ධාතු වඩින ගුරු පාර !



ඉන්නවාලු දෙවිවරු හුඟ,
ධාතු වඩින ගුරු පාරේ
කවදාවත් පව් නොකරපු,
දෙවියන්වත් නොවැඳපු,
මම !
අද !
ඉල්ලමි එක වරයක්
හිමිකර ගන්නට හෙට
නුඹ ...
නොව අද !
පිරුවටයෙන් මම පේ වුණ,
අද නෑ විසදුමක් පපුවේ,
ඇවිලෙනවා ගින්නට මද,
සුවඳ කූරු පදමට අද ...
නැමෙන්නේ නැති කොඳු ඇට පෙළ,
නමා ගතිමි දෙවි සිහිකර !
රළු මා අත ගෙන නළලට,
නුඹ නිසාම
දොහොත් තියන්,
ධාතු වැඩපු අස්න බලන්,
තෙවරක් වැඳ එකත් පසව..
ඉල්ලන්නම් නුඹව !
ජීවිතයම බාර වෙලා,
දෙවියන් හට පැදකුණු කොට,
දුහුවිල්ලට පයින් ගසා..
ඉල්ලන්නම් නුඹවම මම !
තිස් තුන් කෝටියක් දෙයියෝ...
අතර ඉන්න එක දෙවියෙක්,
මගෙ කළගුණ හිතට අරං
අහනවනම් කියනව මං
නුඹට කරපු පෙම කොතරම්,
රිද්දනව ද නුඹ ගිය තැන් !
අනේ ඇවිත් එක දෙවියෙක්,
නැතිනම් දෙවි මෙහෙකරුවෙක්,
වත්,
පිළිවෙත් රකින මෙමට,
දෙනවද ඇය අද ගෙන විත් !
Share on Google Plus

About Unknown

0 අදහස්:

Post a Comment

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..