මහා ගින්නක් දෙන දුක.

දුක මූලික කරගෙන ජීවයේ ආරම්භය සිදු වී ඇත.
ජීවය මුල් වරට ඒක සෛලයකට මුල් වූ බවත් එය සංකීර්ණ සිදුවීමක් බවත් කුඩා කල කොහේදෝ ඇසුවා මතකය.



කියන්න යන්නේ ප්‍රවේණිය හෝ ජීවයේ ආරම්භය ගැන නොවේ . ජීවය මුල් කරගත් ජීවත් වීමට අවශ්‍ය මුලික සාධකයක් ගැන ය.

අද දවසේ විශේෂත්වය මම දන්නේ නැහැ... ඒත්..... අපේ මිනිස්සු ගොඩක්ම කැමති, හඳ මූදු උනාම පිං කරන්න..

බෙන් කියන්නේ එහෙම නෙමෙයි ජීවිත කාලේටම පිණ කියන දෙයට වඩා, මිනිහෙක් විදියට මානුෂීය හැගීම් ගැන සතුටු වෙන්න පුළුවන් විදියක් ගැන.

අපි දෙන්නට ගැහෙන හදවතක් තියනවා. අපි දෙන්නා කිවේ මේක කියවන ඔයා සහ මම.
අපි ආදරය,කරුණාව, දයාව,වෛරය, දුක, සතුට ගැන මහා පම්පෝරි ගහනවා.අපි ආදරේ ගැන මහා ඉහලින් කියනවා. අපි ආදරේ නිසා ජීවිතේ පවා නැති කර ගන්නවා.

 

ඔයා නොදන්නවා හෝ දන්නවා ඇති, මේ ලෝකේ බඩ ගින්න නිසා මිනිසුන් දුක් විඳින තරම්. ලෝකයා ගැන නෙමෙයි, මේ රටත් එහෙමයි.
අපි මහා පොලවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ, හීන ලෝකයක් තුල ජීවිතයක් නැහැ.


වේලක් කාපු නැති උනාම, දැනෙන අසරණකම මහා ඉහලයි යාලුවනේ.
දවසක් නොකාපු කෙනෙක්ට ඒ අසරණකම කොච්චර ඇති ද.?

හිසට වහලක් නැති, වැස්සේ තෙමි තෙමි, අව්වේ වේලි වේලි පිච්චි, පිච්චි කුණු බාල්දි අවුස්සන මිනිස්සු කොච්චර ඇති ද ?

පණ තියන හැම සතාම, මිනිසා පමණක් නොවෙයි, කන්න කුසට අහරක් නැතුව දැන් මේ ලෝකේ කී දෙනෙක් මැරෙනවා ඇති ද ?

දුප්පත් වෙලා ඉපදෙන හැම කෙනෙක්ටම මේ දේ පොදුයි. අපිට වෙලාවට කන්න දෙනවා.වෙලාවට බෙහෙත් දෙනවා අම්මා. ඒ උනාට දුප්පත් මිනිහෙක් විදින දුක තරම් දුකක් මේ ලෝකේ නැති තරම්.

දුප්පත්කමත් විවිධයි, දුප්පත්කමේ ලොකුම ගින්න බඩ ගින්න.මිනිස්සුන්ට යන්තම් ජීවිතේ රැකගන්න පුංචි කෑම වේලක්වත් නෑ වෙලාවකට.

වර්ෂ 1990 දී ලෝක ජන සංඛ්‍යාවෙන් මිලියන 2000 විතර දුගී බවෙන් පෙළුණා. දැන් 2013 අපි ඉන්නේ .. දැන් වෙනකොට අපේ ලෝකේ නවතම තත්වේ අපි දන්නේ නැහැ.

යාළුවනේ, අපි අපේ තියන පිරිසිදුකමට බිම වැටුන දෙයක් අපි කන්නේ නැහැ.අපේ ගෙවල් වල ඉන්න බල්ලා කියන සතා කරවල කෑල්ලක් නැතුව බත් කන්නේ නැහැ.

ඒ උනාට, ඔයා නොදන්නවා ඇති, මේ ලෝකේ මිනිස්සු කන්න නැතුව කී දෙනෙක් මැරෙනවා ද ? ඒ මිනිස්සු මැරෙන්නේ මොන දුකක් විඳලා ද කියලා නිකමට හිතන්න.

මිනිස්සු විතරක් නෙමෙයි, සත්තු කොච්චර දුක් විඳිනවා ද ?

ජීවිතේ හරි පුදුමයි යාළුවනේ, අපි ඉපදුනේ පුදුම විදියට. එක එක මට්ටම් වල. අපිට බෑ ඇත්තටම සතුටින් ඉන්න. මේ ලෝකයා විඳින්නේ පුදුම දුකක්.

මම ඔයාලට කියන්නේ පිලිපිනේ, අප්‍රිකාව, සෝමාලියාව වගේ රටවල් වලට ගිහිං එයාලගේ කුස ගිනි නිවන වැඩේ කරන්න නෙමෙයි. ඒ දේ කරන්න වත්කමක් අපිට නැහැ.


කියන්නේ මේ දේ...

ජීවත් වෙන කාල පරාසය තුල, ජීවත් වෙන සමාජ තත්වය තුල, ජීවත් වෙන ප්‍රදේශය තුල ඔයා දකින පණ තියන ඕනෙම සතෙක්ට උදව් කරන්න තරම් මානුෂීය වෙන්න..

හොරිකඩ බල්ලෙක් දකිනකොට පයින් ගහගෙන යන්න තරම්, ගල් ගෙඩියකින් ගහන්න තරම් නපුරු/කෘර වෙන්න එපා.
එයාව ලඟට අරගෙන කන්න දීලා එයාව රතු ලෙයින් සැදුන පණ තියන කෙනෙක් වගේ දකින්න තරම් මිනිහෙක් වෙන්න.

හිඟන්නෙක් දකිනකොට, නැති බැරි කෙනෙක් දකිනකොට ඔය හිත උණු වෙන මිනිහෙක් වෙන්න. මිනිස්සුන්ට ආදරේ කරන්න. පෙරලා ස්භාදහම ඔයාට ආදරේ කරාවි...

බෙන් with Hart Beat 



 දනිමි... 
ජීවිතය දුක මිශ්‍ර වේලිමක් බව... 
 නමුදු ... 
ශරීරය තුල ගැහෙන රෝගය... 
කෙදිනක හෝ විච්ජේදනය කර... 
දුක මිශ්‍ර සතුට ... 
ගොඩ ගමි.. 

නමුදු... 

දුක නම්.....

සැත්කම් පිහිය නැතිකමයි...
Share on Google Plus

About සමීර සඳරුවන්

2 අදහස්:

  1. හැම රටකම හැම පුද්ගලයෙක්ම වගෙ නාස්ති කරන කෑම තිබුනනම් කෑම නැති කී දෙනෙක්ගෙ බඩගින්න නිවන්න තිබුනද ....ඇමරිකාව කැනඩාව මුහුදට හලන තිරිගු පිටි අතිරික්තය සාගින්නෙන් පෙලෙන රටකට දුන්නනම් .... මේ ත්ත්වෙ වෙනස් වෙන්න තිබුනා ...ඒත් කවදාවත් ඒක වෙන්නෙ නෑ

    ReplyDelete
  2. එහෙම බෑ දෙයියනේ.. එහෙම කලාම එයාලගේ ආර්ථිකය වක්‍රව බිඳ වැටෙනවා ලු. මිනිස්සු ගොඩ නගා ගත්තු වටිනාකමක් දෙන සාධකයක් උන මුදල නමැති කොලයට හැමදේම යටත් වෙන්න ඕනේ අක්කේ.. එහෙම තමයි එයාල කියන්නේ. අපි මෙහෙම මානුෂිකත්වය කතා කලාට බහුතරය එසේ නොවන්නේ ඒ හේතුව නිසා..

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..