නුවර වැවට දුක කීවට,
වැවට ඇහුනේ නැහැ..
වැවේ මාළු දන්නෙත් නැහැ..
කඳුළු බිංදු එක දෙක වැටිලා වැව් දියේ ගිලෙනකොට.. !
අනේ.. ! දළදා හාමුදුරුවනේ !
කියවුණා..
දළදාව ඉස්සරහා
දාපු ඇඟිලි තුඩක හිරවෙච්ච
ඒ මුද්ද
වැව් පතුල තාමත් සිප ගන්නවා ඇති..
නුවර වැවේ දිය රැලි,
තවමත් ඉවුරේ හැපෙනව ඇති..
- හරියට -
නුඹයි මමයි හැප්පි හැප්පි ගියා වගේ.. !
නුවර වැවේ දිය රැලි,
වැව් ගැබට ඇදෙනවා ඇති..
- හරියට -
නුඹයි මමයි වෙන් වෙලා ගියා වගේ.. !
0 අදහස්:
Post a Comment
විශේෂ සටහන් - ඉහත ලිපිය සතුව සම්පූර්ණ වගකීම හා අයිතිය මා සතු වන අතර, මෙයින් කිසිදු තුන්වෙනි පාර්ශවයේ පුද්ගලයෙකුට ඍජුව හෝ වක්‍රව හෝ අනිසි ලෙස බලපෑම් කිරීමට අදහස් නොකලෙමි.
මෙම සටහන කිසියම් සමාජීය සාධකයක් ඔස්සේ සටහන් වන සත්‍ය සිදුවීම් ය.
පාඨක ඔබ විත -
මා නොදකින - මා නොසිතන, නමුදු ඔබ දකින කෝණයන් බොහෝ ඇත.. සියල්ල දැක්මට මා සතුව තුන්විණි ඇසක් නොමැත. ස්භාවයෙන් මා ඔබමෙන් මානවයෙක් වෙමි.
වැරදීම් පෙන්වීම හා විවේචනය අදහස් දැක්වීම පාඨක ඔබ සතුය. කාලය ඔබගේය.. කියවන්නා ඔබමය. අදහස ඔබගේය. එය තුලින් මා මනස තවත් උසස් ලෙස ගොඩ නැගෙනු ඇත.
ඔබේ අදහස ඇතත් නැතත් මා ඔබට ගෞරව කරමි..