එපා යලි හමුවන්න



එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග....
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග....
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග...
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න....

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක....
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව....
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස....
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග....

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද....
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත.....
සංසාරයේ යලිදු නවාතැන් සොයායන....
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න.....

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග....
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග....
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග....
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න....
 
 
සුමිහිරි හඬ - Sunil Edirisinghe
පදවැල් - Dishan Nanayakkara
Share on Google Plus

About Unknown

5 අදහස්:

  1. ලස්සන අහන අහනහැම වෙලේම හිතට වදින සින්දුවක් .... ^_^

    ReplyDelete
    Replies
    1. අත්දැකීමක් තියෙනවා ද ? හ්ම්ම්ම්.. ගොඩක් ෆීල් වෙන සින්දුවක් මටත්. හරිම ලස්සනයි..

      Delete
    2. ඔව් හිත පාරන අත්දැකීමක් හ්ම්ම්ම් ...අමතක කරල ඉන්නෙ දැන් නම් ..

      Delete
    3. mama asama wachana tikak.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..