මිනිසුන් හා නොමිනිසුන්



මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...
ඇසින් දුටු දේ... බොරු වී ගියේ දෝ... දෙකනින් ඇසු දේ නොවේ.....




මිනිස්සු කෘර වෙලා, මිනිස්සු වණ මුර්ගයෝ වගේ. ඔහේ පිළල් වගේ පාවෙනවා මේ සංසාරේ.
සමාජෙට සමහරු පිළිකා සෛල වගේ. කවදාවත් හොඳ කරන්න බැරි ලෙඩක් වෙලා සමහරු සමාජෙට.වෙලාවකට හිතෙනවා බුද්ධියේ තියන හීන කම නිසාද එහෙම වෙන්නේ කියලා.
ඈත අතීත සිද්ධි එක්ක බලනකොට, එදා තිබුන සභ්‍යත්වය දැන් නැහැ. හැමදේම කෙලෙසිලා ගිහිං.
කෙනෙක්ට නිවී සැනහිල්ලේ හිතුවොත් කියන්න පුළුවනි අපි දැන් ඉන්නේ 21 වෙනි සියවසේ කියලා..
ඔව් .. හොඳ උත්තරයක්. හැබැයි දෙපැත්ත කැපෙනවා.

රටක් දියුණු වෙනකොට ලෝකයක් දියුණු වෙනකොට අපි කාටවත්ම බෑ සම්ප්‍රදාය බදාගෙන ජීවත් වෙන්න. අපි සමහර දේවල් අත ඇරලා දාල දියුණුවේ උපරිමත්වය විඳින්න ඕනේ.
ඉතිං එහෙම කියලා අපිට අපි මිනිහෙක් කියන එක අමතක කරන්න බෑ නේද ?

අපි අනුන්ගේ ජාතියක් ගැන විවේචනය කරනවා.(මම සර්වආගමිකයෙක් නොවේ, ජාතිවාදියෙක් නොවේ.ජාතිවාත්ෂල්‍යයෙක් වෙමි) අනුන්ගේ ආගමක් ගැන හොඳ නරක විමසනවා. හැබැයි තමන් ඉන්නේ කොතනද කියන දේ අමතකයි. අපි හැමෝම මිනිස්සු කියන දේ අමතකයි. කලකිරීම මෙතැනයි.

විපල්වය අවශ්‍යයි. විප්ලවය නැතිනම් මිනිසුන් කම්මැලි වෙනවා. මිනිසුන් හුදකලා වෙනවා.හැබැයි විපල්වය හොඳ දෙයකට යොමු වුනොත් කොතරම් සතුටු ද ?

දන්නවා ද ? චූටි කාලේ හිතුවේ ලෝකේ හරි සුන්දරයි කියලා. මේ ගහකොළ ඇල දොළ සතා සී පාවා අපේම ජීවිත වල කොටසක් කියලා මමනම් චූටි කාලෙම හිතුවා.
චූටි කාලේ සෙල්ලමට වඩා මමනම් ආසා කලේ  ඔහේ කල්පනා කරන්න තනියම. හොරා පොලිස් සෙල්ලමට වඩා, ගහක් උඩට නැගලා, කන්දක් උඩට ගිහිං හූ තියන්න ආස කළා.

හැබැයි ලොකු වෙනකොට ලෝකයා දැක්කා. මිනිස්සු එක්ක කටයුතු කරනකොට හිතුණා අර ටින්කර් බෙල් කාර්ටූන් එකේ තිබුන සුරංගනා ලෝකේ මෙහේ නැහැ කියලා.
අනුන්ගේ දුකේදී සතුටු වෙන, මිනිස්සු මම දැක්කා. අනුන්ගේ වේදනාව සතුටක් කරගෙන ජීවත් වෙන මිනිස්සු දැක්කා.
මම මානුෂීය ගුණාංග කියපු දේවල් ඔහේ පොලවට පෑගිලා යන තත්ත්වයට පත් කරන මිනිස්සු දැක්කා.

මට පුදුම ඇයි මිනිස්සු හිතන්නේ නැත්තේ, හැමෝටම රිදෙනවා කියලා. අපි ඉපදුනේ දුක මූලික කරගෙන කියලා.
තිරිසන් සතෙක් උනත් ඒ සතාට සමීප වෙනකොට ඒ සතා එක්ක ජීවත් වෙනකොට එකිනෙකා හඳුනාගෙන ලං වෙලා අපූරු සෙනහසක් දක්වලා ජීවත් වෙනවා.
ඒ සත්ව ලෝකෙට නීති නැහැ මායිම් නැහැ.නිදහසේ හිතන්න පුළුවනි. බුද්ධිය හීන උනත් එයාල ගාව අමුතුම සහෝදරත්වයක් තියනවා.

ඒත්...........
මිනිස්සු උන අපි ඉන්නේ කොතනද..?

තමන්ගේ ලෙයින් බිහිවන කිරි කැටි දරුවා පණ පිටිං වළලන, පියා විසින් දියණිය අපයෝජනය කරන, සහෝදරියව දූෂණය කරන, සමූහ වශයෙන් එකතු වෙලා තමන්ගේ ලිංගික තෘප්තිය උදෙසා ඕනෙම ජඩ වැඩක් කරන, මර බිල්ලට ලේ පිපාසය සංසිඳුව ගන්නා මිනිස්සු එක්ක අපි ඉන්නේ... ඒ මිනිස්සු මැද අපි ජීවත් වෙන්නේ...

ඉර එලියට ලෝකේ ආලෝකමත් වෙනවා, රැය ආපුවම සඳ එලිය ලෝකයට එනවා. අමාවක දවසක් ලෝකයට තියෙන බව ඇත්ත. හැබැයි ආලෝකය මැද මේ අඳුර මටනම් දරා ගන්න බැහැ.

මම හැමදාම ලෝකෙන් අහපු ප්‍රශ්නය තමයි ඇයි වෙනස් වෙන්න බැරි ? ඇයි වෙනස් වෙන්නේ නැත්තේ ?
හැබැයි මම තේරුම් ගත්ත දේ තමයි මිනිහෙක් තව කෙනෙක් වෙනස් කරන එක උඩු ගං බලා පිහිනීමක්.. ඒ දේ කරන්න ගොඩාක් අසීරුයි..

ටින්කර් බෙල් ඉන්න සුරංගනා ලෝකේ මෙහෙ ඇති කරන්න ඕනේ නැහැ. මේ පරිසර විනාශය දකිනකොට ආයේ කවදාවත් මේ ලෝකේ ලස්සන වෙන්නේ නැහැ කියලා දන්නවා. මේ කැපෙන ගස්, එළිවෙන වනාන්තර දකිනකොට මේ ලෝකේ මම ලස්සන දකින අවසාන දවස කියලා දන්නවා.
ඇස් දෙකට පිරෙන කඳුළු ඔයාලට එදාටත් දැනේවි. ලෝකයට මේ ඇත්ත දැක දැක මුකුත්ම කරන්න බැරි මිනිහෙක් වෙලා ඉපදුනාම ඔයාලට දැනේවි අසරණකම. කොහෙන් පටන් ගන්නද කොහෙන් කොතනින් ආරම්භයක් සොයන්නද ?

මිනිස්සු මිනිස්සුන්ට එරෙහි උණා. මිනිස්සු සත්ව කොට්ඨාශයටම අභියෝගයක් කරදරයක් වෙලා දැන්. මිනිස්සු පරිසරයක පිළලයක් වෙලා..
කෙටියෙන් කිවොත් මිනිස්සු ස්භාදහමටම එපා වෙන තත්වෙට ඇවිත්.
මෙය කොහෙන් කෙසේ අවසන් වෙයිද මම දන්නේ නැහැ. හැබැයි ඒ දේ ඉක්මනට වෙවී..



Share on Google Plus

About සමීර සඳරුවන්

2 අදහස්:

  1. පලවෙනි පෝස්ට් එක බලන්න ආව ඔන්න. බ්ලොග් ලෝකෙ දිගු ගමනක් යන්න සුභ පතනව මචන්. ජය!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්.. කොහොම ස්තුති කරන්න ද අයියා.. ගොඩාක් තැන්ක්ස්. ලියන්න කීවෙත් ඔයාමයි.. ලියන්න හිතුනෙත් ඔයාලා නිසාමයි.. ඔන්න ලිව්වා...

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..