ගෙවුණු මතකයන්

ගෙව්නු මතකයන් තවමත් මා ලඟ.......
සිත පාරනවා හිමින් සැරේ........
මතක් උනේ නෑ අමතක කරන්න ......
නුබයි මගේ ජිවිතය උනේ......
හෙටත් කියා දවසක් ගැන හිතන්න.....
නුබයි මගේ ලඟ මට හිටියේ......
ඈතයි කියා නැති දෙකට රැවටුනු .....
නුබේ ආදරේ මා රැවටු........


 එකම එක වරක් ඔබව දකින්නට...
අවසර පතනවා සිත නොනිදා...
 මොහොතක් ගානේ දහසක් සිතුවිලි....
 මතකය අළුතින් අලුත් කළා...
පිනිකැට වැටෙනා නිහඩ රාත්‍රිය.....
 අනන්තයට අපි අරං ගියා....
මටම පුදුම මම නුබටම මෙතරම්....
ආදරේ කරන්නේ ඇයිද කියා.......



 නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම්.....
නුබයි කලේ මගේ ලඟට වෙලා.....
 නින්ද නොදී ළඟ එබිකම් කරනවා....
මතකය මට විතරක් පවරා......
 නිමක් නොවෙන්න මුළු හිත පුරාම...
සඳක් වගේ නුබ හිනැහෙනවා....
මටම පුදුම මම නුබටම මෙතරම්....
ආදරේ කරන්නේ ඇයි ද කියා.... ?



ගෙව්නු මතකයන් තවමත් මා ලඟ.......
සිත පාරනවා හිමින් සැරේ........
මතක් උනේ නෑ අමතක කරන්න ......
නුබයි මගේ ජිවිතය උනේ......
හෙටත් කියා දවසක් ගැන හිතන්න.....
නුබයි මගේ ලඟ මට හිටියේ......
ඈතයි කියා නැති දෙකට රැවටුනු .....
නුබේ ආදරේ මා රැවටු.......


 
  Artist/s
- Kelum Hettiarachchi
 
  Lyrics 
- Prasanna Fernando
 
  Music
- Priyantha Nawalage



Share on Google Plus

About Unknown

2 අදහස්:

විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.


පාඨක ඔබ විත -

මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..