යෞවනත්වය තුල මැදි උන, ආදරය හා හිගකම ..




ලෝකය බෙහෙවින් සුන්දරය. ඒ සොඳුරු බව වින්දින්නටනම් අපි මෘදු මොලොක් හදවත් ඇත්තවුන් විය යුතුය.කියන්නට මුල පුරන්නේ කලාමැදිරි එළියක් වන් ජීවිත පිලිබඳවය. එවැනි ජීවිත ලොව ඇත්නම් ඒ සිත් නිවී සැනසි පහන් වේවා කියා පතමි.
මෙම ලිපිය කියවීමට පෙර උඩ කියූ, මෘදු මොලොක් මිනිසෙක් වෙන්න.

ආදරය එදා පමණක් නොව අදද මුදලට ඕනා තරම් විකිණෙයි. එදත් විකිණී ගියේය. අදත් විකිණී යයි.හෙටත් විකිණෙයි. සැමදාමත් මානුශීයත්වය මුදලට විකිණෙයි.
ඔබ ඉපදුන දා පටන්ම ඔබ වටා සෙනෙහසක් ගොඩ නැගිණි.මව පියා හා සහෝදරියන් නෑ හිත මිතුරන් ඒ ආදරය වටා පහන් දල්වන්නට ඇත.
ඔබ වයසින් වැඩෙන විට, සමාජය හා ගැටෙන විට, ජීව විද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මක සාධකමත ඔබ ඒ සෙනෙහසට එහා සෙනෙහසක් දකින්නට ඇත. එම සෙනෙහස අපි පොදුවේ ආදරය යැයි කියමු.

යෞවනත්වය , තුල අපි කැපී පෙනෙන්නට කැමතියි. අපි හැමෝටම හීන තියනවා. අපි හැමෝටම බලාපොරොත්තු තියනවා.ජීවිතය උපරිම විඳින ඔයාටත්, ජීවිතය සතුටින් ගෙවන ඔයාටත් ඒ ජීවිතයම විහිළුවක් සේ දකින ඔයාටත් බලාපොරොත්තුව කියන දේ හරි.
හොරෙක් බලන්නේ තමන්ට වාසී හොඳ හොරකමක් කරන්න. සිල් රකින කෙනෙක් බලන්නේ පිං කමක් කරන්න. ඉගන ගන්න කෙනෙක් බලන්නේ, උසස් අධ්‍යපනය ලබන්න. ඊට වඩා එහා ගියපු බලාපොරොත්තු නැතත් ජීවිතේ ජීවත් කරන්නේ ඒ දේවල්.

මේ කාරණා දෙකට මැදි උන දුප්පත්කම හැමදේම තුලනය කරනවා. මේ දෙක තරාදියේ දෙපැත්තට දාල කිරන්න ඕනේ ඇති නැති කියන සාධකය මත.
දුප්පත් කොල්ලෙක් කවදාවත්, ඇපල් ෆෝන් එකක් ගැන හීන මවන්නේ නැහැ. කවදාවත් කෝ අයි සෙවන් ලැපක් ගැන හීන මවන්නේ නෑ. දන්නවා ද ඒ ජීවිතය පිරිලා තියෙන්නේ දුක කියන දේ මත.

දිය වෙන කමිසය ඇඳගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ක්ලාස් යන ළමයි ඔයා දැකලා නැතුව ඇති. සමහරවිට තෙත කලිසම ඇඳගෙන ගැහි ගැහි උදේ බස් එකට නගින පිරිමි ළමයි ඔයා දැකලා නැතුව ඇති.
හවසට ක්ලාස් ඇරිලා පාර්ට් ටයිම් ජොබ් කරන අසරණයෝ මේ ලෝකේ ඉන්නවා ඉගන ගන්න පනම් 10ක් නැතුව. ජීවිතේ අසරණකම තියෙන්නේ එතන. පූජාසනේ මල් 1000ක් පූජා කරන සිල් වතුන් ඉන්න රටක, මහා ධානපතියෝ බුදු පිළිම මහා ලොකුවට හදලා මහා ඉහලින් විවෘත කිරීම් කරන ධර්මදීපයක ඉන්න අපි කවදාවත් හිතුවද මේ වගේ අපේම වයසේ අය ඉන්නවා කියලා.(බුදු දහමට අපහාස නොකලෙමි.සරල අදහසක් පමණක් දී ඇත)

දිය වෙලා නූල් ඉලිප්පුන ෂර්ට් එකක් ඇඳපු කොල්ලෙක් දිහා කෙල්ලෝ බලන්නේ සතෙක් දිහා බලන විදියට.
ඔරවනවා....
රවනවා..
නහය අකුළුවන් පිළිකුල් කරනවා.

දන්නවා ද ? යෞවනත්වයේ හීන අතර ඉන්න අපි වගේම ඒ ජීවිතේ ආදරේ අහිමියි කියලා. ඒ හිත ආදරේ හොයනවා ඇති. ඒ ආදරේ ගොඩක් ඈත හිමි නොවන තැනක කියලා දැනෙනකොට හිත පිච්චිලා යනවා ඇති.
ක්ලාස් යනකොට දවල්ට කෑමක් අරගෙන යන ඔයා ඒක කනවා, ඉන්ටර්වල් එකේ ෂෝර්ට් ඊට්ස් කාල කුස පුරවා ගන්නවා. තව යෞවනේ පොපියන චමත්කාරේ නිසා ක්‍රීම් සෝඩා එකක් ගහනවා.
පස්සේ හවස ගෙදර යනකොට අයිස් ක්‍රීම් පාරක් කාලමයි යන්නේ.

හැබැයි අර අපේම යෞවනත්යේ ඉන්නේ ඒ පණ කෙන්ද බඩ පිරෙන්න වතුර බිලා තමන්ගේ ජීවිතේ දකිනවා කියලා හිතුවේ නැත්ද ඔයා.. ?

වෙලාවකට මේ ලෝකේ ගැන පුදුම හිතෙනවා. ආදරේ කරන්න පුළුවන් සල්ලි තියන අයට විතරද  ? ආදරේ කරන කොල්ලන්ට බයික් එකක් තියෙන්නම ඕනේ ද  ? ස්මාර්ට් ෆෝන් තියන කොල්ලෝ විතරද මල් කඩන්නේ..

ජීවිතේ හරය යතාර්ථය තියෙන්නේ එතනද .. ?

අපි වටා තැනෙන ලෝකය පුදුමයි යාලුවනේ. හැමෝම කතා කරන්නේ මවා ගත්තු ලෝකයක් ඇතුලේ. ඇයි දෙයියනේ පොලවේ පය ගහලා ජීවත් වෙන්න බැරි. ඇයි අසරණයෙක් දැකලා, අහිංසකයෙක් දැකලා ලෝකයා මේ තරම් ගරහන්නේ ?

දුප්පත් කොල්ලෙක්ට / දුප්පත් කෙල්ලෙක්ට ආදරේ කරන්න අයිතියක් නැත්
ආදරේ කියන්නේ දුක සතුට බෙදා ගන්න එකට නෙමෙයි ද ? කලාමදිරියෙක් වගේ එලිය කරන ඒ ජීවිත වලට කවදා කළාසොලොස පිරුන සඳක ආලෝකය වැටේවිද ?

අපි මේ ලෝකේ කොච්චර සැප විඳිනවා ද ? ඒ සැප අතරේ අනිත් මිනිස්සු කොච්චර දුක් විඳිනවද යාළුවනේ ?

ඔය දුප්පත් මිනිස්සු තනිකම, පාළුව, වේදනාව හැම දුකම විඳිනවා. අනන්තවාරයක් අඬනවා ඇති.
ඒ කඳුළු බෙදා ගන්න ඇත්නම් ? හැමෝම සතුටින් ඉන්න ලෝකයක් බිහි වෙනවනම් ?
ආදරයක් ගැන කියන්න මට වචන නැහැ. මගේ හිත කියන දේවල් මට කියා ගන්න බෑ.
කෙටියෙන් මෙහෙම කියන්නම් මේ පොලවේ පය ගහලා සැබෑ  ලෝකේ  මිනිහෙක්  වගේ ජීවත්  වෙමු.... !!!

(උදේට කා, දවල් වෙනකොට කාපු බත් අමතක කරන මිනිසුන්ට මෙය අදාළ නොවේ) 

ඔබේ සිත නිවී සැනසී පහන් වේවා ..... !


Share on Google Plus

About සමීර සඳරුවන්

1 අදහස්:

  1. ලෝකය විවිධාකාරයි. වඩා කෑපීපේන එකා අනෙකාගේ පරමාදර්ශය බවට පත්වෙනවා. ඔය කෙරෙන හැම මගුලක්ම හැමෝම කරනවා ඒ ඒ විදියට. එයට මුදල බලපෑමක් නැ.
    ඒ වුණත් මට කියන්න තියෙනනේ ආදරේ කියලා දෙයක් නැ කියන එකයි. තියෙන්නේ ගනු දෙනු විතරයි. එහි විවිධ පැතිකඩ තමා හැම තැනම දිස් වන්නේ.
    Samakaya Wate නලින්


    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..