Ex-Alien Song & Medhani



කලාව යනු කුමක්දැයි හුවා දැක්වීමට මෙම ලිපිය සටහන් නොකලෙමි. මේ ලිපිය ලිවේ හුදෙක් කෝපය හා කළකිරිම මිශ්‍ර හිරිකිතයකින් බව කිව යුතුමය. මම ඈ සාදාරනීකරණය කරනවා නොව, ඇයගේ පැත්තට කතා කරනවා නොව හිරිකිතයකින් යුතුව ඈ ඉදිරියේ නිරුවත් උන හුදු දර්ශන කෙරෙහි විපරමක් කළා පමණි. 

“.....රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග සමූහයයි, එනම් වින්දනයයි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට පුළුවන. ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන.....”

ඉහතින් සඳහන් කල කී දෑ කිවේ මා නොව එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් කලාව පිලිබඳ කල හැඳින්වීමකදීය.
ඔහු මෙසේ කියයි ඕනෑම දෙයකින් කිසිවෙක් වින්දනයක් නොලබන්නටද පුළුවන (ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන) ඔහු නිවැරදි බැව් මට වඩා ඔබ හොඳින් දනී. බුද්ධියෙන් ඔහු අප සැමට වඩා මුහුකුරා ගොස් ය.  හිස නමා ආචාර කරමි. ගෞරව කරමි.

එසේනම් කතා මාතෘකාවට පැමිණෙමු. Medhani Jayzee සිංදුවක් රිලීස් කරනවා. මේ එයාගේ පලවෙනි ගීතය. නමුත් එහි රසාස්වාදයක් නැහැ කියන්න අපට බෑ. ඒ තුල ඉහත කී කරුණ අනුව වින්දනය ගැබ් වෙනවා. හැබැයි අර්ථවත් හැගීමක් ඉස්මතු වෙන්නේ නැහැ
.
ඉස්මතු වෙන්නේ විහිලු සිනා පහල වෙන හැගීමක්. ඇයගේ වරද විය හැකියි. එක්කෝ ගීත රචකයාගේ වරද. නැතිනම් ගී තනුවේ වරද. ගීතයක උසස් බව උදෙසා හඬ , ගී පද , ගී තනුව සම සමව වැදගත්. 

මේ ගීතය තුල වරද කොතනද කියන්න තරම් මම දක්ෂ නම් නැහැ. හැබැයි ඒ දේ වැඩියෙන්ම ඉස්මතු වෙලා පෙනුනේ එයාගේ හඬ එක්ක වෙන්න ඇති. ඒ ගීතයේ තාලයත් එක්ක වෙන්න ඇති
.
open gannm style අහන මිනිසුන් අතර rain over me අහන මිනිසුන් අතර මමත් ඒ සිංදුව ඇහුවා. 

ගන්නම් ස්ටය්ල් එකේ අස්සයා දක්කනවා වගේ, රේන් ඕවර් මී එකේ මාර්ක් ඇන්තනි ආයි.. ආයි.. ආයි කියනකොට පිට් බුල් අඩ නිරුවතින් ඉන්න ගැහැණිය ඉඹිනවා වගේ දේවල් මේකේ නැති උනත් මේධානිගේ සිංදුව හුරුපුරුදු නැති නිසාම සිනහවක් අරගෙන ආව. 

ඒ සිනහව ආවේ ඒ වගේ ගීතයක් කවදාවත් අහපු නැති නිසා කියලා යථාර්තවාදීව හිතද්දී මොලයට දැනුණා. මට හිනා ගියේ ඒ හේතුව නිසා කියලා දැනෙනකොට ඒ හුරු නැති දේ වරදක් විදියට පෙරලා මම කමෙන්ට් කළා ගීතය ගැන අඩු ලුහුඩු පෙන්නලා..

සභ්‍යත්වය කියන්නේ මිනිස්සුන්ගේ වචනය හැසිරීම තුල යහපත් විනයක් ඇති කරන වැදගත් සංධිස්ථානයක්.  ඒ තුල ජීවත් වන්නා යහපත් ගතිගුණ පෙන්වනවා. මට බෑ මේධානි ගේ ගීතයේ වැරදි පෙන්වන්න.  මක් නිසාදයත් තාලෙට ගීතයක් කියූ හැකි පමණින්, ලාවට ගිටාරයක තත් හඬවන්න හැකි වූ පමණින් මම සංගීත විශාරදයෙක් නොවන නිසා.. 

එම නිසා මම මහත්මා ගතියෙන් යුතුව කමෙන්ට් කරලා මම දැකපු මට දැනුන වැරදි කියලා ආව.
ගැහැනියකට කතා කලයුතු ආකාරය ගැහැනියක් යනු කවර කෙනෙක්ද කියලා නොදැනෙන්න තරම් මිනිස්සු කෘර උන හැටි මම දැක්කා. මිනිස්සුන්ගේ වචනයක් තුල තිබුන කැත ගතිය මේධානි ගේ ගීතයේ ඇති වැරැද්දට වඩා හිතේ සටහන් උණා. 


මමත් මෙලොව එලිය දුටුවේ මවක් නිසා. ඒ මව ගැහැනියක් කියලා අමතක කරන්න මට බැහැ. මගේම කියා සහෝදරියන් නැති වුවත් මගේම උන සහෝදරියන් මගේ පවුලේත් ඉන්නවා. ඒ ගෞරවය තුල මම ඕනෑම ගැහැණියකට ගරු කරනවා. 

මට දැනුන පුදුමය නම් මේ රටේ නිෂ්පාදනය උන නිල් චිත්තර පටි ඕනා තරම් යු ටියුබ් අඩවිය හරහා බලන්න පුළුවන්. හැබැයි ඒ කිසිදු  දර්ශනයකට මේ වගේ කමෙන්ට් අදහස් දක්වලා නැහැ. 

මේධානි කියන්නේ ගණිකාවක් නෙමෙයි. අපේම සහෝදරියක් වගේ. මිනිහෙක්ගේ හඬ පෞර්ෂය තුලින් මිනිස්කම මනින සමාජයක ඉන්නවා කියද්දී මට මේ මම පය ගහලා ඉන්න තැන ගැන හිරිකිතයක් දැනෙන තරම්.

ගැහැනියකට තම මව පාවා දී බනින්න තරම් මේ මිනිස්සු කෘර උණා කියලා දැනෙනකොට  මිනිහෙක් විදියට මට දැනෙන්නේ මම ඉන්නේ තිරිසන්නු ලඟද කියලා...

“....බලන්නා තුළ හෝ අසන්නා තුළ එහි අනන්‍ය සාධාරණ ස්වරූපය හේතු කොට ගෙන අමුතු අයුරේ ප්‍රතිචාරයක් ජනිත විය හැකි ය. මේ වූ කලී කලා රස වින්දනයේ ආරම්භය වේ. පෙර නුවූ විරූ ආස්වාදයක් ඔහු තුළ ජනිත වේ. මෙය කලා රස යයි හඳුන්වනු ලබයි...”

කලා රසය ගැන නිවැරදි වැටහීමක් එදිරිවිරයන් ඉහත ප්‍රකාශයෙන් දී ඇත. සිංහල නොතේරෙන සිංහලුන් අතර මා නොසිටින්නේ යැයි නොසිතමි. 

 Bamb bomb.Flip the dumb gals.G-gone my BMW.Grab balls....Diaz!Yeah!'

How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..

I know you one two i get what you want is eyes
i know you one two complete me without shy

How I wonder when I see your faces,round cherry
Woah
And I wanna be ready,my baby right out side uhh oh..

I know you one two i get what you want is eyes
i know you one two complete me without shy

All I wanna do!Never come back!What I'm gonna do!I'm gonna do a poo
gonna poo diamonds gonna do poo gonna da da da diahrea da da da diahrea
wooah woahhh

Hey ex alien where is my egg-stension?
Would you meet me outside the rain?What would you want?I touch u now
ex aliaaaaan where is my eggstention meet me out side the rain what do you want
i got you now

My heart is breaking x4

Woah..Yes!Haha haha
Anaaa..Arty Crazy Baby
I'm living on a bala.Is amaziiing
Shorty hear your blood ringing.Is it crazy?
Alien donkey wanna kiss me!You and I are real proper friends.Definitely good we took the super gal!
The reason I took the budget shooting in the train is thinking you're the black kid giving me tazer..

!Come back!Supervision!
Ahaa!But you're decapitated!Didn't you..Eeya!
Mary,you can dress!And me and Rachel has Starship n Barcadi.
How can I change ya?My horse is kinda crazy like you.Your waterfall is making me love with you

-________-

Edward Edward Edward...

Where you hide?Chucky,u have failed
Would u tell me
A point of billion
Abnormally gelatine
If we know come and go..come and go alien alien alien

ඇය ද ගැහැනියකි. ඇයටද හැගීම් දැනෙනු ඇත. අප වැනිම කයක් ඇයට ඇත. අප වගේම හදවතක් ඇයට ඇත. අපට සේම සමාජශීලී ජීවිතයක් ඇයට ඇත. ඇය මනුෂ්‍ය වර්ගයාට දායාද ලද දියණියකි. වැරදි නොකරන සර්ව සම්පූර්ණයන් ලොව නැත. සිටින්නේ නම් එය අසම්පූර්ණ ප්‍රකාශයකි. 

හැමදේම ලොකු කරගෙන උඩ පනින මිනිසුන්ට ඇය දවසේ මාතෘකාව වී හමාරය. නීතියෙන් බැලු කල ඇය සදාරනිකරණය කිරීමට බොහෝ අවස්ථා ඇත. 

මෙය නිදහස් රටකි. ඕනෑම දෙයක් අනුන්ට කරදරයක් හිංසාවක් නොවන්නට අපරාධයක් නොවේනම් කල හැකිය. 

ඇය ගීතයක් නිර්මාණය කරයි. ඒ ගීතය ගයා යු ටියුබ් ජාලයට මුදා හරි. නමුත් ඈ කිසිවෙක්ගෙන් ඉල්ලීම් කර නැත එය නරඹන ලෙස වැඳ වැටී නැත. ඇයට බනින්නට කිසිවෙක්ට අවසර නැත. 

සමහරුන් ඈ ප්‍රදර්ශනය කල වීඩියෝවේ අදහස් තීරුවේ අසභ්‍ය වචනයෙන් දොඩා ලොවටම තම නිරුවත තම හැකියාව පෙන්වා ඇත. බුද්ධිමත් මිනිසුන් නොකරන තරමේ හිංසාශීලී සිතුවිලි හා අදහස් එක් කර තිබීම දැකිය හැකි ය. 

Face Book – twittr වැනි සමාජ වෙබ් අඩවි පුරා දැකිය හැක්කේ ඇය හෑල්ලුවට ලක් කර තම අභිමතාර්ථ ප්‍රේසිද්ධිය සොයන මිනිසුන් ය. කිසිවෙක්ගේ වරදක් දැක එය පුන පුනා කියමින් ගමේ වට්ටි අම්මලාගේ ජොබ් එකට කෙලින බොහෝ පුද්ගලයන් මා දුටුවෙමි. වැරද්දක් දැක එය කියා දෙනවා මිස එය දොඩමින් වැරැද්ද කල තැනැත්තාට රිදවන්නේ මෝඩ බාල පුද්ගලයන් ය. 

කුණුහරුප තුලින් බනින්නේ ඔවුන්ට යහපත් වචනය නැති නිසාය. යහපත් ප්‍රිය වචනය ඔවුන්ගේ ජීවිතය තුල නැති නිසාය. 

අප සැම දෙනාම මනුෂ්‍යන් බව අමතක කල නොහැකිය. වැරදි සිදුවන්නේ මනුෂ්‍යන් අතිනි. මේධානි අතින්ද එය සිදුවන්නට ඇත. එය වරදක් සේ සලකා සමාව දෙන්නට බැරිනම් මේ මිනිස් ආත්මයෙන් පවා කිසිදු හරයක් නැත. 

rape is not a crime, it is surprise sex මෙහෙම කිව්වේ කවුද දන්නවා ද සනි ලියොන් කියන ලෝක ප්රේසිද්ධ හොලිවුඩ් නිළිය. නිකන් නෙමෙයි ලෝකෙටම පේන්න. එදා twittar වල මෙහෙම කියපු කෙනා අදටත් ලැජ්ජාවක් භයක් නැතුව ජීවත් වෙනවා. 

ඒ විතරක් නෙමෙයි, ලංකාවේ ගබ්සාව නීතිගත කල යුතුයි, ලංකාවේ ගණිකාව නීති ගත කල යුතුයි කියපු මන්ත්‍රී වරු තාම රට කරනවා.
ඒ විතරක් ද අභිසරිකාවන් රාත්‍රියට වීදි සරනවා අඩ නිරුවතින් කිසිම භයක් නැතුව.
මීට වඩා වැරදි කරපු මිනිස්සු ලෝකෙට පේන්න රෙදි ඇඳගෙන රඟනකොට පුංචි වීඩියෝ ක්ලිප් එකක් කරලා සිංදුවක් ස්ටිඩියෝ එහෙක කරලා යු ටියුබ් එකේ දැම්මා කියලා ගැහැණියකට බැල්ලියකට වගේ ආමන්ත්‍රණය කරන එක සාදාරනයි ද ?

සිතන්න අපි ජීවත් විය යුත්තේ පොලවේ පය ගසා මිස උඩු හුළඟ තුල නෙමෙයි. අපි මවගෙන් කිරි උරා බීවා මිස ඒ කිර අපිට ඉබේ පහල උනේ නැහැ.  මව අපිට අත්වැල් අල්ලා ලෝකය පෙන්නුවා මිස අපි ඉබේ ලෝකය දැක්කේ නැහැ. මව අපව නැගිට්ටුවා මිස අපේ පා මේ පොලව නිකං සිඹ පහස ලැබුවේ නැහැ.
ගැහැනියක් යනු මෘදු මොලොක් චරිතයක්. ඒ චරිතයට පුංචි දේ පවා මහා ලොකුවට පෙනෙනවා. මවද ගැහැනියක්. ඒ ගැහැනියගේ කුලේ ඉපදුන ඇයට මෙසේ සැලකීම සාදාරණ ද ?

හිතන්න මොහොතක්..

( වෙලාව රෑ 12 උනත් ලීවේ හිතේ ආවේගයට. මේ සහෝදරි මම දන්නේ නැහැ කවුද කියලා. හැබැයි එයාට උනත් තිබ්බ මේ වගේ දෙයක් කරද්දී අනිත් අයගේ අදහස් විමසන්න. ලෝකයක් ඉදිරියේ ලජ්ජාවට පත් වෙන්නේ නැහැ එහෙම උනානම්.. )
Share on Google Plus

About Unknown

12 අදහස්:

  1. Replies
    1. කලකිරෙනවා මිනිස්සු ගැන බං......?

      Delete
  2. මේ ගීය ගැන මා කියවන දෙවන ලිපියයි මේ. ඒ වගේම මලයා උඹේ අදහස් ටික හරිම නිර්ව්‍යාජයි.. ස්තුතියි මේ සටහනට

    ReplyDelete
  3. මේ වගේ රටක ෆැන්ටසි හීන වල ජීවත් වෙන නපුංසක ඩයල් වලින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්ඩ එපා මලයා. මම දැක්කා ඔතන කොමෙන්ට් වලිනුත් කට්ටිය පොර වෙන්ඩ දගලනවා..

    ඔතන වැරැද්ද උන්ගෙ විතරක් නෙවෙ. ලංකාව කියන්නෙ මේ වගේ ම්න්ද මානසික ඩයල් වලින් පිරිච්ච උන් කියලා දැන දැනත් , මේ ව්අගේ බගෙට උයපු කෑම හදන නංගිලාගෙයි වැරැද්ද.

    ReplyDelete
  4. බෙනා ඇත්තටම මුලින්ම මමත් ඒ සින්දුව දැක්ක වෙලාවේ සිනහා උණා. මම නම් ඒක නෑ කියන්නේ නෑ. හැබයි ප්‍රසිද්දියේ කෙනෙක් කුණුහරුප කියන එක අනුමත කරන්න නම් බෑ කොහෙත්ම. ඒවගේම මේ "වයස 15 ක්" කියන කුඩා ගායිකාව වී fm හරහා කියලා තිබ්බ දේවල් අනුව එයා එයාගේ මේ ස්වභාවය ගැන ආඩම්බර වෙනවා කියලා මට හිතෙන්නේ. මිනිහෙකුට අනිත් අය අතරින් වෙනස්ව වැඩක් කලාට කමක් නෑ. ඒත් ඒක සුදුසු නෑ කියද්දී ඒක ගැන පිළිගන්න තරම් නිහතමානී කමක් තියන්නේ ඕනේ. අනිත් අයගේ මතය පිළිගන්න බැරි පුද්ගලයාට යන්න පුළුවන් දුරක් තියනවා. ඒත් තාම එයා පොඩි නේ. තව ටිකක් පරිණත උනොත් එයාට තේරෙයි මේ ලෝකේ තමන්ගේ මතය ගැන කෑ ගහලා ලෝකේ වෙනස් කරන්න හදන එකේ අර්ථ ශුන්‍ය කම. වෙනස් වෙන්න ඕනේ අපි කියලා එයාට තේරෙයි.

    ආයෙත් පාරක් කියනවා එතන කුණුහරුප කියන මන්ද මානසික තත්ත්වය ගැන කනගාටුයි.

    ReplyDelete
  5. මේ කෙල්ල මේක හදලා සද්ද නැතුව හිටියා. ඒක ඒ කෙල්ලගෙ කැමත්ත. අද සල්ලි තියෙන හැම එකාම ඔය වගේ ඒවා ටී වී චැනල් වලත් දානවනේ. පිටරට තියෙනවා කිඩ් සෝන්ග්ස් කියලා ගී කලාවක්. මේක වැටෙන්නේ ඒ ඝනයට. හේතුව 18 පහළ අය ලංකාවේ ගනන් ගන්නේ කිඩ්ස්ලා හැටියට.

    එහෙම පැත්තක තිබුන ගීතය අරගෙන, ඒකට නිග්‍රහ කරන අයගේ මානසිකත්වය හරිම නින්දා සහගතයි. එකක් අපේ උන් ඉන්ගිරිසි සින්දු අහන්නේ නැති එක. අනික එක්ස්ට්‍රීම් ක්‍රිටිසිසම් කියන එකට යන එක.

    මම නම් මේ ගීයේවත් කටහඬේවත් වරදක් දකින්නේ නෑ. මේක විවේචනය කරපු අයගෙන මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. කරුණා කරලා ආෂා බෝස්ලේගේ ගීයක් අහන්න කියලා. බී ඇස් ලත් එක්ක කියන සිංදුවක් තියෙනවනේ. ඒක ලව් සෝන්ග් එකක්. ඒක ඇහුවමත් මට මේ වගේ නරුම සිතිවිලි එනවා. ඒත් ඒ ගීයෙත් මොකක්දෝ ර්සයක් තියෙනවා.

    හැබයි හොඳ ක්‍රියේටිව් ක්ටිසිසම් ටිකකුත් දැක්ක. අර පැල් රකින ගොවියගෙ පුතාගේ කොමෙන්ට් එක වගේ ඒවා.

    ReplyDelete
  6. මමත් කලින් ඔය ගැන සැහෙන කනගාටු උනා. නමුත් දැන් නම් හිතෙනවා වපුරපු දේවල් වල අස්වැන්න තමයි ඒ ළමයා නෙලා ගත්තේ කියලා. FM ලයින් වලට දීලා තියන වොයිස් කට් අහපුවාම අපිට අඬන්න හිතෙනවා.

    ReplyDelete
  7. ඇත්තේනම් මේ ගීතයේ අපට “දැනෙන රසයක්“ නම් නැතිවෙන්න පුළුවන්.එතැනදි ගීතයක රසය විඳන ආකාරය එකිනෙකාට වෙනස්වන්න බවත් අප තේරුම් ගන්නට ඕන. හොඳම උදාහරණේ අප අසන සමහර “හොඳයැයි පිළිගත්“ සිංහල ගීත වල පවා රිද්මය ඔස්සේ හිත ගියත් , ඒවායේ ගැඹුරු තේරුම සොයාගෙන ගියාම අප හිතන දේට වඩා දෙයක් එතන තිබෙනවා .

    කෙසේ වෙතත් මෙවන් , අපට කිසිම දෙයක් නොතේරෙන ගීත ගීයක් ලෝකයේ ප්‍රසිද්ධම ගී බවට පත්වුනාද ? PSY වුනත් ලෝකයේ ජනප්‍රිය වෙත්දි එහි තේරුම දැන ගෙන හිටියේ කීදෙනාද ? .ඒත් වාසනාවට ඒ ගීත වල වැඩි දෙනෙක් රිසි රිද්මයක් වත් තිබුණා
    .
    මේ දරුවගේ නිර්මාණ උත්සාහය තුල ඒ රිද්මය අපට නොදැනුනා වෙන්නට පුළුවන් . එසේ වු පමණින් , එය අසාර්ථකයි කියමින් නිගරුවට පත් කරනවාට වඩා සුදුසු , ඒ දැරිවියව මීට වඩා හොඳ නිර්මාණයකට යොමු කරවීම කියලයි මට හිතෙන්නෙ .

    මේ යුටියුබ් කොමෙන්ට් තුල නම් මට දැනුන දෙයක් , අප කොයි තරම් ලිංගික අසහනයකින් ඉන්නවාද කියන එක , මේ කෙල්ලගේ ගීතයේ “තමන්ට දැනුන වැරැද්දට වඩා“ , ඇගේ කකුල ගැනයි , ඊටත් වඩා , දුරගිය ලිංගික චර්යාවන් ගැනයි කතා කළ කොමෙන්ට්ස් කොයි තරම් නම් තිබුණද ? වාසනාවට බොහොමයක් සිංහලෙන් තිබුණේ , නැත්නම් අපේ රට ගෝත්‍රික රටක් බවට හඟවන්නට උත්සාහ කරන සමහර රටවල දරන උත්සාහයට මේකත් යොදා නොගනීවි යැයි කෙසේ නම් කියන්නට පුළුවන්ද ? මොකද තව දවසකින් දෙකකින් මේ විඩියෝව වර්තාවක් තියන්නත් බැරි නැහැ .

    ස්තුතියි ඔබට

    ReplyDelete
  8. සිරා කතාව බෙන් ටෙනා. මටත් ඒ කොමෙන්ටු ටික දැක්කම පුදුම හිරිකිතයක් දැනුනෙ. අදයි බොර දියට බහින්න වෙලාවක් ලැබුනෙ. බ්ලොග නම් සුපිරි ඈ. අර ට්විටර් කුරුල්ලා චෝයි අනේ... ආසාවේ බැරුවා.

    - බස්සි -

    ReplyDelete
  9. හ්ම්ම්ම්.. හ්ම්ම්ම්..

    ReplyDelete
  10. ලොවෙත්මමත් ඔය සින්දුව ඇහුව...තේරෙන්නේ නෑ ඇයි මේ බනින්නේ කියලා...
    පුළුවන් එකෙක් ඉන්නවනම් මේක අහපල්ලකෝ

    http://www.themusic.lk/Audio/file%20mp3/Thuje%20Theka%20Thoye%20Janasanam%20-%20Gayan%20Sampath%20(((www.themusic.lk))).MP3
    මම මෙයාව දන්නෙත් නෑ....
    ලංකාවේ සංගීතය ගැන දුකයි..
    ලංකාව සංගීතය අතිනුත් අසරණයි බුදු හාමුදුරුවනේ....

    ReplyDelete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..