ඉල්ලීම් - Tamil National Anthom

වර්ෂ 2025 අවුරුද්ද
ස්ථානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට.

සමස්ත ලංකා දමිල එකමුතුව විසින් පවත්වන උත්ඝෝෂණ ව්‍යාපාරයකි. මා කැමරාවේ කාචය පිස දමමින් ඔවුන් එන දෙසට ලං වූයෙමි. හඳුනාගන්නවුන්ට පෙනෙන සේ මාධ්‍යය හැඳුනුම්පත බෙල්ලේ එල්ලා ගතිමි. ඔවුන්ගේ දෑතෙහි ඇත්තේ ගල් ය. නළලින් වැගිරෙන දාඩිය බිඳුවක් රූරා විත් කම්මුලින් නිකට හරහා තාර පොළවට වැටේ.
දෙපයින් විදුලියක් යන්නාක් මෙන් හැඟීමක් දැනුන ද මා වීර්යෙන් යුතුව ඉදිරියට පියවරක් තැබුවෙමි. මා ඉදිරියෙන් මාධ්‍යය සහෝදර පිරිස සිටියහ. ඔවුන් කැමරා මානාගෙන පින්තූර ගනියි. මා ඔවුන්ව අනුගමනය කළෙමි. 
එකවර සියල්ලෝම අපව වටකර ගත්තෝය.
".. අපිහ්.. අපිහ්.. අපි ! ඔයාලට උදව්වක් කරන්න හදන්නේ..?.."
මා අසීරුවෙන් වචන කිහිපයක් ගැට ගසා ගත්තෙමි. අත්ලෙන්සුව ආධාරයෙන් කම්මුලින් වැගිරෙන දහඩිය ද පිසදා ගතිමි. යකඩ පොල්ලක් අතින් ගත් අයෙකු මා අසළට පැමිණ මුහුණේ සිට දෙපය දක්වා මා විනිවිද යන්නා සේ බැල්මක් හෙලයි. ඔහුගේ අතේ රැඳී යකඩ පොල්ලෙහි අගින් ඇත්තේ ඉල්ලීම් ප්‍රදර්ශනය කරන ලියවිල්ලක් බව මා හඳුනා ගතිමි.
 
".. ෂරි.. ! ෂරි.. ! මාතියා.. අපි යේක දන්නවා.. හැබැයි මාතියා ලියන්න ඕනේ අපි කියන ඩේ.. එහෙම නැත්නම් මාතියාලට යන්න පුළුවන්.. මොකද මාතියා ශින්ගල.. අපි තමිලා.." 
".. මොනවද මේ ඉල්ලීම්..?.." මා වියදී දිව හාරවුස්සා කෙල පිඩක් සොයා ගිල්ලෙමි.
".. මාතියා, 2016දී යෙපිලා අපිට තමිලා සින්ඩුවක් දුන්නා.. යේක යැවීල්ලා නැෂනල් ඇන්තම්.. යෙපිලාගේන් අපිට දැන් ඕනේ අපිටම කියලා කොඩියක්.. යෙපිලාගේ සිංහයා නැති.. අපේ කොටියා ඉන්න.. හින්දු කොටියා.. අපේ ශිව එක්ක ඉන්න ව්යාග්‍රයා.. මාතියා..?.."
ඔහු තවත් පැවසීමට උත්සහා කළා විනා එයට අවස්ථාවක් නොලද්දේ ඔහුව තල්ලු කරමින් පැමිණි පුද්ගලයා නිසාය. මගේ පටිගත කිරීමේ යන්ත්‍රය ඉදිරියට පැමිණි හෙතෙම රූපවාහිනී නාලිකා වලින් මානාගත් කැමරා ඉදිරියේ සිනාසුණි. ඔහුගේ හිස පැළඳි හිස් වැසුම නිසාවෙන් ඔහු මුසල්මානුවෙකු යැයි කිව හැකිය.
".. යේක හරියන්නේ නෑ.. අල්ලාහ්.. ! අපේ ඌරා ඕනේ .. කොටියා වෙනම, යෙපිලා අපිට ඌරා දාලා දෙන්න ඕනේ.. උන්ට ගීතෙත් දුන්නා.. අපිට මේක ඕනෙමයි.. නැත්නම් කුඩු කරනවා.. හු අක්බර්.. අපේ ඌර දාලා කොඩියක් ඕනේ.."
පවතින ජනවාර්ගික අර්බුදය හමුවේ මෙය කෙසේ නම් ලියා පළකරන්නේ දැයි මා සිතුවෙමි. අද රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මෙය රටේ ප්‍රධාන මාතෘකාව වනු නිසැකය. සුළු ජාතිය හා මහා ජාතිය තුළ පවතින සීතල යුද්ධය තව දුරටත් ඇවිලී යනු ඇත. මෙයින් වාසි ලබන්නේ අන්තවාදී පිරිස් ය. බලයට කෑදර එවුන් ය. 
කෙසේ වෙතත් අප අපගේ රාජකාරිය කළ යුතුය.

_________________________________

මා අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරියේ සිදුවූ උත්ඝෝෂණයේ ලිපිය සකසමින් සිටිමි. මා මෙය ලිවිය යුත්තේ කුමන ආකාරයට දැයි තවමත් නොදනිමි. මෙතෙක් කාලයක් ජනවාර්ගික ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් සහජීවනය පිළිබඳව අකුරු කළ මා මෙම සිදුවීම පිළිබඳව අකුරු කිරීම කෙලස සිදු කරන්නේ ද යන ගැටළුවෙන් පීඩා විඳිමි. මගේ දකුණු පස කෙලවර, බිත්තියට මායිම්ව පොත් රාක්කයක් ඇත. එහි යටම තට්ටුවට වන්නට ඇත්තේ මගේ පැරණි දිනපොත් ය. 
නැවත පණ ලැබුවෙකු මෙන් මා පොත් රාක්කය දෙසට දිව ගියෙමි. එහි වූ අවුරුදු 9කට එහා වූ 2016 වර්ෂයේ දින පොත සොයා ගතිමි. 
නිදහස් දින මා විසින් සටහන් කල ලියැවිල්ල සොයා කියවමි.
"... අද මේ රටේ විශේෂ සිද්ධියක් වුණා. ආනන්ද සමරකෝන් ශ්‍රීමතා විසින් රචිත ජාතික ගීය අද භාෂා දෙකකින් ගාලු මුවදොර ජාතික දින උත්සවයේදී ගායනා කළා. ජනවාර්ගික අර්බුදය නැති කරන්නට යොදාගත් ක්‍රම උපායක් කියලයි ගොඩක් අය කිව්වේ..ඒක එහෙම වෙනවානම් මම කැමතියි. මේ රටට ඕනේ සාමය. ඒක අපි උපයා ගන්න ඕනේ.. ඒත්, මට සැකයක් තියෙනවා.. ඒ නිසා මම ඒකට විරුද්ධයි.. එකම කොඩියක් යට, එකම ගීතයක් කියාගෙන මොහොමඩ්, මුතාලිෆ්, අශේන්, නුෆ්රියා, ෆාතිමා, සඳලි අපි හැමෝම සීරුවෙන් හිටපු කාලයක් තිබ්බා.. ඒ කාලේ අපේ ඇඟේ මයිල් ගහක්වත් හෙල වුනේ නැහැ.. අපේ තොල්පටවල් තාලෙට ජාතික ගීය කිව්වා.. පුදුමාකාර ගෞරවයකින්.. උන් අපේ භාෂාව දන්නවා.. අපි උන්ගේ භාෂාව දන්නවා. මොකද අපේ පාසල් වල භාෂා දෙකම උගන්නපු නිසා.. අපිට භාෂා භාවිත කරන්න උන් හිටපු නිසා.. හැබැයි ඒ ගැන බලයේ හිටපු එවුන් දන්නා පාටක් තිබ්බේ නැහැ වගේ..
අපිව ළං කරන්න තිබ්බේ වෙන විදියකට, දෙමල පාසල් මුස්ලිම් පාසල් අහෝසි කරලා උන්වත් අපේ ඉස්කෝල වලට දැම්මානම් ඒක දීර්ඝ කාලීන ආයෝජනයක් වෙන්න තිබ්බා.. ඒකෙන් අපේ අනාගත පරපුර එකට වසන පරපුරක් බිහි වෙන්න තිබ්බා..
ඔවුන් හා අපි අතර විවාහ වෙන්න තිබ්බා.. අපි එකම මිනිසුන් ලෙස දකින්න තිබ්බා.. අපි අතර වෙනසක් නැහැ, අපි හැමෝම මිනිස්සු කියන හැඟීම ඇති වෙන්නත් තිබ්බා.. හැබැයි බලයේ ඉන්න එවුන් ඒ වගේ තීරණ ගත්තේ නැහැ..
මම විරුද්ධ මේකයි.. එක ගීතයකට ආදරය කරන්න බැරි මිනිස්සු කොහොමද ඔය කියන විදියට භාෂා දෙකක ගීතයකට දෙවිදියක මිනිස්සු ළං කරන්නේ.. තවත් ඒ මිනිස්සු භාෂා වලින් ඈත් කරපු එක නෙමෙයි ද ඒ මිනිස්සු කලේ.. මගේ රටේ සාමය ආරක්ෂා වේවා..."
මා ගැඹුරු හුස්මක් ගතිමි. දෙනෙත් පියාගෙන හුස්ම ගතිමි. දැන් ඉතින් ලිවිය යුතුය. එහෙත් මා කවුරුන්ගේ පැත්තක් ගෙන කතා කරන්න දැයි නොදනිමි. නමුදු මා ලිවිය යුතුමය.
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..