අපි අසරණ වෙලා



අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..........

__/\__ බුදු හාමුදුරුවනේ.... __/\__

 අපේ රටේ වෙසක් උත්සවය නැත්නම් බුදුන් වහන්සේ ගේ තෙමගුල වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කළා. මේ හදන්නේ විවේචනය කිරීමට නොව, ඒ වෙසක් සතියේ ඇස නොගැසුණ තුන්වෙනි ඇසකින් දුටු දසුන් ඉදිරිපත් කිරීමටයි. වෙසක් තෙමගුල කියන්නේ මොකක්ද කියන්න බෞද්ධයන් බහුතරයක් ඉන්න මේ රටේ හැමෝම දන්නවා. කෙටියෙන් කිවොත් බුදුන් වහන්සේ ගේ ඉපදීම, බුදු වීම, පිරිණිවන කියන මේ තුන් අවස්ථා සිදු උණේ වෙසක් පොහොය දිනය තුල යැයි ඉතිහාසය පවතින නිසා අපි ඒ දේවල් සමරනවා. ආමිස පුජාව, ප්‍රේතිපක්ති පුජාව දෙකම බුදුන් වහන්සේ උදෙසා ඒ මග යන මිනිසුන් අතින් වෙනවා.





 දන් දීම බෞද්ධයන්ගේ සිරිතක් නේ. ඒ නිසාමයි දන්සැල කියන සංකල්පය බිහි වෙන්නේ. දන්සැලේ අරමුණ දුර බැහැර වන්දනාවේ යන බැතිමතුන්ට සංග්‍රහ කිරීම. දන්සැලේ මුලික උනේ මුල් කාලයේ බුදුන් උදෙසා කරන පූජාමය දෙයක් විදියට. ඒ කියන්නේ දන්සැලින් දෙන දේවල් උනේ මල් වගේ දේවල්. ඒ බුදුන් උදෙසා පූජා කිරීමට. අද ලෝකය වෙනස් වෙලා. අපි ඉන්නේ විසි එක් වෙනි සියවසේ. වෙනදට වඩා දියුණුයි. ඒ නිසා විවිධ සංස්කෘතීන් ආරෝපණය වෙලා හැමදේම වෙනස් වෙලා..

 දන්නවා ද කවුරුම හරි... මේ වෙසක් සතිය තුල දැනට ලංකාවේ පැවැත්වූ දන්සල් වලින් 800කට වඩා වැඩිකට පමණ වැටලීමට ලක් කරලා කියලා.. හොඳ සෞඛ්‍යමය තත්වයේ නැති දන්සල් නිසයි එහෙම වෙලා තියෙන්නේ. මං දන්නේ නැහැ මිනිස්සු ඇයි මෙච්චර කුහක කියලා. බෞද්ධයන් ගේ රට, ධර්මද්වීපය, ආසියාවේ ආලෝකය, ආසියාවේ ආශ්චර්ය, පෙරදිග මුතු ඇටය අපේ රට ලෝක වාසින් හඳුන්වන්නේ මෙහෙමයි. බුදුන් වහන්සේ අසිරිමත් උප්පත්තිය ලබපු ඉන්දියාව කියන රටට වත් මිනිස්සු ගරු කරන්නේ නැහැ මෙතරම්. බුදු දහම පවතින අසිරිමත් අපේ රටට මේ තරම් ගෞරව කරලත් අපේ රටේ මේ වගේ කුහක මිනිස්සු ඉන්නවා කියලා හිතන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා..

පෙරදිග මුතු ඇටයයි මේ..... ලෝකේ..... සිරිබර සිරි ලංකා.....


මටනම් දැනෙන්නේ පිළිකුලක් මම මේ වගේ මිනිස්සු මැද ද ජීවත් වෙන්නේ කියලා. බුදුන් ගේ තෙමගුල මේ වෙනකොට වාණිජමය ලෙස විකිණෙනවා. හරියට බුදුන් වහන්සේ විකුණන් කනවා වගේ ( සමාවෙන්න ) බුදු තෙමගුල තුල දකින්න ලැබෙන්නේ කාර්නිවල්, මැජික් සංදර්ශණ , සළු පිලි කඩවල් වගේ දේවල්. වෙසක් එකට බැතිමතුන් යන කඩවල් වල දකින්න ලැබෙන්නේ මේ කියන දේවල්. ඒ අස්සේ රාත්‍රී සමාජශාලා වගේ ජංගම වෙළඳ පොළවල්,හොල්මන් මන්දිර වගේ දේවල් තමයි බොදු භූමියක වැඩිපුරම දකින්න පුළුවන්. අහලා බලන්න හෘද සාක්ෂියෙන් මේ දේවල් නිවැරදි දේවල් ද කියලා. බුදුන් වහන්සේ කිසිම දවසක අනුමත නොකරපු ජීවන රටාවකට අනුගත වෙලා අපේ රටේ මිනිස්සු. වෙසඟ සමරන්නේ කට ගොන්නක් බීලා බල්ලෝ බළල්ලු වගේ කානු පල්ලේ නිදාගෙන.

 වෙසඟ සමරන්නේ පාර්ටි දාල. මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියන දේ මටනම් මහා ගැටළුවක්. මම බුද්ධ දර්ශණය ගැන කෙස් ගහක් තරම් වත් දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒ තරම් උතුම් නිවැරදි යතාර්ථවාදී දර්ශනයක් නොමැති බව. එය ආගමක් නොවේ, ඇදහීමක් නොවේ. ගැඹුරු දර්ශනයක්. ආගම්වාදයෙන්, ඇදහීම් වාදයෙන් හා ආගමික අන්තවාදයෙන් ඔබ්බට එහා ගලන ගැඹුරු දර්ශනයක්. බුදු දහම කියන්නේ ආභරණයක් නෙමෙයි බෙල්ලේ එල්ලා ගන්න අනිත් අයගේ කැපී පෙනෙන්න.. බුදු දහම කියන්නේ අවියක් නෙමෙයි අනෙකාට පහර දෙන්න. බුදු දහම කියන්නේ මෝඩයින්ගේ තර්කයන්ට භාජනය විය යුතු දෙයකුත් නෙමෙයි. තම ජයග්‍රහණය පෙන්වන කොඩියකුත් නෙමෙයි බුදු දහම කියන්නේ. මේ ඉහත කියූ උපමා වලට බුදු දහම සම්බන්ධ කරන්න එපා. එහෙම කලොත් ඔබ නිවටයෙක්. අපිට බුදු දහම තුලින් මීට වඩා දෙයක් කරන්න හැකියාව තියනවා.

 දන්සල කියන සංකල්පයෙන් බැහැර වෙලා අපිට පුළුවනි මිනිසුන් අතරට දෙයක් අරගෙන යන්න. මිනිසුන් උදෙසා දෙයක් කරන්න. අන්න එතකොටයි බුදුන් වහන්සේ ගේ අසරණ සරණ ගුණය අපි තුලට එන්නේ. එතකොට අපිට පුළුවන් ආමිස පූජාව නිවැරදිව කරන්න. ගමේ පන්සල අමතක කරලා පිට පන්සලකින් සරණ හොයන ඔලමොට්ටල මෝඩයන් බුද්ධයන් ලෙස සැලකීම අනුවණ කමක්. බුදු දහමට ලැදි නම්, බුදු දහමේ ආරක්ෂකයෙක් නම්, ගමේ පන්සල දාල රටේ තියන නම ගිය පන්සලක වැඳුම් පිදුම් වලට යන්නේ නැහැ. කියන්න ගොඩක් දේ තියනවා. හැබැයි මේ කියන්න කාලය නෙමෙයි.

 හැදුවේ රට හදන්න නෙමෙයි. හැදුවේ ඔබගේ දෑස් විවිර කිරීමට පමණයි. රට හැදීමට නැහැ මට හැකියාවක්. හැකියාවක් ඇති කෙනාට මෙය හොඳ අත්තිවාරමක් වේවි.. උදේට කාපු දේ දවල්ට කන වෙලාවට අමතක වෙන මිනිසුන් උදෙසා ලියු පොස්ටුවක් නොවන බව කරුණාවෙන් සලකන්න. :D
Share on Google Plus

About සමීර සඳරුවන්

4 අදහස්:

  1. ආගම කියන එක ජිවත් වෙන්න විකුණගෙන කන යුගයක ඕවා ගැන හිතලත් වැඩක් නැහැ වගේ බං. ජය !!
    නෙට්වර්ක් අවුලක් නිසා ෆලෝ කල නොහැක.

    ReplyDelete
    Replies
    1. හැමදේම බල්ලට යන යුගයක්. දුකක් නැහැ කලකිරීමක් විතරයි තියෙන්නේ අයියා..

      Delete
  2. ම්ම්. උඩුගං බලා පීනන්න ගොඩක් මිනිස්සු කැමති නෑ. ඒකයි මේ හැමදේම. රැල්ලට යනකොට නවත්තන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. @සමී, මමනම් පීනන්න උත්සහ කරනවා. සමහර විට රළු වෙයි, මහන්සි දැනෙයි. ඒත් පැවැත්ම තියෙන්නේ උඩුගම් ඉවුරේ නම් පීනන්නම වෙනවා නෙහ්.. ජීවිතේ එහෙම්ම කියලා සම්ප්‍රදාය එක්ක ඔට්ටු වෙන්න බෑ.. හරි දේ පමණයි සිදු වෙන්න ඕනේ..

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..