අළුත් විදියට යතාර්තවාදීව සිතමු.

අපි කවුද ?




කොහේදෝ කවුදෝ හදපු යුතුකම් වගකීම් කියන සමාජ සම්මුතියක් පසුපස දුවමින් පිස්සු බල්ලන් වගේ හති අරින අපි කවුද කියලා නිකමටවත් ඔයාට හිතුනේ නැති ද ?

ඉපදුන දවසේ ඉඳන් අනුන්ගේ දෙයකට අපි සමාජ බැඳීම් කියනවා, ඒ සඳහා මිනිසුන් යෝජනා සම්මත කරගත්තු දේවල් වලට අපි නොදැනුවත්ව යට වෙලා..
අපි නටන්නේ කාගේදෝ මතයකට.
දැන් ඔයා කියාවී, අපි ඒ දේවල් කරන්නේ සමාජයේ මිනිසුන් ලෙස ජීවත් වෙන්න. මිනිහා කියපුවාම ඒ වචනය තුලම තියනවා නේ අමුතුම අර්ථයක්.
හැබැයි මම අහන දේ මේකයි ඔය මිනිසා කියන වචනය තුල තිරිසන් සතාගේ ගති ගුණ තියනවා කියලා නිකමට හිතෙන්නේ නැතිද ?

රටක ස්වාධීනත්වයට, රටක ඒකීයත්වයට නීතින් අවශ්‍යයි ඒක මම පිළිගන්නවා, සමාජ උන්නතිය උදෙසා, එහෙමත් නැත්නම් සංස්කෘතියේ අවෙනිකත්වය හෝ පැවැත්ම උදෙසා චාරිත්‍ර වාරිත්‍ර අවශ්‍යයි.
මිනිස්සු එකිනෙකා හා සහජීවනය උදෙසා හොඳ පුරුදු අවශ්‍ය වෙනවා.
එක අපි කාටවත් අණ කරලා නැහැ නේ. අපි මිනිස්සුනම් අපි තුලින්ම එනවා. එකනේ අපි අම්මා තාත්තට වඳින්නේ, එකනේ අපි යාලුවෙක්ගෙන් සමු ගද්දි බුදු සරණයි කියන්නේ..
ඒ අපි අපේ සහජීවනය , ගෞරවනීයත්වය කියන සාධක මත හදා ගත්තු දේවල්..

මේ මොන දේ තිබුනත් කාටහරි කියන්න පුළුවන් ද අපේ රටේ ක්‍රියාත්මක වෙන නීතිය සාදාරණයි කියලා.
අපේ රටේ මිනිස්සු හරිම ආචාරශීලී කියලා, අපේ රට හරිම සුන්දරයි කියලා, අපේ රට හරිම එකීයයි නැත්නම් අපේ රට ස්වාධීනයි, අපි අනිත් මිනිස්සුන්ට ආදර්ශවත් කියලා..

එහෙම කියන්න බෑ. හෘද සාක්ෂියට එකඟව කියන්න බැහැ.

අපේ රටේ නීතිය තර්කය මත පදනම් වෙලා, බලය ධනය කියන දේ මත හැමදේම තීරණය වෙනවා. සල්ලි කොලයට යට වෙලා හැමදේම පාවා දෙනවා. අපි මහා ආඩම්බරයෙන් කියනවා සිංහල කියන්නේ ජාතිය පවා නොදෙන මිනිස්සු කියලා.

හැබැයි මම කියනවා සිංහල එහෙම නැහැ. තමන්ගේ වාසියට හැමදේම පවා දෙනවා. බහුතරයක් එහෙමයි.
මමනම් ධනවාදය හෙලා දකිනවා නොබියව. මේ රටේ නීති හදන්නේ ධනවාදී සංකල්ප මත, නිර්ධන පන්තියට අසාදාරනයක් කරලා.සල්ලි තියන එකා කොහොම හරි මේවගෙන් රිංගලා යනවා. සල්ලි නැති මිනිහා අනේ ඔහේ දුක් වෙනවා.

අපේ රටේ මිනිස්සු දෙයක් ආරම්භ කරන්නේ යහපත් වචනයෙන් හැබැයි ඒ ඒ පුද්ගලයන් අතර විතරයි කතා කරන්න ගියාම අවසන් කරන්නේ අසභ්‍ය වචන භාවිතා කරලා. මෙහෙම වෙන්නේ ඇයි දන්නේ නැහැ. සමහරවිට මිනිස්සුන්ගේ සමාජ රටාව වෙන්න ඇති.

තමන්ගේ දුව අම්මා ඉස්සරහා දුෂණය වෙන රටක, පිරිමියෙක්ට සරමක් ඇඳන් නා ගන්න බැරි රටක, ස්වන් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි රටක නීතිය සාදරණව ක්‍රියාත්මක නොවන, දේශපාලුවන්ගේ සරම් යට නටන මිනිසුන් ඉන්න රටක අපි ජීවත් වෙන්නේ..

ඉතිං මේකද ආසියාවේ ආශ්චර්ය.. ??

රටේම වන සම්පත විනාශ කරනවා, ගස් උදුරන්නේ වෛරක්කාරයෝ නසනවා වගේ. මහා ගල් කුළු පුපුරවන්නේ හෙණ ගහනවා වගේ, මේ රටේ අසිරිය මේ රටේ උරුමය කෙලසිලා ඉවරයි.

මේකද අපේ රටේ සුන්දරත්වය.  ???

අවුරුදු 14 ඉඳන් ආදරය කරනවා. අවුරුදු 15 දී අම්මා කෙනෙක් වෙනවා, අවුරුදු 16 දී මහා පාරට බහිනවා.
නැත්නම් අවුරුදු 13 දී ආදරේ කරනවා, අවරුදු 14 දී තමාව මානසික පිස්සෙක්ට කියලා කෙළසා ගන්නවා, අවුරුදු 15 දී ගණිකාවක් වෙනවා.
මේ අපේ රටේ ගැහැණියට වෙන ඇත්තම දේ..
දුකයි කියන්න ? මේ දේවල් වලට කතා කලාම එක්කෝ සිර බත් කරන්න වෙනවා. නැත්නම් සමාජයෙන් හිමි වෙන්නේ ගල් මුල් ප්‍රහාර..
එහෙම රටක් මේක.. ?

මුල්ම ජීව හුස්ම දුන්න භූමියට මම ආදරෙයි, මුල්ම පා පහස විඳින්න දුන්නු රටට මම ආදරෙයි. හබැයි මේ රටේ අනාගතේ අපිනම් අපිට රට ගැන කියන්න, මේ රට අපේ නාමයෙන් අනාගතයේ හැදෙනවා නම් ඒ රට අපි ලස්සනට හදමු. මොකද නැතිනම් අපෙන් පසු පරම්පරාව අපිට වෛර කරාවී...

අපි කවුද කියලා ඇත්තටම හිතන්න. අපි කාගේවත් රූකඩ විතරයි.?

නූල් සුත්තර වලින් ඈත් වෙලා අපි කොන්ද කෙලින් තියාගෙන අපි වෙනුවෙන් කතා කරමු. !




අලුත් විදියට අලුත්ම දැක්මකින් යතාර්තවාදීව සිතමු ..... ! අර ඈත පේන සිතිජය වගේ.. ඒ සිතිජය ඒ අනන්තය කොහොමද කියලා අපි දෙන්නම දන්නේ නැහැ. හැබැයි ඒ අනන්තය මේ වගේ නොවෙන්න පුළුවන්...
Share on Google Plus

About සමීර සඳරුවන්

6 අදහස්:

  1. " අලුත් විදියට අලුත්ම දැක්මකින් යතාර්තවාදීව සිතමු "

    Niyamai Malli

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ... ගොඩක්.. !

      Delete
  2. සමහර තැන්වල පොඩි පොඩි කොසු තිබ්බට සමස්තය තාර්කිකයි,ප්‍රායෝගිකයි සමහර තැන දාර්ශනිකයි ..

    ReplyDelete
  3. හ්ම්ම්... එහෙම වෙන්න ඇති.... අනේ මන්දා... හිතුනා.. හිතට ආව.. මම කෙටුවා.. ඔයාල කියෙව්වා..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..