බුදු දහමේ උන්නතිය උදෙසා නොයෙකුත් සංවිධාන බිහි
වෙයි. සමහර සංවිධාන හිරු දුටු පිණි බිඳු සේ වියැකී යන්නේ සමාජීය ආකල්ප පවා වෙනස්
මගකට පොළඹවා කෙලසමිනි. ජාතියක ඒකීයත්වය උදෙසා බිහිවන සමහර සංවිධාන දේශපාලන
ස්වරුපයක් ගන්නා අතර, ඒ ඒ සංවිධාන වල නායකත්වය ගන්නේ විවිධ දේශපාලන පක්‍ෂ නායකයන්
හෝ දේශපාලනයේ අතකොළුවන් ය. ලංකාවේ දේශපාලනය නොගෑ වූ තැනක් නැත. පාරේ වසන බල්ලට පවා
විටක පක්‍ෂ පාට ඇත්දැයි සිතෙන්නේ, දේශපාලන රැස්වීම් අසල උඩු බුරන විලාසය දුටු
විටය.
තිරිසන් ලාංකීය දේශපාලනය අතින් කෙළසුන දේශයේ
විවිධ වූ හෙළ සංකල්ප නැවත ඇති වුවා හෝ නැතා හෝ ඔවුන් සිටින්නේ ගොළුවත රකිමිනි.
බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා දේශපාලනයේ අතකොළුවන් වී රටේ වැරදි වසමින් රෙදි අපුල්ලන
තත්ත්වයට පත් වී තිබීම ගැන මා පෞද්ගලිකව අතිශය කනගාටු වෙමි.
අප හෙළයන් වන්නෙමු. අප පෞඩ ඉතිහාසයක් හිමි ආඩම්බර
ජාතියක දරුවන් වන්නෙමු. ඒ ජාතියේ වීර ලෙයට නෑකම් කියන මා වුවද මොනරෙකුට වඩා හෙළ ජාතියේ
පුතෙකු වීම ගැන ආඩම්බර වන්නේ හද පිරුණු සතුටිං යුතුවය. අහස සිඹින කඳු, ඒ අස්සේ ගලා
බසින දිය ඇලි, රටම පෝෂණය කරන ගඟා, ස්භාවිකත්වය පිරුණු කෘෂිකාර්මික ජීවන රටාව, ගමයි
පන්සලයි වැවයි දාගැබයි අතර සංකල්පීය සමාජ රටාව මා ඉතා ප්‍රිය කරමි. නිදහසේ හුස්ම
පොදක් ගැනීමට තරම් මා මාතෘ භූමිය පාරිසරික වශයෙන් පිරිසිදුය. ගැමි ජීවන රටාව
සුහදශීලී ය. ඉතිං ආඩම්බර නොවී සිටින්නේ කෙසේ ද ?
වීර මුතුන් මිත්තන් මගේ ජාතියේ
මුර දේවතාවන් සේ ආරක්‍ෂා කල මාගේ මාතෘ භූමිය වෙනුවෙන් මා හඬක් නැගිය යුතුමය. මේ
මාගේ මව හා සමාන මා පා පහස ලද භූමියම වේ. මා දනිමි, මගේ මේ මව් භූමියට මා මෙන් ම බටහිර
ජාතීන් ප්‍රිය කරන බව, ඔවුන් එහි ප්‍රථිපලයක් ලෙස මගේ මව් භූමියට කෙළ හලන බවද මා
දනිමි.
ගෝත්‍ර වාදය, ජාති වාදය මා ළඟ නැත. මා ළඟ ඇත්තේ
මනුෂීයත්වය පමණි. මා කිසි ලෙස වෙනත් ජාතියකට ගරහන්නේ ද , මා වෙනත් ආගමක් විවේචනය
කරන්නේ ද නැත. මාගේ වචන වල වෛරය නැත. මාගේ වචන වල ඇත්තේ වේදනාව හා අවෙගශිලිත්වයම
පමණි. මා කිසිවෙකුට වෛර නොකරමි. නමුත් මා ගැරඬි කුලයෙක් නොවෙමි. මා හෙළයෙකි. මා
රාවණා වංශිකයෙක් මි. තවද මා ජාතිවාත්ෂල්‍ය හදවතේ පුරවා ගත් මනුශීයත්වයේ පුරුකක්
වේ. මා පිටු දකින්නේ අන්තවාදය පමණි.
ඉහත කී ආයතන ශක්තිය නිසා හෝ සංවිධාන ශක්තිය නිසා
ලංකාවේ විනය ගරුක, හිතවාදී පිරිසක් බිහි වුවා දැයි මම ඔබෙන් විමසමි. නැත.
සුද්දන් යනකොට උන්ගේ දේවල් අරගෙන යන්න කළු
සුද්දන් බිහි කර ගියේ ය. මෙලෙස ප්‍රකාශ කල අනගාරික ධර්මපාලතුමා බටහිරයන්ට ගැති වීම
පිළිබඳව අප ජාතියට ලජ්ජා වන්නට කරුණක් එක් කලේ ය. ඇස් ගෙඩි දෙකට හෙණ ගැසුවත් කම්
නැහැ කියූ ඇතැම් සිංහලයෝ තම ජාතිය පාවා දුන් අවස්ථා නොයෙකුත් ඉතිහාසයේ දැකිය
හැකිය. වර්තමානයේ ද සිංහලයා මුදලට තම ජාතිය පාවා දෙන්නේ අසුචි වලට පොරකන ඌරු රැලක්
මෙනි. තම ජාතිය කමින්, ජාතිය වනසමින් තම උන්නතිය උදෙසා දිවි සැප පමණක් තකා පව්කාර
සංකල්ප බිහි කරයි.
අධිරාජ්‍යවාදයේ පටු අරමුණු වලින් මිදී සිටියද
වර්තමානයේ දී පවා අප ඔවුන්ගේ සෙවණැලි වලට යටත් වෙමින් සිටීමට සිදුවීම කණගාටුවට
කරුණකි.
NGO වැනි සංවිධාන හරහා අප රටට එල්ලවෙන නොයෙක්
බලපෑම් සීමිත නොවේ. අප සිංහලත්වය වනසන්න එවන නොයෙක් වේශයන් ගත් යකුන් සේ NGO විවිධ
මුහුණුවරින් පැමිණේ. බොන්නට දිය පොදක් දී අන්‍යාගමිකකරණය වෙන යුගයක බුදු දහම පවතී.
හාරන ලද ලිඳ බැඳ NGO ලෝගෝ අලෝමින් එය ඔවුන්ගේ සේවාවක් යැයි කියමින් දුප්පත්
සිංහලයා තම අරමුණු සඳහා මුදුන් පමුණුවා ගන්නේ මුදල් නෝට්ටුවට රවටමිනි.
ලොව උතුම් යැයි කියන්නේ නිහඬ ගොළුවත රකින
මිනිසුන් උදෙසා නොවේ. ලොව උතුම් යැයි ලේබල් වන්නේ ලොවට දෙයක් දායාද කල මිනිසාටය.
අප උතුම් විය යුත්තේ රටට ජාතියට යම් දෙයක් දායාද කොටය. අප මෛත්‍රී සහගත ජාතියකි.
අප ඉවසුවෙමි. දශක 30ක් පමණම ඉවසුවෙමි. අවසානයේ අවදි වූ සිංහයා සියල්ල සමථයකට පත්
කළේය. එවැනි ජාතියක් වෙමු. අපට ඇත්තේ මෙම මාතෘ භූමිය පමණය. එනම්, සිංහල ජාතිය සතුව
ඇත්තේ එකම බිම් අගලක් පමණකි. මේ සමක ආසන්න කොදෙව්ව පමණක් අපගේ නිවහන වේ. ඒ නිවහන
අප ආරක්‍ෂා කර ගත යුත්තේ අනාගත පරපුරේ උන්නතිය උදෙසා ය. නැතහොත් ඔවුන් අපට ශාප
කරනු නියතය.
මිනිසුන් අප සිතනවා ට වඩා සුන්දර නැත. අප අතරම අපගේ
විනාශය ඇති වීමට තරම් අප පව්කාර වේ. අප අපගේ ජාතිය උදෙසා හඬක් නැගුවාට ජාති වාදියෝ
නොවෙමු. අප වෙනත් ජාතියකට ගරහන්නේ නැත. අප හඬ නගන්නේ අප ජාතියේ ජීව රුධිරය වන්
බුදු දහමේ රඳා පැවැත්ම සඳහා පමණි. වෙනත් සෑම ජාතියක්ම අපට ගරහයි. අප විවේචනය කරයි.
නමුත් අප එසේ වුයේ නැත.
ලොවක් ඉදිරියේ අප රට ගැරහුමට ලක් වන්නේ අප රටේම
සිටිනා විහිළුකාරයන් නිසාවෙන් බව මා අමුතුවෙන් මතක් කල යුතු නොවේ. ඈත අතීතයේ
පෙරදිග මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අප රට අද සමහර ජාතීන් රටක් තිබෙනවාද දන්නේවත්
නැත. සමහරු සිතන්නේ අප ඉන්දියාවේම කොටසක් ලෙසය.
එකල රණ බෙර හඬ, රණ ගී ඇසු පමණින් අප රටෙහි
මිනිසුන් ලක්‍ෂ සංඛ්‍යාත ලෙස එක් වූ බව කිය වේ. අප ජාතියට ආගමට එරෙහි වුවන් , අප
හා බලෙන් ගැටුණු බටහිරයන් සමූල ඝාතනය කිරීමට අප රජවරුන් එඩිතර වුහ. බටහිර ජාතිය
විරුවන් සේ ලොවටම තම වහසි බස් කියමින් මාන්නයෙන් පුප්පා සිටි මොහොතක අප එඩිතර
මුතුන් මිත්තන් රට වෙනුවෙන් නොභියව සටන් කලේ අන්ත ලෙස ඔවුන් පරාජය කරමිනි.
මා ඉපදුණේ බුදු දහම උප්පැන්න සහතිකෙම ආගම ලෙස
ලේබල් කරගෙන ය. එපමණක් නොවේ, සිංහල ලෙස මා උප්පත්තියෙදීම ලේබල් උනෙමි. ඕනෑම
ජාතියක් සමඟ විසීමට, ඕනෑම ආගමක් හැදෑරීමට මා පවුල තුලින් මට නිදහස ලැබීම මා භාග්‍යක්
ලෙස සලකමි. නමුත් මා බුදු දහම තරම් ගැඹුරු දර්ශනයක් නොදුටුවෙමි. එය මා දන්නේ කෙස්
ගසක් තරම් පමණි. එය ඇදහීමක් නොවේ. එය දර්ශනයකි. ගැඹුරු දර්ශනයකි.
මා අනෙක් ආගම් වල දුටුවේ ජානවිකෘතික දෙවියන් ය.
අමානුෂික වධ බන්ධන ය. මෝඩ සංකල්ප ය. මනුශියත්වයෙන් ඔබ්බට ගැලු වේදනාත්මක
සංස්කෘතියක් මා දුටුවෙමි.
මා සැනසුනේ , සනසන්නේ බුදු දහම පමණි. සැම අවියක්
ම දුටු දෙවියන් ළඟ වැටෙන මිනිසුන් දෙස බලා මම සිනාසෙමි. අමනුක්‍ෂයන් යදින මිනිසුන්
දෙස බලා මා සිනා සී සිටියෙමි. නමුත් එකදු අවියක් නැති බුදු හිමියන්ගේ ප්‍රසන්න
මුහුණ දෙස බලා මා සැනසුන තරම් දන්නේ හදවත පමණි. බුද්ධ දර්ශනයේ ගැඹුරු ඉගැන්වීම
පසක් කරමින් මා සැනසුන තරම් දන්නේ බෞද්ධයෙක් වූ මා පමණි.
නොයෙක් මිනිසුන් දුටුවෙමි. සිංහල ජාතිය තරම් පරිත්‍යාගශීලී
මිනිසුන් නොදුටුවෙමි. මේ අසිරිමත් බුදු දහම, හෙළ ජාතිය ඉදිරියට රක ගැනීම අපගේ
වගකීමක් නොවේ ද .... ?
(කියන්නට බොහෝ දෙ ඇත. ලියන්නට කාලය නැතිකම දුකට කරුණකි. )
(කියන්නට බොහෝ දෙ ඇත. ලියන්නට කාලය නැතිකම දුකට කරුණකි. )
ආගමෙන් හික්මුණ කෙනෙක්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් අද ආගම මුවාවෙන් තමන්ගේ වැරදි වසා ගැනීම යි බොහෝ තැන්වල දී වෙන්නේ . . . හ්ම්ම්, අපි මේ ගැන මොන තරම් කතා කළත් අපේ හඞට අද ඉඩක් නෑ. සල්ලිවලට, බලයට හැම දෙයක් ම යට වෙලා. ඒත් අධ්‍යාත්මයෙන් තොර සංවර්ධනය කුමට ද?
ReplyDeleteමම අන්තවාදී නෑ, ඒත් මගේ ආගම ජාතිය වෙනුවන් කරන්න ඕනේ ටික කරන්න උත්සහා දරනවා. තාම 100% බැරි උණත් ඒක කරන්න ඕනේ කියන හැඟීම මට තියනවා
ReplyDeleteතමන්ගේ ආගම තමන්ට උතුම් තමා..
ReplyDelete//බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා දේශපාලනයේ අතකොළුවන් වී රටේ වැරදි වසමින්//
ReplyDeleteසහතික ඇත්ත කොල්ලෝ, ඔය ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියලා තිබ්බේ වැලිවේරියට හමුදාව යවන්න කියල ඉල්ලීම කලේ තමන් වහන්සේය කියල..
මම දුලාගේ අඩවියේ™ දුලා
ReplyDeleteපුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place
හපෝයි පොඩි එකෙක් වෙන මොනවා හිතන්නද. වෙන මොනවා ලියන්නද. උඹට තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා පුතේ. මීට අවුරුදු තිහකට විතර ඉස්සරත්, තාක්ෂණයක් නැති කාළේත් අපි උඹලට වඩා ඉදිරියෙන් හිටපු එක ගැන නම් මට මාර ආඩම්බරයි...
ReplyDeleteමිස්ට මාතලන් ඔයා මගේ හැම ලිපියකම කිසියම් වූ වරදක් දකිනවා. ඒ ගැන මට සතුටුයි. හැබැයි... ?
ReplyDeleteමෙන්න මේ දෙ හොඳට මතක තියා ගන්න... කාලයක් පිරෙන්න පුංචි ජල බිඳුවක් ඕනේ කියලා. නැත්නම් කවදාවත් කලයක් පිරෙන්නේ naha. තව දෙයක් මාතලන්, ගහක මුලින් එන්නේ මලක්, පස්සේ පුංචි ගෙඩියක්. පස්සේ බීජේ ඵලය නැති වෙලා බීජය පැලවෙලා ආයෙත් ගහක් හැදෙනවා. හැබැයි මලක් නැතුව ගහක් හැදෙන්නේ naha.
අතරමැද්ද හෝ මුල හෝ ලොප් වී අවසන් අග්‍ර ඵලය ලැබෙන්නේ naha. ඔබ කියන්නා වූ 60 දශකය ගැන මමත් හොඳට දන්නවා. ජීවත් උනේ naha හැබැයි ඉතිහාස මුලාශ්‍ර තියෙනවා. ඔබ බුද්ධිමත් යැයි ගම්‍ය කරන්න ඔබම හදනවා.
මටනම් ඉගැන ගන්න ගොඩක් දෙ තියෙනවා. මම හැබැයි දැකපු දෙයක් තියෙනවා. ඒ දැකපු දෙ ආශ්‍රයෙන් මම කතා කරන්නේ. මොකද මම අවුරුදු 19ක් මේ ලෝකේ පොල් ගෑවේ naha නේ...
මම බුද්ධිමත් naha. මම හැබැයි මෝඩයෙක් නෙමෙයි. මුකුත්ම නොදැන ඉන්නවා ට වඩා, දන්නා දෙ කතා කරනවා මම.
මේ කොමෙන්ට් එකෙන්ම පේනවා ඔබට මම කියපු දේ තේරුනේ නෑ කියලා. ඔබ ගමෙන් එලියට ඇවිත් ළෝකේ පුරා යන්න හම්බ උනොත්, මම කිව්වේ මොකක්ද කියලා තේරේවී. අන්න එදාට මම කියපු දේ තේරුම් ගනීවී. ළෝකේ කියන්නේ ලංකාව නෙවෙයි බෙන් ටෙන්..
ReplyDeleteඒකට තමයි මහන්සි වෙන්නේ මාතලන් අයියා. අනේ මන්දා.. කියපු දේ නම් තේරුණා. ඒ උනාට මම කියපු කාරණය ඔයා තේරුම් අරගෙන නැහැ.
ReplyDeleteහිතන්න .. මේ රට අපේ .. අපිට වෙන තැනක් ඉඩ නැහැ .. අපිට ජිවත් වෙන්න තියෙන්නේ මේ රට විතරයි .. මේ දහම අපේ .. අපේ කම අපේ මිනිසුන් ලග තවත් ඉතුරු වෙලා තියෙනවා .. නුබ වැනි පුතුන් ලද ලක් මව වාසනාවන් .. තිසරණ සරණයි ...
ReplyDelete