හුළු අත්ත අවුළුවා. . .
බලමි නිල් අහස දෙස,
වැහි ළිහිණි සරන හැටි,
සිතමි අතොරක් නැතිව !
මුල් මැරුණු ගොයමේ,
පණ අදින
- ඉපැනැලි දණ්ඩක්,
සිනාසී මගේ ලඟ
දැවටිලා ඩිංගක් !
කියයි කවි බැල්මකින්
නපුරු කම පෙන්වමින් !
කිමද දුදනන් අවුලවන්නේ කුසට අහරක් දුන් මෙමා !
මැරෙන හැටිවත් බලන් නැතිවද මෝහයට වී මේ සැමා
සබඳ අහපං අපිත් විරුවන් නුඹේ බඩ ගෙඩි පිරු පමා
හිතට කියපන්, තොපිට සරුනම් මැරෙනවා අපි හැම දමා !
මෙිාකද උනෙ..
ReplyDelete