වයඹ අපට කෙලවෙන්නයි යන්නේ. - Fucking Politics



ලෝකෙන් උතුම් රට සිරි ලංකාව බැව්, ලෝ වැස්සෝ නොව සිරි වැස්සෝ සැවොම කියති. හික්.. හික්.. හී.. දොර රෙද්දෙන් එබී බලා රමණය පිළිකුල් බව කියා, සිහිනෙන් පුද්ගලයන් හා රමණය කරන ඇත්තන් බොහෝ ය. කවීත්වය තිබු පමණින් ඔහු කවියෙකු වන්නේ නැත. ඔහු කවි ලිවිය යුතුය. උගතෙකු වූ පමණින් ඔහු බුද්ධිමතෙක් නොවේ. මුදලට ගිජු ලිහිණියෙක් සේ කෑදර මිනිහා ළඟ වැටුන කටු ලෙවකන බල්ලන් සේ අප බොහෝ ඇත්තන් දේශ පාළුවන් ළඟ කටු ලෙව කයි. 


දාර්ශනික වූ පමණින්, කථිකත්වයෙන් මුව පිරුණු පමණින් කිසිවෙක් ලොව අග තැන් පත්වන්නේ නැත. අග තැන්පත් වන්නේ ක්‍රියාවෙනි. අපේ උන් දුප්පත් වූ නිසා ඇත්තන් ළඟ දන ගායි. එය නම් යථාර්ථය වේ. ඇත්තන් ළඟ සැමදා නැත්තං කුණු හේදීම අරුමයක් නොවේ. මන්ද ලොව හැඩ ගැසී ඇත්තේ එම ක්‍රියාව නිරායාසයෙන්ම උකහාගෙන ය. මෙලොව උපන් කිසිවෙක් සදාතනිකව ලොව රැඳෙන්නේ නැත. මන්ද ඉපදුනානම් මැරෙන යන යන සංකල්ප වලට යටත්ව ජීවත් විය යුතු නිසා ය. නමුත් කුමක් අරඹයා මේ මිනිසුන් බලයට කෑදර දැයි නොදනිමි. 

මේ දිනයන්හි වයඹට නම්, බොහෝ උණුහුම් ය. මන්ද ඒ ඇතාගල රත් වෙන නිසාවෙන් නොව,  රත් වුනු දේශපාලනය නිසා වෙනි. වයඹට සිරි ගෙනෙන්නට බොහෝ දෙනෙක් උත්සහ කරන බැව් පෙනේ. අප සිතුවේ එකෙකු දෙන්නෙක් මේ කපේ නම් නොමැරී සාදාරණ ඡන්දයක් පැවතිය යැයි කියා ය. නමුත් සිදු වුයේ අනෙකක් ය. 

මටනම් නිරාසයෙන්ම මොවුන්ගේ ක්‍රියාවන් දුටු කල්හි සිනා පහල වෙයි. එකෙකු යන්නේ “හමර්” හී නැගී ය. පොළවේ පය ගසා මේ දුහුවිල්ලෙහි වෙසෙන දහඩිය බිඳු වල සුවඳ නොදකින රටේ මහත්තයාලට වයඹ හත් කෝරළයේ ඇත්තං කුමට තකන්නේ දැයි නොදනිමි. දෙන පුස් ටෝක් වල තරම දකිනා විට, එහා පැත්තේ ඉඳන් ගම කාපු හැටි නිරන්තරයෙන් දැනේ. නයි.ටීඑන් හී, රාජ්‍ය මාධ්‍ය කාරයන්ගේ පුරාජේරුව අපි හොඳ හැටි 7.30 කණිසමට සරං අකුළුවාගෙන බලන්නේ භියකට නොව දැනෙන ලැජ්ජාව තවත් වසා ගන්නට ය. ගැලවෙන රෙදිවල රියන් ගණන් පාරේ නොයෙක් පාටින් බබළන්නේ පක්‍ෂ විපක්‍ෂ වල තරම පෙනෙන්නට ය.
සිරිගේ වැඩ නම් එල ය. සිරි මිනිසුන්ගේ සිත් හොරා ගෙන ය. ස්ටේජයක නැගී සිංදුවක් කියා, රටේ බඩ පුරවන්නේ හාස්කමකින් මෙනි. දුකට හඬන මිනිසුන් එදාට බාගයක් ගසා සරං උඩට ගෙන නටන්නේ ඔබට උපහාරය සඳහාමය. 

සිරි, AC එකේ, තඩි ලිං වගේ තියන අපේ ගමේ ( හත් කෝරළයේ, කුරුණෑගල දිස්ත්‍රික්කේ, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ, කොස්දෙණිය කියන ගම ) දුහුවිල්ල නොවිඳ සැප පිරුණු වාහනේ යද්දී  මහත්තයෝ නුබ නොදැකපු දේවල් කියන්නම් මං....

පාරේ අඩියක් විතර පාරවල්. ආයේ මක්කැයි නේද ? උඹලට එව්වා දැනෙන්නේ නැහැ. උඹලා යන්නේ හමර් වල. අපි යන්නේ පුස් සයිකලේ. අනික පාරවල් හදා ගන්න ඕනේ මහා ජනතාව. ඒකනේ... මට වැටහුණා.
උඹට තව එකක් මතක් කරන්නම් මහත්තයෝ, ඔය පාරේ ඡන්ද දැන්වීම් ගහන අපේ කොල්ලන්ට දෙන අරක්කු කාලෙයි බත් පැකට් එකයි ගැනත්. උඹලා ලොකු මිනිස්සු. උඹලා කියන දෙයට මේකේ ඒකාල නැමෙන්නේ හරියට අර මුකුන්ද සමනල්ලු වගේ. මහත්තයෝ හිතේ ආවේගෙන් ලියන්නේ. බුද්ධිමත් මිනිස්සුන්ගේ ඡන්දයෙන්  දිනන්නේ නැහැ ඔයාල. ඡන්දය දෙන්න මිනිහෙක් නැහැ මහත්තයෝ. අන්න ඒකයි අපි අසරණ. ගමේ මිනිස්සු දහඩිය හලලා බඩ රස්සාව කරන්නේ මහත්තයෝ ඔයාල වගේ අයගේ රැස්පොට් බලන්න නෙමෙයි. උඹලා ගමේ බැහැලා දෙන විකඩම් පුස් ටෝක් දකිද්දී පැත්තක ඉන්න මම වගේ කොල්ලන්ට හිතෙනවා මහත්තයෝ මේ රටේ දේශපාලනය මේක ද කියලා. නැහැ මහත්තයෝ ඕක දේශපාලනය නෙමෙයි.

ඒ අතින් උඹ හොඳයි. දන්නවද මක්කෙයි කියලා.. ගමේ මලගෙදරකදී වත් උඹ දකිනවා මේ මගේ ඇස් දෙක. උඹ අපිත් එක්ක පොඩ්ඩක් හරි බැඳීමකින් ඉන්නවා. එහෙන් මෙහෙන් පාත් උන පැරිෂුට් වලට වඩා, උඹට ශක්තියක් නැති වෙලේ හරි අපේ ගමේ එකාලට උදව් කළා නෙව. ඒ අතින් වයඹ ඉන්න හිත හොඳ එකෙක්.
ඒ අස්සේ වයඹ අංක එකේ මැරයෙක් ඉන්නවා ඡන්දය හිඟා කන්න. හිඟා කනවා නෙමෙයි මිනිස්සු මරාගෙන කනවා. මුන්ට ඡන්දය දෙන උන් නම් පෝලිමට තියලා මරන්න ඕනේ. මක්කෙයි කිවොත් ටවුන් එක පුරාවට මුන්ගේ බාර්. හවසට පාර අයිනේ තියෙන මුන්ගේ ගෙදරට ගියොත් බලා ගන්න පුළුවනි මුන්ගේ බාර් එකෙන් ගේන අරක්කු මිනිස්සුන්ට පොවන හැටි. අරක්කු බෝතලයට ඡන්දය විකුණන මිනිස්සු අපි අතර ඉන්නවා කියද්දී දැනෙන දුකනම් විශාලයි. මොකද මේ විකිනෙන්නේ අපේ රටේ අනාගතය නිසා. මේ රට අයිති රටේ ලොක්කන් ට නෙමෙයි. මේ අහිංසක දරුවන්ට ලැබිය යුතු ආදර්ශ කෙලසෙනවා.

වයඹ ඕනෑ තරම් නොකෙරුණ ප්‍රොජෙක්ට් තියෙනවා. දුකයි මහත්වරුණි කියන්න, වයඹ තියන දැයට කිරුල සංවර්ධන ව්‍යාපෘතිය වෙන්නේ පක්‍ෂ විපක්‍ෂ බලලා. ඔප්පු කරන්න සාධක බොහෝයි මහත්වරුණි, හොඳම සාධකය ගමේ තියෙන පක්‍ෂ සමිතියේ ලේඛම් , සභාපතිගේ ලියුමක් නිර්දේශ වෙන්න ඕනේ සන්ධාන කෙනෙක් කියලා. අපේ ගමේ නම් එහෙමයි. ඇයි මෙහෙම වෙන්නේ ? ඇයි සංශුද්ධ වෙන්න හදන රජය, නයිටියේ උන් සුද්ධ කරන රජය මේ වගේ වෙන්නේ.

මයේ අක්කට උපාධිය ලැබිලා එයා අවුරුදු ගානක් ප්‍රයිවට් රස්සා කළා. මම කියන්නේ නැහැ නිදහස් අධ්‍යාපනය දෙන රටේ රස්සාවත් නොමිලේ දෙන්න ඕනේ කියලා. හැබැයි සැමටම පොදු වූ ක්‍රියාවලියක් මේ රටේ ක්‍රියාත්මක වෙද්දී, මගේ අක්කට දේශපාලකයන් ලඟට යන්න උණා අධ්‍යාපනය උසස් විදියට ලබලත්. මොකක්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ? මේකද අධ්‍යාපනය තුලින් ලබන උසස්කම. අපි හොඳට ඉගනගෙන කැම්පස් ගිහින් දුක් විඳලා ඩිග්‍රී අරගෙන අපේ රටේ අට පාස් රටම වින කරන දේශපාලුවන් ළඟ වැටෙන්නේ මොකටද ?

“ජනතාව විසින් ජනතාව උදෙසා කරනු ලබන පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය නම් වේ” ඒබ්‍රහම් ලින්කන් මහත්තයා මෙහෙම කිව්වේ ඇයි කියලා මටනම් ගැටළුවක්. දෙයියනේ එක එහෙමනම් එහෙම වෙන්න එපැයි. අපි අපිව පාලනය කරන්න යෝජනා කරන මිනිස්සු ඒ තනතුර ඇයි රැකියාවක් කරගෙන. ඇයි නීතිය ඒ දේ වෙනුවෙන් යටත් වෙන්නේ. ? නීතියත් ඇයි මේ තරමට නිරුවත්...?

මිනිසුනි, අධෝ මුඛයේ ඔළුව ඔබ්බවාගෙන සිටින මිනිසුන් නොවන්න. ඔබගේ නිහඬත්වය මේ රටේ ඔබේම අනාගත දරුවන්ගේ හා අනාගතය කෙලසීමට ඉඩ ඇත. ඡන්දය දිය යුත්තේ අරක්කු වීදුරුවකට නොව මේ රටේ අනාගතය ගැන සිතමින් ය. 

සිතන්න.. මේ ආණ්ඩුව ගැන මා නොදනිමි. කිසිදු ආණ්ඩුවක් කෙරේ මාගේ කැමැත්තක් නොමැත. ඡන්ද නාම ලේඛනයේ මගේ නාමයද ඇතුලත් නිසාවෙන් මා නිදහස් මානව අයිතිවාසිකම් භාවිතා කලෙමි. නමුත් ඡන්දය කිසිදු දිනක භාවිතා කිරීමට මා සිතේ කැමැත්තක් නොමැත. 

රතුපස්වල වැහුවේ , එක පාරටම කිරි තහනම් කරලා. රතු පස් සිද්ධිය අරක්කු සිගරට් වල මිළ වැඩි කරලා මිනිස්සුන්ගේ අවධානය වෙනස් කළා. ඒ වගේමයි කවදාවත් දුමින්ද සිල්වා වගේ නරුමයෝ ගැන කිසිම කතාවක් නැහැ. හැමදාම හැම වෙලේම ඇඳ ගත්තේ අපි. අපි හැමදාම උන් ළඟ රෙදි ගලෝ ගත්තා. අපි හැමදාම රැවටුණා. ඒ උඹලා නිසා. උඹලගේ නිහඬත්වය නිසා. ඒක හොඳට මතක තියා ගන්න ලා. ඔය නිදහසේ තියන පැන, සල්ලි වලට දික් වෙන අත නිදහස, අයිතිවාසිකම් වෙනුවෙන් අවියක් කරගන්න
Share on Google Plus

About Unknown

6 අදහස්:

  1. සිරා කතාව මලයා. ඡන්ද අයිතිය ලැබිලා අවුරුදු හයක්, ඒත් මම තවම ඡන්දෙ පාවිච්චි කරලා නෑ, දෙන්න එකෙක් නැති කමට. උන් උන්ටම ඡන්දෙ දාගෙන අපිව පාලනය කොරන්න යන එකයි දුක!!

    ReplyDelete
  2. හයියෝ සල්ලි..........

    ReplyDelete
  3. මල්ලි උඹට හොදට ලියන්න පුලුවං බං.. වයසට වඩා විශිශ්ට විදියට ලියනවා. අඩේ මේ ට්විටර් කුරුල්ලව මටත් දියන්කෝ :D

    ReplyDelete
  4. ඔක්කොම එක යි. වෙනසක් නෑ.

    ReplyDelete
  5. යශෝධා - අක්කා, කාට දෙන්නද අක්ක. මේ සැරේ නාම ලේඛනේ මගේ නමත් තියේ. මමනම් දෙන්නේ නෑ එක මිනිහෙක්ට. දුන් නැතත් උන් ගන්නවා නේ..

    නලීන් - ඇයි මල්ල වැටිලා ඇවිත් ද දෙයියෝ ;)

    සමී - තැන්කු මෙයා.. බෑ බෑ.. දෙන්නේම නෑ.. දෙන්නේම නෑ නෑ නෑ.. ඕකා අල්ලා ගත්තේ හෙණ අමාරුවෙන්.. !

    සුදු - ම්ම්ම්ම්...

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..