සවන නුඹේ හඬ මිහිරිය ඇහෙන | විට |
මවන සිනා අසමින් ගී ගයන | විට |
යනෙන ගමන් දෑතට නුඹ දැනෙන | විට |
හැඟෙන තරම් මිහිරක් වෙන කොහිද | මට |
මලා නිකව හද පෙර මෙහි තිබෙන | වෙලේ |
සලා පවන් එක පිට නුඹ පිඹින | කලේ |
පලා යන්න හිතුනත් ජීවිතය | සැලේ |
ගලා බසින ගඟුලකි ආදරය | දැලේ |
සිහින දකින හද ගැහෙනා රිද්ම | පවන් |
දැහැන බිඳෙන හැමවිට හද පද්ම | බලන් |
හඬන නිතින නෙතු හැමවිට යුග්ම | කරන් |
රිදෙන දැනෙන හදවත නුඹ එක්ම | ගිහිං |
පුරුක් එක මතින් ඇමිණෙන පෙම් | ගීයේ |
උරුක් කරන දැඟිලි තව නැත | ආයේ |
සුරුක් උවැසි දන නපුරින් නෙව | පෑයේ |
නරක් වූ හදක් නැත අප තුල | වූයේ |
හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත | දුරදී |
අදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ | විටදී |
මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග | එත්දී |
ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද | පැද්දී |
හිතට හොරා නුඹ ළඟ හද අද | තනි වෙනවා |
සැමට කියා නුඹ ළඟදීම අරගෙන | එනවා |
මවට ඔයා දී සැනසුම් සුසුම් | හෙලනවා |
මගට වෙලා මා පැතුමන් හීන | දකිනවා |
තනුව ඇය වූ, වචන පෙම වූ කවිය ලියමින මා | මෙදා |
ගැයුව හඬ වූ, දැක්ම සතු වූ දෑස ඔබෙ විය මේ | ලෙදා |
පාන සඳ වූ, මාගෙ ලොව වූ ඇයයි දිවියම මට | සදා |
තාම ලියවූ, ඉවර නැති වූ කවිය හෙට දින දෙමි | වදා |
11 අදහස්:
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..
Subscribe to:
Post Comments
(
Atom
)
ලස්සන හැගීමක් අපූරුවට අකුරු කරල තියෙනව සමීරයො... පට්ට..
ReplyDeleteජයවේවා
ස්තුතියි දුන්න ඇගයුමට... ජය වේවා සහෝදරයා :)
Deleteසියල්ල සුපිරි විදියටම තිබේ. එළිවැට පෙර වැට රැකල තියේ. එත් සඳැස් කවියේ එන යවයන් දොසක් දුටුවෙමි.
ReplyDelete//රිදෙන දැනෙන හදවත නුඹ එක්ම ගිහිං//
මේකේ අගත් හල් නයන්නම ආවනං මසුරන් කවක්
මම රීතින් නීතින් දන්නේ නෑ අයියා..
Deleteමට එව්වා ඉගන ගත්තොත් මගේ සිතුවිලි පටු වෙනවා කියලා දැනෙනවා මට..
නිදහසේ ගලන දේ අකුරු කරනවා.. :)
කවියෙක් නෙමෙයි මම.. ඒත් අනේ මන්දා.. :D
හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත දුරදී
ReplyDeleteඅදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ විටදී
මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග එත්දී
ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද පැද්දී
මමනම් ආසම කවිය මේක තමයි මේ පදවැලේම
///හෙටක් නැතත් ඉරක් පායා එනු ඇත දුරදී///
Deleteහෙටක් අපිට තිබුනත් නැතත් මේ විශ්වයේ හිරු සඳු පෙර සේ හිනැහේවි.. ඒවා පෙරදා මෙන්ම දුරින් පායා තිබේවි..
///අදත් ඇතත් සඳක් තරුත් හිනැහුණ විටදී//
අද කියන දවස තිබ්බත් පෙර කියූ හෙට සේම සඳු තරු හිනැහී තියේවි, පෙර මා කියූ දුර සිටම..
///මමත් ඔබත් සැනසුම ළඟ දිවි මග එත්දී///
අපි ජීවිතය කියන දේ ඇතුලේ පෙර කී හිරු සඳු තරු සේ දුරින් පිහිටි සැනසුම නමැති දේ සොයා අපි එනකොට, සැනසුම තුල අපි දෙන්නා බැඳෙන කොට,
///ඔහුත් ඇයත් කෙලසින් ළඟ ඒවිද පැද්දී////
ඔහුත් ඇයත් එනම් නුඹගේ ජීවිතය ගැන බලාපොරොත්තු හීන මල් වගුරපු නුඹගේ මවත් - පියත් කෙලස අපි සෙවූ සැනසුම පිලි ගනීවිද මා නොදනිමි...
( මේ කවියේ මං සඟවා දාපු තේරුම මේකයි අයියේ.. :) )
මාරම ලස්සනයි මල්ලියා....
ReplyDeleteහරිම ලස්සනට ලියලා තියනවා.....
පට්ට බන් :D
ReplyDeleteහැඟුම් කවි කර, වදන් කැටි කර බැඳෙන සුමියුරු පදවැලේ
ReplyDeleteරසය මුසු කර, ආලෙ මතු කර කියන මෙපුවත මනකලේ
ඇගෙත් ඔබගෙත් මවු දෙමවුපිය ආසිරිත් ලැබ හැම කළේ
සුවෙන් සතුටින් යෙහෙන් වැජඹෙනු පැතුම මා මෙහි එක් කලේ
This comment has been removed by the author.
ReplyDeleteඑකම කොමෙන්‍ටුව තාක්ශණික දෝෂයක් නිසා තුන් වරක් පලවූ නිසා ඒ අමතර පලවීම් ඉවත් කරන ලදි.
Delete