බිඳුණු ප්‍රේමයේ සාක්‍ෂිකරුවන්


"...ෆුල් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි... කෝක් තුනයි.. බිත්තර ඔම්ලට් එකයි" චාමර සිය ඕඩරය වේටර් වරයාට බාර දුණි. මා නෙත් අයාගෙන සිටිමුත් මා හට දැනුණේ ලෝකයම මා වටා භ්‍රමණය වන්නා සේ ය.

"..අනේ සොරි.. අමතක උණා.. :D කෝක් දෙකයි.. ෆෘට් ජූස් එකයි ගේන්න.. මෙතැන එක්කෙනෙක් කෝක් බොන්නේ නෑ..." මා දෙස බලා චාමර ඇසක් ඉඟි කල අතර අසල සිටි පැතුම් සුපුරුදු සිනහවෙන් මුව සරසා ගත්තේය. මා කුමක් කියන්න දැයි නොදනිමි. ඉවත බලාගත් වනම මා බලා සිටියේ මේ සියල්ල කෙසේ අවසන් වේවි දැයි දෙගිඩියාවෙනි.

".. මචං කාපං කෝ.. :/ ..." පැතුම් මා දෙස බලාගෙනවත්ම සිටි. මා හිස දෙපසට වනා නැවතත් ඉවත බැලුවෙමි.



"..මේවා..?.." මා ප්‍රශ්නාර්ථයක් මුසු දෑසින් ඇසුවෙමි.

"... ඔව් මේවා තමයි... ඔය චිකන් කෑලි පැත්තකින් තියලා.. එළවලු ටික කාපං.. "

".. මූ නම් ගෑනියක් ද බං.. :( ... කාපිය නැත්නම් මේ මිනිස්සු ඉස්සරහා තොට කවනවා අපි..." කෑම ප්ලේට්ටුව මා දෙසට ලං කල ඔවුන් පොඩි දරුවෙක් ආහාර බුදින තුරු ඉවසිල්ලෙන් සිය මව බලා සිටින්නා සේ මා දෙස නෙත් අයා සිටි..

ඉවසුම් නොදෙන වේදනාවකින් උගුර හිරවී පළමු බත් පිඩම ඉස්පොල්ලේ ගියේය. මා හැඬුම් දෙනෙතින් ඔවුන් දෙස බැලුවෙමි.

".. මොකද බං වෙලා තියෙන්නේ.. මේ වතුර එක බීපන්..." ඔහු  සීතල වතුර වීදුරුව මා දෙසට දික් කල අතර, අනෙකා වහා පැන පිටත් කොන්දත් වේදනාව පහවෙන තුරු අත ගෑවේය.

".. එයා කාල නැතුව ඇති මචං.. ඒකයි ඉස්පොල්ලේ ගියේ. හිරවුණේ..." මා දෑතෙහි වූ හැන්ද ප්ලේට්ටුව මත තබමින් කීවෙමි.

".. මගුල තමයි.. තෝ දවස් දෙකකින් කාල නෑ. වතුර බිංදුවක් ඔය උගුර හරහා ගිහිං නෑ.. ඒකයි ඔහොම උනේ. ඒකි කාල fun එකේ ඇති බං..." පැතුම්ගෙ ගෝරනාඩුව මා තුල දැනුණේ හදවත හාරා  එහි රුධිරය බී ,  මස් වැදලි හදවත තුලම බුදින්නා සේ ය.

".. දැන් උඹ කාල ඉවරද..? .."

".. ඌ නම් කාල ඉවර ඇති. අපි මොකද කරන්නේ.."

"... අපි බොමුකෝ..."

".. හඃ.. හඃ... කුමක්ද මේ ආනන්ද ජනක ප්‍රීතී ප්‍රමෝදය..."

".. මචං ෆ්ලයිට් එකට තව සතියයි.. උඹේ හිතේ ලෙඩ සුව කරගන්න වෙනවා. මේක ලොකු සීන් එකක්. උඹට තේරෙනවා නේ. අපි තුන් දෙනා ගුවන් ගත උනාම මෙහෙ වගේම එහෙත් කාල එමු.. එහෙ ගියාම ඔය ඈලි මැලි ගති තුරන් වෙලා සුද්දියක් එක්ක මොන මොනා හරි බැරි යෑ... " චාමරගේ සිනාව නිවාඩු නිකේතනය විනිවිද යන්නාක් මෙනි. පැතුම්ද එයටම අත්වැල් අල්ලා සිනාසෙයි. මා ඔවුන් දෙස බලා දෑස් දල්වා සිටිමි.

******************************************************************

".. අඩෝ චාමර මචං අරු වහ බීලා බං.. "

".. මොකක්... ජෝක් කරන්න එපා &(*$%^.. "

".. සිරා සිරා... විහිලු නෙමෙයි. .. වරෙන් බයික් එක අරගෙන හොස්පිටල් යන්න..."

".. එල.. අඩේ බං..හිතා ගන්නත් බෑ. මේ අපේ එකා.. :o .."

******************************************************************

"..එයා අපිව දාල ගියා පුතේ.. අයියෝ මට උන්නු එකම දරුවා.. මේ මොන ශාපයක් ද..? " මවක් ඈත ඉකිබිඳිමින් එකම වාක්‍ය ඛණ්ඩයක් ප්‍රතිරාව කළාය.

මිතුරන් දෙදෙනා නළල බිත්තියේ හොවා ගනිමින් දෑසින් වැටෙන කඳුළු ගලා යන්නට ඉඩ දුණි.

".. මං අර කෙල්ලව හොයාගෙන ගිහිං මරනවා මචං.. ! ඒකි අපේ එකාව නැති කරලා මේ ලෝකේ ඉන්න සුදුසු නෑ.." මිතුරන් දෙදෙනාගේ ශෝකිව කිපුණු තැනැත්තා ආවේගයෙන් මුර ගෑවේය.

".. ඒ නංගි මේ ලෝකේ නෑ මල්ලි.." කොහේදෝ සිට මද පවන් රැල්ලක ආ වදන් පෙළක් මිතුරන් දෙදෙනාගේ දෙසවනේ රැඳෙද්දී ඉබේටම ඔවුන්ගේ හිස් එසවිණි.
Share on Google Plus

About සමීර සඳරුවන්

5 අදහස්:

  1. ඒ කියන්නේ දෙන්නම????

    ReplyDelete
    Replies
    1. තූති බබා මෙයා....... හෙක්....

      Delete
  2. කියන්න දෙයක් නෑ මලේ, උපරිමයි. සුපිරි ලේඛකයෙකුගේ මුල් අවධිය තමයි උඹ මේ පෙන්නන්නේ.
    මං දන්නවා උඹේ ටාගට් එක වෙන එකක්, ඒත් මේ ලේඛන හැකියාව මොට කරගන්න එපා. උඹේ ටාගට් එකට ගියාට පස්සෙ මේ හැකියාවෙනුත් ගොඩක් වැඩ ගන්න පුළුවන්.

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..