සිරගතවූවෙක් සහ මත්බව සොයන්නෙක් - with a prisoner



 සත්‍ය සිදුවීමක් හා සත්‍ය අහඹු සාකච්චාවක් ඇසුරින් ලියවිණි. 




සියල්ල සතුටක් ලෙස භුක්ති විඳීමට මා වෙහෙසෙමි. සමාජ නිරුවත දුටු පමණින් නොදකින නෙතක් ඉදිරියේ එය නිරුවත් කිරීමට මා උත්සුක වන්නේ, සැබෑවටම ඒ නිරුවත නිසා ඇතිවන සමාජ කැළැල් දුරලීමේ අවශ්‍යතාව නිසාවෙනි. දන්නා දේ ලිවීමටත් නොදන්නා දේ කරබාගෙන අසාගෙන සිටීමටත් මා ප්‍රිය කරන්නේ එය මගේ පෞද්ගලික ගුණයක් නිසා බැව් කීමට උත්සුක වූයේ, මා පිලිබඳ පුරසාරම් දෙඩීමට නොව, සමාජයේ වෙසෙන්නාට ඉගන ගැනීමට බොහෝ දේ ඇති හෙයිනි. නොදන්නා දේ නොදන්නවා යැයි කීමට මා කිසිසේත් ලජ්ජා නොවමි. මන්දයත් ඔබත් මමත් වෙසෙන මේ සමාජ තලය තුල මා පුංචි කොල්ලෙක් නිසාවෙනි. ඔබේම වචනයෙන් කිවහොත් මා පොලවේ පයගැසීමට දඟලන පුංචි දඟ දරුවෙකි. “ ලෝකේ කාල වතුර බීපු උන් ” යැයි හඳුන්වන පිරිසට මා “හුජ්ජ” කොල්ලෙකි. එම නිසා, ලියන්නට යන දේ ඔබ කියවන්නට කලියෙන් මා පිලිබඳ කළු පැල්ලම් නැති සුදු පැහැ විශ්වාසයක් සඳහා, වැරදීම් සිදුවුයේ නම් සමාව අයද සිටිමි. 


මා හට මිතුරන් දෙදෙනෙකු සිටි. එකෙකු චාමර ලෙසද අනෙකා පැතුම් ලෙසද මා හඳුන්වන්නම්. අප තිදෙනා එක් වූ විට සිදුවන්නේ බොහෝ විට “ජඩ” වැඩ පමණි. සංශුද්ධ වනවාට වඩා සහසුද්ධ ලෙසම ලෝකේ කා වතුර බොන්නට අපි සමත් ය. පැතුම් ඉගැනීමට අති දක්ෂයෙකි. චාමර තමන්ටම කියා ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යයි. ඒ අතර මා, දෙපැත්තේම හිඳ ඔවුන්ට කටිං උපදෙස් පමණක් දෙන රැඩිකල් මිතුරෙක් වී හමාරය. 

අන් සැවොම සේ අපටද මියුෂිකල් ෂෝ, පාර්ටි පෙනෙන්නට බැරිය. ඒ සැම දෙයටම අත දිග හැර වියදම් කරන්නේ චාමර බැව් නොකිවහොත් එය ගුණමකු කමකි. බොහෝ විට නිහඬ මා නමැති චරිතය තුල ඔවුන් ඒ නිහඬ බව බිඳ දමන ප්‍රාණවත් චරිත වේ. පාප වැඩ තුල මෙන්ම පිළිගත් සමාජ වැඩ වලද  අපි කලණ මිතුරන් වන්නෙමු.

උක්ත ලිඛිත භාෂාවෙන් මිදී මගේම භාෂාවට පැමිනෙමි.

වෙනදා වගේම අද දවසත් අපේ සතුට සඳහා වෙන් කරගන්න අපිට ඕන උණා. ඒ හේතුව නිසා අපි පුරුදු නවාතැන වෙත ගිය අතරතුර තමයි  අපිට කළු අත්දැකීම් පිරුණු මිනිසෙක් මුණ ගැසුණේ. මුකුත් නෙමෙයි අපේ ටාර්ගට් එක උනේ එලියට ගිහිං රෙස්ටුවරන්ට් එකෙන් බඩ පැලෙන්න රයිස් කන එක. එකේ ආතල් එක දන්නේ අපිම නෙව. එකම ටේබල් එහෙක, නිදහසේ අපිට රස නහර පිනවමින් කතා කරන්න බොහෝ දේ තියෙනවා. දුම් දමන කෑම මැද්දේ අපි ගොඩක් දේවල් කතා කරනවා. 

අපිත් එක්ක ඉන්න යාලුවෝ ගැන. දේශපාලනය ගැන, ලෝකේ ගැන, රට ගැන, සමාජය ගැන, කෙල්ලෝ ගැන, එක්සෑම් එක ගැන, මත්ද්‍රව්‍ය ගැන, බොන හැටි, ෂෝ එහෙකට යන හැටි ගැන, පස්සේ දවසක කෙලපු පිස්සුවක් ගැන ඔය හැමදේම ගැන අපි කතා කරන්නේ එකම රෙස්ටුවරන්ට් එහෙකට වෙලා හැමදාම එකම තැන ඉඳගෙන. හොටෙල් එකේ වේටර් ගේ ඉඳලා අයිතිකාරයා බැඳලා ඉන්න ඒ අක්කා ගාවට එනකම් අපි හොඳට දන්නවා වගේම, අපි කවුද කියලත් හොඳට අඳුරනවා. ඒ ඇඳුරුන්කම නිසාම අපිට කාගෙන්වත් බාදාවක් නැහැ අපේ කතා ලෝකෙට. නිදහසේ උපරිමත්වය තියෙන්නේ එතැනයි කියන්න ඉතිං ඕනේ නැහැ නෙව. 

ඉතිං අදත් අපි සෙට් උණා රයිස් පාරක් කාල, දුමක් ඇදලා පාඩුවේ පිස්සුවක් කෙලලා එන්න යන්න. ගෙදරින් 7.30ට විතර ගිහිං හොටෙල් එකට වෙලා චාමර ගෙනාපු සිගරට් පැකට් එකෙන් එකක් අරගෙන ඇද්දේ හීතලට වෙන කරන්න දෙයක් නැති නිසා.සිගරට් දුමට මට පුරුදු වමනය යන්න වගේ ආවත් දරාගැනීමේ හැකියාව ඊටත් වඩා උපරිමයෙන් තිබු නිසා ඉවසා ගෙන සිටිය හැකි උණා.

ඔය වෙලාවේ අපේ කතා නායකයා, එයාව මම “සිරා” විදියට හඳුන්වන්නම් ආව අපි ලඟට. ඇවිත් අපේ ටේබල් එකෙන් ඉඳ ගත්තා. 

කළු මුහුණ පුරා දැලි රැවුලක් ඇති, සාමාන්‍ය උසක් හිමි, සාමාන්‍ය  24ක විතර තරුණයෙක්. එයා මේ හොටෙල් එකේ වේටර් කෙනෙක් විදියට වැඩ කරපු බව මම දැනගෙන උන්නා. නැහැ මම දැකලා තිබුනා වැඩ කරනවා. ආවේ අපිව මීට් වෙන්න නෙමෙයි. හැබැයි මං හැමෝටම දෙන හිනාව දුන්නට පස්සේ එයත් හිනා උණා. චාමරට ඇඟිල්ල දික් කරලා රහස් භාෂාවෙන් මොකක්ද ඇහුවා. මට පුදුමයක් දැනුනේ ඒ සංඥාව මං නොදන්නා දෙයක් නිසා. නොදන්නා දෙයට හොට දාල දත් දෙක තලා ගන්නේ මොකටද කියලා මං පැතුම් එක්ක අහකට උනේ ඕන දෙයක් කරගත්තාවේ කියලා. 


සිරා ආයේමත් ඇහුවා “මල්ලි නැත්ද ?” කියලා. චාමර “අනේ නැහැ අයියා” කිව්වා.
පිළිහුඩුව දන්නවා මාළු අල්ලන්න කියන්නා වගේ, මගේ මොලේට මේ අහන්නේ මොකක් හරි මත්ද්‍රවයක් ගැන නේද කියලා දැනෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ. මං හිනා වෙලා ඇහුවේ චාමරගෙන් “ මොනාද මචං” කියලා ඒකයි. 

“මල් පාරක් බං...” කියලා චාමර හිනා වෙද්දී සිරා හිනා වෙලා මගේ දිහා බැලුවේ නැත්ද කියලා අහනවා වගේ.

මට දවස් ගාණකට කලින් මගේ වෙන යාළුවෙක් කියපු දෙයක් මතක් උන නිසා මං සිරාව කතාවට ගන්න හිතාගෙන “ අඃ.. සංඛ ළඟ තියෙනවා කියලා කිව්වා.... ඌ මට දෙන්නත් හැදුවා. කෑල්ලක් 120යි. මට ඔතලා එකක් 60කට දෙන්නම් කිව්වා..” කියලා කිව්වේ පෙර දිනයක මිත්‍රයෙක් එක්ක වෙච්ච සංවාදයක් මතක් කරන ගමන්.... 

“එව්වා හරියන්නේ නැහැ මල්ලි.. ඒ රොඩු වෙන්න ඇති. මට මේ ලඟදි කේරළ මල් වගයක් සෙට් උණා.. එක ෂොට් එකයි නන්ස්ටොප් වදිනවා. සුප්පා තමයි අඃ.. හැබැයි බඩු ගණන්.. කෑල්ලක් 500ක් වෙනවා... මං ගත්තේ නැහැ මල්ලි අතේ සල්ලි තිබ්බේ නැහැ බං.”

“කේරළ ...?” මං එහෙම ඇහුවේ ඉන්දියාවෙන් ගෙන්වන අලුත් බඩු වගයක් ද ? නැත්නම් මුන් අළුතින් නමක් දාගෙනද කියලා ඇති උන පුදුමයත් එක්ක...

“..ඔව් කේරල.. සිරාවටම එක ෂොට් එකයි මචං.. මෙහෙම සිග ගහන්න ඕනේ නෑ.. එකක් ගහපු ගමන් පුල් නස්තාර්” එහෙම කිව්වේ චාමර. 
 
හෙරෝයින් භාවිතා කරන්නෙක්
පැතුමත් කට ඇරගෙන මං වගේම බලාගෙන ඒ දේවල් අනුමත කරන්න වගේ ඔළුව වනන්නේ හරියට කටුස්සා කුරුමනං අල්ලනවා වගේ. මං සිරා අයියව තව තවත් කතාවට ඇදලා ගත්තේ නියමයි අද බ්ලොග් පොස්ට් එකක් තමයි කියලා. වේටර් කෙනෙක් උනත් පොර අපේ ටේබල් එකේ ඉන්න එක ගැන කාටවත් ගැටළුවක් උනේ නැහැ. මොකද හොටෙල් එකේ ඕනේ තරම් සේවකයෝ ඒ ඒ වැඩ වලට උන්නු නිසාත් අපි හිටපු තැන කාටවත් එච්චරම මීටර් වෙන තැනක් නොවෙන නිසාත් ඕනේ තරම් කතාවට නිදහස තිබුණා.
මොබයිල් එකේ රෙකොර්ඩ් on කරන්න හදනකොට තමයි තේරුණේ memory sd card එක ගෙදර දාල ඇවිත් කියලා. කොහොම හරි උපතින් ලැබුණ unlimited බුද්ධිය කියන මතකය ඇතුලට කොටාගෙන ඇවිත් පාඨක ඔබ වෙත ගෙනාව. 

සිගරැට් එකක් පත්තු කරලා සිරාට දුන්නට පස්සේ සිරා තව තවත් ලෙන්ගතු උනේ අපි එක්ක ආපු යාලුවෙක් වගේ. මං සිරා අවුස්සන්න ප්‍රශ්න ගොඩක් ඇහුවේ කිසිවක් නොදන්නා එකෙක් වගේනම් නෙමෙයි. සිරා මං ළඟ හැමදේම වමාරද්දී යාළුවො දෙන්නගෙන් පුදුම සහයෝගයක් ලැබුණේ. 

පැතුම් ඉන්න ගමන් ඇහපු ප්‍රශ්නෙට මමත් dim වෙලා ගියේ නොදැනුවත්මයි.

“...ඔයා කුඩු ගහලා නැත්ද..” පැතුම් එහෙම අහලා මගේ දිහා බැලුව.

“.. පිස්සු හැදෙයි මල්ලි.. අපි ඇතුලේ ඉන්න කාලේ අපේ වාට්ටුවට කුඩු ගහලා අහු උන කොල්ලෝ ගේනවා. දුක හිතෙනවා මල්ලි.සංසාරේ එපා වෙනවා. බඩ පිට පොත්තට ඇනිලා. ඇට කටු ගොඩ විතරයි.ඒකෙත් ගන්න දෙයක් නැහැ. ඇවිදින ලෙඩෙක් වගේ. හුළඟට ගහගෙන යයි කියලා හිතෙනවා. හෙණ සික් එකෙන් උන් ඉන්නේ මල්ලි. බීඩි සිගරට් පේන්න බෑ මල්ලි..බොනවා නෙමෙයි කනවා. මගේ අම්මේ මල්ලි බීඩි බොන්නේ තරහට වගේ.. ”
“... කුඩු කොහොමද අයියා ගහන්නේ ...? අපිට නැත්ද හොයා ගන්න ”    
 පැතුම් එහෙම අහලා මහා කපටි හිනාවක් දැම්මේ සීරාව බයිට් එකට ගන්න කියලා මටනම් මොන මෝඩයට නැතත් තේරුනත් හිනාව තද කරගෙන හිටියේ සිරාගේ කතාව මට අහන්න තිබුන උවමනාව නිසාමයි..
 
කුඩු ගසන ආකාරය
“.. මං නම් දැකලා තියෙන්නේ පොඩි ටැබ්ලට් එකක් වගේ එක. ඔය මල්ලි බෙහෙත් කරල් තියෙන්නේ අන්න ඒකෙ ඇතුලේ බෙහෙත් කුඩු තියෙනවා නේද.. අන්න ඒ වගේ පුංචි කුඩු සුට්ටක් තියෙන්නේ. ඕක ඇති 15 දෙනෙකුට විතර... කුඩු ගහන්න ලොකු සල්ලියක් ඕනේ මල්ලි... ගැහුවොත් ගැහුවමයි. කවදාවත් බොන්න එපා මල්ලි... බීවොත් ගොඩ එන්න බෑ..”
“..හරි දැන් ඔයා කිව්වනේ ඇතුලේ බීඩි තියෙනවා සිගරට් තියෙනවා කියලා.. ඉතිං කොහොමද ඔව්වා ඇතුලට යන්නේ. ඒවා ගන්නේ කොහොමද ඇතුලේ අය...”   
මගේ හඬ එක්ක චාමර මගේ දිහා බලාගෙන ඇහැක් ගහලා දැන් ඇති බං කියන්නා වගේ ෆෝන් එකත් අරගෙන එළියට ගියේ උඹලගේ ආතල් එක ගනිල්ලා කියන්නා වගේ.

“... මල්ලි හැමදේම ඇතුලේ තියෙනවා. එව්වා යන්නේ එළියේ ඉන්න නිලධාරීන් හරහාම තමයි. සිගරට් එක ර;50යි. අරක්කු නම් ඩබල් ත්‍රිබල් ගණන් වෙනවා...මල් ඕනෙනම් මල් උනත් තියෙනවා...”

“... ඔයා ඉතිං කොහොමද ඇතුලට ගියේ...?..” පැතුමා එහෙම අහද්දී මම හිතුවේ  ඒකට සිරා අයියා අමනාප වෙයි ද කියලා. 

“... මම එකෙක්ට කෙටුවා මල්ලි... අපේ ඉඩමකට... මාස 6ක් උන්නා. දඩ ගෙවන්න තිබ්බා. ගෙදර අයට ගෙවන්න බැරි උණා... ඇතුලේ ආතල් මල්ලි.. ඒක දන්නේ ඇතුලට ගිය එකා. හැබැයි දිරවන්නේ නැති එකාට දුක තමයි....” සිරාගේ කතා විලාෂය දුටුවානම් ඔබ වුවත් වශීකෘතව බලා සිටිනවා නිසැකය. මමත් අබිං වලට ඇබ්බැහි වුවෙකු සේ බලා සිටියේ කලින් දැනගෙන සිටි උක්ත තොරතුරු මෙවන් අත්දැකීම් ලාභියෙකු ලාවා ස්ථිර කර ගැනීමේ අරමුණින් යුතුවය. එය ඉටුවී හමාරය. හදිස්සියේ මුණ ගැසුණු චාමරගේ මිතුරා ඇසුරින් මගේ ආශාව සංසිඳ ගැනීමට හැකිය. 

“...ඉතිං ඇතුල කොහොමද...? කියන්නකෝ විස්තර ටිකක්...? ඔයාට වැඩ නේද...? වෙන දවසක කතා කරමුද...?” මම ඇසුවෙමි.


“..අද නැහැ මල්ලි. මම අර මල්ලි ළඟ බඩු ඇති කියලා හිතාගෙන ආවේ... බොක්ක පිරිසිදු චරිතයක් ඒ මල්ලියා ඈ... ඇතුල ගැන කිව්වොත් මල්ලි කුණු ගොඩක් වගේ.. හැබැයි සුර සැප..  ඇතුලේ ඉන්නවා සෙට්.. හොඳ චණ්ඩි. අපි උන්ට නැමෙන්න ඕනේ.. නැත්නම් ලොස් තමයි. හවසට නිදා ගන්නවා. සැමන් ගහනවා.. ඒ කියන්නේ වාට්ටුවක එකම විදියකට මාළු අඩුක් කරනවා වගේ පෝලිමට නිදි කරනවා. මල්ලි, ඔයාල වගේ අළුතින් සුදු කොල්ලෙක් ගියොත් අනිවා ඇතුලේ උන් ඔයාව කොල්ලෝ ගහන්න ගන්නවා. ඒක ඇතුලේ යන අයට සිද්ධ වෙන පොදු දෙයක්.. තව ඇතුලේ හොඳට උන්නොත් අපිට පුළුවන් නිලධාරියෝ එක්ක ඉන්න. එයාල කියන වැඩ කරන්න ඕනේ... මමත් සර් කෙනෙක්ගේ ගෙදරක ටයිල් අල්ලලා තියෙනවා එයාගේ බාත් රූම් එකට... ගොඩක් උන් වැඩ කරන්නේ නැහැ මල්ලි.. ගොඩක් ඉන්නේ ඇඟ හොරු.. අපිට වරෙන්තු නම් මේ ඉන්න විදියට කැමති ඇඳුමක් අඳින්න පුළුවන්.. හැබැයි අච්චුනම් යුනිෆොර්ම් එකක් තියෙනවා. අපි හොඳට ඇතුලේ සර් ලාගේ වැඩ කලොත් කෑම බීම හොඳට ලැබෙනවා. නැත්නම් කන්න ලැබෙන්නේ බත් කෝප්පයයි..
හැබැයි මට ලැබුණා අර සර්ගේ ගෙදර වැඩ කරපු නිසායි, සර් ලා එක්ක හොඳට හිටපු නිසයි වැඩ කරපු නිසයි ඇතුලේ කම්මැලි නැතුව හොඳ සැලකිලි. මම ඇතුලේ ඉද්දි දෙපාරක්ම බිව්වා. සිගරට්නම් බිව්වේ නැහැ. මට ඒ නිසා බත් කෝප්ප දෙකක් ලැබුණා. හරක්මස් කෑලි දෙකයි. මාළු කෑලි දෙකක්ම ලැබුණා.. අනිත් අයට දුන්නේ එකයි. මට දෙකයි..”

“... අයියා මාර චරිතේ නේ.. ගෙවල් කොහෙද..?..” පැතුම් විසින් ඇසු පෞද්ගලික ප්‍රශ්න හා සතුටු සාමිච්චි එතැන් පටන් ආරම්භ විය. එය ඔබ ඉදිරියේ දැක්වීමට උත්සුක නොවෙමි.
මීට පෙර මා බොහෝ පුද්ගලයන් ඇසුරු කළෙමි. හොරුන්, මං පහරන්නන්, දුෂකයන්, මිනීමරුවන් මැරයන් යන බොහෝ දෙනා පිළිබඳව මා දැනගෙන සිටියා පමණක් නොව මා දුටු විටක “යන්නම් මල්ලි...” කියා යෑමට තරම් ඔවුන් කාරුණික විය. ඒ මිනිසුන් සතු සමාජශීලී ගුණයකි. කොතරම් වැරදි කලත් කවරෙක් හෝ මට වැරදි නොකලේනම් මා ඔහුව වැරදි ඔප්පු නොවුන කල වැරදිකරුවෙක් ලෙස නොසලකමි. 

ගින්නක් නැත්නම් දුමක් නගින්නේ නැත යන න්‍යාය සිත තුල මෙන්ම බුද්ධිය තුලද මූලිකව පණ ලැබුවත්, මා එය ඇදහුවත් මූලිවක මානුෂික ගුණාංග යටතේ දිවි ගෙවීමට වෙහෙසෙමි.
අපි දකින යම් දේවල්, අපි සිතන බොහෝ දේවල් ඒ ඒ ආකාරයෙන් සිදු නොවන බව ඔබ හට සිතෙන්නට ඇත. එය සත්‍යකි. අපි දකින බොහෝ දේ මවා පෑමක් පමණි. එහි ඇතුලත ඇත්තේ රැවටීම නමැති මායාව වේ. සාමාන්‍ය වැසියන් ඒ මායාවට යටත්ව සත්‍ය යැයි සිතන පොදු යැයි සිතන බොහෝ දේ ඇති නැති හැකියාවන් මත තීරණය වේ. 

අමු අමුවේ කෙලසන සමාජය ඉදිරියේ සිටීමට නොහැක. ඉරා අඳුරු පට නොකී දෑ, ඇති සැටියෙන් කියා බුද්ධිමත් මොළ ගෙඩි තියුණු කිරීම රචකයා සතු වගකීමකි..


සැ/යු- මෙහි සඳහන් කිසිම මත්ද්‍රවයකට ඔබව යොමු කිරීමට උත්සහ නොදරා ඇති අතර,  ඔබව ගලවා ගැනීමට හා සත්‍ය කුමක්දැයි පෙන්වා දීමට මෙම ලිපිය සකස් වුණි.
Share on Google Plus

About සමීර සඳරුවන්

19 අදහස්:

  1. කොතරම් දැනුවත් කලද මිනිසුන් මේ කෙරෙහිම ඇදී යන්නේ මොන අරුමයක් නිසාදැයි හිතාගත් නොහැක. මන්ද යත් මෙහි ආදීනව නොදන්නා කෙනෙක් නොමැති වුවත් එයින් මිදීමට හෝ අනෙකා මුදාගැනීමට සක්‍රිය දායකත්වයක් කිසිවෙකු නොදක්වන නිසාය.

    ReplyDelete
  2. @ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha )

    ඔයාගේ අදහසට එකඟයි සහෘදයා.. මට පෙනෙන විදියට මිනිස්සු වෙනසක් විඳින්න කැමතියි. එකම රාමුවකට කොටු වෙලා චක්‍රයක් වගේ ගමනක් යන්න මිනිස්සු අදිමදි කරනවා. මිනිස්සු ඒ දේ නැති කරලා වෙනසක් සොයනවා විඳින්න. ඒ නිසා ඔවුන් විවිධ දේ සඳහා යොමු වෙනවා. හැබැයි බොහෝ දෙනා තෝරා ගන්නා මග තමයි වැරදි.
    ඒ නිසයි හොඳ හා නරක කියලා දෙපිරිසක් ජීවත් වෙන්නේ ලෝකේ. මට දැනෙන විදියට. හොඳ වෙන්න අසීරුයි. ඒ නිසා වටිනාකම වැඩි. නරක වෙන්න පුළුවනි. එයින් ලැබෙන භෞතික සතුට වැඩි. හැබැයි අවමයි.. :)

    ReplyDelete
  3. මොන බීම හා දේ බාවිතා කරත් හෙරොයින් හෆීස් ආදි ජඩ මත් ද්‍රව්‍ය ලබා ගන්නා හා ඇබ්බැහි වුවන් අනිවාර්ය පුනරුත්තාපනයකට යොමු කළ යුතුය. විකුණන මහා බලවතුන්ට නම් ජීවිත දානය නොදුන්නත් කම් නැත...

    ReplyDelete
  4. සමහර මිනිස්සු වැරදි නොකළත් වැරදි කාරයෙක් විදියට සමාජය පිළිගන්න තත්වෙට පත්උනාමත් ඔය වගේ දේවල් වෙනව.

    ReplyDelete
  5. කුඩු බොන උන්ට හා බොන්න හිතාගෙන ඉන්න උන්ට සම්මා සම්බුදු සරණයි..

    ඕක මොකක්ද කියලා බලන්න මම එක දවසක් උරලා බැලුවා.. මේ කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එකෙන්.. නැත්නම් අනික් එකෙකුට කියන්න දන්නෙ නෑ නේ... මගේ හොඳ යාළුවෝ කීප දෙනෙක්ම දැන් ඉන්නේ අපායේ.. එකෙක් ලංකාවේ ප්‍රසිද්දම පවුලක එකෙක්...

    ReplyDelete
  6. වටින හෙළිදරව්වක්....

    ReplyDelete
  7. මෙන්න මගේ කතාව
    http://raj1st.blogspot.com/2011/11/blog-post.html

    ReplyDelete
  8. හිර ගෙවල්වල රු.5'000/=දඩේ ගෙවාගන්න බැරිව අවුරුදු ගණන් තපින එව්වෝ වගේම,නිධාරින්ට මාසෙට රු.30'000/=සිට රු.50'000/=දක්වා ගෙවල බන්ධනාගාර රෝහල හෝ පැය 24 පුරා විදුලි පංකා කැරකෙන පහසුකම් සහිත වාට්ටුවක නවාතැන් ගන්න පුළුවන් ඇති හැකි අයියලාට.
    තුන් වේලට පිටතින් කෑම සහ අවශ්‍ය සියලු දේ නිලධාරින් සපයනව.

    ReplyDelete
  9. @දේශක යා

    පුනරුක්තාපනය වෙන තැන මෙන්න මේ වගේ ජඩ වැඩ නෙව වෙන්නේ අයියේ. තව ගොඩක් තොරතුරු තියෙනවා. ඒ දේවල් සාක්ෂි නැතුව ලියන්න භයයි. ඒ දේවල් ඔප්පු කරන්න සාක්ෂි හොයා ගත්තු දවසට ලියන්නම්..

    ReplyDelete
  10. @Praසන්ன

    හ්ම්ම්.. ඒකත් ඇත්ත හැබැයි.. මිනිහෙක් උනාම බුද්ධිය දීලා තියෙන්නේ මේ දේවල් වලින් ගැලවෙන්න නෙමෙයිද කියලා මට හිතෙනවා. ඔයා කියපු දේ ඇත්තක්..

    ReplyDelete
  11. @Maathalan - Priyantha Hewage

    මං නම් උරලා නැහැ. උරන්න හිතකුත් නැහැ. මොන වැඩේ කලත් මගේ අම්මෝ කුඩුනම් එපා.. මමත් ඕනේ තරම් හොස්පිටල් වල දුක් විඳින උන් දැකලා තියෙනවා. මිහිපිට අපාය එතන. :/

    ReplyDelete
  12. @රාජ්

    wait... ඉක්මනට එන්නම් ඔය පැත්තේ සහෘදයා..

    ReplyDelete
  13. @Kenji @ Japan

    හික්.. හික්.. හී... එහෙම නැතුව බෑ නෙව අයියා. රටට හෙණ සේවයක් කරපු උත්තමයෝ නෙව ඉන්නේ :D

    ReplyDelete
  14. අපිට පෙන දේත් ඇත්තම දේත්...

    ReplyDelete
  15. කුඩුත් ඉතිං ගහන එකා අපායට, විකුණන එකා සුර ලොවට. ඔළුවට බුලට් එකක් වැදිලත් හාස්කමකින් සුව වෙන්නෙ ලොකු බිස්නස්කාරයො.

    ReplyDelete
  16. මමත් එක පාරක් ගියා අනුරාධපුරේ හිර කඳවුරට,එකේ අය වැඩට අරං ඉන්න තානායමකත් උන්නා දවස් දෙකක්. හිටපු ඔක්කොම වගේ කොළඹ අවටින් අල්ලන් ගිය කුඩු කේස් තමයි.

    ReplyDelete
  17. බෙන්....මේ සම්බන්ධව බොහෝ අත්දැකීම් මා සතුව ඇත. මෙය කතා කල යුතු මාතෘකාවකි.මම ඉදිරියේ මේ සම්බන්ධව ලියමි.

    ReplyDelete
  18. සුපිරි හෙලිදරව්වක් බෙන්!! ජය වේවා!!

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..