බෙරය


උඹ ගහපු 

පදයට 
උඹ කියපු 
විදියට 
නටන්න ! 
උඹ හිතුව ද මං නැට්ටුක්කාරයෙක් කියලා !
 


උඹ ගොතපු 
පදයට 
උඹ ගහපු 
තාලයට 
ගහන්න 
උඹ හිතන්න ඇති මං බෙරකාරයෙක් කියලා ! 
උඹ, 
ඒක තේරුම් අරගෙන 
පදය ගහ ගහ 
උඹම නටනකොට තමයි 
තේරුම් ගත්තේ ! 
මං කවුද කියලා . . . 

- මං තමයි බෙරය -

උඹ ගහපු පදයට 
තැලි තැලී මෘදු වෙච්ච .. ! 

- මං තමයි බෙරය -

උඹ ගහපු පදයට 
 හඬ හඬා තනි වෙච්ච .. !


හැබැයි,
උඹ තවම,
දන්නේ නෑ...
උඹ ඇස් පියාගෙන,
තාලේ තියාගෙන..
ගහන්නේ
- යක් බෙරයකට -
විත්තිය...
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..