කළුවරට ලොල්

කළුවරේ සීතලට මහ වැස්ස වහිනවා...
ඒ වැස්සේ සීතලට මුළු හිතම රිදෙනවා....
අකුණු මගේ ලෝකයම ඉරි තලා ගැහෙනවා...
මහා රෑක තනි යහනේ මා තවම අඬනවා....



හෙට දිනට එලිය වෙන ලෝකයට ආසයි....
නමුදු මගේ නෙත් දෙකම කළුවරට ලෝබයි....
නුබ ලඟින් ගැලවෙන්න මට බැහැයි වෙහෙසයි....
කළුවරේ ගුලි වෙන්න මම තාම ආසයි.....


අකුණු සහ බොර දියට පාළු බව මැකේවා...
කළුවරේ වහින වැහි කඳුළු හා රැඳෙවා.....
මගේ ලෝකය වටා සුළි සුළඟ හැමේවා....
ආයේමත් කිසිදාක නුබව හිමි නොවේවා.....


නුබ එක්ක වැහි දියට තෙමුනාම සොඳුරුයි....
පිය මැනපු මාවතට නුබ නැතුව පාළුයි...
නුබ තොල් අතර මා තනි උණා මතකයි....
ඒ මාවතේ මා නුබ නැතුව නිහඬයි.....


අහසින් වැටෙන වැහි කඳුළු දිය කරනවා...
අපේ මතක සිතට ගෙන හදවතින් සිඹිනවා.....
ආයේමත් හැමදාම තනිකමින් ඉන්නවා....
ඒ මතකයක් තුල මා තනිව වෙසෙනවා.....

Share on Google Plus

About සමීර සඳරුවන්

2 අදහස්:

  1. ඉන්නකො නන්ගිට කියන්නම් :D

    ReplyDelete
    Replies
    1. මම භය වෙයි ලු ඈ... හෙක්... නයි කයිද කිඹුල් බනිස්..

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..