පෙරදින
මා සිටියේ අන්ධකාරයේ ය..
මා හැඟුම් මත,
නුඹේ ඉකිය ඇසුණි..
නමුදු
මා අන්ධකාරයෙන් එලිබට
මිනිසෙක් මි..
නුඹේ හදගැස්ම,
මගේ ලෝකයයි..
.
.
.
මට තනිය..
.
.
.
මේ හුදකලාව
.
.
.
මා වෙලා ගනී..
අද,
මා හට නුඹ අහිමි කල,
මා "අසම්පූර්ණ"
මිනිසෙක් වෙමි..
මේ ආලෝකයේ ම.. !
තේරුම ;-
මා පෙර අන්ධකාරයේ ගිළුණු ඇත්තෙක් වෙමි. මා කල හොඳ නොහොඳ කියා දීමට කිසිවෙකුත් සිටියේ නැත. මා කල සියල්ලට සැවොම හුරේ තිබ්බා මිසක, මා ගැන වරදක් කීමට කිසිවෙක් මෙලොව නොසිටියාක් මෙන් ද මා සර්වසම්පූර්ණ වූ අයෙක් මෙන් ද හැසිරුනෙමි.
ඉඳින්, නුඹ මුණ ගැසිණ. නුඹ මා දෙස බලා හඬා වැළපුණු වාරයන් ගැන මට සිහි වේ.
ඔබ මා අන්ධකාරයෙන් එළිපත්තට ඇද දැම්මේ ය. අද මා ආලෝකයේ හිඳිමි. නුඹගේ ආලෝකය විඳිමි..
නුඹගේ හදවත ගැහෙන හඬ තුළ පවා මා ජීවිත් වෙමි. නුඹ මගේ ලෝකය වී හමාරය.
නුඹ අද මා ළඟ නැතිය. නුඹ මා කෙරේ ජීවත් නොවේ.
අද මා ආලෝකයේ තනි වූවෙකි. ආලෝකය තුළ හිඳ අඳුරේ සිටිනවුන් දෙස තනිව බලා හිඳිමි. ආලෝකයේ කිසිවෙකුත් නැති වන කල, මා හුදකලාව තුළ ද තනි වෙමි.
මා ආලෝකය තුළ පවා අසම්පූර්ණ වූවෙමි.

0 අදහස්:
Post a Comment
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..