නිනව්වක් නැති සිතුවිලි



දවසක් මම හීනයක් ළඟ නැවතුණා...


මම හිතුවේ තරු එලිය සුමුදුයි කියලා.. ඉර එලිය සොඳුරුයි කියලා.. සඳ එලිය හැමදාම නවතියි කියලා...
නැහැ මට වැරදුණා... ඉතිං මම වරද්දා ගත්තා ද ? අනේ මන්දා.. මම මොනවා කරගත්තද කියලා මමවත් දන්නේ නැහැ..

බෙනා බෑග් එකක් එල්ලං (ස්ලයිඩ් බෑග් ) කුරුණෑගල ටවුමේ යනකොට දැකපු දේවල් ගොඩක් තිබුණා. අහු මුළු වල කුණු කානු අස්සේ හිඟන්නෝ දැක්කා.. 


වෙලාව පරක්කු වෙලා ටියුෂන් ගුරුවරුන්ට භයේද මන්දා දුවන මගේම වයසේ සොහොයුරන් දැක්කා. ඒ අතරේ මම නුවර පාරේ ඉස්සරහට ගිහිං අර මහා ඇතාගල පැත්තට නගිද්දී දැක්කා අත් අල්ලං ඇතාගල තරණය කරන කටේ කිරි සුවඳ ගඳ ගස්සන කොල්ලෝ කෙල්ලෝ... 

මම ආව මලියදේව ළමා නිවාසේ පැත්තට මගේ ඇස් දෙක දැක්කේ ලෝකේ දිහා හැගීම් බරව බලාපොරොත්තු හොයන දරුවෝ ටිකක්.. ආයෙත් මම ආපහු ෂොපින් කම්ප්ලෙක්ස් එකට ආවේ අහර මෙහෙ දුවන මිනිස්සු පොර බදින හැටි බලන්න. 

ඒ අස්සේ මම දැක්කා හරියට මොකක් දෝ දෙයක් බෙදා ගන්න දඟලන මිනිස්සු දඟලනවා. සමහරු කෑ ගහනවා. සමහරු හිනා වෙනවා. සමහරු අඬනවා...

මම හිතුවා.................

ඇයි මේ .. ඇයි මිනිස්සු පොර බදින්නේ විවිධ රඟපෑමක් ඇතුලේ කොටු වෙලා ඉන්නේ. නැහැ මේ තමයි ජීවිතය. මේ තමයි දෙවියන් අපිට දුන්න ජීවිතය. 

රන්තාලිය වැවේ පාවෙන රන්තලිය වගේ, කාලයකදී තලිය උඩ එනවා හරියට අපේ ජීවිත වල සතුට එනවා වගේ.. ආයෙත් කාලෙකදී ඒ තලිය ගැන කතාවක් නැහැ තලිය ආයෙමත් සැඟවිලා. හරියට අපේ ඇස් දෙක කඳුලින් පිරුනාම වගේ...

මිනිස්සු පුදුමයි... ඇතාගල කන්දේ බුදු හාමුදුරුවෝ දිහා බලාන මම නිනව්වක් නැතුව හිතුවේ, ඇත්තටම කිසිම ස්ථිර පැවැත්මක්  නැති මේ ජීවිතේ වෙනුවෙන් මිනිස්සු ඇයි මේ තරම් හැමදේම පොදි බදින්නේ කියලා.. 

පුංචියට පෙනුන මිනිස්සු උඩ ඉන්න මම බිමට බහිනකොට මහා ලොකුවට දැනුණා. මම පුංචි පැටියෙක් වගේ ඒ ජීවිත දිහා බලාගෙන දෙයක් ඉගන ගන්න හදනවා තාමත්.. හැමදාමත්.. ඒ මොකක් ද කියලා මටවත් වැටහීමක් නැහැ. 


ජීවිතේ ගොඩක් දේවල් දිනා ගත්තු මට , ගොඩක් මිනිස්සු මුණ ගැහෙන්න ඇති. ඒ මිනිස්සු අතර දෙවියන් මෙන්ම යක්‍ෂයන් ද සිටියා මට මතකය. 

යක්‍ෂයන් පිළිකුලෙන් බැහැර නොකලෙමි. මා යක්‍ෂයන් හා ජීවත් උනෙමි. මට ඕනා උනේ යක්‍ෂයන් හා විසීම නොව එම යක්‍ෂයා ගේ ජීවිතේ දැකීමටය. අරමුණ දැකීමටය.

හොටෙල් පුරා සැරිසරන විදි සරන ලඳුන් දිටිමි, ඒ ලඳුන් අතර පිරිමින් දිටිමි. ඒ පිරිමින් අතර මගේම වයසේ සොහොයුරන් දිටිමි.
ගැහැණු දුෂකයන් දිටිමි. ඒ දුෂණයට ලක් වූ ගැහැණුන් දිටිමි. 

විසිට් ලබාගෙන බන්ධනාගාර නැරබීමට ගියෙමි. නමුදු මා ලබා ගත් දෙයක් ඇත්ද, එයනම් කලකිරීම පමණයි. සැමදෙයකම පදනම වී ඇත්තේ කුමක් හෝ අරමුණකි.කුමක් හෝ හේතුවකි...

මුදල මත ගොඩ නැගුන , සල්ලි කොලයට මිනි මරණ මිනිසෙක් දැක, ඒ මිනිසා අවසන් මොහොතේ කඳුළු සලන අයුරු දුටුවෙමි. සැමගේ ගැරහුම් මැද, සැමගේ ගල් මුල් මැද ඒ මිනිසා කඳුළු සැලුවේය. නමුදු මා පමණක් ඔහුට අනුකම්පා කලේ ඔහුගේ නෙතින් වැගිරෙන කඳුළු නිසාදැයි, වැටහීමක් නැත.

සදාරණයත් අසාදාරණයත් මැද ජීවිතේ මං සෙවූ මා, පෙම් කලේ පන්හිඳක් සඳහා පමණි. ජීවිතේ ආදරේ සෙවූ මා, සිතින් මා පෙම්වතිය මරා දැම්මේය. මරා දමා ඇයගේ සොහොනට පෙම් කල මා, පතිවත රකිනා බිරිඳක් සේ ආදරේ උසස් කොට රැක්කේ කා සඳහා දැයි මා හටද අද පුදුම එලවන සුළු ගැටලුවකි ..

තනිව මතකයන් ගොඩ නගා, ඒ මතකයන් තුල වෙනම ලොවක් තනවා ඒ ලොව තුල නිදහසේ විජිතයක් සෙවූ මා නැවතත් පිළිකුලෙන් යුතුව ඒ ලොව කඩා බිඳ දැම්මේය. 

අහිංසකයි කියූ ලෝකයාට නපුරින් සැලකු එය මගේ යුතුකමක් ලෙස සැලකුවේය. මම මට මහත් සේ ආදරය කලෙමි. ඒ ආදරේ කෙසේදයත් ඒ නිසාම මා මැරවීමට උපායන් යෙදෙව්වෙමි. 

වෛර කරමි, මේ ලොවට වෛර කරමි. හිරු සඳු තරු අතර ලොවක් මට අවැසි නොවේ, මට අවැසි වන්නේ අනන්තය සෙවීම පමණි. 

ක්‍ෂුද්‍ර පරමාණුවක් පාසා මට සැබෑ පැවැත්ම සෙවීමට ඇවැසිය.
ඉර අවරට යෑම කම් නැත, නමුදු සඳු අවරට යාම මට ඉහිලුම් නොදේ..

ඇත්තටම මම කවුද ? මේ මමවත්ය ඔබ දන්නවා ද ? මමවත් නොදනිමි... මම කවුද.... ?


(සීමා පවුරු නොබැඳුනු සිතුවිලි ගලාගිය අයුරු ... පන්හිඳ ඉකිබිඳින්නට පෙර නිමාවක් අවසන් කලෙමි )
Share on Google Plus

About සමීර සඳරුවන්

11 අදහස්:

  1. //මා, පෙම් කලේ පන්හිඳක් සඳහා පමණි. ජීවිතේ ආදරේ සෙවූ මා, සිතින් මා පෙම්වතිය මරා දැම්මේය. මරා දමා ඇයගේ සොහොනට පෙම් කල මා, පතිවත රකිනා බිරිඳක් සේ ආදරේ උසස් කොට රැක්කේ කා සඳහා දැයි මා හටද අද පුදුම එලවන සුළු ගැටලුවකි ..//
    බෙනා උපරිමයි... සුපිරියි.
    samakayawate නලින්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... තැන්කු වේවා.... ගොඩා....ක්..

      Delete
  2. සේරම එක පාරට ලියලා වගේ, ආයේ ලියන්න තියාගන්නේ නැද්ද බන්?

    ReplyDelete
    Replies
    1. ඒ කිවේ.. ? මට තේරුනේ නැහැ පුමා.. සමහරවිට හෙට මැරුනොත්. ? :D

      Delete
  3. මාරයි බන් .. කියන්න බැරි තරන් ..
    දිග උනත් පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කු අයියා..... ගොඩක්... ඔයාල නිසා තමයි මෙහෙම හරි ලියන්නේ.. අදහස දුන්නේ ඔයාලා නේ..

      Delete
  4. Aththatama lassana adahas....
    thawa godak dewal ahanna asai...
    godak agaya karanawa me liyala hiyan dewal....
    ketiyenma qwoth mage hadawath " feel "
    Kala me adahas.....
    Suba pathanawa benjiyooooooOOOO.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්. අයියේ... හෙක්... කාගෙහරි හදවතක් ෆීල් උනානම් මම බලාපොරොත්තු උන තැනට ඇවිත්.

      Delete
  5. ඉඳුවර මල පිපී සුවඳ විහිදුවන්ට මගෙන් සුභ පැතුම්...සුපිරි වැඩක් මල්ලියා

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..