හිරු රැස් වැටි බොල් පිණි කැට සඟවාලා....
සඳ දෙව් කොහේ සැඟවී අද භිය පාලා....
පෙර දින රැයේ සිහිනය යලි සිහි වීලා....
පය තැබූ මහී ලෝකය සිත කැළඹිලා....
සඳ දෙව් කොහේ සැඟවී අද භිය පාලා....
පෙර දින රැයේ සිහිනය යලි සිහි වීලා....
පය තැබූ මහී ලෝකය සිත කැළඹිලා....
මුළු ලොව අදත් නිහඬයි මේ වෙලාවේ....
හදවත තනියි නිහඬයි මං මුලා වේ....
තනිකම සැපයි සැමවිට හුදකලාවේ....
දඩ බිම ලොවයි පණ නළ විහිදුනාවේ.....
උණුහුම ගතින් දාඩිය බිඳු උරාලා....
ජීවන හුස්ම මොහොතක් ළඟ රැඳී ලා....
නිසලයි ලොවම මූසල කම පිරිලා.....
හුස්මක් නැතේ අහසක් අද හඬා ලා....
රැහැයින් හඬන තුරු ගොමු වල සතර කොනේ....
සවනත වැකෙයි හඬනා ලොව ඉරි තැලුනේ....
ගංගා දියක් නැති කතරක් වෙලා දැනේ.....
සුසුමක් පමණි මා හදවතෙ ඉතුරු වුණේ....
හිරු රැස් ගලා ලොව අවදියි කියන තුරා...
මා නිහඬව නිදි පැදුරේ නිදන තුරා....
සිහිනය මා සිත තුල උඩු දුවන තුරා....
මගෙ පෙම ලොව ඇත පණ අදිනමින් මරා....
කෝ උඹේ විප්ලවීය ළිපි, ලව් සික් එක හැදිලද...?
ReplyDeleteනිදි නැති රෑයේ හිත දැහැනක සමවැදිලා
ReplyDeleteපෙම් දිග යලා උණු කඳුලැලි සලලා
හැඟුමක් සිතැගිමිහිරක සුව විදලා
සුසුමන් ගලයි පෙම ලඟ හිත උඩුදුවලා
කඳුලැලි වැලක් ඇවිදින් නෙතු නෙත් කරලා
මැව් මතකයම සිත යටටම ගුලි කරලා
නුඹෙ හීනයට වත්සුනු පැහැ එක්කරලා
තව හීනයක් ගොතපන් හිත එලි කරලා
__ කළුළුර හීනය __
හැමදාමත් වගේ ලස්සන කවි පෙලක් :)
මාතලන් - අයියේ, මේ දවස් වල බෙල්ල ගහලා යන ගවේෂණයක ඉන්නේ. අනිවා ළඟදීම ලියනවා උඩු යටිකුරු වෙන ලිපියක්. ඇත්ත ඇති සැටියෙන් ම.. :) සුට්ටක් ඔහොම ඉන්නකෝ ඉවසං..
ReplyDeleteමොකෑ බන් මේ.. විශ්වාසනීය වෙනසක් කරන්නද හදන්නේ .
ReplyDeleteමේ කුරුල්ල තමා වදේ.
ReplyDeleteකොහොමද බෙන් මෙච්චර කවි ලියන්නේ?තැන් දෙකක ලියන්න එපැයි නේද?
ReplyDelete