/06/162-sex.html) .
    ස්තුතියි ඔබට

    ReplyDelete
  4. ඇත්තට බං සමිර යො අපි අතර මේ වගේ කුප්ප ඩෑල් ඉන්නව කියල හිතෙද්දිත් හරිම මාන්දමික ගතියක් දැනෙන්නෙ...
    කතාව හොදයි...
    ඒත් අදහස ...
    අනේ මංද බං

    ReplyDelete
  5. කුමරි බඹසර

    කුමරි බඹසර පරම පිවිතුරු
    කුවේරය දැන් තොපට බිලි දෙමි...
    බිලි ගනින් මා බිලි ගනින්
    කුමරි බඹසර බිලි ගනින්...
    ශිල්ප සඳහා ලැබූ සහතික
    හදේ ගින්නෙන් දවමි තොප ලඟ...
    මුදල් අගයන තොපේ ලොවකට
    උගත්කම් ගුණ දහම් කුමටද...
    තොපට බිලි වී තොපෙන් සුරැකී...
    කාණු පල්ලේ පලි ගසන්නෙමි
    දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
    අපේ ලෝකය ගොඩනඟන්නෙමි..

    ගායනය : නන්දා මාලිනී
    සංගීතය : රෝහණ වීරසිංහ

    ReplyDelete
  6. හැම තැනම එතකොට වෙන්නේ ඕකද?

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..