දන්සැල සහ ෆේක් අපේ චරිත



ෆේක් ලෝකයේ අපේ සහෝදරත්වය
මතකයන් හී සැබෑ වටිනාකම දැනෙන්නේ කාලය ගත වූ පසුවය නැතහොත් තනි වූ පසුවය..

තනි වෙලානම් නැහැ. හැබැයි කාලය වේගයෙන් ගිහිං. මම හිතන්නේ පොසොන් පෝයත් එන්න ලඟයි..

මේ පසුගිය වෙසඟ එනම් 2013 / 06 / ?? ( පෝය කවද්ද මතක නැහැ බොලව් ) එදා කරපු වැඩ සටහනේ සංශ්‍රිප්ත සටහනක්.. ( බොරු බොරු පට්ට දිග මෙව්වා එකක් )
ෆේක් ලෝකේ විඳපු සුන්දරම අත්දැකීම. අනුවර්ථ නාමයකින් (බෙන් ටෙනිසන් ) ඉඳලා බෙනා විදියට සැබෑ ලෝකේ ක්‍රියාවට නංවපු පළවෙනි හොඳ වැඩේ ලොකුවට කියන්න හිතුණා. ලොකු පොර ටෝක් දීලා බුකිය ඇතුලේ, පොඩි එකෙක් වගේ අනිත් අය ඉස්සරහා හිටපු හැටිත් හරියට උල තිබ්බා වගේ මම..

(කයිවරුවෙන් වැඩක් නැහැ.) ෆේක් බුක් වල අපිව අනිත් අයට පේන්නේ අනුවර්ත නමකින් නෙහ්. අපි ගොඩක් අයගේ එකමුතුකමත් එක්ක හැමෝටම ගොඩාරියක් මතකයන් රැල්ලක් එල්ල අපිත් කළා ඔන්න ගොඩාරියක් ලොකු වැඩක්.. (ඔයාලට ලොකු නැතුව ඇති, ලෝකෙම ලොකු , පුංචිම පුංචි මට මේක මහා ලොකු වැඩක් :D )


* ~ දන්සැල සහ ෆේක් අපේ චරිත විග්‍රහය සහ මහා මඩ පාර to the සුදු සරමට ~ *

හැමෝටම බලාපොරොත්තු තියනවා. ඒ බලාපොරොත්තු වල පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒ දේවල් වලින් එහා ගියපු ෆේක් එකවුන්ට් එකෙන් සීමා රහිතව පිට පැනපු අදහසක් අපේ සෙට් එකේ කාටත් තිබුණා.. ඒ තමයි ෆේක් අපෙන් මේ කොමේ කී බෝර්ඩ් එකේ ටයිපිං එහා දෙයක් කරන්න ඕනෙම කියලා..

ඔය මානසිකත්වය උඩ තමයි වෙසක් පෝය ආවේ. Black Puma (සිතුම් වැහි) අයියගේ අදහසකට අනුව තමයි මේ දේවල් ක්‍රියාවට නැංවුණේ.... ගිණි අයියා තමයි හැමදේම ක්‍රියාවට නැංවුවේ.. 


අතිගරු හොර කුකුළා  තමයි ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරලා වැඩේ ලෙසටම සංවිධානය කළේ. Sri Max අයියා දෙවියෙක් වගේ ඇවිත් අපිට ලොකු උදව්වක් දුන්නා... ගිණි කුකුළා අයියා බැහැලාම ලොකු වැඩක් කළා.....

මම වැඩේට සෙට් වෙන විදිය


මුල්ම හමුවීම උනේ පුමා අයියයි , ගිණි අයියයි අපේ ෆැන්ටයි මමයි අතර. එදා තමයි අපි අපේ ප්ලේස් එක සරගම වැව(කුරුණෑගල)  ගාව කියලා සිලෙක්ට් කර ගත්තේ.


මමයි ෆැන්ටයි ( මිස්ටර් ෆැන්ටැස්ටික් ) ටවුන් ගියා කලින්ම. පුමා අයියත් අතින් කටිං බෑග් ටිකක් එල්ලං කැම්පස් උණුහුම අරගෙන ආව.

පුමා = පට්ටම පට්ට, අහිංසකම සරල අල්පේච්ච ජීවිතයක් ගත කරන ජීවිතයටවත් නොදැකපු වැදගත් කොල්ලේක්. පළමු හමුවීම තුල කතා කරපු වචන තුල ඌ මගේ සහෝදරයා වෙලා ඉවරයි. ලොස් නැතුව මගේ අයියා කියලා කතා කලේ ඒකයි. මම ඒ වගේ චරිතයක් උගෙන් හොප් උනේ නැහැ. ඇත්තටම මාර කොල්ලෙක්....

ඊට පස්සේ අපි ගිණි අයියා එනකම් කට්ට කෑවා. පැයක් විතර ෆැෂන් සිටි එකේ උඩට වෙලා බලාගෙන උන්නා එනකම්...
ගිණියත් සයිඩ් බෑග් එකක් දාගෙන ලෙසටම කඩා පාත් උණා.

ගිණි = මට දැනුණේ ගුප්ත හිතේ ලොකු දුකකින් ඉන්න අයියෙක් විදියට. හරිම හොඳයි. වැදගත්. හරිම වැදගත් සමාජීය අදහස් තිබුණා.ඕනෑම වැඩකට බැහැලා වැඩ කළා. ඕන දෙයකට් මුහුණ දෙන ශක්තියක් තිබුණා. මට දැනුණේ එහෙමයි.

(ඔතනින් පස්සේ මගේ මිෂන් එකක් තියේ එව්වා ඕනේ නැහැ )

ෆැන්ටා= ඌ මගේ යාළුවා.

අපි හතර දෙනාම පොලොසියෙන් අවසර ගන්න ගියා. ඒකට ඕන ලියුම හදලා තිබුනේ නැති නිසා අපි හැමෝම කලේ පුමාගේ අම්මගේ ඔෆිසියට ගිහිං ලියුම හදපු එක ගැන.
එතන ඇති වූ අත් අකුරු පිලිබඳ ගැටලුවේදී මට පැන හැසිරවීමට සිදු උණා

අවසානයේ පුමා අම්මගෙන් ගුටි නොකා බේරුණා කල්පනා කරලා වැඩ කරන්නේ නැහැ කියලා පුමාගේ අම්ම කිවා අපිට ප්ලේස් එකක් ලැහැස්ති කරගන්න එයා පොලොසියෙන් අවසර ගන්නම් කියලා...

පස්සේ අපි සාරගම ප්ලේස් එකට ආව. මමනම් කිවේ සාරගම ගමු කියලා මුල ඉඳන් ම (යටි අරමුණ මට යන්න එන්න ලේසි නේ )


ගිණි , පුමා දැකපු ගමන් ප්ලේස් එක මෙතන පට්ට නියමයි කිවා. සාරගම ප්ලේස් එක ඇසෙප්ට් උනේ ඔහොම.

එදා හවස අපි ගිණියගේ දැඩි පෙරැත්ත කිරීම මත එයාගේ පොකෙට් එකේ සල්ලි වලට බරටම විද දවල් ආහාර අර මාතර බත් කඩෙන් ගත්තා. මෙලෝ රහක් නැහැ. දුම් තෙල් දාපු රයිස්. (කෑවා නෙමෙයි කාගෙන කාගෙන කෑවා )
ෆැන්ටයි , පුමායි පෙරේත කමට මාර කෑමක් කෑවේ. අහිංසක අපි දෙන්නට කා ගන්නවත් බෑ.

කොහොම හරි ඩෙසට් එකට ගෙනාපු යෝගර්ට් හතරේ එකක් මම නොකන නිසා ඇඹරි ඇඹරි උන්න පුමා අයියට දුන්නා... කෑම පිලිබන්ධ වාර්තා තියලා අහිංසක පුමා තවත් අවිහිංසක උණා. ( පුමාගේ සැබෑ යථාර්තය ඈ )

එදා ගෙදර එනකොට් අපි හැමෝම ආවේ දැඩි අධිෂ්ටනයෙන් මේක කරනවා කියලයි.

ගෙදර එනකොට ෆැන්ටා කියපු කතාවක් මතක් වෙනවා.

" මචං, මම අද ඉගන ගත්තා විශ්වාස කරන්න බැරි මිනිස්සු අතර විශ්වාස කල හැකි මිනිස්සු තාමත් ඉන්නවා කියලා......."

ඇත්තටම උගේ කතාව ලෙසටම වැදුණා. මම හිතා ගත්තා ශ්‍රමයෙන් උපරිම කරනවා දන්සැල වෙනුවෙන් කියලා.

ඊට පස්සේ වැඩි දෙයක් මගේ අතින් උණේ නැහැ. හැමදේම උනේ ඔර්ගනයිසර් ලා අතින්.

හැබැයි දැනගෙන උන්නා අපිත් එක්ක ගව ගාණක් දුර ඉඳන් දෙවියෙක් වගේ කොල්ලෙක් ඉන්නවා ලඟින් කියලා. මැක්ස් අයියා ගැන කියන්න වචන නැහැ.

දන්සැල දවසේ තමයි අනිත් අය සෙට් උණේ.

මම එනකොටනම් ටිකක් පරක්කු උණා. ඒකට වග කියන්න ඕනේ ෆැන්ටා තමයි. ( එක හිතක් නැති මගේ යාළුවා )

ආපු ගමන් රෝස ආච්චි එක්ක කෝල් එහෙක ආවේ. ඒකත් කට් කරලා මම කස්ටිය එක්ක සෙට් උණා. හොඳ උණුසුම් විදියට මාව පිළිගත්තා පුමා සහ ගිණි අයියා.


අනිත් කෂ්ටිය භය වෙලා වාගේ පුදුමයෙන් බලනවා විතරයි දැක්කේ... මම දන්නේ නැහැ ඇයි කියලා. ඒ ඇස් වල මහා පුදුමයක් තිබුණේ. පුමා අයියාකට්ටිය හඳුන්වා දුන්නා.
හැබයි එවෙලේ කවුරුත් මතක නැහැ.

එතන මී හරකා අයියා, මොණර පැටික්කි අක්කා, කඳුළු ඇස් අක්කා, හා පැටියා අක්කා, අවලං කටා, podi malli , හොර කුකුලා හිටියා ....
_____________________________________________
මී හරකා = හරක් පාටක් මුගේ නැහැ. හරිම උසයි පොල් ගහක් වගේ. හැබැයි උගේ අදහස් නම් සුපිරි ඈ.. කියන දේ කෙලින්ම කියනවා ලොස් නැතුව. මම අන්න ඒ චරිතෙට බොක්කෙන්ම කැමති උණා. හරි හොඳයි කියලා දන්නවා. 



මොණර අක්කා = මෙයා ගැන දන්නේ නැහැ. එක වචනයක්වත් කතා කලේ නැහැ. හිනා උනා විතරයි. අනේ මන්දා. පාඩුවේ උන්නු කෙනෙක්. මොනදේටත් හිනා වෙනවා. ලඟින් ආශ්‍රය කරලා නැහැ
කඳුළු ඇස් - හීන දිගැසි = අම්මෝ..... ! වැඩක් නැහැ කියලා.. මාව බයිට් කළා එපා වෙනකම්. මට ගැහුවත් එක්ක. හරි හොඳයි විවෘත චරිතයක්.
හවී අක්කා = නියම කෙල්ලක්.. ඕන දෙයකට බොක්කෙන්.කොල්ලෙක් වගේ කරට කර වැඩ කළා. පුදුම සහෝදරත්වයක් තිබ්බේ..
අවලං කටා = ෆෝන් එකෙන් කතා කරලා තිබ්බා. හැබැයි එයාගේ කට නම් අවලං තමයි ඈ.. නමට ගැලපෙන මිනිහා බ්‍රේක් නැහැ. හැමදේම කියවනවා. ලිමිට් නැහැ. මෙයා තමයි අපේ බයිට් එක උණේ. හොඳ කොල්ලෙක්.
පොඩි මල්ලි = නිහඬ , කතා කරන්න ඕන වෙලාවට කතා කරපු කැපවීමෙන් වැඩ කරපු, වැඩිය ලොරි ටෝක් නැති සුපිරිම කොල්ලෙක්.
හොර කුකුලා = මම මූ ගැන කතා කරන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. මෝඩ වැඩ කලාට හරිම හොඳයි. පොඩි කොල්ලෙක්. මම තරම්වත් උස නැහැ. හැබැයි වැඩ නම් ලොකුයි. හොර කුකුලා නෙමෙයි. පැණි කුකුලා කියලා දැම්මා නම් හොඳයි. හොඳ දුම් බොන්නෙක්.. හොඳ බේ බද්දෙක් ඈ හොඳ වැදගත් කොල්ලෙක්.. උඹට ගරු කරනවා ඈ.. උඹ අන්‍යාගමික වෙලත් මේ දෙයකට ගොඩක් වෙහෙසුණා. ගොඩක් ගරු කරනවා සහෝදරයා. උඹලා වගේ උන් මේ සිංහල ජාතියට ඕනේ.. නැතුව කාර්ඩ් බෝර්ඩ් වීරයෝ නෙමෙයි බං. හිත හොඳ කොල්ලා උඹ.
______________________________________________________

හැබැයි ආ පයින්ම යන්න උණා ගෙදර ටෙන්ට් එක ගේන්න. මම පුමා අයියවත් අරගෙන අපේ ගෙදර ආව. ඒ ආපු ගමනත් නරකම නැහැ සුන්දරයි.
පුමා අයියා එහා ගෙදර කෙල්ල ගැනමයි ඇහුවේ. හොඳ වෙලාවට ඒ ළමයා ටුවර් එකක් ගිහිං.ඊට පස්සේ කෙල්ලගේ අම්මට පැණි හිනාවක් දැම්මා මේකා කියහල්ලකෝ.. හැබැයි මම ගෙදර ආවට පස්සේ ඇහුවා උඹ ගැන ඈ..
තව ටිකේ දන්සල දාල පුමා අයියා එහෙ නවතිනවා.
කොහොම හරි කට්ට කාගෙන අපි ආව ආයෙත් ප්ලේස් එකට.


කොහොම හරි අපි දෙන්නා එනකොට අපේ සහෝදරයෝ ටික වැඩ ගොඩක් ඉවර කරළා.

අපිට ටෙන්ට් එක ගහන්න විතරයි තිබ්බේ.. මමනම් අත් වැඩ මිසක් බර වැඩ කලේ නැහැ.
හැමෝම පුදුම සහෝදරත්වයකින් වැඩ කළා. සමහරුන්ගේ අතිශය ලොල් සහගත හැසිරීම් හෙලා දකිනවා ඈ... (සිගරට් බීම, තණකොළ කෑම , මඩේ නෑම  )

රෑ උණා... හැමෝම මාරුවෙන් මාරුවට වොෂ් දා ගත්තා. මමනම් නැවේ නෑ (ප්‍රේතිපක්ති රකින්න එපෑ :D )

ඒ අතරේ පොළොන්නරුවේ ඉඳන් සරදියෙල් අයියා ආව. එයානම් ලොකු කැපකිරීමක් කරලා ආවේ. සුපිරිම කොල්ලේක්. කකුල ඩැමේජ් වෙලා තියෙනකොට ඇවිත් අපිට ලොකු ශක්තියක් උණේ. හයේ හතරේ කොට පොරක් ඈ.. මොනා උනත් නොසැලෙන හොඳ හිතක් තිබ්බා ( ආල වට්ටම් තිබ්බට  )

 



 සමහරු නම් ලොග් උණා බුකියට. මටනම් එහෙම මනසිකත්වතයක් තිබුනේ නැහැ. මම පාඩුවේ වෙන දෙයක් බලාගෙන උන්නා..

රෑ වෙලා ආහාරය සඳහා දන්සැල් සොයා 6-8 km ඇවිද්දා... සමහරු තම තමන්ගේ භාෂාවලින් කතා කළා. මී හරක් උම්බෑ... කිවා.. කුකුල්ලු හඬලන්න ගත්තා... ඒ අස්සේ බල්ලොත් උන්නද මන්දා.. කොහොම හරි මට සවුන්ඩ් නැහැ. මම ඔහේ පාඩුවේ ආව ගියා. හැබැයි මටනම් එපා වෙලා උන්නේ ඇවිදලා

කොහොම හරි දෙයියෝ බලලා දන්සලක් සෙට් උණා. සමහරු බඩජාරි කමට බත් පිඟන් දෙක දෙක කෑවා...
එන ගමන් පාර්ක් එකක් දැක්කා. මමනම් ක්ලාස් යනකොට හැමදාම දකිනවා. හැබැයි ඒ වෙලාවේ දකිනකොට ඉහිලුම් නැහැ ගිනි අයියාටයි මටයි. ගිනි අයියයි මායි කියපු ගමන් පන්නා අඩි ගානක් උස දැලෙන් එහා පැත්තට. පස්සේ අනිත් අයත් පැනලා..
හාවී පනින්න බැරුව පුමා ගොයියා එක්ක එලියට වෙලා උන්නා..අපි ඔන්චිලි පැද්දා.. සී සෝ පැද්දා.. හැමදේම කළා..
පස්සේ ආපහු ආව කස්ටියම.එනකොට මී හරක් අයියා තාප්පෙන් පත බෑ උණා.

රෑ වෙලා පොඩිවට සිංදුවක් කියලා දොයිය මතෝ දොයි කියලා පොඩි ඇලර්ට් එකක් දැම්මා...

කණගාටුයි කියන්න හොරා මට අතවර කරන්න හැදුවා. බොහොම අමාරුවෙන් ඌ එක්ක දොයියා ගත්තේ. උදේ බලනකොට අත් කකුල් මගේ ඇඟ උඩ. සීතලට ද කොහේද මටත් ඒකමයි කාරිය කියලා නිදා ගත්තා . සමහරු රෑ දුම් ගහනවා.
ඒ අස්සේ මමයි හොර කුකුලයි හිනා හතු කාල බ්‍රේක් නැතුව හිනා උණා.

පහුවදාට ඉර මාම ඇවිත් ආලෝකමත් උණා...

මම සුපුරුදු විදියට ලෝකයා දිහා බැලුවා..(හා හා එව්වා ඕනේ නැහැ )
ඒ වෙනකොට අහිංසක දඟකාරයා වොලී රොබෝ ආව.
අහිංසක දඟකාරයා = කිව්වට ඉතිං අහිංසකම තමයි ෆුල් ෆන් එකේ ඉන්න බුවෙක් කියලා තේරුණා. සංවේදී කොල්ලෙක් ඈ.. ආපු වෙලේ ඉඳන් පාරට පැනලා නටනවා. හරිම හොඳ අයියා කෙනෙක්. බොක්කෙන්ම කියන්නේ. ඔයා වගේ සතුටින් ඉන්න කෙනෙක් මම දැක්කමයි.
රොබෝ නම් මගේම වයසේ. මම ඌ දන්නවා ටිකක්. මගේ ෆිට් එකක් නේ. ඌ හිතුවට වඩා වෙනස්. හැබැයි නියමයි සුපිරි කියන්න වදන් නැහැ.

උදේම මායි ගිණියයි ස්ටේෂන් ගියා සරා ගේ බයික් එකේ කොර්න් ගෙන්න.. කෝර්න් ගන්න ගමන් අපි දන්සැලේ අය ගැන කතා කළා ගොඩක් දේවල්. හ්ම්ම්... හ්ම්ම්ම්..


එතකොටම තඩි බබී ඇවිත් කිරිබත් අරගෙන උදේටතනියම නෙමෙයි කුරුණෑගල සුදු මහත්තයා එක්කම. . මටනම් කිරිබත් කෑලි දෙකයි කන්න ලැබුනේ
මම වීල් එකෙන් කොර්න් අරගෙන බහිනකොටම මැමන් විශේෂයට අයත් සතෙක් දැක්කා. මමනම් දැන ගත්තා ඒ මගේ නෑන කියලම. එයා ඇහුවා බෙන් ද කියලා.. මම නෑ කිවා.
එයාව මුළින් ගණන් ගත්තේ නැහැ. ලොකු කමට උන්නා මම. හැබැයි පස්සේ අපි දෙන්නා කතා කළා ගොඩාක් දේවල් ..

චූටි බබී = මම මොනවා කියන්නද දෙයියනේ මගේ නෑන ගැන. හරිම හොඳයි. රසට උයන්න පුළුවන් ලු. ෆේස් බුක් එකෙමලු ඉන්නේ. හරිම හොඳ කෙනෙල් ලු ( බබී ගේ නංගි තමයි මෙව්වා කිවේ )
මම දන්නේ මෙච්චරයි එදත් කිවේ බබී හොඳයි. බබී වගේ කෙනෙක් බුකියේ නැහැ කියලා. අදත් කියන්නේ එච්චරයි. මෙව්වා දකිනට කොට ආඩම්බර අපේ හොරාට නේ. හැබැයි ගොඩක් දුක් වෙනවා කනගාටු වෙනවා මම ගොඩක්ම හෝප්ස් උන හොරා නාපු එක ගැන. එන්න බැරි හේතුව මම දන්නවා නේ ඉතිං.
සුදු මහත්තයා = හරිම නිහඩ හිනාව කටේ තියාගෙන ඉන්න අයියා කෙනෙක්. නළ දතක් තියනවා කටට.. ඌ ඒ නිසා වැඩියෙන් කැපිලා ලස්සන පේනවා. මම වැඩිය ආශ්‍රය කරලා නැහැ. හැබැයි ඒ වෙලාවේ බොක්කෙන්ම දැනුණා..

එතකොට මම දැක්කා එළු රැවුලක් දාගෙන අපේ පොලා බයික් එක නවත්තලා පොල් ගහක් බදාගෙන ඉන්නවා ඈ.. මම ලඟට ගිහිං උම්ම්මා එකක් දුන්නා ලු ඇ..

කිරි හාමිලාගේ පොල් සමන් = හිතුවට වඩා ගොඩක් හොඳ කොල්ලෙක්. හරිම පුංචි බටු ඇටයක් වගේ පැන්චෙක් ( මම මහා එකා ලු ඈ ) ඇත්තටම පොලා හරි හොඳයි කතා කරනකොට ඒ දේවල් තේරුණා.
පොලා මම අපි සෙට් වෙලා ගොඩාරියක් දේවල් කතා කළා. බුකිය ගැන. හැමදේම ගැන.

ඊට පස්සේ ගෙදර ගිය කඳුළු ඇස් , මොනරි අක්කා ඉඳි ආප්ප තේ අරගෙන ආව අපිව බලන්න. අපිනම් එතකොට කිරිබත් කාල උන්නේ. තේ එහෙම බීවා.
ඒ ගමන් ම, පින්ක් පැන්තර්, ජෝන් ප්ලේයර් සෙට් උණා දුමක් දාගෙනම. ජෝනා මගේ බුදු ෆිට් එක මේකේ.. හැබැයි මූ කතා කලේ නැහැ මගේ එක්ක.. එකට දුකයි.

පින්ක් = ටිකක් දන්නවා. වැඩිය කතා කරන්න හම්බ උනේ නෑ.. බෙකම් ගහගත්තු එල කොල්ලෙක් ඈ.
ජෝන් ප්ලේයර් = රස්ථා පොරක් වගේ උන්නට කෙට්ටු හීනි බුලට් එකක්. ජෝනාම තමයි. දුමට රේඩි බුවෙක්. එලස් ලෙසටම එලස් ඈ..

පස්සේ පුමා අයිය, පොලා අයියා සාරගම හාමුදුරුවෝ වැඩම කරවලා, චාරිත්‍ර වලට අනුව දන්සැල විවෘත කළා. පුමා අයියා පිරිකර දෙනකොට මොකක්ද උණා.. මම ඒ ගැන කියන්නේ නැහැ ඔන්න ඈ ..

කොඩි වනන්න දෙයක් නැහැ 50m දුර ඉඳන් පෝලිම. එතකොටම මගේ රියල් ජීවිතේ දුකට සැපට ඉන්න බොක්ක ආව මිස්ටර් ෆැන්ටාස්ටික්. මට රෙදි වගයක් එහෙම අරගෙන ආපු නිසා මම එව්වට චේන්ජ් උණා.
මුල් හරියේ මම ගිණියට කොර්න් කඩලා දුන්නා. ගිණියා කෙල්ලෙක් ලඟින් යනකොට මගෙන් අහනවා මම මේක ටෝක් කරන්නද කියලා අපි දන්නේ නැහැ නේ ඔව්වා..
ෆැන්ටා ලෙසටම ගේමට බැහැලා උන්නේ... ඌ වැඩේ නියමෙට දුන්නා. කුරුනෑගල නිසාද කොහෙද මාර පාර්ට් දැම්මේ අයිස් කන්න ආපු අයට. මටත් භය හිතුනා දෙන ටෝක් වලට. හික්ස්. යාළුවො නේ. එක ගහේ පොල් වගේ නේ.

පුමා අයියා ගානට පෝලිම් හැදුවා. අවලං කටා ජෝනා, පොඩි මල්ලි වගේ හෙණ සෙට් එකක් අයිස් දුන්නා කොර්න් අරගෙන දුන්නා. ඉතුරු අය කස්ටියට මහන්සි වෙනකොට මාරුවෙන් මාරුවට අයිස් බෙදන්න උදව් උණා. අහිංසක දඟකාරයා පාර මැද නටනවා. කස්ටියගේ අවධානය අරගෙන එයාලව පෝලිමට එවන්න එයා බුද්ධිමත්ව වැඩ කළා. මොකද එහා පැත්තේ මේන් රෝඩ් එක පුත්තම් - කුරුණෑගල.. මම හොරෙන් ඉන්න ගමන් අයිස් කොර්න් කෑවා ( අපි අයිස් කන්නේ නැහැ නේ )


ඇරිසෝනා ආව ඔය වෙනකොට. මගේ එකවුන්ට් එකේ උන්නට මගේ එව්වට ලයික් කමෙන්ට් දැම්මට මම එයාව දැනගෙන උන්නේ නැහැ. ඇරිසෝනා එල ෆන් කොල්ලෙක් කියන්න ඕනේ. හැන්ඩ්සම් ඈ.. කණ්නාඩි පොලගෙක් හැබැයි පොඩි ලුක් එකක් තියේ.. නියම බුවෙක් හිනා යන කතාවක් මයි කිවොත්..

ඒ අස්සේ ආව මුතු කඳුළු අක්කි අනුරාධපුරේ ඉඳන් - අපේ පැන්තට්ටාගේ රිලේෂන් ෂිප් එක.
දැකපු ගමන් මට පරණ කෝන්තරයක් අල්ලං තඩි බෑවා. තාමත් රිදෙනවා. අහිංසක මම පව්ව්ව්..
මුතු අක්කා නියම කෙල්ලක්, පුරේ ඉඳලා තනියම එනවා කියන එකත් ලොකු දෙයක්. එයාලගේ ආගමනය නිසා හැමෝගෙම හිත ශක්තිමත් උණා. මුතු අක්කි ගැන කියනවා නම් කෙට්ටු පුංචි කෙල්ලක්. හිනා වීගෙන ඉන්නේ කොයි වෙලෙත්. අහිංසකයි ද මන්දා
එතකොටම මගේ සුදු අක්කි ආව ඔන්න... එතකොට මම එළියේ පුමා අයියා එක්ක උන්නේ. සුදු අක්කි ගේ අර භූතයා පුතුවත් ආව.

රෝස සහ පුතු = ලස්සන ජෝඩුවක්. ආඩම්බරයි ඈ.. බුකිය් ඒ වගේ රණ්ඩු වෙවී ආදරෙන් ඉන්න කපල් එකක් ඉන්න එක ගැන. පුතුවා නම් දැකපු ගමන් බදා ගත්තා මම .. අක්කව බදා ගත්තේ නැහැ මොකටද නිකං පුතුවගෙන් ගුටි කන්නේ යනකොට ලාවට හැබැයි උම්මා එකක් දුන්නා ඈ.. බුකියම දන්නවා නේ මේ කවුද කියලා ඉතිං. හඳුන්වා දෙන්න දෙයක් නැහැ. ආදරෙන් ඉන්න කපල් එකක් ( අපිට කෙල්ලෝ නැහැ නේ ඉතිං. )
එයාල ඇවිත් ටිකක් වෙලා යනකොට මිස්ට අන්ඩර් වර්ල්ඩ් ආව. මගේ පරණ සෙට් එකේ මිතුරෙක්.
මට කතා කරන්න වෙලාවක් තිබුනේ නැහැ කෝර්න් දුන්න නිසා. පස්සේ මම ළඟ ට ගිහිං කතා කළා.
ලස්සනට කොන්ඩේ තියාගෙන ඉන්න, ඇස් දෙකේ දුක පුරෝ ගත්තු අයියා කෙනෙක් ඈ. හරි හොඳයි.
කොන්ඩේ නම් පට්ට. මැරයා වගේ උන්නට එහෙම පේන්නේ නැහැ අෆ්ෆා..

ආදර කුමාරයා ආවේ පහු වෙලා ඉවර වෙන්න ඔන්න මෙන්න -- පොරට ඉතිං එන්න බැහැ නේ ගෙදරින් ඇවිත් තියෙන්නේ 9 ට රත්නපුරේ ඉඳලා එන එක සෙල්ලම් ද ? හැබැයි පැමිණීම ගෞරවයෙන් අගය කරනවා. මගේ යාළුවා නේ.. උම්මා ඈ..

හැමෝම එකතු වෙලා 2.30 වෙනකොට දන්සැල ඉවර කළා. ඒ උනත් සෙනග ආපහු යවන්නත් උණා. තව තිබ්බනම් එලි වෙනකම් දෙන්න තිබ්බා.. කස්ටිය පස්සේ වැස්සේ නැටුවා.. ගැයුවා.. වැයුවා ... ආ.. නෑ... නෑ... ගිටාර් නැහැ නේ වයන්න..
කොහොම හරි කුකුලයි දඟයි බ්‍රේක් ඩාන්ස් දැම්මා.. බබී ඇදගෙන දිව්වා නටන්න කෝ ආවේ නැහැ නේ...
ඒ එකමුතුකම සුන්දරයි කියලා හිතුණා. කට්ටිය සහෝදරයෝ වගේ, එකට උන්නු ඒ මතකයන් අමතක නොවී තියේවී..
කවදාහරි අපි මැරීවී එදාට අපි අරගෙන යන්නේ අපි කරපු මේ හොඳ විතරයි. හැමෝම කරගත්තේ ලොකු පිණක්. පස්සේ වැව ගාවට සෙට් වෙලා කෂ්ටිය සතුටු සාමිච්චියේ යෙදුණා. ඒ අතර වාරයේ මාගේ සිප ගැනීම වලට බොහෝ දෙනෙක් ලක් උණා.. ස්පෙෂල් කුකුලව වැඩියෙන් ඉඹින්න ඇති.
සහෝදර කමට ඈ.. වෙන මගුලක් නෙමෙයි. 


පස්සේ මටයි ෆැන්ටා ටයි, වොලී රෝබෝවටයි, ආදර කුමරයටයි පොඩි අවශ්‍යතාවක් ඇති වෙලා කඩවල් දිහාට ගිය වෙලේ, අපේ කස්ටිය දන්සැල ගලවලත් ඉවරයි. අක්කලා සෙට් එක ගෙනාපු ඉඳි ආප්ප ටික කාල දැම්මා අපි...
ඊට පස්සේ ගෘප් ෆොටෝ එක ගත්තා. දුකට තියෙන්නේ අන්ඩර්වර්ඩ්ල් එකේ නැති එක විතරයි.. ඌ නේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ..
පස්සේ කෂ්ටිය විසිරිලා ගියා... මම මුතු අක්කටනම් වැන්දා. අනිත් උන්ට කඩි කුලප්පුව නේ කොහේ වඳින්න ද.. ? සමහරු බදා ගත්තා. සමහරු ඉම්බා.. යනකොට මහා පාළුවක් දැනුණා. තව ටිකක් ඉන්න තිබුනානම් හිතුනා.. 


අපි කිහිප දෙනෙක් ඉතුරු උණා .. අපි කයියක් ගහගෙන පැයක් විතර උන්න කඩේට වෙලා ඉන්නකොට ඔන්න රෝස ආච්චිට යන්න ඕනා කිව්වා. එයාවත් පුතුවත් එක්ක යැව්වා.. 


පොලා මම, ෆැන්ටා, ආදර කුමා, අන්ඩර් වර්ල්ඩ් , දඟයා, වොලියා, හොර කුකුලා ලාස්ට් ඉතුරු වෙලා වැව් කණ්ඩියේ පාර්ටියක් දාල විසිර ගියා.. (වැරදියට හිතන්න එපා බීවේ නැහැ නැත්තෙත් නැහැ.. , අපි මුරුක්කු කෑවා ස්ප්‍රයිට් බීවා )
එතනින් පස්සේ කෂ්ටියව දාල මමයි ෆැන්ටයි , ආදර කුමයි අපේ ගෙදර ගියා..
ඔහොමයි උණේ..

කොහොම හරි ෆට්ට සතුටින් කට්ටියම දන්සල ලොකු සහෝදරකමකින් දුන්නා. ගොඩාක් සතුටින් උන්නේ මමනම්..



නිමාවක් සටහන් කල වැහි නැටුම
Share on Google Plus

About Unknown

13 අදහස්:

  1. අපෙ දන්සැල ගැන නම් නොකියම බෑ නේ ... පඩි කතා කියන මෙ පොඩි කොල්ලව මම දැක්කෙ ඒකෙන්නෙ .. ජය වේවා මල්ලි දිගටම බ්ලොග් එක ලියනන් හොදේ

    ReplyDelete
  2. ඔව්.... මහා ලොකු චූටි බබී ( දන්නෝ දනී ) දැක්කෙත් එහේ නෙහ්.. තැන්ක්ස් අක්කියෝ.... දිගටම ලියලා ලියලා ... ආයෙත් ලියලා.. ලියලම දානවා...

    ReplyDelete
  3. අඩේ මුලු කතාවම තියනවා නේ

    ReplyDelete
    Replies
    1. නැතුව බැහැ නේ.. අපේ වැඩේ ... කතාවට ලුණු ඇඹුල් ගානට දුන්නා. නැත්නම් මගේ කී බෝර්ඩ් එකට නින්ද යන්නේ නැහැ..

      Delete
  4. මලයෝ මේ සෙට් එකෙන් මං දැකල කතා කරල තියෙන්නේ පොල් සමන් හා බබියා එක්ක විතරමයි. හොද රහට විස්තරේ ලියලා තියනවා.බ්ලොගේ ලියන කොටසේ පළළ තව පොඩ්ඩක් විතර වැඩි කරන්න බලන්න. ඇහැට දැනෙන්නේ ටිකක් හිනියට වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... අෆ්ෆේ ඔව්.. චූටිම බබියා සහ එළු රැවුලා.. මාරු ඈ.. ඔයාගේ ඉල්ලීමට මේක වෙනස් කරන්නම්.. තැන්ක්ස් වැරැද්ද පෙන්වලා දුන්නට. මම ඉතිං මේකට අලුත් නේ. තැන්ක්ස් අනේ අන්න එහෙම හදා ගන්න ඕන තැන කියන්න.. ගොඩක් පිං.

      Delete
  5. අනේ මලයෝ මෙන්න මේ කරදර කාර කුරුල්ලා එලෝල දාන්න. කොටන්න දෙන්නේ නැ ඌ ඇවිත් වහනවා එතැන.

    ReplyDelete
    Replies
    1. කුරුල්ලා ශොයි අනෙ ඒකා එලවන්න එපා @ මාත් ඒකව අල්ලගෙන මගෙ බ්ලොග් එකට දාගත්තා :v

      Delete
    2. :D :D තනිකමේ ඉන්න මට කුරුල්ලා හරි සෙනෙහේ අයියේ. එයා ඔයාලගේ තනියත් නිවාවී කිචි බිචි ගාල.. බලන්න කෝ හුරතලේ.. :D

      Delete
  6. පට්ට බෙනෝ අනිවා ඊලග පාර මාත් රියල් උනත් උබලගේ දන්සලට සෙට් වෙනවා

    ReplyDelete
    Replies
    1. එල අනිවා. .. එන්නම ඕනේ..

      Delete
  7. බෙනා ෆට්ට මචෝ ලබන සැරේ බුවත් අනිවා එනවා මොකද බුවා උනත් ෆේක් ලෝකෙට් අලුත්නේ කොල්ලෝ ෆට්ට සට ෆට

    ReplyDelete
    Replies
    1. අපෝ ගෝත්‍ර වාදයේ නැහැ බං. අලුත් පරණ මොකටද හොඳ වැඩවල් වලට. ලොකුකම් නෑ. නමින් ෆේක් උනාට හදවතින් රියල් මිනිස්සු නේ අපි.

      Delete

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..