තවත් එක් දැරියක්.

 අවුරුදු 8ක් පමණ පවුලේ අය අතින් දුෂණයට ලක් වූ තවත් එක් දැරියක්.



අද මේ කතාව පටන් ගන්නේ ගොඩක් රිදවීම් ගොඩක් මැද. මොකද මෙහෙම දේවල් කියන එක මගේ හිතට ලොකු දුකක්. මේ වගේ දෙයක් කියන මට දුකක් නම්, මේ දේවල් විඳින කෙනාට ඒ හැගීම කොච්චර වේදනාවක් ඇති ද ?

අපි කොහොමත් ජීවත් වෙන්නේ විෂම සමාජ ක්‍රමයක් ඇතුලේ කොටු වෙලා.. මේ සමාජේ හැමදේම බිඳගෙන දැන් දැන් තම නිරුවත සමාජය ඉස්සරහම පෙන්වනවා.. දුකක් නම් නැහැ. හැබැයි පිළිකුලක් දැනෙනවා.

ආසියාවේ තියන සම්ප්‍රදායය අගය කරන සංස්කෘතිකමය වශයෙන් ගොඩක් බැඳීම් තියන රටක් නේ ලංකාව කියන්නේ..

පවුල් සංස්ථාව ගත්තාම පිතෘ මුලික උන  මුලික පවුලක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පියා තමයි දරුවන් රකින්නේ.. 

මට මතකයි අපේ අප්පච්චි කෝටුවක් කැඩෙනකම් ගහලා තියේ ඈ.. (වැරදි කරපුවම ඔහොම තමා :D  ) පියා කියන්නේ වැරදි හදනවා. වැරද්දක් කලාම දඬුවම වෙන්නේ  මොකක් ද කියලා තීරණය කරන්නේ තාත්තා.
එකනේ අම්මා මොනාහරි දෙයක් උනාම තාත්තට කියන්නේ..

කියන්න යන්නේ තාත්තා කෙනෙක්ගේ දඬුවම ගැන නෙමෙයි, තාත්තා කෙනෙක් දරුවන් රැකීම පසක ලා, තමන්ගේ 15 හැවරදී දියණිය දුෂණයට ලක් කරපු විදියක් ගැන.

මේ දේවල් කියද්දී හිතේවි මේ සමාජේ තිරිසන් කියලා. ඇත්තටම ඔව් .. මේ දේවල් තිරිසනුන් පවා නොකරන වැඩ. තිරිසනුන් පවා දැන් ශිෂ්ට සම්පන්න විදියට හැදෙනවා. මේ දේවල් කරන්නේ මගේ අදහස විදියටනම් මානසික පිස්සන්.. නැත්නම් තමන්ගේ ලෙයින් දායාද ලත් දරුවා දුෂණයට මේ අමනයෝ පෙළඹෙන්නේ නෑ නේ..


තමන් අට වසරක් තිස්සේ දුෂණය කරපු තාත්තා කෙනෙක් ගැනයි මේ කතාවේ කියවෙන්නේ...
මේ කතාව අහන්න ලැබෙන්නේ මොරවක පැත්තෙන්.
ඇය කුඩා කලම මව නැති පියා ළඟ හැදුන දැරියකි. මව වෙනත් දීගයක ගොස් ඇත. ( අම්මා හරියට උන්නා නම් මෙහෙම තිරිසන් කතාවක් ලෝකෙට කියන්න මට වෙන්නෙත් නැහැ L )
මේ ළමයාව අම්මා දාල ගිහිං තියෙන්නේ අවුරුදු 2 දී. පස්සේ මේ අම්මා ආයෙත් ඇවිත් තියෙනවා ගෙදර. පස්සේ ආයේ අවුරුදු 7 දී ආයෙත් වෙන සැමියෙක් හොයාගෙන ගිහිං තියෙනවා. ඒ වෙනකොට මෙයාට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා. එයාලවත් අරගෙන තමයි ගිහිං තියෙන්නේ..  ඒත් මේ කියන ළමයා අරගෙන යන්න ඉඩක් දීලා නැහැ.

ඉතිං, පියාගේ රැකවරණය මත වැඩුණු මේ ළමයා පළමු වරට අවුරුදු 7දි දුෂණය වෙනවා.
මම උත්සහ කරන්නේ ඒ හැගීම විස්තර කරන්න නෙමෙයි..
හිතන්න අවුරුදු 7ක් කියන්නේ මොන වගේ හුරතල් වයසක් ද ? දරුවෙක්ගේ හොඳම කාලයක් ඒ. පාසල් යන පුංචි කෙල්ලක්. ඒ වගේ පුංචි කෙල්ලක් දිහා ඒ වගේ ඇහැකින් දකින්න තරම් මේ රටේ මිනිස්සු මේ තරම් පහත් වෙන්නේ ඇයි කියන එකයි හොයන්න ඕනේ.... ?

හැබැයි මේ කතාව මොරවක පොලිස්සියට යනවා 2011 එක්තරා දවසක. ඒ මෙයාව පැහැරගෙන ගිහිං දුෂණයට ලක් කළා කියලා ( මෙතන පොඩ්ඩක් අපැහැදිලියි. මම මේ තොරතුර ගත්තේ වෙබ් සයිට් එහෙකින් )
පස්සේ නැවත සැරයක් අවුරුදු 12 දී මේ ළමයා නෙළුව ප්‍රෙදේශයේ එයාගේ මාම ගේ නිවසේදී මාම අතින් දුෂණයට ලක් වෙනවා.
(පුදුම හිතෙන්නේ නැතිද ? තමන්ගේ අක්කගේ දුව දුෂණය කරන මාම කෙනෙක්. හුදෙක් තමන්ගේ පවුලේ දරුවන් රකිනවා විනා ඒ දරුවන් තම රාගික හැගීම් මත අතවරයට ලක් කරන රටක් තුල හුස්ම ගැනීම පවා මටනම් පිළිකුලක්. මේ රටේ කෝ තිබ්බ සාරධර්ම. ??)

පස්සේ මේ ළමයා ආයේ නෙළුවෙන් මොරවකට එනවා. හැබැයි ඒ එන්නේ එයාට ඒ වෙන කරදර දරා ගන්න බැරුව. ඒ තරමට මේ තිරිසන් මාම මේ ළමයට වද දෙනවා..
මේ ළමයා තමන්ගේ ආච්චිට මේ දේවල් ගැන කිව්වත් විශ්වාස කරන්නේ නැහැ. පස්සේ තමන්ගේ තාත්තට වෙච්ච සිදුවීම් පවා කිව්වට ඒ පිළිබඳව කිසිම සැලකිල්ලක් මේ වැඩිහිටියෝ දක්වලා නැහැ
(කොච්චර අනාරක්‍ෂිත පසු බිමක මේ දරුවා ඉඳලා තියෙනවා ද )


ඊට පස්සේ ආයෙත් සැරයක් මේ ළමයා තමන්ගේ මස්සිනා අතින් දුෂණය වෙනවා. එයාට මේ දේවල් කිසි සේත්ම දරා ගන්න බැරි වෙලා.. මුලින් තමන්ගේ පියාගෙන්.. පස්සේ මාමා ගෙන්, පස්සේ මස්සිනාගෙන්...
හිතන්න ඉගන ගන්න වයසේ ඉන්න ළමයෙක් ගේ මානසිකත්වය ලිංගිකත්වය කියන දෙයට බලෙන් යොමු වෙනකොට දැනෙන හැගීම කොහොම ඇතිද ? ඒ ළමයාගේ ජීවිතේ තියෙන්න ඇත්තේ ගොඩක් අවිනිශ්චිත විදියට.
කාත් කවුරුත්ගෙන් සරණක් නැති මේ ළමයා හැම කෙනෙක්ගෙම ලිංගික ඕනා එපාකම් මත තමන්ගේ මල් කැකුලක් වගේ ජීවිතේ පර වෙලා යන්න ඇරියා..

හැබැයි මේ වෙනකම් තවමත් දැනගන්න ලැබෙන තොරතුරු වල හැටියට, මේ තරම් පහත් වැඩක් කරපු පියාව අත්අඩංගුවට ගන්න පොලිසියට හැකියාවක් ලැබිලා නැහැ..


මම මේ දේවල් තුලින් කියන්න උත්සහ කලේ මේ දේවල් මේ දැනුත් වෙනවා ඇති. එහෙම දෙයක් උනාම මිනිස්සු මහා ලොකුවට කෑ ගහනවා, හැම සංවිධානයක්ම කෑ ගහන්නේ ඒ වෙලාවට. හැබැයි කිසිම කෙනෙක් උත්සහ කරන්නේ නැහැ මේ දේවල් නවත්වන්න. ඒකයි තිරිසන් සතුන් පවා නොකරන දේවල් කරන්න මිනිස්සු පෙළඹෙන්න.. 
යහපත් සමාජ අධ්‍යාපනයක් නොලැබීම හා, භය සහ ලැජ්ජාව කියන දේවල් නොතිබුනාම මෙහෙම වෙනවා..

ඉතිං එයට අපි කුමක් කරම් ද .........?

Share on Google Plus

About සමීර සඳරුවන්

7 අදහස්:

  1. පපු කහුත්ත කිං ගානවා... ඇත්තටම මෙහෙවූ රටක හුස්ම ගන්න එක පවක්.. මම කල්පනා කරේ ඒ ළමයා ශාරීරිකව විඳපු වේදනවා.. අවුරු හතේදී.. දෙයියනේ.. ඊට පස්සේ දිගටම... මනසිකව කොච්චර දුර්වල ඇතිද...

    ReplyDelete
    Replies
    1. අන්න මචං එතන තමයි පොයින්ට් එක තියෙන්නේ..
      මොන වේදනාවක් ඒ ළමයා විඳින්න ඇති ද ? අම්ම හරියට නැහැ. වේදනාව සුළු පටු විදියට දැනෙන්න ඇති කියලා හිතන්න බෑ අපිට. තනිකම, ආදරයක් නැහැ, ආදරය වෙනුවට ලැබුනේ මානසිකව වැටෙන ලිංගික අපයෝජන. මේ දේවල් දවසකට කොච්චරනම් වෙනවා ඇති ද ?

      Delete
  2. මේ වාර්තා වුණ එක සිදුවීමක් පමණයි බන්. අනන්තවත් මේ වගේ සිදුවීම් අපි අතරේ වෙනවා. ඒත් ඒවාට කිසිම ක්‍රියා මාර්ගයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පුමා, මේ එක දෙයක් විතරයි. තව හැඟුණ ගොඩක් දේ තියේ. ඒවා මතු කරලා ලෝකෙට කියන එක වීරකමක් නම් නෙමෙයි. මේ දේවල් වෙන්නේ ඇයි කියන එකයි වීරකම. හැබැයි ඒ දෙයට මට ශක්තියක් නෑ නොවෑ

      Delete
  3. oka thirisan kama misak wena deyak neme ben ... samjaya ada yanne maha lodiya haliyakata ...ekata ubatawath matawath karanna deyak na ben... apita puluwan ekma de api hadena eka witharai ...

    ReplyDelete
  4. මේවගෙ කොච්චර දේවල් වෙනව ඇද්ද මිනිස් ගතිය නැතිවෙලා ගිහින් .... තිරිසන්නු වෙන්න ඉදපු එවුන්ට වැර්දිල මිනිස්කම හම්බුනාම තමයි මෙහෙම වෙන්නෙ ...

    ReplyDelete
    Replies
    1. නැහැ අක්කේ. අපි හැමෝම තිරිසන්නු. වල් හැගීමක් ආවොත් අපි වලත්තයෙක්. ඒ දේ සඟවාගෙන ඉන්න කෙනා තමයි ලෝකේ නිවැරදි කෙනා.
      ඕන කෙනෙක්ට මෙහෙම කියන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ මානසික ලෙඩක්. ඒවාට උපදේශනය ඕනේ. මේවාට ප්‍රතිකාර තියෙනවා. වෙන රටවල මේ දේවල් වෙනවා. හැබැයි අපේ රටේ වෙන්නේ නැහැ.

      කිසි කෙනෙක්ට ඕන කමක් නැහැ. මිනිස්සු ඉන්නේ හරිම පීඩනයෙන්. හැගීම් මත යැපෙන්න පුරුදු වෙලා..

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..