නිරුවතේ


"....සුරේඛා... සුරේඛා... "
".. මොකද තෝ කෑ ගහන්නේ.. "

".. මට වීදුරුවක් දියන්.."
".. නොදකින් අමනයා උදේ වෙනකොට දුවගෙන එනවා.."

".. දීපියකෝ..."
".. සල්ලි ගනිං.."

".. හවස දෙන්නම්.."
".. ඈ මිනිහෝ තෝ ඊයේ දුන්නෙත් නෑ නේ.."

".. ඔක්කෝටම හවස ගෙවන්නම් බං.."
".. ආ දාගෙන පලයන් කෝ.."


කට ඇද කරමින්ද උල් කරමින්ද බෙහෙත් වතුර බොන්නා මෙන් සිරිපාල වීදුරුව උගුරට හලා ගනී. ඉනික්බිතිව කාරා මිදුලට කෙල පාරක් ගසා මූණ ඇඹුල් කරයි.

".. ඔව්ව හොඳ බඩු.."
".. බඩු නම් ටොප් තමා.. ඒත් ගඳ තමයි ඉවසන්න බැරි "

සිරිපාල හිස වනමින් පිරුණු ලමැද දෙස බලයි. දෑස් ගෙඩි දෙක මෝරා ලේ නහර පිරි යන සේ රත් පැහැ ගැන්වෙයි.

".. මොකද බොල බලන්නේ.."
".. ඇයි බැලුවට මක් වෙනවා ද.."

".. උඹ ආස ද සිරිපාල.."
සිරිපාලගේ මුව ගොළු ය. ඔහුගේ දෑස් ඔබ මොබ ගෙන යයි සිතින් ඔහු අභිමත සේ හැසිරෙයි.

".. පලයන් යන්න කැත්ත ගන්න කලින්.. "
".. යනවා තමයි මෙතැන ලැගලා ඉන්න ආවේ නෑ.."

සිරිපාල අඩියට දෙකට කිහිල්ලේ ගසා ගත් පාන් බාගයත් - සුරුට්ටුවද උරමින් නිවස දෙසට පියමනි. ".. එනකොට සල්ලි ගෙනෙන් සිරියෝ.." සිය සවන් පතට ඇසෙන සුරේඛා ගේ හඬ නෑසුන සේ ඔහු හිස පහලට නැඹුරු කර ගනිමින් ඇදේ.
සිය සිතුවිලි නිසොල්මන් ය. විටක බුරා බුරා නැගෙන ගින්නක් වැන්න. විටක හිස ඔසවා බලන ඔහු සිතැඟියාවන් පිටස්තරයන් දැන ගත්තාක් මෙන් දැනී ලජ්ජාවෙන් බිමට බර කර ගනී.


_________________________________________


".. පාන් කන්න බෑ තාත්තේ.."
".. කන්න බැරිනම් මැරියව්.."

".. මේවා නිකං කන්නද කියන්නේ.."
".. මොකෑ තෝ හම්බ කරලා තියෙනවා ද.."

".. අම්ම හිටියා නම්..?.." සුසුම් වැලකි. ඉඩ දිය නොහැක.
".. පල පරයා අම්මා හොයාගෙන. වේසා ගෑණි එක්ක උන්නොත් තොපිට දෙයි කන්න.."

".. කෝ යකෝ තොපේ අක්ක.."
".. නාන ලිඳ ළඟ.."

".. මක්ක කරනවද මේ ජාමේ.."
සිරිපාල සිය පය කුහුලින් යුතුව ඉක්මන් කරයි. ලිං දිය මත ".. ජබුං.." ගා වැටන පනිට්ටු හඬ නුදුරින් ඇසේ. හේ වෙහෙසකින් තොරව ලිං කණ්ඩියට බර වෙයි.

".. තාත්තේ.."
".. මං ආව උඹ මොකෑ තනියම බලන්න.."

".. මල්ලි එන්න බෑ කිව්වා තාත්තේ. රෑට කාලත් නෑ නේ බඩගින්නේ.."
".. නාගෙන වරෙන්.. මං යනවා. අන්න පාන් ගෙනාව මං.."

".. මං විගහට එන්නං.."
".. මේ වංගියේ ආවට කමක් නෑ ආයේ තනියම එනවා නෙමෙයි.."

සිරිපාලගේ සිත තුල කුහුලකි. තැන තැන ඉරුණු දිය රෙද්දට ඇලි ඇති අනෝමාගේ ගත මනසට සුවයකි. ඉලිප්පුණු තන පුඩු දිය රෙද්දෙන් නෙරා විත් ය. ඈ විලියෙන් එය සඟවන්නට මෙන් දෑතින් නිරතුරුව ලැම සකසයි.
පොලවට දිය බිඳක් වැටුණු කාලයක් සිහි නොවේ. දුහුවිල්ලෙන් තුරු හිස් පවා වැසි ගොස් ය. තණකොළ වේලි තන්හි තන්හි මහී කත ඉරි තැලී ගොස් ය.

පොලවට දිය බිඳක් වැටුණි නම් මනරම් ය. එය අහසින් ද දෝතින් ද කිසිවකින් වුව කම් නැත......
Share on Google Plus

About sameer sandaru

10 අදහස්:

  1. කතාව නං කෙටි වුණත් සුප්ප...
    සදරුව ඇයි මේ මොඩල් එකේ ඒවම ලියන්නෙ බං...
    කතානං කිරි ටිකට තියේ ඒත් පොඩි ඒකාකාරී ගතියකුත් තියේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය ඕනේ ද..? පිපාසයි නම් කියන්න.. හැබැයි රියලැටිය හා ෆැන්ටසිය අතර දෝලනයට ඔට්ටු නෑ

      Delete
  2. අප්පා ... සියල්ල කෙටියෙන් .. ඔය යතාර්ථය

    ReplyDelete
    Replies
    1. ඔයාට තරම් ලස්සනට අකුරු කරන්න මට බෑ. මං ඉගෙන ගන්නවා තාම අයියේ..

      Delete
  3. කෙටියෙන්! ෂෝට් & ස්වීට්! නියමයි

    ReplyDelete
    Replies
    1. හිහ්. හිහ්. වැඩ රාජකාරි බහුල ඇයන්ට කියවන්න ලේසි නේ..

      Delete
  4. නියමයි. ෂෝර්ට් න් ස්වීට් කියන්නෙ ඕකනෙ.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..